අහිංසකී , දුක නම්
සුළං පොදක් සේ
ඔහේ හමා විත්
ඇඟේ වැදී , වැදී
කෙහෙරැළි අවුළා
ඇස් කෙවෙනි යාන්තමට
පොඟවා
සුසුම් මිට මොලවන්
යන්නී
ඔහේ
ඒත්
සතුට නම් , මායාකාරී
අකල් හෙණක් සේ
කන් අගුල්
සියොළඟ හිරි
වට්ටා
උන්හිටි තැන් ද
අමතක කරන්නී
ඈ
No comments:
Post a Comment
Have commented