24 December 2018

මේරි සහ Her Story

History කියන වචනය අස්සේ his story  හෙවත් ඔහුගේ කතාව කියන වචන දෙක හැංගිලා තියෙනවා .  ඒ හැම his story එකක් එක්කම සමාන්තරව යන her  story  එකක් කාලයේ වැලි තලාවට යටවෙලා තියෙනවා .

සමහර වෙලාවට මතුපිටට පෙනෙන ඔහුගේ කතාවට සමපාතව ඒ ඇගේ  කතාව  අයිස් පරයක් වගේ . 

යශෝධරා ගේ කතාවත් මෙසේමය. සාරසංක්‍ය කල්ප ලක්ෂයක් ඔහුගේ පාරමිතාවටම පේවී කඳුලක් නොහෙලූ ඈ , කඳුලක් හෙලන්නේ ඒ දිගු ගමන හමාර වූ බව සිහි වීමෙන්ය .

මේරි ගේ කතා වත්  මෙසේමය .  ඔය කියන විදියට ගේබ්‍රියල් මෙරිට කිව්වා නම් වෙන්න තියෙන දේ , ඒ ගින්දර හිතේ දරා ගෙන හැම මොහොතේම ඈ  මාරි මාරි උපදින්න ඇති . තම පුතු කුරුසයක ඇන  ගසා මිය ගිය පසු මළ  කඳ  බදාන සලන්නට කඳුළු ඈට නොතියෙන්න ඇති .

අපේ ආතම්මා  ඉස්සර කියනවා , මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා කියලා .

මේ ඔක්කොම දිගට දිග ඇරුනේ මගේ කැමතිම "නත්තල් ගීතය " අද අහම්බෙන් ඇහුන නිසා .

සින්දුව මේක . ඔව් රොක් වර්ෂන් එකම විතරයි



ඉන්ද්‍රචාපා ගේ සිංහල ගීතයත් අමුතු මානයක් ගෙන් එනවා



09 December 2018

බංකුවේ ඉඩ තියන් හිඳිමි මම තවමත්



අතු අග 
වසත් කළ පිපි 
චෙරි මල් 
පෙන්නන්න 
මම උනිමි බලා 

ගිම්හානයේ අග 
ගොම්මන කාන්දුවට පෙර 
රතු වළා සිතුවම් 
 පෙන්නන්න 
මම උනිමි බලා 

පත් හැලි වියැකෙන 
සරත් සෘතුවත් 
ඇවිදින් 
නොදැනීම 

උයන් කොණ 
බංකුවේ  
ඉඩ තියන් 
හිඳිමි මම 
තවමත් 

පලි :
මේ ඡායාරූපය ගත්තේ සියාන් හි  ටෙරාකොටා සොල්දාදුවන් බලන්න යන මග . මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන කැමරාවේ තතු දාන්නේ නෑ.   නොමිලේ මොකටද ඇඩ්වටයිස් කරන්නේ.  ඒත්  මේක ගත්තේ දුරකතනයක කැමරාවෙන් කියලා විතරක් කියන්නම්. ඡායාරූපයකට කැමරාව අදාළ නෑ. අනෙක් අතට මම post prodcution  ගැන බලන්නේ ඉතාම සුභවාදීව. මට එය නිර්මාණශීලිත්වයේම කොටසක්  


06 December 2018

Concorde dreams

Well 
Concorde was a dream 
interrupted 
beyond the speed of sound is 
silence 
is a place 
where the feelings run ahead 
and wait for the words to join
…..sometimes forever 

A dream’s suspended 
For good reasons 

A vessel I will build
of aluminum and titanium 
the hull
space grade no less
To travel the uncharted
Beyond the realm of reality 
To explore space in between 
not that  of white dwarves 
or red giants
but the gap between tears and sorrow 
meteorite belt of thoughts and ideas 
Black holes of dreams 

them nooks of the universe 
have to be ventured
For you've got only 
the whole samsara to do so

Yet it takes light eons 
to travel some distances 
.. say , between a gaze and a sigh 

May be 

Untravelled 

01 December 2018

කළුම කළු ප්‍රභා , සුදුම සුදු අද්මිරාල් සහ අළුපාට ලෝකය

ලෝකයේ ඉන්නේ අළු පාට මිනිස්සු ගැහැණු . ඒත් අපේ සන්තානයේ , සංකල්ප වල , සංස්කෘතියේ ඉන්නේ කළු සුදු මිනිස්සු . ඒ අප ජාතක කතා වලින් පෝෂණය වෙච්ච , එතනින් එහාට පරිණාමය නොවුණු නිසාද මං දන්නේ නෑ . අළු පාට ජීවිත ගැන ලියවෙන සාහිත්‍ය , සෞන්දර්යය අපි එතරම් පරිශීලනය කරන්නේ නෑ , පරිශීලනය කරත් ඒ කොණ  අපි අල්ලා ගන්නේ නෑ . අපේ හිත්  ඇතුලට උරා ගන්නේ නෑ , අපේ ඔලුව වටේට බැඳිච්ච සංස්කෘතිකමය සිවියක් නිසා . ප්‍රතිවීරයෝ (Anti  heroes ) අපේ  කතා වල නෑ

ගිය සුමානේ දෙක ඇතුලත ළඟ ළඟ සිද්ධි දෙකක් සිදුවුණා . 

එකක් යාපනේ ප්‍රභාකරන්ව සැමරුවා .  ප්‍රභාකරන්ව විතරක නෙමෙයි මැරිච්ච දාස් ගානක් ගෑණු,  මිනිස්සු . ඒ මියගිය උන්  නිකරුනේ මියගිය බව වත් , ත්‍රස්තවාදී වැඩ කරන්න ගිහින් මිය ගිය බව වත් ඒ පවුල් වල අම්මලා අප්පලා , ගෑණු ,  ළමයි ඔළුවල ලියා ගන්න කතාව නෙවෙයි . ඒ මරණ වලට හේතුවක් හොයාවී . ඔවුන් ගේ හිත්වල ඔවුන් වීරයන් වේවි . ඒ හේතුව අරගලයක් වේවි . අරගලයේ සන්නාමය සංකේතයේ හැටියට තමයි ප්‍රභාකරන්ව සැමරෙන්නේ . අපි ඒක  තේරුම් ගත යුතුයි . ඒත් මේ වගේ වැඩ වලින් වෙන්නේ අපි අමතක කරන්න හදන යාපනේ දෙමළු අපිට මතක් වෙනවා . එතකොට අපිට සිහි වෙනවා යාපනේ තාම එහෙමමයි .  ප්‍රශ්නේ එහෙමමයි . මතක් වෙනවා කලුම කළු ප්‍රභා ව . අපිට බය හිතෙනවා   . 

අනෙක් සිද්ධිය අද්මිරාල් විජේගුනවර්ධන රිමාන්ඩ් කරනවා . අද්මිරාල් රණවිරුවෙක් . යකෙකුටවත් බය නැති මිනිහෙක් . එහෙමයි කට්ටිය කියන්නේ . ඒ කියන්නේ සුදුම සුදු . හැබැයි රිමාන්ඩ් කරන්නේ අපරාද කරුවෙක්ට උදව් කිරීම කියන චෝදනාවට දැන් අපේ ඔලුව අවුල් වෙනවා . උණු නිසා බොන්නත් බෑ , කිරි නිසා .... අනික ඔක්කොම කුණු අතාරින්න රනිල්ගේ ආණ්ඩු බේරුවල බොක්කත් නෑ . 

යුද්ධය අවසන් වී සාමය උදා වන්නේ  සතුරන් සියල්ල මරා දැමු පසුව නොව , විරුවන් සියල්ල මිය ගිය පසුවයි .  කොහේදෝ කියවපු දෙයක් එක පාරටම මගේ ඔලුවට එනවා