01 November 2018

ලංකාදාසගේ මෙව්වා එක

ලංකාදාස වැඩ කරේ සුද්දෙක් ගාව.. 

සුද්දා ආපහු ගමේ යන කොට ගෙදර බඩු එක එක අයට බෙදලා දුන්නා . ගෙදර තිබ්බ  රූප පෙට්ටිය හෙවත් ටී වී එක දුන්නේ ලංකාදාසට . 

ලංකා දාසත් චන්ඩියා වගේ මෙව්වා එක  කරේ තියාගෙන ගමේ  අරන් ගියා . සාලේ ඉස්සරහම පේන්න තිබ්බා . හාමිනේ  ඇවිත් ආසාවෙන් අත ගෑවා . ගමේම උන් ආවා මෙව්වා එක  එක බලල යන්නම . හැබැයි ගමේ ගෙදරට විදුලිය නෑ . සිග්නල් අහුවෙන්නෙත් නෑ .  "නිකන් හම්බුවෙච්ච එකනේ , ඔන්න ඔහේ පරෙස්සමට තිබිච්චාවේ , කවදා හරි ගම දියුණු වෙයි , එදාට පාවිච්චි කරනවා ".. ලංකාදාස  හිතුවේ එහෙම 

ටික කාලෙකට පස්සේ ලංකාදාස ගේ හාමිනේ මෙව්වා එක  වැහෙන්න ලස්සනට මල් මල් කවර එකක් මහලා දූවිලි  නොවැදෙන්න  , උඩින් මල් පෝච්චියක් තිබ්බා පාලුවට . 

පහු පහු වෙනකොට , මෙව්වා එක  උඩ , පොඩි එකාගේ සෙල්ලම් බඩු , ගෙදර යතුරු කැරලි , උදේ පත්තර වගේ නා නා ප්‍රකාර දේවල් තියන්න පාවිච්චි කරන්න ගත්තා . 

පිටි පස්සේ කවරේ ඇන ටික ගලවලා , ලංකාදාස පඩි දවසට ගන්න කාල බෝතලේ ආරක්ෂා සහගතව තියා ගන්න පාවිච්චි කළා . පොඩ්ඩක් අනුමත වෙන කොට බයිට් එකට ගන්න උම්බලකඩ කෑල්ල තිබ්බෙත් මෙව්වා එක උඩ .

මුලින් බදාගෙන බාරගත්ත ලංකා දාසගේ හාමිනේ ,  පහු පහු වෙනකොට ආඬි පාලි කියන්න ගත්තේ " මහා ලොකුවට සුද්දා විසිකරලා ගිය හුචක්කුව උස්සාගෙන ආවා " කියලා .



ප්‍රජාතන්ත්‍රවාදයත් ....

8 comments:

  1. ලංකාදාසලට විදුලිය නැති එක තමයි ප්‍රශ්නෙ, විදුලිය තිබුනනං මෙහෙම වෙන්නෙ නැහැ.යංතං ඔලුව උස්සගෙන ඉන්නෙ සුද්ද හින්ද තමයි නැත්තං බත් මුකේ පාද ගන්නත් මහරජ තුමාගෙන් අවසර ගන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. සුද්දත් මාර පොර , ඌ මෙව්වා එක දීලා ගියාට විදුලිය ඕනේ කියලා ගිහින් නෑ

      Delete
  2. දැන් වෙලා තියෙන්නේ ලයිට් ආවට පස්සේ ගෙදර පොඩි උන් ආසාවට TV එකේ ප්ලග් එක ගහලා, එකේ ඇතුලේ ෂෝට් වෙලා වෙච්ච වින්නැහිය, ඇතුලේ තියන අරක්කු කාලට පත්තු වෙයිද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි . හරි වොටේජ් එක ඇම්පියර් ගාන ආපුවහම අරක්කු ඇවිලෙන්න ගන්නවා , ඊට පස්සේ ගේම ගිනි ගන්නවා

      Delete
  3. අමු උම්බලකඩ වලට වඩා රොස්ට් වෙච්ච එව්වා ටෙස්ට්.

    ReplyDelete
  4. මෙච්ච එක මෙච්ච කරන්න දන්නව ලංකා දාසලෙ ලමයි. ඒත් ලංකාදාස ඒක කාල.දාල..

    ReplyDelete

Have commented