මම ගියා නිල්කස් හොරුන්ටත් එහා ගිය මිනිසා සොයා
(මේ තරම් සියුමැලිද කළුගල් තාලයට )
ඩඩ් ඩ ඩ ඩා , ඩඩ් ඩඩ ඩඩ , ඩඩ් ඩඩ ඩඩ
ට්රියුඌ න් ට්‍රින් ට්‍රින් , ට්රියුඌ න් ට්‍රින් ට්‍රින්
මේ තරම් අවමන් නිගා මට
දරන්නට තව බැරි නිසා
මම ගියා
නිල්කස් හොරුන්ටත්
එහා ගිය
මිනිසා සොයා
එහා ගිය
මිනිසා සොයා
බැංකුවේ මහා දොරත් ඇරගෙන
චන්ඩියා ලෙස ආ නියා
බලා කීවේ, හිටින් යයි මට
අගමැතිත් ළඟ එන නිසා
අගමැතිත් ළඟ එන නිසා
නම්බු පිට දැන් වරද පිළිගෙන ගෙදර යන්නට වෙයි කියා
කියූ විට මම , හිනැහුනා උන් , ටිකක් රෑ වේ යයි කියා
බලා හිටහං යයි කියා
පලි : මෙතන යන්නේ වෙනම ගේමක් බව පැහැදිලිය . මට හිතෙන්නේ මෙතැන ඇත්තේ හොරකමකට එහා ගිය දෙයක් බවය. ඒ අස්සෙන් පොලිටිකල් හීන්සැරයක්ද යන්නේ , අවධානය වෙනතකට යොමු කිරීමටද, නැතිනම් අලි කැලැත්තු වලේ ලුලන් ඇහිලීමක් ලෙසද කියා නොදනිමි .
උනුත් එකයි මුනුත් එකයි...විකල්පයක් අවශ්‍යයි ....
ReplyDeleteඅනේ මන්දා. අපි ඔය හිතන් උන්නට ඇත්තටම විකල්පයක් නැතිද කියලත් වෙලාවකට හිතෙනවා
Delete+++++++++++++
ReplyDeleteපොහ්..........මල් හතයි මේ සින්දුව ඈ.
ReplyDeleteස්තුතියි
Deleteසිරා පිස්සු කෙලින්න ආවොත් මහින්ද එක්ක රනිල් එකතු වෙන කතාවකුත් ගිහින් තියෙනවා. සිරා ඩිලාන් දාලා චන්ද්‍රිකාටයි රනිල්ටයි දෙන්නටම ගහනවා. අමාත්යන්ශයක් හරියට කර ගන්න බැරි එකෙක් කොහෙද ජනාධිපති කම් කරන්නේ. ඩී බී විජේතුංගටත් වඩා විහිළුවක්. අළුත් පත් කිරීම පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ඇමරිකාව හා දෙමළ සංධානයත් ඉන්න බවටත් කට කතා යනවා. ගින්නක් නැතිව දුමක් එන්නේ නෑ නේ...
ReplyDeleteනිර්මාණය මල් හතයි
රනිල්ගේ බෙස්ට් ප්රෙන්ඩ් මහින්දම තමා.
Deleteහැබැයි නීලකාස හොරාගෙන් ඇහුවනං උත්තරයක් හොයා ගන්න තිබ්බ කලින්ම.. ඌ දන්නව ඕවා විසදන සරල ක්‍රම..
ReplyDeleteහරියට හරි. පොර රජවෙලා ඉඳිද්දි නොකලට ඔක්කොටම උත්තර දැනන් ඉඳලා නේ බලාගෙන ගියාම.
Delete