Showing posts with label Ramblings. Show all posts

06 April 2019
සිද්ධාර්ථට ලව් කිරීම හෙවත් බුදුන්ට පොඩ්ඩක් ඉන්න කීම
"කාමේසු මිච්චා චාරා ....."
ක්‍රේල් කොන්ඩේ
නදළු දෙතොලේ
සිහින් දෙබැමේ
අනේ ලස්සන
මේ බුදු පිළිමේ
නාඹරේ
ඒ කුමර කාලේ
සිද්ධාර්ථ ඉන්ටැහැ
නළුවා වාගේ
අපේ අබගේ
එදා නොහිටියේ
ඇහින් දකිනට
සුපුන් එ රුවේ
"....වේරමණී සික්ඛාපදන් ..."
පලි : දන්නා තරමට තමන්ව අත නොහැර නිවන් දැකිය නොහැකි බව කියාදුන්නේ බුදුන්මය. මාලිගාව, රාහුල පුතු, කන්ථක අසු, යශෝදරාව මෙන්ම සිද්ධාර්තව ද හේ අත්හැරියේය. සිද්ධාර්තව අතහැරියේ මුලින්මද, අන්තිමටද කියා මට තවම නිගමනයකට ආ නොහැක. නමුත් මට හිතෙන්නේ ඒ මුලින්ම කියාය, අන්තිමේදී අත හැරියේ මමත්වයයි.
ඒත් බුදුන් වහන්සේට පොඩ්ඩක් ඉන්න කියා, අපි සිද්ධාර්ටථ බදා ගෙන පට්ට ලව් ය.
06 March 2019
බජට් ඉස්පීච් එක
ගරැ කතානායක තුමනි
ආරිච්චි බෝරිච්චි
පාට පාට සබන් බෝල
ඒ අතට මේ අතට
සමනළ පාටට
ලාබ හීන
මඩි තරකරගන්න
බ්‍රෝ
පටි තද කර ගන්න
සහෝ
ටොයි ටොයි ටොයි
බයියා බබා
බයි බයි බයි
ටොයියා බබා
ආරිච්චි බෝරිච්චි
පාට පාට සබන් බෝල
ඒ අතට මේ අතට
සමනළ පාටට
ලාබ හීන
මඩි තරකරගන්න
බ්‍රෝ
පටි තද කර ගන්න
සහෝ
ටොයි ටොයි ටොයි
බයියා බබා
බයි බයි බයි
ටොයියා බබා
24 December 2018
මේරි සහ Her Story
History කියන වචනය අස්සේ his story හෙවත් ඔහුගේ කතාව කියන වචන දෙක හැංගිලා තියෙනවා . ඒ හැම his story එකක් එක්කම සමාන්තරව යන her story එකක් කාලයේ වැලි තලාවට යටවෙලා තියෙනවා .
සමහර වෙලාවට මතුපිටට පෙනෙන ඔහුගේ කතාවට සමපාතව ඒ ඇගේ කතාව අයිස් පරයක් වගේ .
යශෝධරා ගේ කතාවත් මෙසේමය. සාරසංක්‍ය කල්ප ලක්ෂයක් ඔහුගේ පාරමිතාවටම පේවී කඳුලක් නොහෙලූ ඈ , කඳුලක් හෙලන්නේ ඒ දිගු ගමන හමාර වූ බව සිහි වීමෙන්ය .
මේරි ගේ කතා වත් මෙසේමය . ඔය කියන විදියට ගේබ්‍රියල් මෙරිට කිව්වා නම් වෙන්න තියෙන දේ , ඒ ගින්දර හිතේ දරා ගෙන හැම මොහොතේම ඈ මාරි මාරි උපදින්න ඇති . තම පුතු කුරුසයක ඇන ගසා මිය ගිය පසු මළ කඳ බදාන සලන්නට කඳුළු ඈට නොතියෙන්න ඇති .
අපේ ආතම්මා ඉස්සර කියනවා , මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා කියලා .
මේ ඔක්කොම දිගට දිග ඇරුනේ මගේ කැමතිම "නත්තල් ගීතය " අද අහම්බෙන් ඇහුන නිසා .
සින්දුව මේක . ඔව් රොක් වර්ෂන් එකම විතරයි
ඉන්ද්‍රචාපා ගේ සිංහල ගීතයත් අමුතු මානයක් ගෙන් එනවා

01 December 2018
කළුම කළු ප්‍රභා , සුදුම සුදු අද්මිරාල් සහ අළුපාට ලෝකය
ලෝකයේ ඉන්නේ අළු පාට මිනිස්සු ගැහැණු . ඒත් අපේ සන්තානයේ , සංකල්ප වල , සංස්කෘතියේ ඉන්නේ කළු සුදු මිනිස්සු . ඒ අප ජාතක කතා වලින් පෝෂණය වෙච්ච , එතනින් එහාට පරිණාමය නොවුණු නිසාද මං දන්නේ නෑ . අළු පාට ජීවිත ගැන ලියවෙන සාහිත්‍ය , සෞන්දර්යය අපි එතරම් පරිශීලනය කරන්නේ නෑ , පරිශීලනය කරත් ඒ කොණ අපි අල්ලා ගන්නේ නෑ . අපේ හිත් ඇතුලට උරා ගන්නේ නෑ , අපේ ඔලුව වටේට බැඳිච්ච සංස්කෘතිකමය සිවියක් නිසා . ප්‍රතිවීරයෝ (Anti heroes ) අපේ කතා වල නෑ
ගිය සුමානේ දෙක ඇතුලත ළඟ ළඟ සිද්ධි දෙකක් සිදුවුණා .
එකක් යාපනේ ප්‍රභාකරන්ව සැමරුවා . ප්‍රභාකරන්ව විතරක නෙමෙයි මැරිච්ච දාස් ගානක් ගෑණු, මිනිස්සු . ඒ මියගිය උන් නිකරුනේ මියගිය බව වත් , ත්‍රස්තවාදී වැඩ කරන්න ගිහින් මිය ගිය බව වත් ඒ පවුල් වල අම්මලා අප්පලා , ගෑණු , ළමයි ඔළුවල ලියා ගන්න කතාව නෙවෙයි . ඒ මරණ වලට හේතුවක් හොයාවී . ඔවුන් ගේ හිත්වල ඔවුන් වීරයන් වේවි . ඒ හේතුව අරගලයක් වේවි . අරගලයේ සන්නාමය සංකේතයේ හැටියට තමයි ප්‍රභාකරන්ව සැමරෙන්නේ . අපි ඒක තේරුම් ගත යුතුයි . ඒත් මේ වගේ වැඩ වලින් වෙන්නේ අපි අමතක කරන්න හදන යාපනේ දෙමළු අපිට මතක් වෙනවා . එතකොට අපිට සිහි වෙනවා යාපනේ තාම එහෙමමයි . ප්‍රශ්නේ එහෙමමයි . මතක් වෙනවා කලුම කළු ප්‍රභා ව . අපිට බය හිතෙනවා .
අනෙක් සිද්ධිය අද්මිරාල් විජේගුනවර්ධන රිමාන්ඩ් කරනවා . අද්මිරාල් රණවිරුවෙක් . යකෙකුටවත් බය නැති මිනිහෙක් . එහෙමයි කට්ටිය කියන්නේ . ඒ කියන්නේ සුදුම සුදු . හැබැයි රිමාන්ඩ් කරන්නේ අපරාද කරුවෙක්ට උදව් කිරීම කියන චෝදනාවට දැන් අපේ ඔලුව අවුල් වෙනවා . උණු නිසා බොන්නත් බෑ , කිරි නිසා .... අනික ඔක්කොම කුණු අතාරින්න රනිල්ගේ ආණ්ඩු බේරුවල බොක්කත් නෑ .
යුද්ධය අවසන් වී සාමය උදා වන්නේ සතුරන් සියල්ල මරා දැමු පසුව නොව , විරුවන් සියල්ල මිය ගිය පසුවයි . කොහේදෝ කියවපු දෙයක් එක පාරටම මගේ ඔලුවට එනවා

10 November 2018
පාලසේන මෙතඩ්
ලංකාවේ බහුතරය දිනවල දේශපාලනය පිලිබඳ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිලිබඳ විශේෂඥයන්ය. ඒ අතුරිනුත් අති විසේසඥයන් වන්නේ බුකී වාසින් හා තෙසක් රියදුරන්ය .
අප , තෙසක් රියකට නැග , මහද නමැති වන බඹරා, මලට ලංවූ සේ , රියදුරු තෙම වෙත ලංවී ඇසුවේ ... මොකක් වෙයිද කියාය ...
"මොනවා වෙන්නද , අපිට හි .." ( වාරණය කරන ලදී ) ලද පිළිතුරෙන් අපි ලයින් එක වෙනස් කළෙමු ...
මොකද හිතන්නේ ජනාධිපති තුමාගේ හැසිරීම ගැන
මහත්තයෝ , එතුමා දකින කොට මට මතක් වෙන්නෙම අපේ ගමේ හිටියා පාලසේන කියලා ගොයියෙක් ..
උන්දැ ගේ අප්පා ටොයියාපාල , මව් බයියා වතී . අප්පාට
ඕනේ උනා මූට සේන කියලා නම තියන්න , මව්ට ඕනා උනේ මූට පාල කියලා නම තියන්න. පස්සේ මූ පාලසේන උනා .
මේකා අමු ඇට්ටරයා . හිමිච්චා වගේ ඉන්නේ . ඕකා මොකක් හරී නසරානි වැඩක් කරපුවහම බයියාවතී , හඬ උස් කරලා බනින්නේ ටොයියට . " කොල්ලා හදපු විදිය තමයි ඔය කියලා " . හැබැයි ඕකා මොකක් හරි හොඳ වැඩක් කරපුවහම , අයිතිය බයියාවති තනි බුදලේට ලියා ගන්නවා " මයේ කොල්ලා " කියලා
අම්මලා එහෙම තමයි
ටොයියාපාලයත් ඔහොමයි..
මොකක් හරි දස වැඩක් කරපුවහම, ගෙදර ඇවිත් කෑගහන්නේ "අන්න තමුසෙගෙ පුතණ්ඩියා .." කියලා .
හැබැයි අවුරුදු උත්සවේ විරිදු කියලා දිනපු දවසේ නම් ටොයියා කීවේ " කොල්ලා දස්සයා අප්පා වගේම" කියලා ... බයියාවති පැත්තක ඉඳන් කිව්වේ "අප්පා කවුද කියලා දන්නේ මං නේ" කියලා .
එහෙමත් සීන් එකක්ද
ඕකා ඉස්සර දාන් අදින්න යනවා ඔට්ටුවට . මිනිස්සු වටේ ඉඳන් ඔට්ටු අල්ලනවා . සමහරු කැට තියනවා පාලසේන දිනයි කියලා , සමහරු මූ පරදියි කියලා . මූ ටිකක් ඉත්තෝ එහෙ මෙහෙ කර කර ඉන්නවා . ඉත්තෝ කැපුනහම , "අයියෝ දැක්කේ නැහැනේ" කියනවා . ඔහොම ඉඳලා ලෑල්ලට පයින් ගහලා පෙරලනවා .
ඔට්ටු අල්ලපු ඔක්කොම පරාදයි . කඩේ මුදලාලිට ගාන පියවලා , ඉතුරුටික ඌ සාක්කුවේ දා ගන්නවා
මාර පුත්රයෙක්නේ .. දැන් කොහෙද ඉන්නේ
හරියටම දන්නේ නෑ ..මව් නම් අද උදෙත් හම්බවුනා .. ගෑණිට නොනවත්වා කිම්බුහුන් යනවා

03 November 2018
උන්ගේ සබන් ගා අපි නා ගැනීම ....පිස්සු ලාබයි සීසන් 2
පප් පප් ටින්කිරි කිරි කිරි පප් පප්
ආයුබෝවන් , දිගු කාලයක විරාමයකට පස්සේ අපි හමු වෙන්නේ ඔබේ හදේ රැඳුනු කාලීන ව්‍යාපාරික වැඩසටහනත් සමග .. පිස්සු ලාබයි ...සීසන් 2 ...වොයිස් කට්ස් ..
ඉතින් අපේ බලාපොරොත්තුව එදා මෙන්ම , අලුත් අලුත් නිෂ්පාදන වෙළඳ පොලට ගෙන එන ව්‍යාපාරිකයන් ඔබ වෙතට ගෙන එන්නයි. අපි ගියා කොළඹ වටේ , ඇහුවා ප්‍රශ්නයක් ... කොහොමද පිස්සුව .. සමාවෙන්න බිස්නස්
(පදික වේදිකාවක , බෑග් එකක් කරේ එල්ලාගෙන සිටින සේල්ස් රෙප් මහතෙක් තිරයේ දිස්වේ)
කියන්න මොනවද මේ දවස් වල විකුනන්නේ ?
අපි කරන්නේ සබන් බිස්නස් තමයි
ඇයි සබන් ම තෝර ගත්තේ ?
මොකද අපේ ලංකාවේ කට්ටිය නාන්න හරි කැමතියිනේ
බලමු මොනවද තියෙන්නේ කියලා
මේ තියෙන්නේ අපේ ඕල් ටයිම් බෙස්ට් සෙලර් ප්‍රොඩක්ට් එකක් ...දෙසා ප්‍රේමි කාබෝලික් සබන් ... ගාලා නා ගත්තම මාර ගැම්මක් එන්නේ
කෝ බලන්න .. හප්පා සැර කෙලින්ම කුඩා මොලේටම වදින්නේ .. වෙන මොනවද තියෙන්නේ
මෙන්න මේ සිනිඳු සමට , යහ පාලි බේබි සොප්
හරිම ප්‍රබෝධාත්මක රිෆ්රෙෂින් පුසුඹක් ... වෙන වෙන
මේක අපේ අලුත්ම ප්‍රොඩක්ට් එක .. රෝස වසන්තේ ප්‍රජාතන්ත්රිකා ....
දැන් මේවා ඔක්කොම දේශීය නිෂ්පාදන ද ?
ඔව් ඔව් සීයට සීයක්ම
කෝ බලන්න ... මේඩ් ඉන් ඉන්ඩි ..?
කෝ කෝ ඕක දෙන්න මෙහාට .. ඕක ප්‍රින්ටින් මිස්ටේක් එකක් ..මෙන්න මේක බලන්නකෝ
මේඩ් ඉන් චයි ..?
කෝ කෝ ඕකත් දෙන්න මෙහාට ... මේ මාද්‍යටත් ඕනේ නැති දෙයක් නෑනේ (ඔහු පෑනක් ගෙන මොනවදෝ ලේබලයේ කුරුටු ගායි )... ඔන්න දැන් හරි .. ශ්‍රී ලංකා කියලා ලිව්වා
ඒ වුනාට මේවා දේශීය නෙමෙයි නේද
මෙහෙමයි මහත්තයෝ සබන් වෙන රටවල වුනාට නාන වතුර අපේ නේ
(නැවතත් මැදිරියට ... )
අපට අද ලැබී ඇති කාලය එපමණයි .... නැවතත් හමුවෙන තෙක් මතක තියා ගන්න ... හැමදේම බිස්නස් එකක්
.... හැමෝටම තියෙනවා මිලක් .... ඒ වුනාට පිස්සු ලාබයි....
පප් පප් ටින්කිරි කිරි කිරි පප් පප් //
01 November 2018
ලංකාදාසගේ මෙව්වා එක
ලංකාදාස වැඩ කරේ සුද්දෙක් ගාව..
සුද්දා ආපහු ගමේ යන කොට ගෙදර බඩු එක එක අයට බෙදලා දුන්නා . ගෙදර තිබ්බ රූප පෙට්ටිය හෙවත් ටී වී එක දුන්නේ ලංකාදාසට .
ලංකා දාසත් චන්ඩියා වගේ මෙව්වා එක කරේ තියාගෙන ගමේ අරන් ගියා . සාලේ ඉස්සරහම පේන්න තිබ්බා . හාමිනේ ඇවිත් ආසාවෙන් අත ගෑවා . ගමේම උන් ආවා මෙව්වා එක එක බලල යන්නම . හැබැයි ගමේ ගෙදරට විදුලිය නෑ . සිග්නල් අහුවෙන්නෙත් නෑ . "නිකන් හම්බුවෙච්ච එකනේ , ඔන්න ඔහේ පරෙස්සමට තිබිච්චාවේ , කවදා හරි ගම දියුණු වෙයි , එදාට පාවිච්චි කරනවා ".. ලංකාදාස හිතුවේ එහෙම
ටික කාලෙකට පස්සේ ලංකාදාස ගේ හාමිනේ මෙව්වා එක වැහෙන්න ලස්සනට මල් මල් කවර එකක් මහලා දූවිලි නොවැදෙන්න , උඩින් මල් පෝච්චියක් තිබ්බා පාලුවට .
පහු පහු වෙනකොට , මෙව්වා එක උඩ , පොඩි එකාගේ සෙල්ලම් බඩු , ගෙදර යතුරු කැරලි , උදේ පත්තර වගේ නා නා ප්‍රකාර දේවල් තියන්න පාවිච්චි කරන්න ගත්තා .
පිටි පස්සේ කවරේ ඇන ටික ගලවලා , ලංකාදාස පඩි දවසට ගන්න කාල බෝතලේ ආරක්ෂා සහගතව තියා ගන්න පාවිච්චි කළා . පොඩ්ඩක් අනුමත වෙන කොට බයිට් එකට ගන්න උම්බලකඩ කෑල්ල තිබ්බෙත් මෙව්වා එක උඩ .
මුලින් බදාගෙන බාරගත්ත ලංකා දාසගේ හාමිනේ , පහු පහු වෙනකොට ආඬි පාලි කියන්න ගත්තේ " මහා ලොකුවට සුද්දා විසිකරලා ගිය හුචක්කුව උස්සාගෙන ආවා " කියලා .
ප්‍රජාතන්ත්‍රවාදයත් ....

23 September 2018
තුන් තේරවිලි
තුන් තේරවිලි නම් තුන් වටක් නවා හෝ තුන් වරක් නැවුම් හැර විසඳා ගත යුත්තේය .
පහසු උදාහරණ දෙක තුනකින් පටන් ගනිමු
"මහත්තයා වහලේ "
නෑ නෑ ඒ මහත්තයා නෙමෙයි, ජනෙලේත් නෙමෙයි . මහත්තයා නම් සර් , වහලේ නම් පලය . සර් පල ය ...ඔන්න ආයිත් වරදදා ගත්තා .. මේ ජනවාරි අටවෙනිදා කතාවක් නෙමෙයි . සර් පලය , පාර්සලය .
"පවතින පුත්‍රයා "
ඔය ඉතින් . නෑ වැරදුනේ නෑ "ගම කන" නෙමෙයි .. අනික ඒ පුත්තරයාත් නෙමෙයි ආයුබෝං .
පවතින නම් පවත් . පුත්‍රයා නම් පුත. පවත් පුත. පුවත් පත .
දැන් ප්‍රක්ටිස් ඇතිනේ . ඔන්න වැඩේ පටන් ගමු
***
ඩොලර් ප්‍රහේලිකාව
ඔන්න ප්‍රවෘත්ති සාකච්චාවකදී මහින්ද මහත්තයගෙන් කවුදෝ එකෙක් ඉංග්‍රීසියෙන් අහනවා මේ ඩොලර් එකට සාපේක්ෂව රුපියල බාල්දු වීම ගැන . මහින්ද මහත්තයා තුෂ්නිම්භූත වෙනවා (ඒක ගැන දන්නේ නැද්ද . නැත්නම් වැදගත් නැද්ද . එහෙමත් නැත්නම් ප්‍රශ්නේ අමාරු වැඩිද මන්දා )
එතුමා ගන්නවා "ආස්ක් අ ෆ්‍රෙන්ඩ් " චාන්ස් එක . අහන්නේ නිවාඩ් කබ්රාල් ගෙන් (ඔව් ඒ මෑන්ස් තමයි ..ඔන්න ආර්ථික විසේසඥයෝ .
මිනිහා මොකක්දෝ උත්තරයක් දෙනවා .
මහින්ද මහත්තයා හිනාවෙලා උත්තරේ දෙනවා ... " අපි ආපුවම කරලා පෙන්නන්නම් දැන්ම ක්‍රමේ කියන්න බෑ "
මෙතුන් පදේ විසඳා ලා කියන් සකි
***
සංස්කෘතික ගැටය
දිනකට හෝ දෙකකට පෙර චාමි මුහුණු පොතේ සටහන් කරනවා ඔහු මුහුණ දුන් (හෝ නොදුන්) අත්දැකීමක්
දුප්පත් වැන්දබුවක් තුන් මාසේ දානෙට ආරාධනා කරන්න පන්සලට ගියහම , දායක සභාවේ අවුරුදු ගානක හිඟ මෙම්බර්ෂිප් ෆීස් සහ හත්දවසේ දානේට ආරාධනා නොකරපු එකට පැනල්ටි ෆීස් එක කරලා දඩයක් ගහපු කතාවක් .
සටහනට , උත්ප්‍රාසයටම උපන් , ඕනෑම කෙනෙක්ව වළලු නැතිව ගස් ඇරීමේ සහ ගොනාට ඇන්දවීමේ උපන් හැකියාවක් ඇති , අයෙක් තියනවා ප්‍රතිචාරයක් " ඔච්චර වෙලත් ගෑනිට තාම ඇර ගන්න බැරි උන එක සහ හැකියාව ගැන ප්‍රශ්න කරලා "
විස්සකට ආසන්න පිරිසක් ඒ ප්‍රතිචාරයට , තම්බිස් අප් මුද්‍රාවෙන් කැමැත්ත පළ කරලා .
මෙතුන් පදේ විසඳා ලා කියන් සකි
පලි : වී රිපෝර්ට් යූ ඩිසයිඩ් ය .
30 August 2018
මිසිස් පෙරේරා ගේ 2020 සිහිනය
මේ ඒ ඒ ඒ
(තම බිරින්දාගේ සුමධුර ආමන්ත්‍රණයෙන් පෙරේරා මහතා කිරමින් සිටි කුකුල් නින්දෙන් අවදි වුයේය . මේ ආමන්ත්‍රණය මොකක් හරි ලෙඩකට , නැත ලෙඩ පෙරහැරකට පෙර එන කස කාරයෙක් බව ඔහු අත්දැකීමෙන් දන්නේය )
මොකෝ ? ( ඒ වුනාට සැමියන් බිය පෙන්වන්නේ නැත )
අපි පොඩි වැඩක් කරමුද
පිස්සුද ඕවා කරන්න කොහේ තියෙන සල්ලියක්ද බොහොම අමාරුවෙන් මාසේ ගෙවා ගන්නේ
ඒක තමයි මම කියන්නේ
අනික මේ ආණ්ඩුවෙන් අරකටයි මේකටයි ඔක්කෝටම බදු ගහනවා , මගේ පොකැට් එකටමයි වදින්නේ
ඒක තමයි අනේ
.. හෝව් හෝව් ... දැන් මේ මොකක්ද දැන් මේ කියන්නේ
මගේ පොඩි යෝජනාවක් තියෙනවා , හැබැයි ඔන්න තරහ ගන්න බෑ (ඇය කොමළ ගතිය පෑවාය . පානා කොමලයෙන් මෙය හත් අට දාහක බිලක් වෙන්න ඉඩ ඇති බව දැනී පෙරේරා ට හීන් දහඩියක්ද නැගෙන්නට විය )
හරි හරි කියනවකෝ
ඔයා 2020 ජනාධිපති කමට ඉල්ලන්න
භෝක් භෝක් , (ඉහලට ගත් හුස්ම ඉස්පොල්ලේ ගියේය )
ඔව් අනේ හැමෝම ඉල්ලනවා . දැන් බලන්න ගෝටාභය මහත්තයත් ඉල්ලනවා , මහින්ද මහත්තයත් ඉල්ලනවා , මෛත්‍රී මහත්තයත් ඉල්ලනවා ,
ඉතින් ඒ අය දේශපාලනය කරන අයනේ
එහෙනම් අර සුදු උස මහත කාර් සේල් එකක්ද මොකක්ද තියෙන මහත්තයා
කාර් සේල් නෙමෙයි ඒ මනුස්සයා කෝටිපති ව්‍යාපාරිකයෙක් ගෑනියේ... මිනිහෙකුට ගරු නම්බු ඇතිව කතා කරහන්
ඔන්න ඒවා මේවා කියලා බා මේ සැරේ ඔය ඉල්ලන්න්ම ඕනේ . අර ට්‍රික්සිගේ හස්බන්ඩු ත් ඉල්ලනවා ලු. මට බෑ සෙකන්ඩ් වෙන්ඩ
ආ එකයි මේ ....හරි නිකමට ඉල්ලනවා කියමුකෝ ..දැන් මම මොකක් කියලද ඉල්ලන්නේ
ඔයා කියන්න ඔයා පරණ රජ කෙනෙක් කියලා . දැනටම පරාක්‍රම බාහු රජ තුමයි දුටු ගැමුණු රජතුමයි එන්ටර් වෙලා ඉන්නේ , වෙන රජෙක් හොයා ගන්න වෙනවා
පිස්සුද නෝනේ මට එහෙම රජ පෙනුමක් නෑනේ .. ඔන්න කුස රජ්ජුරුවෝ කියලා තමයි කියන්න වෙන්නේ
එකනේ .. ඔයාට රජ පෙනුමකුත් නෑ .
අනික කවුරුවත් මාව දන්නෙත් නෑ . කොටින්ම මරණාධාර සමිතියේ නිලයකටවත් මාව නොමිනේට් වෙලා නෑනේ .
ආ එහෙමනම් ... බැරිවෙයිද ඔයාට පොදු අපේක්ෂකයෙක් වෙන්න
මේ ඇත්තටම ඔහේට අමු කැවිලද
අනේ මන්දා . නාගසේනලා , මුචලින්දලා , මධු රොක්ස් ලා ඔක්කොම ඉල්ලනවා . මගේ මිනිහට තමයි බැරි .
අපි නේ ඉතින් ලජ්ජා වෙන්න ඕනේ
තේරුම් ගන්නවකො, මට ඉල්ලනවානම් ඉතින් පෙර භවයේ නාලාගිරියා කියලා තමයි ඉල්ලන්න වෙන්නේ
ආ ඒක හොඳයි , යූ ඇ න් පී එකෙන් කවුරුත් නම් කරලත් නෑ නේ . රනිල් මහත්තයා සතුටු වෙයි
ඔව් ඔව් එයා මග බල බල ඇත්තේ ඉදිරිපත් කරන්න කෙනෙක් එනකන්

15 July 2018
ඊයේ දැක්ක පෝස්ටරේ
තාප්පයකි
පොලීසියකි
වම් කොණ ගැලවුණු
පෝස්ටරයකි
ජනපතියෙකි
අහඹු
හිනාවකි
පුරුදු
ආරාධනාවකි
හොම්බට අනිනු
වීර වාක්‍ය සිරස්තලයකි
ප්‍රොපගැන් ඩා ගඳ කි
පිළුණු
බැල්ලියකි
මුත්‍රා පාරකි
කොන්ක්‍රීට්
පේමන්ටුව
දිගේ ගලනා
ගඟකි
හොරා
පොලිස්
නැත
බල්ලන්ට
කම්
07 July 2018
ගිනි cool වීම
(from https://www.deviantart.com/maxeerz/art/Frozen-Fire-315066870)
විප්ලවය රෝමාන්තික සිහිනයක්ව ඉපැද ,
ආශ්වාදයක් , "high " එකක් ව පැවැත ,
ඛේදාන්තයක්ව අවසන් වෙයි .
හැමවිටම .
ඉන්පසු නොස්ටල්ජියානු මතකයක්ව ශේෂ වේ .
ඒ විප්ලවයන්ගේ ජීවන චක්‍රයයි .
චේ , චේගේ පැවැත්ම , කියුබානු විප්ලවය , කියුබාව සහ පිටකොටුවේ පේමන්ට් එකේ විකිණෙන චේගේ ටී ෂර්ට් එක ...
එතනිනුත් එහාට යනවා නම් , ඒ ටී ෂර්ට් එකම ඇඳ ගෙන කොළඹ කොෆි ෂොප් එකක , කැපචිනෝ බොන කොන්ඩේ දිග හාදයෙක්
විප්ලවයක අවසන ශේෂවන්නේ ඒ විප්ලවයේ චින්තනමය පදනම හෝ ඒ ක්‍රියාවලියේ ගතිකය පිලිබඳ මතක නොවේ . විප්ලවය නිසා මතුවුණ චරිත පිලිබඳ නොස්ටල්ජියාවයි .
ඒ නිසායි හැමවිටම , විප්ලවයේ නෂ්ටාවශේෂ cult icon වලට පරිවර්තනය වෙලා , ඒවාට මිලක් නියම වෙන්නේ . අපි පිළිගත්තත් නැතත් නිදහස ව්‍යාප්ත වෙන්න වෙන්න වෙළඳ පොළ ගති ලක්ෂණ හැසිරීම වැඩියෙන් තීව්ර වෙනවා .
ඉල්ලුම සහ සැපයුම .
ලංකාවේ මෙවැනි icon level එකට තල්ලු කරන්න පුළුවන් චරිත දෙකක් මගේ ජීවිත කාලය තුළ ජීවත් වෙලා තියෙනවා
ඉන් පළමු වැන්නා විජේවීර. දෙවැන්නා ප්‍රභාකරන්
(මහින්ද රාජපක්ෂ ගැන මට තියෙන්නේ දෙගිඩියාවක් ).
(මිනිස්සු කාණ්ඩයක හෝ ) සිහින වල ජීවත් වුනු , සිහින වල මිනිස්සු ජීවත් කරවපු , ගම්‍යතාවය මගින් high එකක් දීපු . නොස්ටල්ජික් මතකයන් ඉතිරි කරපු .
ගිය සතියේ විජේවීරගේ බිරිඳ නඩුවක් ගොනු කරනවා , විජේවීර අතුරුදහන් කියලා . එජාප ආණ්ඩුවක් විසින් ගෙනාපු අතුරුදහන් වුවන් ගැන වූ පනත ඇතුලේ මෙහෙම නඩුවක් ගොනු වීමේ මාර Satire එකක් (උත්ප්‍රාසයක් ?) හෝ මාර ගේම් එකක් හෝ දෙකම තියෙනවා .
ඊට දවස් දෙකකට පස්සේ විජේවීරගේ ජීවිත කතාව (වගේ එකක් ) අළලා නිපැයුණු ගින්නෙන් උපන් සීතල ( ඒ කියන්නේ ගිනි කූල් වීම . කූල් කියන එකට අර්ථ දෙකකි ) ගැන කතාව ඇවිලෙනවා .
විප්ලවය අලෙවි වීම , විප්ලවීය නායකයෙක් අලෙවි වීම ...හොඳද , නරකද කියන එක නෙමෙයි කතාව
(ඒ ගැන මගේ නම් අදහස (හා පිළිතුර ) ... අදාළ නැත !)
ඔබ එකඟ වේවි , මේ සංසිද්ධිය තුළ ජෝක්ස් , උත්ප්‍රාසය , single player game , multi player game ගැන සම්භාවිතාවයන් පොදි ගැහිලා යන වග
ඒ ඔක්කොම අස්සේ මගේ හිතේ මේ මොහොතේ නලියන ප්‍රශ්නය නම් , නඩුව ෆිල්ම් එකට ඇඩ් එකක්ද , ෆිල්ම් එක නඩුවට ඇඩ් එකක්ද , මේ දෙකම වෙන මොකක් හරි එකක් උදෙසා වූ ඇඩ් කැම්පේන් එකක කොටස් දෙකක්ද ..
එහෙමත් නැත්නම් .....!!???
පළි : ප්‍රභාකරන් ගැන මෙතන කතා නොකරමි . වැඩේ කොරගත් විජේකලා ගැන , ප්‍රභාකරන් ගැන වෙනම කතා කරමු
01 July 2018
කුකුල් මස් රසට දෙල් සහ දෙල් රසට කුකුල් මස් - ( Shoutout to Bonikara Tharuwa Podcast @ Youtube)
කුකුල් මස්, කුකුල් මස් රසය . දෙල් , දෙල් රසය
කුකුල් මස රසට දෙල් උයා ගන්නට කියා , දෙල් කරියකට කුකුල් මස් කැබැල්ලක් දැමුවද , වැඩේ තව දුරටත් දෙල්ය .
දෙල් රසට කුකුල් මස් හදන්නට කියා , හොඳින් පහේ තබා සාමාන්‍ය ආකාරයට ලිපේ තබා ගත් කුකුල් මස් කරියකට දෙල් දැමුවොත් කුකුල් මස් කාරිය කුකුල් මස් විකාරයක් වේ .
එකමත් එක කාලයක එක්තරා රජයක , සෞඛ්‍ය ඇමති , වාරිමාර්ග ඇමති කෙනෙක් විය . නමුත් හඳත් ඉරත් දෙපැත්තෙන් පායපු නිසාවෙන් වූයේ චන්ද්‍රග්‍රහනයකි . එය විධායක ජනාධිපති ගේ බල පරාක්‍රමයේ වරද විය . එවන් රජෙක් පත් කරගත් ජනතාවගේ වරද විය
නමුත් දැන් , විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය . පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේනය.
දිවිහිමියෙන් පරිසරය රැකීම ගැන කතා සාගරයකි . ඒත් විල්පත්තුවේ ප්‍රශ්නය එහෙමමය . ගල උස්සලා කරෙන් තිබ්බොත් ගෙනිහින් තියන්නම් යයි කියන අන්දරෙලාය . . සිංහරාජයේ අලි ප්‍රශ්නය විසඳන තෙක් අලිද මිනිස්සුද දෙපැත්තට වී විටක් හපමින් බලා සිටිති . වනජීවී ඇමතිලා වේලුනු අලි බෙටි ඉඹිමින් , අලි ගිය මග සොයති
විධායක ජනාධිපති සිරිසේන නිසා , පරිසර ඇමති සිරිසේනට වැඩ කරන්නට බැරිය . නමුත් විධායක ජනාධිපති සිරිසේන විධායක බලය පාවිච්චි කරන්නේ නැත .
කුකුල් මස් කුල මස් රසය , දෙල් දෙල් රසය .
වැරැද්ද ජනතාවගේය

20 May 2018
මිස්ටලා , දොට්ටලා සහ වමනේට එන මතක
ප්‍රභාකරනුත් මහත්තයෙක් තමයි
අද උන්නා නම්
කැලෑ සූට් එක , සෆාරි කිට් එක එල්ලූ අල්මාරියේම
තිබ්බලු ඉඩ
නැෂනල් සූට් එකකටත්
කිරි පාට
ඔය කියන
මිස්ටලා මැඩම්ලා දොට්ටලා
කලේ හැමදා
ජාතිආලය, සංහිඳියාව
මාරුවෙන් මාරුවට
දවසට තුන් සැරයක්
මේස හැඳි දෙක බැගින්
බලෙන්ම පොවා
ඉස්පොල්ලේ ගිහින්
මොළේට දැවිල්ල අල්ලන ඇසිල්ලේ
අපේ පොකැට් එකටත් විදලා
පතොරොම් දන්සැල් දුන් එකයි
පතරොම්
මරා ගනියව් කියා
රත්මලානේ එයාපෝට් එකේ ගේට්ටුවෙන්
පිටවෙලා
මාවත් , අතුපාරවල් දිගේ
විහිදුන මූසල
සයිරන් නලා හඬ
කිලිනොච්චි අහස අවුලවා
වැටී ෂෙල් වරුසා
බිරාන්ත කළා අපේ හිත්
සීල් පෙට්ටි කෙහෙල් කඳන් බරට
මිනී ගොඩ ටැට්ටර් පිරෙන්න
මතක වමනෙට එනවා
මට
ඒත්
මිස්ටලා දොට්ටලා ගියේ එස්කෝට් පිට
ආ ..රක්ශාවයි අනේ ඉතින්
ඒ උතුමන්ට
ස්මාරකේ නම් හොයන අම්මලා
පපු කුහරේ
කැට ගැහුණ උණු කඳුළු
හොයනවා කාක්කෝ
පැකට්කරලා විකුනන්න
සිල්ලරට
ඩිමාන්ඩ් එක අඩු උනාම
උන් යාවී යාපනේ
කරේ තියන් කැමරාව
ඒ දුකටත් ලන්සු තියන්න
තොග මිලට
මිස්ටලා දොට්ටලා
එදාටත් ඇවිදින්
අද සේම
අත ගසාවි කෙන්ඩියට
පැන් වඩන් , සිහි කරන්
මියැදුණු , අපේ පුතුන්

29 March 2018
මා ඕල්මොස්ට් දුටු අලි පෙරහැර - පොඩිහිටියාගේ රචනයකි
මෙච්චර කට්ටිය කුඹී පෙරහැරවල් ගැන කතා කරන කාලේ අපේ ටීචර් කීවේ අලි පෙරහරක් ගැන ලියන්න කියලාය. මේකේ කාලය දේශය දීපය කුලය මව් ගලපන්න යන්නේ නැතිව මෙය පොඩි එකෙක් ගේ රචනාවක් ලෙස සිතා කියවන ලෙස මුලින්ම ඉල්ලා සිටිමි.
අපේ ගුරුතුමී කීවේ කොලේ පිරෙන්නම රචනාව ලියන්න කියලාය. ඉතින් මැදින් පොඩ්ඩක් වල්පල් වගේ පෙනුනොත් සමාවෙන්න බෝපතකට කඳුළු බින්දු වැටුනොත්.
මම පෙරහැර බලන්න ගියේ අපේ සීයා සමගය. ගිහින් පාරේ අයිනේ ඉඳගෙන සිටියෙමු. මේක මේ නුවර පෙරහැර වත්, ගංගාරාමේ පෙරහැරවත්, බෙල්ලන්විල එකවත් නොවේය. අපේ ගමේ දුප්පත් පන්සලේ පෙරහැරය. ඉතින් අර මහා පෙරහැරවල වගේ සාරෙට අලි නැත. ඒත් පොඩිහිටි අපගේ ඒකායන අභිප්‍රාය වූයේ අලියෙක් හෝ දැක ගැනීමය
මුලින්ම පෙරහැරේ ගමන් කරේ කස කාරයෝය. උන් වටේ ඉන්න එවුන්ට උණ ගැනෙන්නට කස පුපුරොව්වෝය. කස කාරයන්ට පස්සේ එන්නේ අලින් දැයි සීයාගෙන් ඇසුවිට ඔහු කීවේ අලි එන්නට තව වෙලා තියෙනවා කියලාය. සීයා හරිය, ඊට පස්සේ ආවේ පන්දම් කාරයෝය. උන් පන්දම් උඩට උඩට වෙන්නට අල්ලාගෙන ගියහ.
ඊට පස්සේ ( අපේ ටීචර් හැමතිස්සෙම කියන්නේනිම්මාන සිලී නිර්මාණශීලී වෙන්න කියලාය . ඉතින් ඊළඟ චේදය සිංහල රැප් එකක් ලෙස ලියමි . ඔබත් එලෙසම කියවන්න.)
යෝ යෝ නිගා නිගා ..ඊටපස්සේ ආවේ අලි නෙවේ බං. කසකාරයෝ රිටිකාරයෝ පන්දම්කාරයෝ. නලාකාරයෝ බෙරකාරයෝ උඩ රට නැට්ටුවෝ. හේ විසි කාරයෝ. කා වඩි කාරයෝ .. ඒ අස්සෙන් ආ පොප් කෝන් කාරයෝ. යෝ නිගා යෝ යෝ, පිළිවෙලයි මහත්ත යෝ
ඇත්තටම පොප්කෝන් කාරයෙක් ආවේය. ඔහු ආවේ, "පෙරහැර බලන ගමන් හපා හපා ඉන්න. පොප්කෝන් " කියා කෑ ගසාගෙනය. සීයා ඔහුව එලවා ගත්තේය.
මේ ඔක්කොම කාරයෝ ගිහින් ය ඒත් අලි තාම නැත. සීයේ දැන් අලි එයිද කියා අපේපැය බාගයෙන් බාගයට , විනාඩි පහෙන් පහට , විනාඩියෙන් විනාඩියට ප්‍රශ්න කිරීම සීයාට අලීම අලි කරදරයක් විය.
ඔන්න එතකොටම ආවේ තවත් වෙළෙන්දෙකි. " තිබහට උරන්න පොප්සිකල්. තිබහට උරන්න ..". "ඒයි පොප්සි මෙහෙ එනවකෝ කියා සීයා ඔහුට කතා කලේය. අලි එන්න තව දුරද කියලාය. ඔහු කීවේ මේ කාලේ බෙහෙතකටවත් හොයා ගන්න අලි හිඟ බවය. ඔහු කීවේ ඒ නිසා පෙරහරේ හිඩැස් පුරවන්න කාවඩි, වඩිග පටුන විතරක් නෙමෙයි බ්රේක් ඩාන්ස් කණ්ඩායමුත් වැඩියෙන් දානවා කියලාය. අනික අලි වෙනුවට දැන් ගෙනියන්නේ අලි වගේ අන්දපු ට්‍රැක්ටර් සහ ත්‍රීවීල් තමයි මහත්තයෝ කියලාය.
එහෙනම් පත්තරේ තිබ්බේ දළ ඇත්තු ඉන්නවා කියලා සීයා ඇසුවේය. පොප්සිකල් කාරයා කින්ඩි හිනාවක් දා ඇසුවේ, මහත්තයත් අලින්ගේ විස්තරේ පත්තරේන් බලනවද කියලාය.
අලි නැතිව කොහෙද පෙරහැරවල යන්නේ කියලා සීය ඇසුවහම, පොප්සිකල් කාරයා කිව්වේ අලි හිටියා හෝ නොහිටියා මීහරක් උඩ කරඬුව තියාගෙන හරි පෙරහැර යන බව ග්‍රාමසේවක රාලහාමි කියූ බවය.
අපේ සීයාත් අරින්නේ නැත්තේය. ඔහු ඇසුවේ එහෙනම් පාරේ අලි බෙටි තියෙන්නේ කොහොමද කියලාය. වෙළෙන්දා කීවේ සමහර පෙරහැරවල් ජාම බේරගන්න අලිබෙටි සල්ලි වලට අරන් පත්තරවල ඔතාගෙන ඇවිත් පාරේ තැනින් තැන අතුරනවා කියලාය. සීයාට තරහ ගියේය. අනේ පලයන් පොප්සි යන්න, ඔය වැදගත් පත්තර වලින් අලිබෙටි ඔතනවද, උඹ ආව මෙතන පෙරහැරේ විස්තර විචාරේ දෙන්න කියා ඔහුව එලවා ගත්තේය.
හුරේය, දන්නෙම නැතිව පිටුව ඉවර වෙන්න ළඟය. ඉතින් ඉතුරු ටික කෙටියෙන් ලියමි.
ඈතින් නිලමේලාත් එනවා මම දැක්කෙමි. මීළඟට එන්නේ නම් අලි තමයි යයි මට සිතුනි.
එතකොටම අයෙක් කෑ ගැසුවෝය " ඔන්න අලි එන්න ලඟයි ... ඔන්න දැන් එන්නේ කවුද කියලා දන්නවනේ .. පින්වත්නි පරිස්සම් කර ගනිල්ලා පර්ස් බෑග් මලු සාක්කු ..
ඊළඟට එන්නේ පොකට් කාරයෝ
අපේ ගුරුතුමී කීවේ කොලේ පිරෙන්නම රචනාව ලියන්න කියලාය. ඉතින් මැදින් පොඩ්ඩක් වල්පල් වගේ පෙනුනොත් සමාවෙන්න බෝපතකට කඳුළු බින්දු වැටුනොත්.
මම පෙරහැර බලන්න ගියේ අපේ සීයා සමගය. ගිහින් පාරේ අයිනේ ඉඳගෙන සිටියෙමු. මේක මේ නුවර පෙරහැර වත්, ගංගාරාමේ පෙරහැරවත්, බෙල්ලන්විල එකවත් නොවේය. අපේ ගමේ දුප්පත් පන්සලේ පෙරහැරය. ඉතින් අර මහා පෙරහැරවල වගේ සාරෙට අලි නැත. ඒත් පොඩිහිටි අපගේ ඒකායන අභිප්‍රාය වූයේ අලියෙක් හෝ දැක ගැනීමය
මුලින්ම පෙරහැරේ ගමන් කරේ කස කාරයෝය. උන් වටේ ඉන්න එවුන්ට උණ ගැනෙන්නට කස පුපුරොව්වෝය. කස කාරයන්ට පස්සේ එන්නේ අලින් දැයි සීයාගෙන් ඇසුවිට ඔහු කීවේ අලි එන්නට තව වෙලා තියෙනවා කියලාය. සීයා හරිය, ඊට පස්සේ ආවේ පන්දම් කාරයෝය. උන් පන්දම් උඩට උඩට වෙන්නට අල්ලාගෙන ගියහ.
ඊට පස්සේ ( අපේ ටීචර් හැමතිස්සෙම කියන්නේ
යෝ යෝ නිගා නිගා ..ඊටපස්සේ ආවේ අලි නෙවේ බං. කසකාරයෝ රිටිකාරයෝ පන්දම්කාරයෝ. නලාකාරයෝ බෙරකාරයෝ උඩ රට නැට්ටුවෝ. හේ විසි කාරයෝ. කා වඩි කාරයෝ .. ඒ අස්සෙන් ආ පොප් කෝන් කාරයෝ. යෝ නිගා යෝ යෝ, පිළිවෙලයි මහත්ත යෝ
ඇත්තටම පොප්කෝන් කාරයෙක් ආවේය. ඔහු ආවේ, "පෙරහැර බලන ගමන් හපා හපා ඉන්න. පොප්කෝන් " කියා කෑ ගසාගෙනය. සීයා ඔහුව එලවා ගත්තේය.
මේ ඔක්කොම කාරයෝ ගිහින් ය ඒත් අලි තාම නැත. සීයේ දැන් අලි එයිද කියා අපේ
ඔන්න එතකොටම ආවේ තවත් වෙළෙන්දෙකි. " තිබහට උරන්න පොප්සිකල්. තිබහට උරන්න ..". "ඒයි පොප්සි මෙහෙ එනවකෝ කියා සීයා ඔහුට කතා කලේය. අලි එන්න තව දුරද කියලාය. ඔහු කීවේ මේ කාලේ බෙහෙතකටවත් හොයා ගන්න අලි හිඟ බවය. ඔහු කීවේ ඒ නිසා පෙරහරේ හිඩැස් පුරවන්න කාවඩි, වඩිග පටුන විතරක් නෙමෙයි බ්රේක් ඩාන්ස් කණ්ඩායමුත් වැඩියෙන් දානවා කියලාය. අනික අලි වෙනුවට දැන් ගෙනියන්නේ අලි වගේ අන්දපු ට්‍රැක්ටර් සහ ත්‍රීවීල් තමයි මහත්තයෝ කියලාය.
එහෙනම් පත්තරේ තිබ්බේ දළ ඇත්තු ඉන්නවා කියලා සීයා ඇසුවේය. පොප්සිකල් කාරයා කින්ඩි හිනාවක් දා ඇසුවේ, මහත්තයත් අලින්ගේ විස්තරේ පත්තරේන් බලනවද කියලාය.
අලි නැතිව කොහෙද පෙරහැරවල යන්නේ කියලා සීය ඇසුවහම, පොප්සිකල් කාරයා කිව්වේ අලි හිටියා හෝ නොහිටියා මීහරක් උඩ කරඬුව තියාගෙන හරි පෙරහැර යන බව ග්‍රාමසේවක රාලහාමි කියූ බවය.
අපේ සීයාත් අරින්නේ නැත්තේය. ඔහු ඇසුවේ එහෙනම් පාරේ අලි බෙටි තියෙන්නේ කොහොමද කියලාය. වෙළෙන්දා කීවේ සමහර පෙරහැරවල් ජාම බේරගන්න අලිබෙටි සල්ලි වලට අරන් පත්තරවල ඔතාගෙන ඇවිත් පාරේ තැනින් තැන අතුරනවා කියලාය. සීයාට තරහ ගියේය. අනේ පලයන් පොප්සි යන්න, ඔය වැදගත් පත්තර වලින් අලිබෙටි ඔතනවද, උඹ ආව මෙතන පෙරහැරේ විස්තර විචාරේ දෙන්න කියා ඔහුව එලවා ගත්තේය.
හුරේය, දන්නෙම නැතිව පිටුව ඉවර වෙන්න ළඟය. ඉතින් ඉතුරු ටික කෙටියෙන් ලියමි.
ඈතින් නිලමේලාත් එනවා මම දැක්කෙමි. මීළඟට එන්නේ නම් අලි තමයි යයි මට සිතුනි.
එතකොටම අයෙක් කෑ ගැසුවෝය " ඔන්න අලි එන්න ලඟයි ... ඔන්න දැන් එන්නේ කවුද කියලා දන්නවනේ .. පින්වත්නි පරිස්සම් කර ගනිල්ලා පර්ස් බෑග් මලු සාක්කු ..
ඊළඟට එන්නේ පොකට් කාරයෝ
25 March 2018
නොකලා නම් හොඳ කතාව සහ ගැසිය යුතුම ගේම් එක
ඔව් කියන්න බෑ, නෑ කියන්න බෑ, බෑ කියන්න බෑ, එකම වචනය තුන්වතාවකට වඩා කියන්න බෑ , තනි වචනයෙන් උත්තර දෙන්න බෑ .. කොහොමහරි විනාඩියක් කතා කලොත්, අත කට පුරවලා පපඩම් පැකට් තෑගී.
දුමිඳු තුමිඳු ට ඊයේ සම්මානයක් හම්බු වෙලා කියන්නේ. මොනවා හම්බු වුනාද දන් නෑ. දැනටමත් ඔහුගේ තෑග්ග පිළිගනිමින් කළ කතාව ට්‍රෙන් ඩින් වේ ගෙන යනවා .. නමුත් ඒ කතාවේ මොකක්දෝ මන්දා අවුලක් දැනෙනවා. දුමිඳු තුමිඳු අස්සේ කලන අස්සේ ඉන්නේ මිනිහා කවුරු උනත් , අපි දකින්නේ කලන කියන දුමිඳු තුමිඳු කියන නළුවා .. විජය ක්‍රිස්තුන් වහන්සේ නොවන සේම දුමිඳු තුමිඳු අර ගේම් කාරයා ත්
නෙවෙයි. ඒත් ..අපි ඒක දන්නවා, ඒත් අමතක වෙනවා
මේකේ තිර පිටපත ලියපු දමිතයි, ලකයි තැනක කියනවා, නිකන් හිතෙන් සැලසුම් කරන්න ගන්න කාව හරි ප්‍රභූකෙනෙක්ව උස්සන්න... එතකොට ඔබට දැනෙන්න ගනීවි ඔබ අස්සේ ඉන්න ගේම් කාරයා ගැන ..එතන තමයි රියලැටිය තියෙන්නේ.
හ්ම් ... ඒත් මේක නෙමෙයිනේ අද කතාව .. එතැනට එමු .. අද කතාව, තුමිඳුගේ කතාව , ඒකෙන් කිති කැවුන අපේ මෙව්වා එක සහ ඉන් ඔබ්බට
තුමිඳු කිව්වේ මේක විරෝධාකල්පයේ සම්මානයක් වගේ කතාවක්. සමාවෙන්න මිත්‍රයා, වෙනම ආතල් එකක් වුනාට මේක පට්ට ගහපු රෝල් එකක් (මගේ ජීවිතේ මේක හරියට අවංක ව කරපු එකම මිනිහයි මට මතක . ඒ කේමදාස . )
හැබැයි ඒකෙන්, රියලටිය අස්සේ අපේ ෆැන්ටසිය ඔබ්බා ගන්න ගමන්, ෆැන්ටසියේ රියල්ටිය හොයන, අපේ මෙව්වා එක කිති කැවුනා කියන්නේ. අපේ රූකඩ නූල් අල්ලා ගෙන නටවනවා කියලා හිතපු පොලිටික්කොත් නටවන එකෙක් ඉන්න එකෙක් ඉන්නවා කියලා මුලින්ම අපිට පොඩි ත්‍රිල් එකක් ආවා කියන්නේ. එහෙම කරන එකා අපේම එකෙක් බව දැක්කම, අර ජනතාධිපත්‍ය ගැන හැඟීම තව ඔද වැඩුනා කියන්නේ.
හැබැයි එතකොට පොලිටික්කෝ තරමක් දුරට නිදොස් කොට නිදහස් වෙනවා, දැන් ඒක නිසාම පොලිටික්කොත් සැනසුම් සුස්මක් හෙලන බව අපිට පෙනුනේ නැද්ද මන්දා කියන්නේ ...
උනුත් හොරු, මුනුත් හොරු, මමත් හොරෙක් ඒ විතරක් නෙමෙයි, තොපිත් හොරු .. ඉතින් කොයි හෝරාවද අල්ලන්නේ ?කියලා රංජා කෑ ගහන කොට විසිල් ගහන අපිම නේ ඉතින් මේ ......
..කරුමේ කරුමේ කියලා මොකුත් නොකර හූල්ලන එක , විරෝධාකල්ප වලින් ඔබ්බට යමක් නොකරන එක , ගමේ පන්සල ඔස්සේ රජවරුන් විසින් මුලිනුත් , අධිරාජ්‍යවාදීන් විසින් දෙවනුවත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ පුරුදු කරපු , පස්සේ අපේ ජානවලට කිඳා බැහැපු පුරුද්දක් ..
හරි ලොක්කා, මැල්ලුම බෙදුවා ඇති දැන් බත් බෙදමු
සිස්ටම් එක අවුල්නම් ඒක වෙනස් කරමු.
ඒත් අමුඩේ තද කර ගනින්, මේක පරම්පරා තුනකවත් ව්‍යාපෘතියක්. හැබැයි ගහන්නම ඕනේ ගේම් එකක්.
අපේ ජීවිත ගොඩ නැගෙන්නේ අපේ සීයලාගේ හීන හා අප්පච්චිලාගේ වැරදීම් උඩ. අපි දකිමු හීන , අපේ ජීවිත කාලයේ නොව අපේ මුණුබුරන්ගේ කාලයේ මල්ඵල ගැනෙන . ඒ සඳහා අපේ දරුවන්ගේ ජීවිත ගැටගහන රැහැන් ....ආකල්ප , සාරධර්ම , පුරුදු ....තෝරා ගමු, භුමියේ පැල කරමු, සාත්තු කර රැක බලා ගනිමු ... ඔවුන්ගේ දරුවන්ට ඒවා උපතින්ම ලැබේවි. උන් ඒවායේ හිදැස් දකිවී, උන් ඒවා පුරවා ගෙන ඉස්සරහට ගෙන යාවී.

24 February 2018
ඇල්බට් අයියාගේ ටීම් එක , ගජමෑන් සහ අංජනම
ආ මල්ලිලා මොකද මේ පැත්තේ
නෑ ඇල්බට් අංකල්
අඩෝ. මේ අංකල් නෙමෙයි අයියා .. හැමදාම කියනවා
ඇල්බට්. අයියාහ් ..අපි මේ අපේ ක්‍රිකට් ටීම් එක
ඔව් ඔව් මේ ලඟදි ගහපු මැච් ඔක්කොම පැරදුනා නේද
ඒකනේ, අං .. අයියේ .. අපි පොඩ්ඩක් ටීම් එක අලුතින් හදන්න කියලා හැදුවේ .. හොඳට ගහන්න පුළුවන් කොල්ලෝ ටිකක් දාලා.
අන්න හරි .. එහෙම තමයි වයසක ඩයල් ටික හලලා, පිට්නස් තියෙන කොල්ලෝ ටිකක් දාලා, හදමු අපි එළ ටීම් එකක් .. ඔක්කොම ස්ටාර් ප්ලේයර්ස් ලා විතරයි ඔන්න ..කවුරු තරහ වුනත් කරන්න දෙයක් නෑ
අන්න අයියට තේරුනා .. අපි මේ බයෙන් හිටියේ, අයියා වරදවා වටහා ගනියිදෝ කියලා
පිස්සුද මල්ලි. ..හදමු එළ ටීම් එකක් ..ඔක්කොම එළ ප්ලේයර්ස්ලා විතරයි ..ලියාගනින්කෝ ලයින් අප් එක ..මමයි .....
***
අහන්න ආපු දෙය හිතට අරගෙන ඇස් දෙක වහගෙන වැඳ ගන්න, කට්ටියම
ඔං රීන්, ඕන් රීන්, අංජනම් දේවී වර වර ..
තැටිය මැද්දේ කළු කරාපු පහන්තිරය එස්වඃ
මැදට ආපු හනුමන්ටත් පුදුම හිතෙන එස්වඃ
වෙන්න තියෙන දෙයක් සිදුවෙයිද කියලා දැන ගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා අංජනම් දේවි කියනවා
එහෙමයි එහෙමයි
ගිය සුමානේ වෙයි කියලා හිතන් හිටියා උනේ නෑ, මේ සිකුරාදා වෙයි කියලා හිතුනේ ඒත් උනේ නෑ
ඒකනේ ..සොරි එහෙමයි ..දැන් සඳුදා වෙනවා කියන්නේ
හනුමන්තා පිටිපස්සේ ඉඳන් කියනවා, පණිවිඩ කාරයාව සත පහකට විශ්වාස කරන්න එපා කියලා. ඌ දත් දොස්තර . දත ගලවන්න ඉස්සෙල්ලා කියන්නේ නිකන් කුඹී කනවා වගේ පොඩ්ඩක් රිදෙයි කියලා, අඬුවෙන් අදිනකොට කොට තමයි සුළු දිය පහ වෙන්නේ කියලා
ගුරුන්නාන්සේ අහන්නකො අංජනම් දේවි ගෙන්, ඔය තරුණ අරුණ කොමිටියෙන්වත් හොඳ වැඩපිළිවෙලක් හදලා දෙයිද කියලා
ඔං රීන්, ඕන් රීන්, අංජනම් දේවී වර වර ..
රාමටත් බැරි උනාලු, වෙන වැඩකට පෙරලුනාලු
අංජනම් දේවී වර වර
අංජනම් දේවී කියනවා, හීන හතක් මැද විමනක් සැදුවයි, සීත සඳුන් සුව එතුළ පිරුණයි කියලා ..
අනේ ගුරුන්නාන්සේ එහෙම වෙයිද ...? අනේ අහන්නකෝ අපේ පොළොන්නරුවේ දසමහ යෝධයා වත් වැඩේ අතට අරන් රට දැය සාමය ගොඩ ගනියි නේද කියලා
කට කට ...දෙවියෝ එක්ක විහිලු කරනවද ... අංජනම් දේවී කියනවා ..දෙවියෝ හිනා ගස්සලා, කෙල ඉස්පොල්ලේ ගිහින් කැස්ස ඇවිත් ...දේව කෝපයට ලක්වෙන්න එපා කියලා
***
දවසක් සුපර් මෑන් ගමනක් යනකොට රේල් පාරක් දිගේ, කඩල බදිනවලු.. බ්රේක් නැතිව කෝච්චියක් එනවලු හැටට හැටේ. මිනිස්සු ගෑනු බෙරිහන් දෙනවලු "අනේ බුදු සුපර් මෑන්, අපිව බේරාගන්නෝ " කියලා (ඔව් සිංහලෙන් තමයි) . කොච්චි ඩ්‍රයිවර් කෑගහනවලු, "මට මේක හරි ට්‍රැක් එකට දා ගන්න බැරිවුනා, දැන් වැරදි මාර්ගේ යනෝ අයියෝ " කියලා. සුපර් මෑන් ලන්කට් එක එහෙම පොඩ්ඩක් ඇජස්ට් කරගෙන කෝච්චිය ඉස්සරහට පැනලා. එක අතින් අල්ලලා කෝච්චිය නවත්තලා, ඇත දෙකෙන් උස්සලා, හරි ට්‍රැක් එකෙන් තිබ්බලු.
තව දවසක් ඔය පාරේම ගජමෑන් යනකොට . ඔය වගේම සිද්ධියක්ලු. කට්ටිය කිව්වලු ගජමෑන් ට මොනවා හරි කරන්න කියලා. ගජමෑන් ඉතින් හිමින් සැරේ කිව්වලු "අයිසේ මේ මට ඕවා කරන්න බෑ" කියලා.
ඔන්න ඒ සැරේ මිනිස්සු කියනවලු, සුපර් මෑන් නම් දවසක් මෙහෙම කළා. ඔයත් මෑන් කෙනෙක් නේද .. අරවද මෙව්වද කියලා.

එතකොට ගජයා කියනවලු. ඕනෙම නම් මම එහෙම කරනවා කියලා විහිළුවක් කරන්නම් කියලා
18 February 2018
ඇඩ් අස්සේ කතාව , කතාව අස්සේ ඇඩ්
මතකද ආයිබෝං, ඩයස් මහත්තයාගේ, නන්දිනී ගේ, දීප්තිගේ, සම්පතාගේ, සුදු සීයාගේ කතාව. දූ දරුවෝ. ටෙලි නාට්‍ය කලාවට, කර්මාන්තයට ස්ටෙරොයිඩ් එන්නත් කරන්න කලින්, පවුල් පිටින් රොද බැඳගෙන බලපු. මතකද නාට්‍යය මැදදී ගිය රක්ෂණ වෙළඳ දැන්වීම ?
කාලෙකට පස්සේ මම කොහේදෝ කියෙව්වා , නාට්‍යය හැදුවේම වෙළඳ දැන්වීම ප්‍රචාරය කරන්නමයි වගේ කතාවක් . ඒ වචන වලින්ම නොවුනත් . ඇත්තටම දැන් වුනත් බැලුවොත් ඒ වෙලඳ දැන්වීම කතාවේම කොටසක් වගේ .
එතකොට අර "අහිංසා ඔයා ..? " දැන්වීම . දැන් පසුව හිතනකොට හිතෙන්නේ නැද්ද නාට්‍යය හැදුවේ වෙළඳ දැන්වීමට මග පාදන්න කියලා . ඇයි අර බවර් ගේ පොහොර දැන්වීම් අස්සේ ගහපු මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යය
ඒත් මේ දවස් වල ක්‍රමය ටිකක් වෙනස්, ආයිබෝං .. සහෝදරයා නාට්‍යය මැද්දේ යන්නේ , සුපර් ක්‍රීම් ක්‍රැකර් ඇඩ් එකක් . ගැලපෙනවා නිකන් මස් කරියකුයි වැනිලා අයිස් ක්‍රීමුයි වගේ . හැබැයි අවුලක් නෑ අත්දැකීම නාට්‍යයෙන් පටන් අරන් , නාට්‍යයෙන් ඉවර වෙනවා . ඒත් ටෙලිය බලලා නැගිටිනකොට , හිතේ අස්සේ ක්‍රීම් කැකර් එකක් ගැන දොළක් පැලවෙලා . එහෙම නැත්නම් අර ඇඩ් එක දැක්ක ගමන නාට්‍යය අමතක වෙනවා
මේ දවස් වල තව නාට්‍යයක් රඟ දැක්වෙනවා . අලුත් ආණ්ඩුව .. ඒකේ එක එක කොටස් වලට වෙන වෙනම අනු ශීර්ෂ .
පොහොට්ටුව පිපේ .. වෙනස් වූ ජනමතය .. රතු එලිය .. තනි අලියා ආණ්ඩුව ... රනිල් ගෙදර පළ ... ඌ වෙනුවට කරූ .. නිදිමත අගමැති ... මේකේ ඉන්නේ ගේම් කාරයෙක් . ජෙහාන් ලා මොන ගේම් කාරයෝද ... ඒකේ ඉන්න ප්‍රධාන චරිතේ එකපාරටම කතාව නවත්වලා "තේ කක් බොමුද " කියලා අපෙන් අහනවා .
ඒ අස්සේ සැබෑ වෙනසක් කියලා ඇඩ් එකක් පෙන්නවා, විටෙන් විටේ . හීන්දෑරී තලත්තැනි මනුස්සයෙක් කොස් කොළ ඔටුන්නක් දා ගෙන ඇවිත්, ලී කඩුවක් වන වනා විරිදු වගයක් කියනවා .
ඒ අස්සේ එක පාරටම නවත්තපු අර සති ගානක් තිස්සේ පෙන්නපු ඇලාගේ කතාව මතක් වෙනවා .
සමහර වෙලාවට ඇඩ් එකයි කතාවයි වෙන්කරලා අඳුනගන්න අමාරුයි ආයිබෝං . කතාව ඇඩ් එකද , ඇඩ් එක කතාවද කියලා පැටලෙනවා . එහෙමත් නැත්නම්, ඔක්කොම ඇලාගේ ඉරණම කියන කතාව අස්සේ හෝ වෙන කතාවක් අස්සේ පෙන්නන , ඇඩ් ද මන්දා කියලා හිතෙනවා .
ඇඩ් බලලම අපිට කතාව අමතක වෙලාද මන්දා ආයිබෝං
04 February 2018
නිදහස් දින සිතුවිලි
අප්පච්චිගේ ආයුධ පෙට්ටිය
අපේ අප්පච්චි සතු වටිනාම වස්තුවක් වුනේ ඔහුගේ ආයුධ පෙට්ටිය . ඒක මේ දැන් තියෙනවා වගේ ලොකු මිළට , ගොඩම එකට මිලදී ගත්ත එකක් නෙමෙයි . තමන් මිලදී ගත්ත ඒවා , අනුන්ගෙන් ණයට අරන් ගල් කරපුවා , මෙන්ම යාළුවො නිකන් දුන්න ඒවාත් ඉතා පිළිවෙලට ලී පෙට්ටියක අසුරලා තිබුනා . මාස කිහිපයකට සැරයක් ඔය පෙට්ටියම එලියට ඇදගෙන ,භුමි තෙල් ගාලා මළකඩ පිහිදාලා , පෝර උර දෙකක අවුවේ වනනවා භූමිතෙල් ගඳ යන්න වේලෙන්න . එදාට නිකන් අපේ මිදුලේ ආයුධ සේල් එකක් වගේ . ඒක දිහා බලාගෙන අප්පච්චි දුම්වැටියක් දල්වා ගෙන බලාන ඉන්නවා හීන් හිනාවකුත් එක්ක .
මම මුලින් මුලින් හිතුවේ මේ ආයුධ ඩිස්ප්ලේ එකක අහල පහල එවුන්ට පේන්නයි කරන්නේ කියලා . ඒ නිසා මට ඒක එක්තරා තරමකට විහිළුවක් වුනා . පස්සේ මට තේරෙන්න ගත්තා , ඒක එහෙම නෙමෙයි කියලා . අහල පහල එවුන්ට අපේ අප්පච්චි ගේ දුප්පත් ආයුධ පෙට්ටියේ තියෙන මොට්ට වෙච්ච ඉස්කුරුප්පු නියන වලින්වත් , මිට කැඩිච්ච මේසන් හැන්දෙන්වත් වැඩක් නෑ . එකේ ආතල් එක තියෙන්නේ අප්පච්චිටමයි . තමන්ගේ දුප්පත් ආයුධ පෙට්ටිය දිහා බල බල , ඔහු මාර ස්වයං මෙව්වා එකක් ගත්තා .
නිදහස් දින (මගේ අදහස නම් දැන්වත් මෙය ජාතික දිනයක් බවට පරිවර්තනය විය යුතුයි කියන එකයි ) සැමරුමුත් මේ වගේ . මුළු ලෝකෙටම පේන්න කියලා හිතාන අපි පෙළපාලියක් යනවා . ඒත් අපේ යුධ ශක්තිය , දියුණුව බලා ගන්න උන්ට වෙන ක්‍රම තියෙනවා ( කැස්සක් CIA , කැස්සක් රෝ ...). මේකෙන් ආතල් එකක් , දේශාභිමානයක් ගන්නේ අපිමයි . එකේ වරදක් නෑ . මොකද රාජ්‍ය කියන සංකල්පය ඇතුලේ ගෝත්‍රවාදය තියෙන නිසා . ගෝත්‍රවාදය පවත්වා ගෙන යාමට පක්ෂපාතිත්වය වැදගත් , ඒ සඳහා මනුස්ස සන්තානයේ තියෙන පරණම හැඟීම් අවුස්සා ගන්නම වෙනවා .
ඒත් ඇත්තටම අපි සමරන්නේ , අතීතය විතරයි . වර්තමානයේ සමරන්න එකතු කරන්න වෙලා තියෙන්නේ , හරි එකතු වෙන්නේ හරි විහිලු විතරයි . අනාගතය හීනයක් . අපි හිතන් ඉන්නේ දියුණුව කියන්නේ ඉන්ටසිටි බස් එකක් කියලා කොළඹින් නැගලා සීට් එකේ ගුලිවෙලා නිදා ගත්තම , ඉබේම නුවරට යයි . ඩ්‍රයිවර් ගෙනියයි . ගියාම කොන්දා ඇහැරවයි කියලා . අතීත ශ්‍රී විභූතිය කොට්ටෙට තියාගෙන අපි නිදා ගන්නවා . ඒත් ඇත්තටම ඒක බයිසිකලේ නුවර යනවා වගේ . බැලන්ස් එක තියාන , නොනවත්වා පාගන්න ඕනේ . පාගන එක නැවත්තුවොත් මග. බැලන්ස් එක නැතිවුනොත් වැටිලා අතපය කැඩෙනවා .
ලැප්ටොප් වන්නම
ලැප්ටොප් වන්නම ඇවිලිලා නිවිලා ගියා . මේකේ අදහස තිබුනේ වත්මන අප රට ලබා ඇති තාක්ෂණික දියුණුව පිළිබිඹු කිරීමයි කියලා කවුදෝ කියලා තිබ්බ . අධ්‍යාපන විද්‍යාතනයකින් නව නිර්මාණාත්මක අංගයක් ලෙස මෙය නිර්මාණය කර ඇත . ඔව් මේක දකින කොට අවුල් තමා . සත්‍යයට මුහුණ දෙමු . අපේ ආකල්ප දැනට තියෙන්නේ මෙතැන තමා . ලැප්ටොප් ටෙලස්කෝප් බස්සන්න හදන්නෙත් කුළුගෙඩි නැටුමට තමා . නුදුරේදීම , ඉවතලන චීන මිසයිලයක් ඔසවාගෙන නටනටා ගියත් පුදුම විය යුතු නැත . අපි හිතන්නේ දියුණුව කියන්නේ පොෂ් වීමයි කියාය . වන්නම අත හැර , කුලුනැටුම ඉරාජ්ගේ පොප් සංගීතයට කිරීමයි කියාය . නමුත් හිතන්න , මේ නැටුම මේඩ් ඉන් ශ්‍රී ලංකා රොබෝවෙක් කළ ගජගා වන්නමක් වුවා නම් තත්වය කෙතරම් වෙනස් ද
හැත්තෑව තිහට මාරු වීම
මගේ යාලුවෙක් උන්නා . ඌ අමද්‍යපයා . බයිට් මරුවා . අනිත් එවුන් ෂොට් එකක් ඉල්ලනකොට ඌ ඉල්ලන්නේ සෝඩා ෂොට් එකක් . ඩබල් ෂොට් එකක් ඉල්ලනකොට ඌ ඉල්ලන්නේ සෝඩා ඩබල් ෂොට් එකක් . ඇතැම් වෙලාවට වේටර් ඩබල් ෂොට් එක බිලට දාලා , තනි ෂොට් එකක් වීදුරුවට දාලා ගෙනාපු වෙලාවට , ඔක්කොටම අවුල් වුනාට මූට අවුලක් නෑ .
නිදහස උනත් එහෙමයි , සැර නැති සෝඩා නම් අඩු වැඩි වුනාට එච්චර අවුලක් නෑ .
රටේ ප්‍රධාන පුරවැසියාගේ ජාතික දින කතාව හරියට ලියා ගන්න බැරි රාජ්‍ය සේවයක් ? කිසිම හැඟීමක් නැතිව ඒක ඔහේ කියවා ගෙන යන, වරදක් වූ බවක් නොදැනෙන ජනාධිපති කෙනෙක් . පුද්ගලයා නොව , ක්‍රමය වෙනස් විය යුතුමය .
අනෙක් අතට ක්‍රමය වෙනස් වෙන්නේ , හැම පුද්ගලයාම වෙනස් වීම තුලින්ය

01 February 2018
නෙලුම් කුලුන උඩ සිට (අනාගතයේ ලියවෙන කවක් )
පෙර ලිවීම
අනාගතයේ යම් දිනෙක , ටිකට් එකක් අරන් , නෙලුම් කුලුන උඩටම යන්න අපිට පුළුවන් වේවි . උඩට ගිහින් ගිණි ගානට බියර් එකක් අරන් , බිලේ පින්තුරයක් සමාජ ජාලා වල දාන්නත් පුළුවන් වේවි . උඩට වෙලා , කළුවර වෙනකල් ඉර බහිනවා බලන්නත් පුළුවන් වේවි . රෑට පාරවල් දිගේ වාහන ලයිට් පේලි පේලි හිමින් හිමින් ඇදෙනවත් පෙනේවි . ඒත් මේ සංවර්ධනේ කියන්නෙම ගේමක් . කොටින්ම zero sum ගේමක් .එකෙකුගේ කොටහ වැඩි වෙන්න තවකෙක්ගේ කොටහ අඩුවෙන්නම ඕනේ . පංති අතර වුනත් , රටවල් අතර උනත් .
ඉතින් ඉර බහිනකම් වට පිට බැලුවහම පේන්නේ දුප්පත් කම නම් , ඒ සංවර්ධනේද කියලා හිතෙනවා මට නම් .
සංවර්ධන ලොතරැයිය ... ඇත්තටම !!. මතකනේ සේල්ස් පිච් එක , විකුණන විදිය ..."අද අදිනවා , හෙට අදිනවා ,, සංවර්ධන වාසනාව " ..!!
හප්පා
මෙහෙම කුළුණක්
කවුරු තිබ්බත් මුල් ගල්
කවුරු විවෘත කෙරුවත්
හප්පා
මෙහෙම හුළඟක්
ටිකට් එකට ගෙවූ
දෙසිය පනහට
හිලව්වට
සනීපෙට
ඇඟ ගෑවී නොගෑවී
ටිල්වින්
සහෝ
ඇහුවට
එල්ලෙන්නද කියා
නැතිවම නෙමෙයි
මේකෙත් ගතියක්
බ්‍රෝ
වළා සිඹිනට
කුළුණක්
හයිවේ
අධික වේගෙට
නැතිව කොහොමැයි
මචං
කරනු
සංවර්ධනයක්
උඩට නැග්ගම පෙනේ
මුළු කොළඹම නෙමේ
යාල්පානටමත් එහා
අම්මපා
මිනිස්සු නම් පේන නොපෙනෙන
කුරා කුඹීන් එහෙ මෙහෙ යන ගානයි
හීන් දුම් රොටු කෙඳිරි
උඳුගොව්වෝ කෑ
විල්පත්තුවෙන් නැගී
ගැබ්බර වළා හිත
ගැඹුරු සුස්මක්ව සැඟවී
නිල්පාට කොලපාට
ෆ්ලොරසන්ට් එළි
කණාමැදිරි සැණකෙළි
අඳුරේ දිළි දිළි
පැල්පත් මුඩුක්කු
හිඟන
දම්පාටට තෙමා
සිතිජයට එහායින්
අදත්
බැස යනවා
ඉර

28 January 2018
බුරුවා හිස මත තබාගෙන ගිය මිනිසා , වෙලට අයිතිවාසිකම් කී පඹ රාල සහ අනෙක් සතියේ පුවත්
පප්ප පප්ප පා ,
පප්ප පප්ප පා ,
පප්ප පප්ප, පප්ප පප්ප, පප්ප පප්ප පා....
ටීක් ටීක් ටීක් ...
මෙන්න සතියේ පුවත් . ප්‍රකාශය අංක සමරජිත්
තම පුතා සමග බුරුවෙක් දක්කාගෙන , නගර මධ්‍යයේ කලහකාරී ලෙස හැසිරුණ මැදිවියේ පුද්ගලයෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . විටෙක බුරුවා දක්කාගෙනද , විටෙක බුරුවා කර උඩ තබා ගෙන ගමන් කරමින්ද , විටෙක බුරුවා පිට උඩ ගමන් කරමින්ද, විටෙක දරුවා බුරුවා පිට හින්දවා වහසි බස් දොඩමින්ද මොහු ගමන් කළ බව දුටුවන් කියති .
(රූපරාමු )
මිනිසුන් වටවී සිටිති . අයෙක් එ මැද නුර්තී ගීයක් මුමුනමින් කඩු සටන් රඟති .
එක්විටෙම නැවතී කඩුව කැමරාව දෙසට එල්ල කරයි
" එම්බා අකමැතිය ගනු සටන හිටං එනු කඩුවට හිටං .. මෙන්න චැලේන්ජ් එක ..."
යනුවෙන් යමෙකුට අභියෝග කරයි
(නැවතත් මැදිරියට )
මොහුව පෙබරවාරි අටවනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කර ඇත .
*
කුඹුරේ ආරක්ෂාවට යයි සිතා හිටවූ පඹයෙකු , මුළු වෙල්යායටම අයිතිවාසිකම් කීමේ සිද්ධියක් පසුගියදා අලිගමෙන් වාර්තාවිය .
(රූපරාමු )
අලිගම වැසියන් තමන් දෙසට එල්ලවූ මයික්‍රපෝන වෙත තම අදහස් ප්‍රකාශ කරති .
" අපි ඉඳලා ඉඳලා කලකට පස්සේ වෙලකට බැස්සේ ආයුබෝවන් . කුඹුරේ ආරක්ෂාවට තමයි මේ පඹ රාලව හිටෙව්වේ ආයුබෝවන් . මෙන්න කරළ
පැහීගෙන එනකොටම මූ කුඹුරට අයිතිවාසිකම් කියාගෙන එනවා ."
කැමරාව සුදු ඇඳුමකින් සැරසුණු අයෙක් දෙසට යොමුවෙයි
"මේ සුදු ඇඳුම අන්දලා මාව වෙල මැද හිටෙව්වේ මේ කට්ටිය තමයි . අසරණ කමට පඹයෙක් ගානට හිටියට මමත් ගමරාල කෙනෙක් . ඊට පස්සේ , ගිරව් ඇවිත් වැහුවේ මගේ ඔලුවේ, ගොයම් මැස්සෝ කීඩෑවෝ පුරුක් පණුවෝ ඔක්කොම රිංගුවේ මගේ කන් අස්සේ , රෑට නරි හූ කිව්වේ මට . හැබැයි මහ දවල්ටත් නරි හූ කිව්වා . මඩ ගා ගෙන , මඩ නාගෙන හිටපු ගොයියෝ , මට කියනවා ඒ හූ කිව්වෙත් මටලු . ඒ වුනාට සුදු ඇඳුම ඇඳලා මම ඉඳිද්දී උන් හිටියේ අමුඩ කෙටියෙන් ... කොටින්ම මම හිතන්නේ ඉතින් මම තමයි මේ කුඹුරේ නියම හිමිකරු . අනෙක ඔය ගොවිකම එච්චර ලොකු කජ්ජක් නෙවෙයි . මම මෙච්චර දවසක් බලාගෙන හිටියනේ. කොහොමත් වැඩේ වැඩිහරිය කරන්නේ අත් ට්‍රැක්ටරෙනේ. තියෙන්නේ එක ස්ටාර්ට් කොරන් එකයි, පස්සෙන් යන එකයිනේ . විටින් විටෙ ඔය බෙහෙත් ටිකක් එහෙට මෙහෙට ඉහින එකයි නේ "
අලිගම වැසියන් කියා සිටියේ , එව්වට ආවොත් තමන් ඇන්දවූ සරම ගලවාගෙන යන බවය .
*
දැන් කෙටි විරාමයක්
*
(වෙළඳ දැන්වීම් )
කෝපයෙන් ඇඟ වෙවුලනවාද , ලජ්ජාවෙන් මුණ රතුවෙනවද , කළ මෝඩකම් නිසා බඩ බුරුල් වෙලාද
සීනුව ලකුණ අරිෂ්ට ..දැන් අලුත් දවටනයෙන් ,
බීලා බලමුද ?
*
පොප් පොප් ,පොප් පොප් ,
පොප් පොප් ,පොප් පොප් ,
පොප් පොප් ,පොප් පොප් ,
පොප් පොප් ,
පොප් ,
පොහොට්ටුව ලකුණ පොප්කෝන්
බලන් ඉන්න සෙට් වෙන්න
අහුරක් අතට ගන්න
ඔහේ හපන්න

Subscribe to:
Posts (Atom)