28 September 2013

දැනුම මිනුම ස්ටාර් // common knowledge

ආයුබෝවන් අසන්නෙනි . ඔබ නැවතත් එක්  වන්නේ ඔබේ සාමාන්‍ය දැනුම පිරික්සන
" දැනුම මිනුම ස්ටාර් " දැනුම මිනුම තරඟයත් සමගින් .

මෙන්න මීළඟ තරඟකාරිය , පදියපැලැල්ලේ සිට පැමිණි මෙලොරහක් නැති ආරච්චිලාගේ සුකුමාලි ද සිල්වා

මෙන්න ඔබට ලැබෙන පලවෙනි ප්‍රශ්ණය

ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය කුමක්ද?

මේ මේ පළාත්සභා ....නෑ ප්‍රජාතන්ත්‍රවාදය

නෑ , නිවැරදි පිළිතුර ප්‍රජා චණ්ඩ වාදී පාලන ක්‍රමය . ඔබ ලඟින් ගියා එත් ලකුණු දෙන්න විදියක් නෑ

දෙවැනි ප්‍රශ්නය , දෙය්යන්ගේ හාල්  කෑ විට සිහිය විකල් වේ යයි ජන විශ්වාසයක් පවතී. රජ්ජුරුවන්ගේ හාල් කෑ විට සිදු වන්නේ කුමක්ද ?

මතක නෑ

ඔව් ඔබ කිට්ටුයි පිළිතුරට , නැවතත් උත්සාහ කරන්න

ඇත්තටම මතක නෑ  අය්යෝ

ඔබේ පිළිතුර සම්පුර්ණ නෑ  ඉතින් ලකුණු බාගයයි හම්බු වෙන්නේ . නිවැරදි පිළිතුර
රජ්ජුරුවන්ගේ හාල් කෑ විට , අමතක වේ , ගොළු වේ , වශී වේ .

මෙන්න තෙවැනි ප්‍රශ්නය

ලංකාවේ නීතියට හා සම්ප්‍රදායට අනුව දෙපළක් විවාහ කිරීමේ බලය ඇත්තේ කාටද

විවාහ රෙජිස්ට්‍රාර් , පාදිලි තුමන් සහ පොලිසියට

පිළිතුර නිවැරදියි .ලකුණු දහයක්

හතරවැනි ප්‍රශ්නය .ඔබ දන්නවා ඇති නේ ලංකාවට පෙර කල මහා සතුරු උපද්‍රව ඇතිවුනා. ජාතික වීරයෝ ඉදිරිපත් වෙලා ඊට විරුද්ධව සටන් වැදුනා . නුතන ලංකාවට , කියන්නේ වර්තමානයේ ලංකාවට එසේ බලපාන උපද්‍රව හතරක් නම් කරන්න

ම්  ම්  . ඩෙංගු මදුරුවා , උලමා තුමා , බැන්කි මුන් , නවි පිල්ලේ

එය නිවැරදි පිළිතුර ලෙසට පිලිගන්නවා

මෙන්න ඔබට ලැබෙන අවසාන පැනය . රටක  සංවර්ධනය මැනීමේ නිර්ණායක මොනවාද

දන්නේ නෑ 

උත්සාහ කරන්න

අධිවේගී මාර්ග , ගුවන් තොටුපොළවල් , ලම්බෝගිනි ...

උත්තරය සම්පුර්ණ නෑ . ඉතින් පිළිගන්න බෑ .
අපි මේ පැනය  යොමු කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට . මේ පැනයට පිළිතුර පැහැදිලිව තැපැල් පතක පමණක් ලියා පපඩම් පැකට් දවටන තුනක් සමග අපේ ලිපිනයට එවන්න



26 September 2013

නොඇවිලුණු රිකිල්ලේ කන්නලව්ව

නො ඇවිලුණු රිකිල්ල
කියන්නිය  ගිනි සිළුවට
බුර බුරා නැගෙන
"දවාලනු මැනවි
කරුණාකර
කඳුලින් පෙගුනු
මා ගත
ඇහැකි වන්නට
හමන  සුළඟට
රැගෙන යන්නට
මා හද "

24 September 2013

හිස් කවඩි || Empty shells of the sand

හිස් කවඩි
වෙරළේ තනිවූ

සප්ත සයුරින් එහා
මහා චාරිකාවක
රළ  නැවත ගිය සඳ
මතක පෙණ පොඩ හිත දරා
වෙරළේ තනිවූ

ආ ගිය දහස් වර
වත කිරි පැහැ ගැන්වූ
හාදු
වත දරා
සුසුමක
පුරුදු උනුහුමට
ගුලිවු

හිස් කවඩි

පලි : මෙය පැබ්ලෝ නෙරුඩා ගේ කවක් ඇසුරෙනි .
අවුරුද්දකට සැරයක් , සති තුනක නිවාඩුවකට ගෙදර එන මිනිසෙක් සහ ඔහුගේ බිරිඳ ගැන සිතමින් ලියුවෙමි .






22 September 2013

Frozen music // ගල් ගැසුණු ගීත

Music's genes carry remnant strands of the original live performances. For a long time there was no way to store it .
But after a while things did change . First came Vinyl ,  then tapes a, CD's and finally the MP3's . Music got frozen. Within scratches on a disc, within  magnetic arrangements, within rows of one's and zeros of a computer code , music was hidden.

But a song is not the frozen tunes , that are repeated the same way over and over again . It is not only the tunes and melodies and the words that makes a song . All the little variations , the little mistakes ,your state of mind  and the atmosphere are necessary to paint that soundscape  in your mind .

(Think of  an  amaawaka night , a starry sky and the sound of a pal kavi , heard  in  the  distance  .)






From a great rock song where all emotions explode , to a classical performance where selective emotions are released in measured doses , to a  performance of restrained emotions where much is said in the silence in between the verses , the original song can not be resurrected from the frozen remnants.

Thus the song you heard is not what came from the recording, but the song in your head. in that case when you take the performance out of a song , what does remain ?

____________________________________________________________


ප්‍රාසාංගිකත්වය , සංගීතයේ  මුල් ජානවලම සැඟවී ඇත . දිගු කලක් එය කල් තබා ගන්නට ක්‍රමයක් මිනිසාට තිබුනේ නැත .

නමුත් කාලයාගේ අවෑමෙන් අපි  තැටි වල සීරුම්  පාරවල් මැද  සංගීතය රැඳවෙමු . තැටියටම  සින්දු දෙක තුනකි . ඉන්පසු  කැසට් වල දෙපැත්තක් පිරෙන්න සින්දු  , චුම්බකත්වයේ පිහිටෙන් ඇලෙව්වෙමු . සීඩී , mp3 ඔස්සේ දැන්  වැඩේ සංකීර්ණ වී ඇත .

නමුත් ගීතයක් කියන්නේ ඒ ගල් ගැසුණු නාද රටා පමණක්ද ? කියන වාරයක් වාරයක් පාසා වෙනස් වන නද තල , පොඩි පොඩි වැරදීම් , ට්‍රැක්  පැනීම් , අවට පරිසරයේ බලපෑම , ගායකයාගේ සිතුවිලි , අහන අපේ සිතුවිලි මේ සියල්ල එක් විය යුතු නොවේද  ඒ අත්දැකීම සම්පුර්ණ වීමට .

අමාවක රැයක  ඈත හේනකින්  ඇහෙන පැල්  කවියක සිට , කොළඹ නුවර බස් එකේ වැයෙන  ගීයකටද  මෙය පොදු නොවේද .

ඉහත ඇති වේදිකාවක පිපිරෙන rock ගීතයක් , පහත ඇති ,  කියන දේ ට වඩා නොකියන දේ වැඩි,  ගීතයත් නරඹන්න .



ඔබට ඒ ඇසුනේ ඔබේ මනසේ ඇඳුන ගීත නොවන්නේද

එසේනම් ගල් ගැසුණු රොඩ්ඩෙන් කෙසේනම් , පණ  දෙන්නද ගීතයකට ?




20 September 2013

රාවණ කුලප්පුව

"මචං , අපේ පොඩි එකාගේ ඉස්කෝලේ ටීචර් කියලා අතීතයේ සිටි ශ්‍රේෂ්ට රජ කෙනෙක් ගැන රචනාවක් ලියන්න කියලා . "

"ඉතින්? "

"මෙච්චර දුටුගැමුණු , පැරකුම්භා  ඉඳිද්දී මූ  හෙන පොරේ රාවණා ගැන ම ලියන්න ඕනේ කියලා . බැරිම තැන වයිෆ් කියලා ඕනේ එකක් කර ගන්න කියලා ."

මෙන්න ඒ රචනාව ......................


මගේ ප්‍රියතම රජතුමා රාවණ ය . ඔහු එකමත් එක දාක අතීතයේ ලංකාවේ රජ කළේය . එතුමත් , අපේ ඇමති මාමලා වගේ ගමන් බිමන් ගියේ එලිකොප්පර් වගේ එකෙකිනි . එතුමාගේ එලිකොප්පාරේ බාන්නට රට වටේ එයාපෝට් තිබුණි . තව ටික කලකින් අපේ රට නැවතත් ඒ ශ්‍රී  විභූතියට ලඟා වන්නේය . හැම තැන කූල්  ඉස්පොට් වෙනුවට එයාපෝට් හැදෙන්නේය .

රාවණා රජතුමා මහා බල සම්පන්න රජ කෙනෙකි . ඔහු බොහෝ සාස්තර දත්තේය . වෙද කම , කඩු ශිල්ප දැන සිටි බව අපේ සීයා කියා දුන්නේය . සීයාට මතක නැති උනාට , ඔහුට "ගස්ලභ් " කියා පැපොල් මවන්නටත් පුළුවන්ය .  ඔහුට කන්නට ඕනේ උනාම "ගස්ලභ්". "මැන්ගොහ් " " බනානඃ " , "අන්නාසිහ් " කියා පෘට් සැලඩ් එකක්ම මවාගෙන කන්නට ඇත .
දවසක් දා ඉන්දියාවේ කොල්ලෙක් රාවාණ  රජතුමාගේ නංගිට පාට්  එකක් දැම්මේය . කොච්චර චන්ඩි උනත්  රජ පවුල්වලට සම්බන්ධ ගෑණු  ළමයින්ට විහිලු කිරීම ශරීර සෞඛ්‍යයට හානිකරය . සිගරට් පැකට් වල  කොච්චර එහෙම ලියලා තිබුනත් සිගරට් බොන අපේ තාත්තා  මෙන්ම , චණ්ඩින්ට ද එය සිහියට එන්නේ නැත . 
රාවාණ රජතුමා ඔහුගේ එලිකොප්පරෙන් ගොස් , චන්ඩියා ට කණට ගසා , චන්ඩියාගේ ගල් ෆ්රෙන්ඩ්, සීතා  ව  උස්සාගෙන ආවේය . අපේ අල්ලපු ගෙදර  අයියා , මාලි අක්කාව මොටෝ සයිකලේ දාගෙන ,  ගෙදර අර ගෙන ආ දවසේ අපේ අම්මා කීවේ  , අන්න දඩු මොණරෙන් සිතාව ගෙනාවා කියාය . හැබැයි ටික දවසකින් මාලි අක්කටනම් බබෙක් හම්බ විය (අපේ අම්මා , නිසි බලධාරියා , විසින් කපා හරින ලදී ). අද මෙන්ම එදාද ලංකාවේ එවැනි අතවර කිසිත් සිදුවුයේ නැත .  සීතාගේ මානව හිමිකම් උල්ලංඝනය වූ වා යැයි  රාමා කිවේය .
"අඩෝ පුළුවන් නම් ඇවිල්ල පෙන්නපන් උල්ලංඝන " රාවණ  රජු ගේ සෙන්පතියෝ කෑ  ගැසුහ ., (නිසි බලධාරියා , විසින් කපා හරින ලදී )

සීතාගේ කොල්ලා , කට්ටිය ලෑස්ති කරගෙන ලංකාවට ආවේය . ඒ සීතාගේ  මානව හිමිකම් උල්ලංඝනය වෙලාද කියා බලන්නය . එවැනි දේ කිසි දිනක ලංකාවේ සිදු නොවේන්නේය .  ඔහුත් සමග ආ හනුමන් , "සීතාව දුන්නේ නැත්නම් ගිනි තියා ගන්නවා කියා ,"  තම වලිගයට ගිනි තියා ගත්තේය . (නැවතත් මේ ගිනි තබා ගැනීම ප්‍රචලිත වී ගෙන එයි . ගිය සුමානේ මම නාන්න බෑ  කියා ගිනි තියා  ගන්න තර්ජනය කලද අපේ අම්මා මා බලෙන් ඇද  ගෙන ගොස් නෑව්වා ය .  මාගේ මානව හිමිකම් උල්ලංඝනය විය . " දැන් උල්ලංඝනය වුන එකේ සබන් ටිකකුත් ගා ගන්න " අපේ අම්මා කීවාය .)

කෙසේ හෝ මහා ෆයිට් එකක් ඇති විය . කෑ ගැසූ සෙන්පතියෝ හොයා ගන්නට නැති විය . රාවණ  රජුට තනියම සටන් කරන්නට විය.  රාමා සීතාව  රැගෙන ගියේය . රාවණ  රජතුමා මරණයට පත් විය .

2012 දී රාවණ  රජතුමා යලි නැගිටින බව අන්තර්ජන්ජාලයේ තිබුණි . හැබැයි ඔහු නැගිට්ටේ නැත . අපේ සියා නම් කිවේ "කුම්භාකර්නයගේම සහොදරයනේ " කියලාය .

අපේ අපොන්සු මාමා , මේ ඉතිහාස කතාව ගැන වටිනා චිත්‍රපටියක් සාදා ඇත . එහි මේ ඉතිහාස කතාව මනාව ඉදිරිපත් වේ . රාවණ රජු ට ඉන්නේ අපොන්සු මාමාමය . කුස පබාවතී එකේ කුස රජතුමා , අර "සුරංගනා  ලොවින් ඇවිල්ලා " එකේ  දුටු ගැමුණු රජතුමා වගේම , අපොන්සු මාමා ගේ   රාවණ රජතුමා ද අපේ රජවරු ගැන මහා ප්‍රෞඩ , ගෞරවාන්විත හැඟීම් සිතේ ඇති කරවයි . තේජස උතුරා යන්නේය .

නමුත් මිනිස්සු අපොන්සු මාමාට බනින්නෝ ය . මෙදා  රාවණට එරෙහි වී ඉන්නේ රා .බ ය . ඇයි  කියා හරියටම දන්නේ නැත්තෙමි . ඒ  අපොන්සු මාමා , කලින් විහිලු චරිත කරපු නිසායි අපේ අම්මා කීවාය.

"රජ ඇමති වරු ජෝකර්ලට අඳින්න හොඳ නම් , ජෝකර්ලා රජ්ජුරුවන්ට අන්දහම  මොකද"  කීයා කිවේ අපේ තාත්තාය .




පලි : පොඩි උන්, උන්ගේ  නොතේරෙන කමට ලියන දේවල් ............


ප ප ලි : මෙය ලියන්නට මේ  සටහන ද හේතු විය
http://reargate.blogspot.hk/2013/09/blog-post.html

16 September 2013

ජීවිතය

...කොහෙන්දෝ
 හමා ඇවිත්
හිමින් සැරේ
හිතේ වැදී  , නොවැදී
අවුස්සා
ගිලිහුණ පත්
ගිම්හානයක් අග
කොහේටදෝ
හමා යන ............

14 September 2013

Silence sits in between. //. දෙන්නා දෙපැත්තේ




Preface
A young couple sat in the seat in front of me during my morning train commute one day last week . I recognized them from a previous occasions. They were a typical young couple , who seemed to be very much in love and did not care about the world around them .
But that day they sat apart , leaving room between them . Seemed to have had an argument as young lovers do . They have loud arguments ,  followed by periods of deafening silence . Their egos and , hearts bruise easily . And apologies take longer . Well, old couples know better .
digress , As I looked at the gap in between them , I felt some one was sitting in between .


You
And me
Stuck between us
Silence 
like a haze it began
and spread
Like the enigmatic creature of the cloud plains
who lurks at dusk
it solidified 
gaining mass
To become this
A being
Almost
(One can feel the weight 
Almost)
Feel it squeeze it self in between 
Like a fat man cramped in the 
metro
Through the eyes , ears nose
Through the pores 
It creeps in 
In to my  head
And cloaks
The words,
thoughts , 
memories
That's the point  of silence isn’t it?
I hear 
you think
Faintly





පෙරවදන
පහු ගිය සතියේ දවසක මා ඉදිරියේ අසුනේ වාඩිවුනේ තරුන ජෝඩුවක්.වෙනදා ආදරෙන් අතඟිලි බැඳි පටලා , මුලු ලොවම අමතක කර හිඳින ඔවුන් එදා වෙනස් පොඩ්ඩක් ඈතට වෙන්න ඉඳ ගත් ඔවුන් කතාබහක් නැතතරුන ජෝඩු එසේයහිත් ඉක්මනින් පෑරේසමාව ඉල්ලන්නට මැලි වෙතිපරණ ජෝඩු ඊට වෙනස්ය.

වටේ ගියා ඇති.ඉදින් අසුනේ ඔවුන් අතර ඇති හිඩැස දෙස ඇස් ගිය මට එතැන යමෙක් සිටින්නේ ‍යැයි සිතුනි


ඔබ .
මම.
නිහඬත්වය,
වලාකුලු වනාන්තරයක
ගොම්මනේ එලියට ඇදෙන
මීදුම් සේලයක් ලෙස විත්,
ඝනිභවනය වී,
හිඳි අප අතර.
තෙරපෙමින්
දුම්රිය අසුනක තරබාරු මිනිසෙක් මෙන්
හරිබරි ගැසි

ඇස් , කන් , නස් කුහර තුලින් රිංගා
හිස් කබලට
වසා ගනී
වචන ,
සිතුවිලි,
මතක
"එහෙම තම්යි නිහඬත්වය කිව්වම"
මට ඇසේ
ඔබ සිතනු
ලාවට


08 September 2013

GIGA බයිට්

කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ මෙගා , ගිගා , ටෙරා වී ඇත .

practical  jokes ද  වෙනම තලයකට පැමිණි ඇති බව , මේ දවස් වල කතා බහ වන මාතෘකාවක් නිසා මට සිතේ . කතාව ඔබ සියල්ලෝම දන්නවා යයි  මම සිතමි .

(අර ටෙලියක දෙකක , මෝඩ පහේ පාට් එකට ඇඳ  එදා වේල  හොයා ගන්නා  අහිංසක නළුවෙක් , පාරේ දන ගස්සවා කල අමන විහිළුවක් ගැන කතා වකි .).(ඔහුගේ හද කම්පා කරවන කතාව අසනවිට ) සියල්ලෝම විකිණෙන  මිලක් ඇති බවද , වෘත්තිමය නළුවෙකුගේ ප්‍රධානතම හැකියාව රඟපෑම බව වැනි මා සිතේ නැගුනු සිතිවිලි  තරාදියේ පැත්තකට දැම්මත් , මෙවැනි විහිලු වල මොකක්දෝ අශිලාචාර බවක් ඇති බව නම් පැහැදිලිය

විහිලු ජාති කීපයක් ඇත . වමට සිග්නල් දමා දකුණට කපා , නොසිතු විරු ලෙස අවසන් කරන විහිලු කතා .  අපිට වඩා වෙනස් දෙයට සිනාසීම (  මුසලේමුකුගේ සිංහල උච්චාරණයට , රිලවෙකුට කලිසමක් අන්දවා නැන්දම්මා බලන්නට යනවිට ,  ළදරුවෙකු ලොකු සෙරෙප්පු ඇඳ  ඇවිදින විට , මෙන්ම ගොතයක් තියෙන කෙනෙකු කතා කරන විට ) .  බොහෝ විට ඒවා ඇස් රතු වෙන Practical  jokes .
 .
විහිළුවක් සාර්ථක වීමට නම් , මිනිසුන් එයට සිනාවිය යුතුය .  හරි වුවද වැරදි වුවද , දැන  හෝ නොදැන අපි බොහෝ විට ඒවාට සිනා සෙන්නෙමු .  නමුත් අප සිනාසෙන්නේ කාටද ?

මොහොතක් ගෙන පහත කතා කිහිපය කියවා බලන්න


කථා අංක 1
සුරේ , උගේ පවුලේ එකම ළමයා . ඉතින් , උසස් පෙළ පන්තියේ ඉන්න කොටත් බොහෝ දින වල සුරේගේ අම්මා උදේ පාන්දර නැගිටලා ඌට උදේට කන්න  සැන්විචස් හදල දුන්නා . අනේ මුත් ඒක අරන් එනවා  පන්තියේ කන්න . පාන් පෙති හතරක් පිළිවෙලට වාටි  කපලා . මැදට බටර් මාමයිට් ගාල .... හැමදාම උදේ පාන්දරම කෙනෙක් ඔය කෑම  පෙට්ටිය උස්සනවා ... ඔක්කොමත් හරි , ඊට පස්සේ ඒක කනවා මදිවට සුරේටත්  කෑල්ලක් දෙනවා "මචං  කමුද පාන් කෑල්ලක්?"  කියලා ....

ඉන් පසු පන්තිය පුරා පැතිරේ සිනා

දවසක් , සුරේ ගෙනාවා   පාන් . සුපුරුදු පරිදි බටර් ගාල , හැබැයි මාමයිට් වෙනුවට ගාල ජාපලන් ද මොනවද (ඩබල් ඩෝස් ) . දවල් වෙනකොට කාපු අයගේ බඩවල් වලට පව පටිසන් දුන්නා . මහා වින්නැහීයක් උනේ .

හැබැයි දැන් වසර ගනනාවකට පසු කට්ටිය එකතු උනාම . ඔය කතාව මතක් කර කර හිනාවෙනවා.
____________________________________________________________________________

කථා අංක 2
පසුගිය මැතිවරණයකදී  ටෙලි නාට්‍ය නිලියක් , ඒ පළාතේ කෘතහස්ත දේශපාලකඥයන් පරදා ගම්පහින් මනාප චන්ද ගත්තීය . අපි එයට සිනාසුනෙමු .

ඇය රුපවාහිනි වැඩසටහනකට පැමිණ , බොහෝ ප්‍රාථමික පිළිතුරු දී බොහෝ අසරණ වුවාය  .  "අනේ මේ වගේ එකිලත් මහජන චන්දෙන් පාර්ලිමේන්තු යනවනේ " කියා අපි එයට ද සිනාවුනෙමු .
_____________________________________________________________________________

කථා අංක 3
එක්තරා රටක , රජෙක් සහ ඇමති මණ්ඩලයක් විය (මෙය සිරි ලංකාව යයි  මොහොතකට වත් නොසිතන්න ).  ඔවුහු සිය විනෝදය තකා විටින් විට රට වැසියන් රාජකීය උයනට කැඳ වන්නාහ .

එක ඇමතියෙක් අඹ ගසක් දෙසට ඇත දික් කර , "අන්න අර ගහේ මයිනෙක් " කියා කෑ  ගසන්නේය . සියල්ලෝ ඒ දෙස බලති . එවිට රාජ පුරුෂයෙක් විත් කෙනෙකුට ටොක්කක් අනින්නේය .

රජතුමා , බිසව , කුමාර කුමරියන් මෙයට හිනා වන්නෝය . ඔවුන් සිනාසෙන විට රට වැසියෝද සිනා සෙති

ඉන්පසු තව ඇමතියෙක් අනෙක් පස , දෙල් ගසක් පෙන්වන්නේය " අන්න ගිරවෙක් , කියා ඒ දෙස පෙන්නවන්නේය " . වැසියෝ ඒ දෙස බලා හුන් කල්හි , රාජකීය කවටය විත් රටවැසියෙක් ගේ හැඳ  හුන් සරම කඩා දමන්නේය .

පිරිස මහා හඬින්  සිනා වෙති

 ____________________________________________________________________________

හරි දැන් ඔබට කියන්න පුලුවන්නද ,අපි කාගේ නමද දාන්නේ  කියලා හිස් තැනට  " ....... ...   අද දවසේ ගිගා  බයිට් වෙන ලදී ..." කියන කොට 

පලි 
මේකත් මෙතනම ලියලා දාන්න හිතුනා . සාමාන්‍යයෙන් ඉල්ලුමට සරිලන සැපයුම .
වෙළෙන්දෝ මුලින්  ඉල්ලුම කෘතිමව ඇතිකලත් , පහුවෙනකොට ඒවා  වෙළඳ පොළ ඉල්ලුම බවට ඉබේම පත්වෙනවා 

07 September 2013

කොටියන් කූඩු කිරීම ,small fears සහ මඩ වගුරේ සතා

සතියක් කියන්නේ පොඩි කාලයක්ද? දවසම හතක්  නේ . මේ කාලය තුල කතාම කීයක් නම් ඇහෙනවද , මතක් වෙනවද ,  හිතේ ලියවෙනවද .

පහු ගිය සතියේ එහෙම ලියවුන කතා කීපයක් තියෙනවා , කියවලාම බලන්නකෝ .


කූඩුවට දාන්න කොටියෙක් (හෙවත්  සත්‍ය කූඩු කිරීම )
මට මේ කූඩුව  හම්බ උනේ  පෞද්ගලික සත්තු වත්තක් කරන යාලුවෙක් ගෙන් . එකේ හිටි නාකි වැලහින්න මැරුණට පස්සේ , ඔහු ඒ කූඩුව , විකුණා දැමීමට තීරණය කළේය . අනික දැන් trend  එක නිදහස් අවකාශ වල සතුන් නිදැල්ලේ ප්‍රදර්ශනය කිරීම නේ .

මා එය  මිලදී ගත්තේ , මා සිතේ ළමා කල සිටවූ සිහිනයක්  සැබෑ  කර ගැනීමටය . ඒ හුරතලයට කොටියෙක් ඇති කිරීමයි . ලොරියක පටවා  ගෙන එය ගෙනවිත් , වලස් ගඳ යන්න හොඳින් සෝදා මම එය වත්තේ පහළ  සෙවන ඇති තැනක තැබීමි .
සිසිරයේ එක්  හිමිදිරියක , කොටියා අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කලෙමි. හතළිහක් පමණ වූ දඩයම් නඩය , උගුල් අමුණා , දඩයම් බල්ලෝ යොදා දවස් හතක්  පමණ මහන්සියකින් පසු , එක් කොටි නාම්බෙක් බොරු වලකට හසු විය .

එදා මගේ ජිවිතයේ සතුටුම දවසක් . මේ මහා සද්දන්ත සත්වයා ගෙන විත් කුඩුවට දමා ඌ වේගයෙන් ඔබ මොබ සක්මන් කරන හැටි මම පැය  ගණනක් බලා  සිටියෙමි . මට දැන් ඕනෑම වෙලාවක කොටිය බලන්නට පුළුවනි. ඌ මගේ කුඩුවේ රාමුව ඇතුලේය .  එදා රෑ මට හොඳින් නින්ද ගියේය .

උදේ පාන්දරම මා නැගිට්ටේ , මගේ අලුත් හුරතලාට කෑම දීමටය . කුට්ටි කැපු මස් බාල්දියත් ගෙන කූඩුව  ළඟට ගිය ම‍ට ඇස් අදහා  ගත නොහැකී විය . 

කූඩුවේ දැමු කොටියා , පූසෙක් වී ඇත්තේය .....


moral එක :
මහා  වෙර විරියෙන් සොයා ගන්නා  සත්‍යය , තමන්ගේ ආකල්ප කූඩු වේ හිර කල විට , එහි සැර  බාල වී පුසන්  බවට පත්වේ 
________________________________________________________________________

small fears 
All the ceremonies are over , now it is time to face the music .
The Yokosuna stands in his starting stance . In full Sumo attire , knees bent , and eyes focused. On the other side , his opponents are restless. An army of kids

The bell rings and like rain it starts .First with gentle blows separated by gaps of two breaths.   , As time rolls on ,  the frequency of the blows increase. Now it sounds like the pitter patter of a  summer rain in full glory . It feels like rain before a typhoon on his skin . Piercing like thousand needles .  Still he reminds him self that they are small blows , each  one of them . Nothing that could unsettle him 

Moments later , he has fallen .

Moral : small fears one by , topples the most confident of beings 
________________________________________________________________________


මඩ  වගුරේ  චායාව (හෙවත් මම )
ඊයේ රෑ හොඳටම වැස්සා . ගිම්හානයේ අග ඔහොම තමයි . අගු පිලේ හීතලට ගුලුවෙලා නිදාගත්ත මා අවදිවුනේ  මහා බරක් නිසා . බැඳලා තියෙන දම්වැල නිසා මට දොට්ට පහලියට  යන්නත් බෑ , මෙතන වැඩේ කලොත් උදේට ගෙදර හාමිනේගේ හැඳි මිටෙන්  ගුටිත් කාල , දවසම කෑමත් නැතිවෙනවා . ඔහෙලට කියන්න , බල්ලෙක් උනාම තියන ප්‍රශ්න ..

ඉතින් වෙන මොනවා කරන්නද මම  ගෙදර අය කොහොම හරි නැගිට්ට ගන්න උඩු බුරලන්න ගත්ත . 

විනාඩි පහළොවකට විතර පස්සේ , ලොකු ළමය ඇවිල්ලා , "චික් මේකා  හින්ද , සෙනසුරාදා වත් ටිකක් නිදා ගන්න බෑ " කියලා  දම්වැල ලිහුවා .  මම සුටුස් ගාල ඉගිල්ලුනා .
හොඳ පඳුරක් සොයා , මහා බරෙන් නිදහස් වෙලා  ටිකක් සක්මන් කරන කොට තමයි මම මේ මඩ  වගුරේ අමුතු සතාව දැක්කේ .

මම කන් හොලවනකොට ඌ කන් හෙලෙව්වා , මම බුරනකොටම බිරුවා .... මම පොඩ්ඩක් ඔලුව එහාට ගත්තා , ආයිත් එබිලා බැලුවා . ඌ එතනම ... මම කොහොමද මුව මෙච්චර දවසක් දැක්කේ නැත්තේ  ? 
දෙතුන් සැරයක් මේ පරීක්ෂණය කලාට පස්සේ මම නිගමනයකට ආවෙමි . 

මා මඩ  වගුරට එබෙන සැම විටම ඌ සිටින බැවින් , මඩ වගුරේ සතා , මා නොබලන විටද , සදා කාලිකවම එතැන  සිටින්නට ඇත ..

moral එක :  චායාව මම නැති විට ඇතැයි සිතිම මෙන්ම, මම සැම විටම පවති යැයි සිතිමද මායාවකි