08 February 2015

යහපාලනයිස්ඩ් , මිතුරු ප්‍රතිවිරෝධතා සහ වෙනත් දේ (කවිද මන්දා )

මේ සති අන්තයේ ලියා ගන්නට බොහෝ දේ තිබුනත් ඒවා නොලියවෙන කම්මැලි කමකින් පෙලෙමි . ඉතින් කෙටියෙන් කව් පද පෙළ ගසමි

යහපාලනයිස්ඩ් 
හා හා දැන් වාඩිවෙන්න 
එන්න එපා ඕනාවට වැඩියෙන්
ජනාධිපති තුමාට 
නැත්නම් ඔබේ නායකයට 
කියලා 
අන්නනවා ටොක්කක් 
ඔලුව හිල් වෙන්න
හික් හික් හික් 


මිතුරු ප්‍රතිවිරෝධතා  හෙවත් යහපාලන සමයේ විරුද්ධ පක්ෂය
වෙළෙන්දෝ
පොළේ,  ගෝනි එළාගෙන
විකිණීමට දෙයක් නැතුව 
වේලෙන


සන්ජන් සමග 
යාලුවනේ 
ගිය සතියේ 
අපි පෙන්නුවේ 
මගේ දුප්පත් නිවස
මේ සතියේ කියාදෙන්නේ 
ඇඟ හදා ගන්නා හැටි 
බතුයි , පරිප්පුයි , මාළුයි කා



ජාතිවාදයේ මුළ
පාට තුනෙන් පාට නොකර
සිංහයාගේ ඇඟ 
කොටුවට එළියෙන් 
පාට තීරු දෙකක් 
ඇඳීමයි



Rehabilitating terrorists
is to 
teach them to shoot
at your command 
and below the knee 
if they must 



එසේ උනත්,  එසේ නොවුන 
බාගෙට වගේ ඉටු වුන  ඒත් බාගෙට වගේ ඉටු නොවුණ 
පොරොන්දු 
අහෝසිත් වෙන ඒත් අහෝසිත් නොවෙන 
විධායකය
හොරකම් කළ ඒත් හොරකම් නොකළ 
හොරු
අමතකත් නැති , ඒත් මතකත් නැති
අපි

3 comments:

  1. මරු ! පංකාදු කවි!!

    ReplyDelete
  2. ජාතිවාදයේ මුල වල්ල පට්ට.. අනිත්වත් රහයි...

    ReplyDelete

Have commented