ගාල්ලේ කොටුවේ විදියක් දිගේ , කැමරාවත් බෙල්ලේ එල්ලගෙන යනකොට , ඔහු මට හමුවිය .
චකිතයෙන්, හෙමින් හෙමින් පටන් ගත්ත අල්ලාප සල්ලාපය නැවතුනේ "පින්තුරයක් ගන්නද ? " කියලා අහලා .
"මම පොඩි අත්හදා බැලීමක් කරන්න යන්නේ , පින්තුරේ ගන්න ඉස්සරවෙලා මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා .. පිළිතුරු දෙන්න අවශ්‍ය නෑ ..එත් මුහුණේ ලියවෙන දේ මම සටහන් කර ගන්නවා .." මම තරඟයේ නීති පැහැදුවා
"හරි "
මම ප්රශ්නය ඇහුවා " මොනවද හිතේ තියෙන බලාපොරොත්තු ?"
උත්තරය මුණේ ඇඳුනා .
(පින්තුරය ඔබ ක්ලික් කර , පින්තුරයේ සැබෑ ප්‍රමාණයෙන් නරඹන්න )
මොකුත් නෑ නේද...? මන්දා මට නම් පෙනුනේ එහෙමයි...
ReplyDeleteපින්තූරයක් දහසක් වදන් පවසයි නේද?
Deleteමෙහෙමයි මචෝ.. මම ඔය කතාව පිලිගන්නේ නෑ. දැන් අපි හිතමු මෙයා දෑස් දීප්තියෙන් බබලගෙන ළොකු බලාපොරොත්තුවක් තියාගෙන න්නවා කියලා. ඔහුගේ මුල්ම බලාපොරොත්තුව තමයි. මේ පොටෝ එක අල්ලලා මේ මහත්තයා මට ගානක් දෙයි කියන කතාව. ඔය ටුවරිස්ට්ලා එන තැන්වල ඉන්න හැම නාකි පොරක්ගෙම එකම ප්‍රාර්ථනාව. එකෙකුට හිතන්න පුළුවන් මේ බලාපොරොත්තුව මෛත්රිපාලණයක් කියලා. තව එකෙකුට හිතන්න පුළුවන් සුභ අනාගතයක්ය කියලා. තව එකෙකුට ඔය මොකුත්ම නොහිත ඌගේ පෞදගලික දෙයක් හිතන්න පුළුවන්. ඒ නිසා පින්තූරෙකට හරි අංජබජල් ආට් එකකට හරි මාත්තුරුකාවක් දෙන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ පින්තූරේ දහසක් දේ කියන්නේ නෑ. වෙනෙ වෙන මඤ්ඤං හිතෙන්න පුළුවන්. උදාහරණයකට.. මම එක සැරයක් ගියා චන්ද්‍රගුප්ත් තේනුවරගේ ආර්ට් ඇක්සිබිසොන් එකක් බලන්න. තාර බැරල් හැම තැනම. මාත් එක්ක ගියපු එකා අහනවා. චන්ද්රගුපත පෙන්නලා.. දැක්කම කියන්න පුළුවන් මූ හොඳ බිස්නස් කාරයෙක් කියලා. මූ ගෙන්නන්නේ තාරද කියලා. මූ ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ ඩිග්රියක් තියෙන එකෙක්. හැයි සිඩ්නි ඔපෙරා හවුස් එක ත්යෙන තැන දන්නවා. හැබයි කළා බවන තියෙන තැන දන්නේ නෑ.
Deleteමට නම් හිතුනේ මේ යකා මොකාටද එන්න හදන්නේ කියලා හිතුනා කියලා. අර ප්‍රදර්ශනය ගැන කිව්වම මට හාෆ් ශීට් කලා චිත්‍ර ගැන කතාව මතක් උනා. පස්සේ ලියන්න ඕනේ
Deleteමට පේන විදියට නං මොනවදෝ බලාපොරොත්තු ගොන්නක් තියනව. ඒත් ඒක හරියන්නෙ නෑ කියලත් දන්නව වගේ.
ReplyDeleteයතාර්තවාදියෙක්?
Deleteබලාපොරොත්තු කියන වචනේ ඇහිලා ඔහුගේ ඇස් දීප්තිමත් වෙලා. කිසිම බලාපොරොත්තුවක් නැතිව හිටි කෙනකේ වෙන්න ඇති.. නෑ එහෙම නෙමෙයි.. මැරෙන එක වෙන්න ඇති. ඒකත් නෙමෙයි.. අනේ මන්ද...
ReplyDeleteදාහක් කිව්වත් කියල ඉවර කරන්න බෑ..
ඉන්න විදියට මලොත් මදැයි..?
Deleteඅපේ එක්තරා බ්ලොග්කරුවෙක් නාකි වුනාම ඔන්න ඔය වගේ වේවි!
ReplyDeleteහැක් හැක්.
Deleteඅනේ අම්මපල්ලා පැරාට ඉන්න නොදෙන හැටි මෙයාලා..
එයා බ්ලොග් කරුවෙක් නෙවේ නේ රසික.. වෙබ් කරුවෙක්.. වන් ඇන්ඩ් ඔන්ලි පැරා..
Delete:)
Deletethattayek naaki unaama mehema penenne naha neda thattalogist?
Deleteෆොටෝ අල්ලන මහත්තයා දවල්ට කාලාද ඉන්නේ වගේ බැල්මක් :D
ReplyDeleteමම හිතන්නේ බොහෝ විට , අර මාතලන් කිව්වා වගේ , මු කීයක් හරි දෙයිද කියලා තමා හිතන්න ඇත්තේ
Delete