Showing posts with label Poems. Show all posts
Showing posts with label Poems. Show all posts

06 March 2020

Whales



I feel the tremble
beneath my feet
pulling their hulk
as they gently swim
I hear their breathing
through the hollow of their being
I feel the spray of their sighs
erupting out of the water
on my face
I feel their presence
The whales
That are my memories

20 October 2019

Promises// පොරොන්දු


The day 
She remembers  well
 he said 
“Will love you forever
And a day”
But Some vows 
Start fading
As soon as they are made
All that remains 
Faint Twine of hope
Flickering  memory of 

Half a life time away
Disrobing her , his gaze 
To shriek or flee
She could not resolve
“Resist and I’ll stab
Eighteen no less”
Alas some promises are kept
A naked body lies lifeless
In a puddle of red 
 ***

“ආදරෙයි අනන්තයට “
මතකයක් පමණි අද 
එකින් එක බිඳෙන රැහැන් 
බලාපොරොත්තු 
කඩවෙන්න ම උරුම 
සමහර පොරොන්දු 
හුස්මක පාවෙලා යන 
දිවුරුම්, 
ඉතිරි කර සුසුම් 

වෙනත් භවයක් 
වියරු නෙත් යුගලක් 
ඇඳි වත බලෙන් ලිහන 
බැල්මක් 
වක් පිහියක්

“කොටනවා අම්මපා  
කට වහන්  ඇල වෙයන් “
සමහර පොරොන්දු 
අකුරටම ඉටුවෙන 
ඈ  නග්න සිරුරත 
නිසලව ලේ විලක් මැද  


19 September 2019

ඊයේ රෑ වැස්සා

ඊයේ රෑ වැස්සා
ගිගුම් දී
පිහි තුඩු, වැහි බිඳු
කිඳා බැස්සා පපු කැවුත්තට
කඳුලු ධාරා
හැඟුම් බොර කර ගලා
අමතක මතක බොරලු කැට
පෑදී ගලන වේගෙට
පොලොවත් නොසිට නොහිඬව
ඉකි බිඳි රෑ පිරෙන්නට

ඊයේ රෑ වැස්සා අනෝරා
අද උදේ ඒ වගක් වත් නෑහේ
අරැනැල්ලකුත් පායලා හීනියට

ඒ හැටිය අහසේ

07 September 2019

Brown Eyes// ඒ බළල් ඇස්


Brown eyes 
where smiles bloomed
in the summer-tide
and ran roots 
inmost down reach
in to the wellsprings
of pains
Tender gasps
move sombre clouds 
to bring down long
to wash away 
frond litter 
of many seasons

Fingertip strolls 
drawn steps long
lingering in autumn’s breath
on bare skin 
still damp
Between blinks 
Day 
Night
and  the breath stops 


***
ඒ බළල් ඇස් 
ගිම්හානයක හිනා මල් පීදුන 
මුල් 
හීතල පොලවට කිඳා බැස 
දුක් 
උල්පත් වලටම ඇදුන 
කෙටි සුසුම් 
අඩු පීඩන කලාප 
අහස කුස් පුරවා 
වැහි වළා ඇදී 
සෘතු ගණන් 
මග දෙපස ගොඩ ගැහුණු පත් 
සේදී යන්නට 
අනෝරා වැහි වැටුණු 
හෙමි හෙමි හිට 
ඇඟිලි තුඩු 
සක්මන්  
නග්න සම මත 
තාමත් තෙත 
ඇසි පිය නැගෙන වාරෙට 
හිරු සඳු නැගේ අහසට 
නවතී ඇදී  හුස්ම 
මදකට 

06 December 2018

Concorde dreams

Well 
Concorde was a dream 
interrupted 
beyond the speed of sound is 
silence 
is a place 
where the feelings run ahead 
and wait for the words to join
…..sometimes forever 

A dream’s suspended 
For good reasons 

A vessel I will build
of aluminum and titanium 
the hull
space grade no less
To travel the uncharted
Beyond the realm of reality 
To explore space in between 
not that  of white dwarves 
or red giants
but the gap between tears and sorrow 
meteorite belt of thoughts and ideas 
Black holes of dreams 

them nooks of the universe 
have to be ventured
For you've got only 
the whole samsara to do so

Yet it takes light eons 
to travel some distances 
.. say , between a gaze and a sigh 

May be 

Untravelled 

15 July 2018

ඊයේ දැක්ක පෝස්ටරේ


තාප්පයකි
පොලීසියකි
වම්  කොණ ගැලවුණු
පෝස්ටරයකි

ජනපතියෙකි
අහඹු
හිනාවකි
පුරුදු
ආරාධනාවකි
හොම්බට අනිනු
වීර වාක්‍ය සිරස්තලයකි
ප්‍රොපගැන් ඩා ගඳ කි
පිළුණු

බැල්ලියකි
මුත්‍රා පාරකි
කොන්ක්‍රීට්
පේමන්ටුව
දිගේ ගලනා
ගඟකි

හොරා
පොලිස්
නැත
බල්ලන්ට
කම්

19 December 2017

මා හා ඔබ

මා
කියා
පටන් ගත්
ඔබ කියා
නිමා කළ
ඔබ
කියා පටන් ගෙන
මා කියා නිමා කළ
වචන අද්ද අද්දා ලියු
හැම කවක් අතරමැද
අපි  කථා කර ඇත්තේ
විසංයුත
ලොවක්  ගැන

Every poem
that started with I
and ended with you
or with You and I
in the middle of staggering
wordsteps.
Sentences.
have ended up
writing about
everything but
us

***


02 September 2017

වාසනා අනාත නිවාසයේ පාටියක්

තුනට විතර හැන්දෑවේ 
විලවුන් සේල මග හලන් 
සිලි සිලි මලුවලට 
මසවුළු පුරවන් 
මිසීලා ඇවිදින් 
කලින්ම නිවාසේ බුක්කරන් 


නෙක පාට බැලුම් බෝල 
පිරෙන්නම පුම්බන් 
..හුලං 
රාමුව පිරෙන්නම 
විරිත්තන් 
නිවහනේ පොඩි එවුන් 
මිසීලව වට කරන් 
ගහත් සෙල්පි 
නැතිව නිතොරක් 

නොසෙල්ලී ,  ඇදී හුස්ම  අල්ලං 
වත පුරා සිනා රැළි ගල් වෙං 
පොඩි උන්ට මේවා  පුරුදුයි දැන්

වල් නෙලපු 
කාස්ටක අව්වේ
තරඟයක් 
ඉස්ස‍රහ මිදුලේ 
බැට් කරත් 
බෝයි ප්රෙන්ඩ් මහතැන් 
පොඩි එවුන් පිට්ටනියේ 
ෆීල්ඩින් 

පොඩි උන්ට  මේවා පුරුදුයි දැන්

බේත් ඩේ කේක් එක 
කපන්නට පළමු කොට 
සෙල්ලමක් , 
සිංදුවක් , 
නැටුමකට
වටවෙන්න

රැයක සඳත් නොනැගුණු  
කඳුළු අඳුරේ දිලුනු 
සුමනේ මාමා මුණ ඉඹලා 
බඩට ළමයෙක් දීපු 
..රේණු 
(ඊයේ පහළොව ලබාපු )

අඳිනවා මනාලිට 
ඉස්ටේපල් කටු මැහුම
පරණ පත්තර ගවුම 
දික් කරන් තොල්
ගාන්න ලිප්ස්ටික්

14 May 2017

The old Ballerina's home remedy, අපේ අම්මාගේ මුදූ වැලි සාත්තුව සහ තවත් දහසක් කතා


Despite
the rationale queries
well intent; yet
the scepticism 
hackles 
yet 
the maternal pride 
makes up for it 

her son
a grown man now
..almost

And the doctor's
thirty six seconds’  of 
(she'd learnt to count
one missipi two)
wisdom,
the last of the colloquy 
conventional
but expensive

Hoary ballerina 
with  crooked toes
take the long lurch  
to the shore
for a handful of sand
surf's forgotten
yet
 still tear soaked

First 
heat up the sand 
over a slow flame
pack 
small parcels
of 
memories
(amnesia flickers first )
enfold in frayed silk 
whiffing of moth balls
to  massage her
inflamed joints


..It helps


***



වටකුරු තර්ක
යථාවාදී මුත්
පීඩාකාරීය
කල් ඉකුත් වත්
(පොඩි පුතා , යමක් දත්
මහා මිනිහෙක් නේ දැන් )

චැනල් කඩේ දොස්තර
ලියු තුණ්ඩුවේ
පිටින් ගන්න පෙති ජාතිම තුනක්
(හරියටම විනාඩි දෙකයි බැලුවේ
එක ලෙඩෙක් )

පා අද්ද අද්දා
ඕ  ගාටන්නී
ගන්නට මිටක් වැලි
කදුළු මිරිකා
රළටත් අමතක වූ
වෙරළ  කොනකට

තැටියේ රත්කර
මද ගින්නේ
බැඳ මතක පොට්ටනි
පොඩියට
තවන්නට
හන්දි පත්
දිවියේ බරටම
ඉදිමුණු

(පුංචි වගේ ගුණයක්
තියෙනවා )


පලි
සමහර නිර්මාණ වල , නිමිත්ත,  කතාව තරමටම රසවත්. නිර්මාණය අතින් අත යද්දී, පවතිද්දී, නිමිති කතාව කාලයට දියවෙලා යනවා.

අපේ අම්මා, කාලයක ඉඳන් දණහිසක වේදනාවකින් පෙළෙනවා.  දේශීය බටහිර දෙවෙදකමම මාරුවෙන් මාරුවට වගේ කරනවා. වෛද්‍ය නිගමනය ආතරයිටිස්වල මුල් ලක්ෂණ . ගිලින්න පෙති ගොඩක්, කල් ගතවෙන ප්‍රතිකර්ම .
මාසිකව දොස්ත්ර හමුවීම දැන් චාරිත්‍රයක් වගේ වෙලා .. ඒ ඔක්කොම මැද  ජීවිතේ  ගොඩක් දේ වගේම මේ වේදනාවත් ඈ  උහුලා ගෙන ඉන්නවා.

දවසක් ඈ  සමග කතා කරද්දී, තෙසක් රියක රියදුරෙක් ඇයට රියදුරෙක් ඈට  කියූ ගොඩ වෙදකමක් ගැන මට කියනවා.

"...පරණ වෙද පුස්කොල පොතක තිබිලා වෙද  මහත්තයෙක් කිව්වේ .. මුහුදේ වැලි,  තැටියක රත් කරලා, පොට්ටනි බැඳලා, ඉර අවරට ගියාට පස්සේ  තවන්න නෝනා. මාස තුනෙන් හොඳ වෙනවා. මෙන්න මගේ පෝන්  නොම්බරේ, නෝනට හොඳ උනාම මට කෝල් එකක් දීලා කියන්න ."

ඔහුම රිය පාරේ අයිනේ නවත්තලා ගිහින් වැලි ටිකක් සිලි මල්ලකට ගෙනත් දෙනවා. (අපි හරි වෙනස් !!)

" මම ආමි එකේ හිටියේ නෝනා, ජොනි බට්ටෙක් පෑගුනා " දණෙන්  පහල කෘතීම පාදය පෙන්නලා ඔහු කියනවා

මගේ යථාවාදී විද්‍යාත්මක තර්ක ඈ  නිසොල්මනේ  අහගෙන ඉන්නවා.  දුරකතනයෙන් එහා පැත්තේ, ඈ , මුවඟට නැගෙන (ආඩම්බරය මුසු ) හිනාවක් පහළට  අකුලා ගන්නවා, මට මැවිලා පෙනෙනවා

එදාත් හවසට ගෑස් ලිප උඩ , රොටි තැටියේ, මුහුදු වැලි රත්වෙනවා.

පපලි: මෙහි මාතෘකාවේ දහසක් කතා කියා ලියුවේ ඇයි කියා ඔබට තේරෙනු ඇතැයි  සිතමි

30 November 2016

ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා )


පෙර කියවීම :මෙය ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ලක් සහ මේසයක් මත ලතැවෙන දොඩම් ගෙඩි දෙකක් පිලිබඳ කතාවකි 

ට්ක්රාස් ගා ගෙන 
වීල් එක ඉගිලුනේ  දුම් දා ගෙන 


මුඩුක්කු අයිනෙන් 
ගලයිද මොන ගංගා 
කුණු ඇලක් මිස 
ගොර ගොර ගා 
මොන සාරි ගප්පිද 
ඉස්ගෙඩි මිස 
කකුල් එනකං ලතැවෙන 

දොර පියන ඇරෙන්නේ 
ක්රීස් ගාගෙන 
ඇතුළට 
වොට් හතළිහේ බලුබ් එකක් 
විරිතන්නේ
එල්ලී වයර් එකක  
කළුවරට 
ලෑම්ප් ශේඩ් මොකටෑ 
මේ වගේ තැන් වලට 

ඇඳි  සළු උනන්නේ 
ඈ 
පිටිපස්ස හැරිලා 
හරියට 
ලැජ්ජාව රකින්නැහේ 
ඩිංගිත්තකට 

ආපු එකා 
සිලි මල්ල තියන්නේ 
ඇඳ ලඟම 
කරල් දෙකෙයි මුරුංගා 
තක්කාලි ගෙඩියෙයි 
වැටකොළු දෙසිය පනහෙයි 
වැඩි පරිස්සමට 

මේසේ  උඩ 
දිලිසෙන්නේ 
දොඩම් ගෙඩි දෙකක් 
 ගෙඩියක් 
පැපොල්
බලෙන් වගේ  ඉදවුණු 
අත ගාන්නේ ආසාවට 
පොඩි එකීත් 
කන්න ආසයි 
දොඩම් නම් 

"තැලෙයි .. පරිස්සමෙන් "  
ගත්තේ  
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට 
 යන්න නම් උදේ 
ලෙඩ්ඩු  බලන වෙලාවට 
අල්ලන්න ඕනේ 
පහමාරේ බස් එක 

ඉක්මන් කරමු ද 
ඉතින් 

02 October 2016

අහිංසකි , දුක නම්

අහිංසකී  , දුක නම් 
සුළං පොදක් සේ 
ඔහේ හමා විත් 
ඇඟේ  වැදී , වැදී 
කෙහෙරැළි  අවුළා 
ඇස් කෙවෙනි යාන්තමට 
පොඟවා 
සුසුම් මිට මොලවන් 
යන්නී 
ඔහේ 

ඒත්  
සතුට නම් , මායාකාරී 
අකල් හෙණක් සේ 
කන් අගුල් 
සියොළඟ හිරි 
වට්ටා 
උන්හිටි තැන් ද 
අමතක කරන්නී 
ඈ 

30 August 2016

Mrs Shodienger and her cat // ශොඩින්ගර් මහත්මිය සහ ඇගේ බැළලිය

Mrs Shodinger 
sat 
with her cat 
on her lap 
purring 
sleeping 
pretending

watching a man 
watching a box 

He is
listening through the edges 
of right angles 
coming up with
quontam explainaitions
to dimensional problems 

Dinner's getting cold
She's getting too
old 
for this 

And then the cat
had to 

meow


***

ශොඩින්ගර් මහත්මිය 
සිටියාය හිඳ 
ඈ උකුලේ 
බැළලිය 
පුරු පුරු ගාමින් 
නිදි 
හොරට 

ඔහු 
සොයයි 
ක්වන්ටම් හේතුවක් 
ත්‍රිමාණ ප්‍රශ්නයකට 
සෘජු කෝණි 
බිත්ති වලට 
කණ තියා 

රෑ කෑම 
හීතල වේය

ඈ තාම 
ලත වේය 

ඔහු 
වෙනදා වාගේම 

එතැන 


බැළලිය 
ඥාව් ගෑවාය 

07 December 2015

උන්න හැටියට මලා මදැයි

නිහඬ අඳෝනාවේ , 
තුනී පට ඉරා 
වැස්සා , 
මුරුගසන් ගල් වරුසා 
ගිය සිකුරාදා 

උඹේ සුසුමේ වේදනාව 
සප්ත සයුර පසුකර විත් 
හීරුවා 
පපු කැනත්තත් 
ගැඹුරට 

ඒත් 
තුවාල වේලෙනවා 
කැළැල් තිබුනත් 
මූණු අමතක වෙනවා 


උපන්දා සිට විඳි  දුක් 
නිමා කරන නියා 
කබලෙන් ලිපට පැන්න 
නමක් නැත්ති 
නුඹ 
සැතපෙන් සමාදානෙන් 
දැන් 
උන්න හැටියට 
මලා මදැයි 
සිතා 

17 October 2015

කලින් ගෙදර යාම // Coming home unannounced

හිටපු ගමන් මම එනවා 
හතරයි හතලිස්පහේ 
රතු ඉරට හොරෙන් 

යතුරු හිලට ඇහැ තියා 
බලන නුඹ 
දෙඇස් පොඩි 
විස්මිතව 
පිපෙනවා 
බලන්නට 

දොර ඇරෙන පමාවට 
රළ  නගන 
හද ගැස්ම 
අහන්නට 

අත් පොඩි ගෙලවටා 
වෙලෙන 
උණුහුම් සුවය 
විඳින්නට 

හිටපු ගමන් මම ගෙදර එනවා 
නොකියාම 
කලින් 

දිනෙක 
උඹත් අවුත් 
නොකියාම 
පුදුම කරාවී  
මා 

***

I disrupt order 
now and then
and come home early

To see your eyes sparkle 
as you look through 
the peep hole

To hear your gasp 
on the other side 
of the door

To see feel
your embrace 
warmth

Someday 
you will 
surprise me too

when you come 
unannounced 

02 October 2015

කව් පොකුණ // Collecting Poems




මුලින්ම මේ වීඩියෝව බලන්න 



Deep in a forest 
Any forest , be it

Congo or
Amazon herself
draped in her sister’s cloak
the monsoon veil
 the soaring tree tops
where old bird songs
and  Un sound cries of crushed saplings  
are suspended
and the high reeds 
edge
A pond of
Water; Inky murk
within swims beings
Of such splendor
Poems; they are
with flashing blues and bleeding reds
The males with their elaborate
courtship dances and meek females

When the rains soften
while the full moon sniffs around
like a jaguar on the prowl
Comes men
and women too
with their nets of creativity
(Lest poems escape through the gaps between fingers of clasped hands  )
And glass jars
filled with
city water

Strangely clear-First Chlorinated- Then unchlorinated

To lure
To catch
To own
A poem of their own
To take 
a photo
with the jar in their hands
paste it
on a magazine page
between black ink
and bad news

with their elegant fins
the poems
look ornate
in city water transparency
but seldom
do they persist
their full lives
in such clarity

***


විහඟ ගී පැටලුන 
මහා විසල් තුරු වියන යට 
ඈත වනන්තරේ 
මෝසම් කඳුළු නිදහසේ  දොරේ ගලන 
අඳුරු හෙවනැලි 'තර 

කළු දිය පොකුණකි 

වරල් ගසා පීනන 
කවි 
අකුණු සැර  නිල් 
රුහුරු රක්ත 
සිතේ රටා මවන 
වරල් විහිදා උන් 
පෙම් රැඟුම් රඟන 


වැසි තුරල් නිශාවක 
පුන්සඳ ගොදුරු සොයන 
එති මිනිසුන් , ගැහැණුන්ද 
නිර්මානත්වයේ දැල් ද ගෙන 
අඳුරු දිය පීරා 
අල්ලා 
කව් 
දාගෙන ක්ලෝරීන් විස බාගෙට නැසූ 
පෑදි  දිය පිරි 
බෝතල් වලට 
හුස්ම යන්නට මත්තෙන් 
උන් 
රැගෙන යන්නට ආපහු 

පෙනේවි ලස්සනට  
පෑදී දියෙහි

කෙටි වේවි ආයුෂ 
පෑදී දියෙහි 



පලි : බස්සිගේ සටහන ප්‍රතිචාරයක් ඔස්සේ අපේ ඩුඩ් මගේ මාළු පිස්සුව ඇවිස්සුවා . මේක අහඹුවක් . මම මේ සතියේ ලියු කවියක් ඒ තේමාවට හොඳටම ගැලපුනා . මුලින් ලිව්වේ ඉංග්‍රීසි එක නිසාත් එහි ටිකක් වෙනස් රසයක් තියෙන නිසාත් , එයත් මෙහි ඇතුලත් කළා. 

මේ වීඩියෝවේ ඉන්නේ කාඩිනල් ටෙට්රා නම් මාළුවා ( කවි නෙමෙයි ). පොඩි මාලුවෙක් උනත් හරිම ලස්සනයි . නියෝන් ටෙට්රා වගේ , හැබැයි ඊට ටිකක් ලොකුයි , පාටයි . මුන් ඉන්නේ දකුණු ඇමරිකාවේ ඔරිනිගෝ , නිග්‍රෝ ගංගා වල . මේ ගංගා අන්තිමේදී ඇමසන් ගඟට වැටෙනවා . මුන්ව ටැංකිවල බෝ කරත් , ඇත්තටම තාමත් උන්ව ගංගා වලින් අල්ලලා අපනයනය කරනවා 

පපලි : මේ කවියට දාපු මාතෘකාව මට හිතට හරි නෑ  හැකිනම් මාතෘකාවක් යෝජනා කරන්න 

28 September 2015

The Sideburns (Of Colombo)

ඊයේ සටහන හා සබැඳි .

මේ ඒ නිමිත්තට ලියවුනු දෙවැන්න . ලියලා තියෙන්නේ නම් ඉංග්‍රීසියෙන් තමා . එය රස විඳීමට බාධාවක් 
කරගන්න එපා (නොවේවා )

"Sideburns : you know 
that what's left
of Nirwana nights
of guitar rifts
of Iggy pop jams
of a rock and roll past 
Sideburns : you know 
is all what's needed 
to keep it in you
like a shot of 
Rockland rum,.
Red.
still alive in your belly 
burning from within"

He says.

He still wears his black leather 
in this balmy Colombo weather

Him and I 
both gaze deep into
the blurred horizon 
beyond 
The Indian ocean
as she babysits the full moon
as she lulls herself 
to sleep

but I notice 
that the sideburns 
are cut crooked 
are turning grey 
but I 
keep silent



03 September 2015

Summer's end showers // ගිම්හානය අග වැසි

Earth still damp with 
monsoon tears
long sighs of summer's end
ruffle the tresses

Girls giggle

***

පොළො  තෙතයි තාම
මෝසම් කඳුලට තෙමුණු
ගිම්හානයේ අග
සුසුම් දිග
අවුල් කරයි කෙහෙරැල්

කෙල්ලන්ගේ කොමළ සිනා
මුකුළු ලතා

26 August 2015

The three legged man ( the national government?) // කකුල් තුනේ මිනිහා (හෙවත් ජාතික ආණ්ඩුව ?)





Right handed scribes
families of four
and men within
their self-imposed 
three drink limit
on a work night
and other orders  
and norms 
stare disapprovingly
at the 
three legged man

one to lead the stride
another for good measure
and the other
just to draw
attention 

***

දකුණත් හුරුවෝ 
අම්මයි . තාත්තයි . පුතයි . දුවයි 
පුංචි පවුල් 
සතියේ දින 
ෂොට් තුනේ සීමාවේ 
මෙපිට සිට 
හෙලත් 
නුරුස්සුම් 
බැලුම් 

මේ කකුල් තුනේ මිනිහෙක් !

පළමු පය පෙරට 
දෙවැනි සමබරට 
තෙවැන්න 
ඔහේ පස්සෙන් යන 



17 June 2015

සිටියා නම් මට දියණියක්....


පෙර කියවීම : කවි රසවිඳින කිහිප විදියක් තියෙනවා . මෙය අහන් ඉන්න කවියක් ... හරියට අපේ ජනකවි වගේ . .. ඒ අනුසාරයෙන් , මමත් කළා අනුවර්තනයක් .















සිටියා නම් මට 
දියණියක්
සිත්තම් කරමි 
හිරු 
සඳු 
තරු
ඈ පිටි අල්ලේ
එවිට කියන්නට පෙර 

දනී යයි 
අතැඹුලක් සේ 

උගත මනා වේ 
මුළු විශ්වයම

මද නළ දුන් 
ඔත්තුවක් දිගේ 
ඉව අල්ලා 
හැන්දෑවක 
සරත් සමයේ
ඈ  සොයන 
...ගිනිගන්නා ගෙයක 
ගිනි දළු මැද  හිඳින,
එමැද දැවෙන ,
..ඔහු 
(සුවපත් කිරීමට 
ඈ  සිත සොයන )
හඳුනමි හොඳින් 
...නැතිනම් 
ඒ ගිනි ඇවිලූ ඔහුම ...
(වරදින් මුදන්නැහේ 
   ඈ  සොයන )
ඔහුත් හඳුනමි.
කියම් 
ඇයට 
දෙදෙනාම නොවටී යයි 
විඳිනට ඈ 
සැදී පැහැදෙන 
දුක් 
කන්දරාවට 

ඒත් ....
උගනීවී ඈ 
ඇද වැටෙන්නට
දැමු විට ජීවිතය  
කකුල් මාට්ටු
පස් රස රුහිරු 
රස 
දැනෙද්දී දෙතොළට 
උගනීවී ඈ 
නැවත නැගිටින්න
නැවත
වැටෙන්නට
උගනීවී විඳින්නට 
රසය  
ප්‍රාණ වායුවේ
පිරෙද්දී 
වෙහෙසැති පෙනහලු 
ලොකු හුස්මකින් 

චොකලට් වලට 
විසඳිය නොහේ 
ප්‍රශ්න නැතැයි 
කිසිත් 
මිහිපිට 
කීවේ ඇයමය 
දිනක් 
....ඒත් 
දොර මෙපිට තබමි 
වැහි බුට් පාවහන් යුගලක් 
කෝකටත් 
(මෝසම් වැස්සට 
සෝදා හැරිය  නොහැකි 
වේදනාවන් කිසිත් නැති )

බිඳුණු පැතුම් 
පිරෙද්දී 
වැහි බුට් වල 
දණිස්  උසට 
කියාදෙම් 
ස්තුතියි කියන්නට 
ජීවිතයට 

ඔවුන් 
ඇය සොයාවිත් 
වීදි කොනේ සැඟව සිට 
අඳුර වැටෙන තෙක් 
තබද්දී ඈ අත 
හද බිඳුම් හි 
සිතාසි 
..සිනාසේවි 
ඈ 
කියාවී 
"පරිස්සමෙන් ....
අහුවෙන්න එපා 
අප්පච්චිට නම්  ...."



22 May 2015

ස්වාධීන වූ නීතිය සහ තොරතුරු දැන ගැනීමේ නිදහස // Be careful what you ask for

මේ දවස් වල ට්රෙන්ඩින් (trending) වදන් වැල් කීපයක් තමා , නීතියේ ස්වාධිපත්ය , ස්වාධීන  අධිකරණය සහ තොරතුරැ දැන ගැනීමේ නිදහස 

ස්වාධිපත්ය 

අහෝ මා හට වුනු 
වියෝවා 
රාජ උණුහුමට 
තුරුළු කරන් 
ඇකයේ හිඳුවා 
ඔවා දුන් 
තේජෝ බලැති
විධායකය 
නැති මෙකල් 
මට 
කොල්ලෝද 
බල්ලෝද 
අනෙක් උන්ද 
පාති 
කොචෝක් 
පෙන්නති 
කොකා 

***

ස්වාධීන 

නඩුත් බඩුත් 
තවමත් 
හාමුදුරුවන්ගේමය 
නඩු අහන බඩු දැන් 
අමාරුවේ 

***

තොරතුරු දැනගැනීමේ නිදහස #1

දුන් පසු  ඇයට 
තොරතුරු දැනගැනීමේ නිදහස
කණපිට හරවා කලිසම් සාක්කු 
කියවා ඇස් එම් ඇස් 
තුන්ඩු කෑලි පසුම්බියේ 
එකින් එක  
..... හේ 
මකයි 
කෙටි පණිවිඩ 
ඉවතලයි තුන්ඩු කෑලි 
ගෙදරට එන්නට 
කලියෙන් 

***

තොරතුරු දැනගැනීමේ නිදහස #2

බොහෝ අය 
බොහෝ දේ 
දන්නවා 
ඒත් 
නොදන්නවා සේ 
ඉන්නවා