Showing posts with label කවිද මන්දා. Show all posts
Showing posts with label කවිද මන්දා. Show all posts
06 March 2020
Whales
I feel the tremble
beneath my feet
pulling their hulk
as they gently swim
I hear their breathing
through the hollow of their being
I feel the spray of their sighs
erupting out of the water
on my face
I feel their presence
The whales
That are my memories
20 October 2019
Promises// පොරොන්දු
The day
She remembers well
he said
“Will love you forever
And a day”
But Some vows
Start fading
As soon as they are made
All that remains
Faint Twine of hope
Flickering memory of
Half a life time away
Disrobing her , his gaze
To shriek or flee
She could not resolve
“Resist and I’ll stab
Eighteen no less”
Alas some promises are kept
A naked body lies lifeless
In a puddle of red
***
“ආදරෙයි අනන්තයට “
මතකයක් පමණි අද
එකින් එක බිඳෙන රැහැන්
බලාපොරොත්තු
කඩවෙන්න ම උරුම
සමහර පොරොන්දු
හුස්මක පාවෙලා යන
දිවුරුම්,
ඉතිරි කර සුසුම්
වෙනත් භවයක්
වියරු නෙත් යුගලක්
ඇඳි වත බලෙන් ලිහන
බැල්මක්
වක් පිහියක්
“කොටනවා අම්මපා
කට වහන් ඇල වෙයන් “
සමහර පොරොන්දු
අකුරටම ඉටුවෙන
ඈ නග්න සිරුරත
නිසලව ලේ විලක් මැද
19 September 2019
ඊයේ රෑ වැස්සා
ඊයේ රෑ වැස්සා
ගිගුම් දී
පිහි තුඩු, වැහි බිඳු
කිඳා බැස්සා පපු කැවුත්තට
කඳුලු ධාරා
හැඟුම් බොර කර ගලා
අමතක මතක බොරලු කැට
පෑදී ගලන වේගෙට
පොලොවත් නොසිට නොහිඬව
ඉකි බිඳි රෑ පිරෙන්නට
ඊයේ රෑ වැස්සා අනෝරා
අද උදේ ඒ වගක් වත් නෑහේ
අරැනැල්ලකුත් පායලා හීනියට
ඒ හැටිය අහසේ
07 September 2019
Brown Eyes// ඒ බළල් ඇස්
Brown eyes
where smiles bloomed
in the summer-tide
and ran roots
inmost down reach
in to the wellsprings
of pains
Tender gasps
move sombre clouds
to bring down long
to wash away
frond litter
of many seasons
Fingertip strolls
drawn steps long
lingering in autumn’s breath
on bare skin
still damp
Between blinks
Day
Night
and the breath stops
***
ඒ බළල් ඇස්
ගිම්හානයක හිනා මල් පීදුන
මුල්
හීතල පොලවට කිඳා බැස
දුක්
උල්පත් වලටම ඇදුන
කෙටි සුසුම්
අඩු පීඩන කලාප
අහස කුස් පුරවා
වැහි වළා ඇදී
සෘතු ගණන්
මග දෙපස ගොඩ ගැහුණු පත්
සේදී යන්නට
අනෝරා වැහි වැටුණු
හෙමි හෙමි හිට
ඇඟිලි තුඩු
සක්මන්
නග්න සම මත
තාමත් තෙත
ඇසි පිය නැගෙන වාරෙට
හිරු සඳු නැගේ අහසට
නවතී ඇදී හුස්ම
මදකට
17 August 2019
ගිම්හානය ඇවිදින්
යමින් ගමන්
ඉබාගාතේ
ගිම්හානය
ඇවිදින්
ඉස්තෝප්පුවටම
පාදනවා උගුර
ලජ්ජාශීලිව
බැරිම තැන
තට්ටු කරනවා
අව පැහැ
මල් වීදුරැ කොටුවට
දොර පියන
"ගෙදර කවුද "
විමසත්
ආචාරශීලීව
ඉන්නෝනේ
ඇහුන් නෑ වගේ
"විවර කරන්න
දොර කවුළු
ඉඩ දෙන්න
මට එන්න "
මුමුනන්නේ
අයදින්නක්
තරමට හීනියට
ඉන්නෝනේ
ඇහුන් නෑ වගේ
05 February 2019
නිවිච්ච තේ // Lukewarm tea (A poem)
Piping hot
tea had to be
a must it was
'fore
the sun comes around
gently knocking on the window
'fore
the spent dreams
flutter away from their night's roost
abhor
anything but
and the people who devour
tea differently
But seasons do change the tree
As I sit at the edge
of the bed
and find my way through
the labyrinth of memories
the cup sits
patiently
holding the milky tea
lulling it to lukewarmth
just the way
I like nowadays
PS: Lukewarm tea is an acquired taste
______________________________
කට පිච්චෙන උණු තේ
විතරමයි
මට නම්
කාලයක්
ඉර ඇවිත් හිමින් සැරේ
ජනේලයට තට්ටු කරද්දී
දෑස නොඇරම දිවගාපු
දිගු රැයක රැඟු හීන
ලැගුමෙන්
නුබ කරා ඉගිල්ලී
පියාපත් හඬ
පමණක් ඇසුණු
කාලයා ඇවෑමෙන්
මිනිස්සුත් වෙනස් වේ
ඇඳපත්තේ හිඳ
මග සොයන මතක මංපෙත් දිගේ
මං
එනකං
අඬු ව කැඩුණු කෝප්පය සිටි
දරා
කිරි වැඩි තේ
ඇල් මැරී
තොළ ගාන
නිවිහැනහිල්ලේ
මා කැමතිම විදිහ
දැන් තේ බොන
පලි: නිවිච්ච තේ රහ දැනෙන්න ටිකක් කල් යනවා
01 October 2018
බුද්... (සමාවෙන්න , එහෙම මොකුත් නැති , නිකම්ම ) වෙට්ටුව
සිල්ලර
ටුකු ටුකු
සුන්දරී
ඇති වැඩකුත් - හෙමින් ගමනකුත්
නැති
නලා පිඹගෙන
වෙට්ටු දාගෙන
එන්නී
පස්සෙන් විත්
හෙමි හිට එබී
දකුණෙන් හෙට්ටු
වමෙන් වෙට්ටු
යන ගමන් කියාගෙන
මියුරු ස්වරයෙන්
මව් ගුණත්
පුළුල් රියබඳ
යටට වෙන්නට
කෙටු
ටැටූ
මේ අපේ බුදුන්ගේ දේශයයි , යකෝ
ටුකු ටුකු
සුන්දරී
ඇති වැඩකුත් - හෙමින් ගමනකුත්
නැති
නලා පිඹගෙන
වෙට්ටු දාගෙන
එන්නී
පස්සෙන් විත්
හෙමි හිට එබී
දකුණෙන් හෙට්ටු
වමෙන් වෙට්ටු
යන ගමන් කියාගෙන
මියුරු ස්වරයෙන්
මව් ගුණත්
පුළුල් රියබඳ
යටට වෙන්නට
කෙටු
ටැටූ
මේ අපේ බුදුන්ගේ දේශයයි , යකෝ
16 July 2018
බෝ මුල සත්‍යය දැකීම
ඈ නම ශ්‍රියා ය
නුගේගොඩ ය
බෝ ගහ යටය
බෝ පතුත් ලෙලවා
සායත් උස්සන්න හදන
සල්ලාල සුළඟක් ය
කාර් එකේ දොර ඇරුනේය
ටොයෝටා ය
ප්රියස් ය
බායි කිව්වේ කොල්ලෙක්ය
කොල්ලෙක් කීවාට ...
ඒ කතා අනවශ්‍යය
දික්වුනේ නොට්ටුය
දාහේ කොළ හතරක්ය
ඉතුරු දුර ටැක්සියේ යන්නය
හමුවුනේ බුකියේය
චැට් කලේ රෑට රෑටය
ඉන්නේ ඉතාලි කීවාට
ඈතින් ඇහුනු කුණුහබ්බ
සිංහලය
සති හයක් ඇවෑමෙන්
“නම්කි
මම ශාන්
ලංකාවේ වැකේෂන්
කතාකරන් පොඩ්ඩක්
යමු අපි ට්‍රීප් ?”
කෑවේ චයිනීස් ය
බීවේ ඔරේන්ජ් ජූස් ය
ඇහැකොනින් බැලුවේ වේටර්ය
කටකොනින් අවඥා හිනාය
සිවිලිමේ තඩි හූනේක්ය
බෙඩ් සීට් වල රැලිය
නොකළේ කතා පමණක්ය
වෙලාව හය හමාරය
ඉන්නේ බස් එකක් එනකංය
එකසිය තිස් අටය
බෝගහේ මා වවුලෙක් ය
ටීන් ගෑවේ එස් එම් එස්ය
නම්කි මම ශාන්ය
වෙරි සොරිය
අද එන්න වෙන්නේ නෑය
එතකොට
සුදු ප්රියස්
ෆ්‍රයිඩ් රයිස්
රැළි නැගුන
බෙඩ් සීට් ?
දහසක් බුදුන් උපදින්නේ
අළුයමය
සත්‍යය වැටහෙන්නේ
ගොම්මන බෝගස් යටය
මාතලන්ගේ ජෝක්ස් එකක් ඇසුරෙනි
නුගේගොඩ ය
බෝ ගහ යටය
බෝ පතුත් ලෙලවා
සායත් උස්සන්න හදන
සල්ලාල සුළඟක් ය
කාර් එකේ දොර ඇරුනේය
ටොයෝටා ය
ප්රියස් ය
බායි කිව්වේ කොල්ලෙක්ය
කොල්ලෙක් කීවාට ...
ඒ කතා අනවශ්‍යය
දික්වුනේ නොට්ටුය
දාහේ කොළ හතරක්ය
ඉතුරු දුර ටැක්සියේ යන්නය
හමුවුනේ බුකියේය
චැට් කලේ රෑට රෑටය
ඉන්නේ ඉතාලි කීවාට
ඈතින් ඇහුනු කුණුහබ්බ
සිංහලය
සති හයක් ඇවෑමෙන්
“නම්කි
මම ශාන්
ලංකාවේ වැකේෂන්
කතාකරන් පොඩ්ඩක්
යමු අපි ට්‍රීප් ?”
කෑවේ චයිනීස් ය
බීවේ ඔරේන්ජ් ජූස් ය
ඇහැකොනින් බැලුවේ වේටර්ය
කටකොනින් අවඥා හිනාය
සිවිලිමේ තඩි හූනේක්ය
බෙඩ් සීට් වල රැලිය
නොකළේ කතා පමණක්ය
වෙලාව හය හමාරය
ඉන්නේ බස් එකක් එනකංය
එකසිය තිස් අටය
බෝගහේ මා වවුලෙක් ය
ටීන් ගෑවේ එස් එම් එස්ය
නම්කි මම ශාන්ය
වෙරි සොරිය
අද එන්න වෙන්නේ නෑය
එතකොට
සුදු ප්රියස්
ෆ්‍රයිඩ් රයිස්
රැළි නැගුන
බෙඩ් සීට් ?
දහසක් බුදුන් උපදින්නේ
අළුයමය
සත්‍යය වැටහෙන්නේ
ගොම්මන බෝගස් යටය
මාතලන්ගේ ජෝක්ස් එකක් ඇසුරෙනි
15 July 2018
ඊයේ දැක්ක පෝස්ටරේ
තාප්පයකි
පොලීසියකි
වම් කොණ ගැලවුණු
පෝස්ටරයකි
ජනපතියෙකි
අහඹු
හිනාවකි
පුරුදු
ආරාධනාවකි
හොම්බට අනිනු
වීර වාක්‍ය සිරස්තලයකි
ප්‍රොපගැන් ඩා ගඳ කි
පිළුණු
බැල්ලියකි
මුත්‍රා පාරකි
කොන්ක්‍රීට්
පේමන්ටුව
දිගේ ගලනා
ගඟකි
හොරා
පොලිස්
නැත
බල්ලන්ට
කම්
14 April 2018
අවුරුදු එනවා, අයින් වෙයන් ඩෝ ( නොනිමි කවි )
කැවුම් හයක්
කොකිස් හයක්
මේසේ පාලුවට
පිඟන් දෙකක්
ආරෙට ඔඩු දුවපු
බාගෙට පිස්සුවට
තියන විදියට කන්න
අවුරුදුත්
පිස්සුද ?
ඕන් එනවා
මේං එනවා
අවුරුද්ද කද බැඳන්
අරන් සාගත මල්ල
වෙයන් ඩෝ පැත්තකට
***
හීන් වසත් සුළඟ
ලපටි පිහාටුවක් ලෙළෙන
කිචිබිචිය පාලුවුන
කැදැල්ලක අතැර ගිය
උත්සව ණය, අතිකාල,
දළු ලයි අතීත මතක රිකිලි
කදුළු දිය සීරාවට
ගලන්නේ එච්චර ගැඹුරට
කඳුළු විතරමයි, කොහොමත්
බලනකොටමයි ආපසු හැරි
දුකත් රසයක් වෙන්නේ
නොඇවිලෙන ගිනි ලිපේ
ඇවිලෙන උඹේ හිතේ
පොඩි දුවේ
මට දැනේ
ඉදින්
උඩින් උඩින් නොහේ
බිමින් බිමින් වර
මුළු ලෝකෙටම හොරෙන්
කිරිබත් කටක් කවන්න
හිස පිරිමැද
උඹේ
01 February 2018
නෙලුම් කුලුන උඩ සිට (අනාගතයේ ලියවෙන කවක් )
පෙර ලිවීම
අනාගතයේ යම් දිනෙක , ටිකට් එකක් අරන් , නෙලුම් කුලුන උඩටම යන්න අපිට පුළුවන් වේවි . උඩට ගිහින් ගිණි ගානට බියර් එකක් අරන් , බිලේ පින්තුරයක් සමාජ ජාලා වල දාන්නත් පුළුවන් වේවි . උඩට වෙලා , කළුවර වෙනකල් ඉර බහිනවා බලන්නත් පුළුවන් වේවි . රෑට පාරවල් දිගේ වාහන ලයිට් පේලි පේලි හිමින් හිමින් ඇදෙනවත් පෙනේවි . ඒත් මේ සංවර්ධනේ කියන්නෙම ගේමක් . කොටින්ම zero sum ගේමක් .එකෙකුගේ කොටහ වැඩි වෙන්න තවකෙක්ගේ කොටහ අඩුවෙන්නම ඕනේ . පංති අතර වුනත් , රටවල් අතර උනත් .
ඉතින් ඉර බහිනකම් වට පිට බැලුවහම පේන්නේ දුප්පත් කම නම් , ඒ සංවර්ධනේද කියලා හිතෙනවා මට නම් .
සංවර්ධන ලොතරැයිය ... ඇත්තටම !!. මතකනේ සේල්ස් පිච් එක , විකුණන විදිය ..."අද අදිනවා , හෙට අදිනවා ,, සංවර්ධන වාසනාව " ..!!
හප්පා
මෙහෙම කුළුණක්
කවුරු තිබ්බත් මුල් ගල්
කවුරු විවෘත කෙරුවත්
හප්පා
මෙහෙම හුළඟක්
ටිකට් එකට ගෙවූ
දෙසිය පනහට
හිලව්වට
සනීපෙට
ඇඟ ගෑවී නොගෑවී
ටිල්වින්
සහෝ
ඇහුවට
එල්ලෙන්නද කියා
නැතිවම නෙමෙයි
මේකෙත් ගතියක්
බ්‍රෝ
වළා සිඹිනට
කුළුණක්
හයිවේ
අධික වේගෙට
නැතිව කොහොමැයි
මචං
කරනු
සංවර්ධනයක්
උඩට නැග්ගම පෙනේ
මුළු කොළඹම නෙමේ
යාල්පානටමත් එහා
අම්මපා
මිනිස්සු නම් පේන නොපෙනෙන
කුරා කුඹීන් එහෙ මෙහෙ යන ගානයි
හීන් දුම් රොටු කෙඳිරි
උඳුගොව්වෝ කෑ
විල්පත්තුවෙන් නැගී
ගැබ්බර වළා හිත
ගැඹුරු සුස්මක්ව සැඟවී
නිල්පාට කොලපාට
ෆ්ලොරසන්ට් එළි
කණාමැදිරි සැණකෙළි
අඳුරේ දිළි දිළි
පැල්පත් මුඩුක්කු
හිඟන
දම්පාටට තෙමා
සිතිජයට එහායින්
අදත්
බැස යනවා
ඉර
අනාගතයේ යම් දිනෙක , ටිකට් එකක් අරන් , නෙලුම් කුලුන උඩටම යන්න අපිට පුළුවන් වේවි . උඩට ගිහින් ගිණි ගානට බියර් එකක් අරන් , බිලේ පින්තුරයක් සමාජ ජාලා වල දාන්නත් පුළුවන් වේවි . උඩට වෙලා , කළුවර වෙනකල් ඉර බහිනවා බලන්නත් පුළුවන් වේවි . රෑට පාරවල් දිගේ වාහන ලයිට් පේලි පේලි හිමින් හිමින් ඇදෙනවත් පෙනේවි . ඒත් මේ සංවර්ධනේ කියන්නෙම ගේමක් . කොටින්ම zero sum ගේමක් .එකෙකුගේ කොටහ වැඩි වෙන්න තවකෙක්ගේ කොටහ අඩුවෙන්නම ඕනේ . පංති අතර වුනත් , රටවල් අතර උනත් .
ඉතින් ඉර බහිනකම් වට පිට බැලුවහම පේන්නේ දුප්පත් කම නම් , ඒ සංවර්ධනේද කියලා හිතෙනවා මට නම් .
සංවර්ධන ලොතරැයිය ... ඇත්තටම !!. මතකනේ සේල්ස් පිච් එක , විකුණන විදිය ..."අද අදිනවා , හෙට අදිනවා ,, සංවර්ධන වාසනාව " ..!!
හප්පා
මෙහෙම කුළුණක්
කවුරු තිබ්බත් මුල් ගල්
කවුරු විවෘත කෙරුවත්
හප්පා
මෙහෙම හුළඟක්
ටිකට් එකට ගෙවූ
දෙසිය පනහට
හිලව්වට
සනීපෙට
ඇඟ ගෑවී නොගෑවී
ටිල්වින්
සහෝ
ඇහුවට
එල්ලෙන්නද කියා
නැතිවම නෙමෙයි
මේකෙත් ගතියක්
බ්‍රෝ
වළා සිඹිනට
කුළුණක්
හයිවේ
අධික වේගෙට
නැතිව කොහොමැයි
මචං
කරනු
සංවර්ධනයක්
උඩට නැග්ගම පෙනේ
මුළු කොළඹම නෙමේ
යාල්පානටමත් එහා
අම්මපා
මිනිස්සු නම් පේන නොපෙනෙන
කුරා කුඹීන් එහෙ මෙහෙ යන ගානයි
හීන් දුම් රොටු කෙඳිරි
උඳුගොව්වෝ කෑ
විල්පත්තුවෙන් නැගී
ගැබ්බර වළා හිත
ගැඹුරු සුස්මක්ව සැඟවී
නිල්පාට කොලපාට
ෆ්ලොරසන්ට් එළි
කණාමැදිරි සැණකෙළි
අඳුරේ දිළි දිළි
පැල්පත් මුඩුක්කු
හිඟන
දම්පාටට තෙමා
සිතිජයට එහායින්
අදත්
බැස යනවා
ඉර
19 December 2017
මා හා ඔබ
මා
කියා
පටන් ගත්
ඔබ කියා
නිමා කළ
ඔබ
කියා පටන් ගෙන
මා කියා නිමා කළ
වචන අද්ද අද්දා ලියු
හැම කවක් අතරමැද
අපි කථා කර ඇත්තේ
විසංයුත
ලොවක් ගැන
Every poem
that started with I
and ended with you
or with You and I
in the middle of staggering
wordsteps.
Sentences.
have ended up
writing about
everything but
us
***
කියා
පටන් ගත්
ඔබ කියා
නිමා කළ
ඔබ
කියා පටන් ගෙන
මා කියා නිමා කළ
වචන අද්ද අද්දා ලියු
හැම කවක් අතරමැද
අපි කථා කර ඇත්තේ
විසංයුත
ලොවක් ගැන
Every poem
that started with I
and ended with you
or with You and I
in the middle of staggering
wordsteps.
Sentences.
have ended up
writing about
everything but
us
***
11 November 2017
පෘට් ඇන්ඩ් නට් අයිස් ක්රීන්
අදත් සුපුරුදු අඬ හැරුම, සුපුරුදු වෙලාවටම
" නෝනා , මම නොකිව්වා කියන්න එපා, තව සතියයි දෙන්නේ , ඇදලා දානවා බඩුත් එක්කම පාරට... මිනිහට කියහන් හිඟ කුලී ඔක්කොම ගෙවන්න කියලා ... ලැජ්ජා නැද්ද අප්පා කලිසම් ඇඳන් රස්සාවට යන්න .. අපිත් ජීවත් වෙන්නේ නැද්ද ?"
***
අද නම් දවසකි
පුදුමාකාර
කළුවර ගලන්නත් කලියෙන්
තාත්තාත් ආව
දෙඋරෙන් අල්ලා තුරුළුකර
ඉඹිද්දී, කවදාවත් නැතිව
කඳුලක්ද මන්දා වැටුනේ
හිස මතට
මහා බරට
ලීක්ස් ගස් දෙක තුන
සිලිමල්ලේ පාලුවට
පරණ පත්තරේ එතුන
සීනි බනිස , පඩි දාට
නොවේ අද
බලුබ් නැති වෙසක් වැනි
අයිස් ක්රීන් පෙට්ටියකි
නිකන් වැනිලාත් නොවුන
පෘට් ඇන්ඩ් නට් ය , කජු පිරුණ
රෑ කෑම මේසේදී
අම්මාට දෙසැරයක් හිර උනා
ඒත් වෙනදා වගේ
" කවුරු හරි බඩගින්නේ "
කියලා නම් කිව්වේ නෑ
"පැණි රහ මට එපා"
වෙනදා කියන තාත්තාත්
බෙදා ගත්තා අයිස් ක්රීන්
අඬුව නැති කෝප්පෙට
ඒත් ඇයි, බලා ඒ
ඇහැ අද්දර කඳුලු
පිසදැම්මේ
අම්මා
***
පුවතක්:
ණය බර දරන්නට බැරිව , අයිස් ක්‍රීම් එක්ක වස කා පවුලම දිවි නසා ගනිති
" නෝනා , මම නොකිව්වා කියන්න එපා, තව සතියයි දෙන්නේ , ඇදලා දානවා බඩුත් එක්කම පාරට... මිනිහට කියහන් හිඟ කුලී ඔක්කොම ගෙවන්න කියලා ... ලැජ්ජා නැද්ද අප්පා කලිසම් ඇඳන් රස්සාවට යන්න .. අපිත් ජීවත් වෙන්නේ නැද්ද ?"
***
අද නම් දවසකි
පුදුමාකාර
කළුවර ගලන්නත් කලියෙන්
තාත්තාත් ආව
දෙඋරෙන් අල්ලා තුරුළුකර
ඉඹිද්දී, කවදාවත් නැතිව
කඳුලක්ද මන්දා වැටුනේ
හිස මතට
මහා බරට
ලීක්ස් ගස් දෙක තුන
සිලිමල්ලේ පාලුවට
පරණ පත්තරේ එතුන
සීනි බනිස , පඩි දාට
නොවේ අද
බලුබ් නැති වෙසක් වැනි
අයිස් ක්රීන් පෙට්ටියකි
නිකන් වැනිලාත් නොවුන
පෘට් ඇන්ඩ් නට් ය , කජු පිරුණ
රෑ කෑම මේසේදී
අම්මාට දෙසැරයක් හිර උනා
ඒත් වෙනදා වගේ
" කවුරු හරි බඩගින්නේ "
කියලා නම් කිව්වේ නෑ
"පැණි රහ මට එපා"
වෙනදා කියන තාත්තාත්
බෙදා ගත්තා අයිස් ක්රීන්
අඬුව නැති කෝප්පෙට
ඒත් ඇයි, බලා ඒ
ඇහැ අද්දර කඳුලු
පිසදැම්මේ
අම්මා
***
පුවතක්:
ණය බර දරන්නට බැරිව , අයිස් ක්‍රීම් එක්ක වස කා පවුලම දිවි නසා ගනිති
02 September 2017
වාසනා අනාත නිවාසයේ පාටියක්
තුනට විතර හැන්දෑවේ
විලවුන් සේල මග හලන්
සිලි සිලි මලුවලට
මසවුළු පුරවන්
මිසීලා ඇවිදින්
කලින්ම නිවාසේ බුක්කරන්
නෙක පාට බැලුම් බෝල
පිරෙන්නම පුම්බන්
..හුලං
රාමුව පිරෙන්නම
විරිත්තන්
නිවහනේ පොඩි එවුන්
මිසීලව වට කරන්
ගහත් සෙල්පි
නැතිව නිතොරක්
නොසෙල්ලී , ඇදී හුස්ම අල්ලං
වත පුරා සිනා රැළි ගල් වෙං
පොඩි උන්ට මේවා පුරුදුයි දැන්
වල් නෙලපු
කාස්ටක අව්වේ
තරඟයක්
ඉස්සරහ මිදුලේ
බැට් කරත්
බෝයි ප්රෙන්ඩ් මහතැන්
පොඩි එවුන් පිට්ටනියේ
ෆීල්ඩින්
පොඩි උන්ට මේවා පුරුදුයි දැන්
විලවුන් සේල මග හලන්
සිලි සිලි මලුවලට
මසවුළු පුරවන්
මිසීලා ඇවිදින්
කලින්ම නිවාසේ බුක්කරන්
නෙක පාට බැලුම් බෝල
පිරෙන්නම පුම්බන්
..හුලං
රාමුව පිරෙන්නම
විරිත්තන්
නිවහනේ පොඩි එවුන්
මිසීලව වට කරන්
ගහත් සෙල්පි
නැතිව නිතොරක්
නොසෙල්ලී , ඇදී හුස්ම අල්ලං
වත පුරා සිනා රැළි ගල් වෙං
පොඩි උන්ට මේවා පුරුදුයි දැන්
වල් නෙලපු
කාස්ටක අව්වේ
තරඟයක්
ඉස්සරහ මිදුලේ
බැට් කරත්
බෝයි ප්රෙන්ඩ් මහතැන්
පොඩි එවුන් පිට්ටනියේ
ෆීල්ඩින්
පොඩි උන්ට මේවා පුරුදුයි දැන්
බේත් ඩේ කේක් එක
කපන්නට පළමු කොට
සෙල්ලමක් ,
සිංදුවක් ,
නැටුමකට
වටවෙන්න
වටවෙන්න
රැයක සඳත් නොනැගුණු
කඳුළු අඳුරේ දිලුනු
සුමනේ මාමා මුණ ඉඹලා
බඩට ළමයෙක් දීපු
..රේණු
(ඊයේ පහළොව ලබාපු )
අඳිනවා මනාලිට
ඉස්ටේපල් කටු මැහුම
පරණ පත්තර ගවුම
දික් කරන් තොල්
ගාන්න ලිප්ස්ටික්
දික් කරන් තොල්
ගාන්න ලිප්ස්ටික්
14 May 2017
The old Ballerina's home remedy, අපේ අම්මාගේ මුදූ වැලි සාත්තුව සහ තවත් දහසක් කතා
Despite
the rationale queries
well intent; yet
the scepticism
hackles
yet
the maternal pride
makes up for it
her son
a grown man now
..almost
And the doctor's
thirty six seconds’ of
(she'd learnt to count
one missipi two)
wisdom,
the last of the colloquy
conventional
but expensive
Hoary ballerina
with crooked toes
take the long lurch
to the shore
for a handful of sand
surf's forgotten
yet
still tear soaked
First
heat up the sand
over a slow flame
pack
small parcels
of
memories
(amnesia flickers first )
enfold in frayed silk
whiffing of moth balls
to massage her
inflamed joints
..It helps
***
වටකුරු තර්ක
යථාවාදී මුත්
පීඩාකාරීය
කල් ඉකුත් වත්
(පොඩි පුතා , යමක් දත්
මහා මිනිහෙක් නේ දැන් )
චැනල් කඩේ දොස්තර
ලියු තුණ්ඩුවේ
පිටින් ගන්න පෙති ජාතිම තුනක්
(හරියටම විනාඩි දෙකයි බැලුවේ
එක ලෙඩෙක් )
පා අද්ද අද්දා
ඕ ගාටන්නී
ගන්නට මිටක් වැලි
කදුළු මිරිකා
රළටත් අමතක වූ
වෙරළ කොනකට
තැටියේ රත්කර
මද ගින්නේ
බැඳ මතක පොට්ටනි
පොඩියට
තවන්නට
හන්දි පත්
දිවියේ බරටම
ඉදිමුණු
(පුංචි වගේ ගුණයක්
තියෙනවා )
පලි
සමහර නිර්මාණ වල , නිමිත්ත, කතාව තරමටම රසවත්. නිර්මාණය අතින් අත යද්දී, පවතිද්දී, නිමිති කතාව කාලයට දියවෙලා යනවා.
අපේ අම්මා, කාලයක ඉඳන් දණහිසක වේදනාවකින් පෙළෙනවා. දේශීය බටහිර දෙවෙදකමම මාරුවෙන් මාරුවට වගේ කරනවා. වෛද්‍ය නිගමනය ආතරයිටිස්වල මුල් ලක්ෂණ . ගිලින්න පෙති ගොඩක්, කල් ගතවෙන ප්‍රතිකර්ම .
මාසිකව දොස්ත්ර හමුවීම දැන් චාරිත්‍රයක් වගේ වෙලා .. ඒ ඔක්කොම මැද ජීවිතේ ගොඩක් දේ වගේම මේ වේදනාවත් ඈ උහුලා ගෙන ඉන්නවා.
දවසක් ඈ සමග කතා කරද්දී, තෙසක් රියක රියදුරෙක් ඇයට රියදුරෙක් ඈට කියූ ගොඩ වෙදකමක් ගැන මට කියනවා.
"...පරණ වෙද පුස්කොල පොතක තිබිලා වෙද මහත්තයෙක් කිව්වේ .. මුහුදේ වැලි, තැටියක රත් කරලා, පොට්ටනි බැඳලා, ඉර අවරට ගියාට පස්සේ තවන්න නෝනා. මාස තුනෙන් හොඳ වෙනවා. මෙන්න මගේ පෝන් නොම්බරේ, නෝනට හොඳ උනාම මට කෝල් එකක් දීලා කියන්න ."
ඔහුම රිය පාරේ අයිනේ නවත්තලා ගිහින් වැලි ටිකක් සිලි මල්ලකට ගෙනත් දෙනවා. (අපි හරි වෙනස් !!)
" මම ආමි එකේ හිටියේ නෝනා, ජොනි බට්ටෙක් පෑගුනා " දණෙන් පහල කෘතීම පාදය පෙන්නලා ඔහු කියනවා
මගේ යථාවාදී විද්‍යාත්මක තර්ක ඈ නිසොල්මනේ අහගෙන ඉන්නවා. දුරකතනයෙන් එහා පැත්තේ, ඈ , මුවඟට නැගෙන (ආඩම්බරය මුසු ) හිනාවක් පහළට අකුලා ගන්නවා, මට මැවිලා පෙනෙනවා
එදාත් හවසට ගෑස් ලිප උඩ , රොටි තැටියේ, මුහුදු වැලි රත්වෙනවා.
පපලි: මෙහි මාතෘකාවේ දහසක් කතා කියා ලියුවේ ඇයි කියා ඔබට තේරෙනු ඇතැයි සිතමි
30 November 2016
ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා )
පෙර කියවීම :මෙය ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ලක් සහ මේසයක් මත ලතැවෙන දොඩම් ගෙඩි දෙකක් පිලිබඳ කතාවකි
ට්ක්රාස් ගා ගෙන
වීල් එක ඉගිලුනේ දුම් දා ගෙන
මුඩුක්කු අයිනෙන්
ගලයිද මොන ගංගා
කුණු ඇලක් මිස
ගොර ගොර ගා
මොන සාරි ගප්පිද
ඉස්ගෙඩි මිස
කකුල් එනකං ලතැවෙන
දොර පියන ඇරෙන්නේ
ක්රීස් ගාගෙන
ඇතුළට
වොට් හතළිහේ බලුබ් එකක්
විරිතන්නේ
එල්ලී වයර් එකක
කළුවරට
ලෑම්ප් ශේඩ් මොකටෑ
මේ වගේ තැන් වලට
ඇඳි සළු උනන්නේ
ඈ
පිටිපස්ස හැරිලා
හරියට
ලැජ්ජාව රකින්නැහේ
ඩිංගිත්තකට
ආපු එකා
සිලි මල්ල තියන්නේ
ඇඳ ලඟම
කරල් දෙකෙයි මුරුංගා
තක්කාලි ගෙඩියෙයි
වැටකොළු දෙසිය පනහෙයි
වැඩි පරිස්සමට
මේසේ උඩ
දිලිසෙන්නේ
දොඩම් ගෙඩි දෙකක්
ගෙඩියක්
පැපොල්
බලෙන් වගේ ඉදවුණු
අත ගාන්නේ ආසාවට
පොඩි එකීත්
කන්න ආසයි
දොඩම් නම්
"තැලෙයි .. පරිස්සමෙන් "
ගත්තේ
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට
යන්න නම් උදේ
ලෙඩ්ඩු බලන වෙලාවට
අල්ලන්න ඕනේ
පහමාරේ බස් එක
ඉක්මන් කරමු ද
ඉතින්
02 October 2016
අහිංසකි , දුක නම්
අහිංසකී , දුක නම්
සුළං පොදක් සේ
ඔහේ හමා විත්
ඇඟේ වැදී , වැදී
කෙහෙරැළි අවුළා
ඇස් කෙවෙනි යාන්තමට
පොඟවා
සුසුම් මිට මොලවන්
යන්නී
ඔහේ
ඒත්
සතුට නම් , මායාකාරී
අකල් හෙණක් සේ
කන් අගුල්
සියොළඟ හිරි
වට්ටා
උන්හිටි තැන් ද
අමතක කරන්නී
ඈ
සුළං පොදක් සේ
ඔහේ හමා විත්
ඇඟේ වැදී , වැදී
කෙහෙරැළි අවුළා
ඇස් කෙවෙනි යාන්තමට
පොඟවා
සුසුම් මිට මොලවන්
යන්නී
ඔහේ
ඒත්
සතුට නම් , මායාකාරී
අකල් හෙණක් සේ
කන් අගුල්
සියොළඟ හිරි
වට්ටා
උන්හිටි තැන් ද
අමතක කරන්නී
ඈ
17 September 2016
ආදරේටනේ .......... ( නූතන ආදර කතාවක් )
බාහුව වෙළී
බඳ වටේ
වකය විඳ
නිතඹ මායිමේ
ඇදී පහළට
හෙමී හෙමිහිට
කොට සාය
වාටියෙන් අල්ලා
මදක් ඉහළට
ආදරේටනේ ඒ..
කූඩූ නැතිව මොන
ප්‍රීති වෙසක් වෙද ?
ඉහලන්
කියුටෙක්ස් පාට නිය කුඩය
හීන් සුසුමක උණුහුමින් මුවාවී
රතැඟිලි සක්මනේ
ලිනන් කමිසේ , රැහැන් හිදැසේ
නොපැටලී මං මුළාවේ
ගොරෝස් ඩෙනිම් සාක්කු වාටිය දැනෙන
නොදැනෙන මානේ
පිම්බුණු සම් පසුම්බිය
හීතල
කොණින් අල්ලා
හෙමින් එළියට
අදිද්දී දැනේ
බර
මොණරුන්ගේ
ආදරේටනේ .... ඒත් .
දන්සැලක් හෙම නැතිව
කොහේ වෙසඟේ අසිරිය ?
පලි :
මේ කවට නිමිත්තක් තියෙනවා . එය මම දැක්ක කාටුන් චිත්‍රයක් . උයනක බංකුවක ඉඳන් ඉන්න යුවලක් . කොල්ලා කෙල්ලගේ රෙද්ද පොඩ්ඩක් උස්සනවා . කෙල්ල කොල්ලාගේ පර්ස් එක සාක්කුවෙන් පික් පොකට් ගහනවා . ගිය සතියේ මතක පද අහද්දී බිමල් රත්නායක මේක මතක් කළායින් ආයෙත් මතක් උනා .
බඳ වටේ
වකය විඳ
නිතඹ මායිමේ
ඇදී පහළට
හෙමී හෙමිහිට
කොට සාය
වාටියෙන් අල්ලා
මදක් ඉහළට
ආදරේටනේ ඒ..
කූඩූ නැතිව මොන
ප්‍රීති වෙසක් වෙද ?
ඉහලන්
කියුටෙක්ස් පාට නිය කුඩය
හීන් සුසුමක උණුහුමින් මුවාවී
රතැඟිලි සක්මනේ
ලිනන් කමිසේ , රැහැන් හිදැසේ
නොපැටලී මං මුළාවේ
ගොරෝස් ඩෙනිම් සාක්කු වාටිය දැනෙන
නොදැනෙන මානේ
පිම්බුණු සම් පසුම්බිය
හීතල
කොණින් අල්ලා
හෙමින් එළියට
අදිද්දී දැනේ
බර
මොණරුන්ගේ
ආදරේටනේ .... ඒත් .
දන්සැලක් හෙම නැතිව
කොහේ වෙසඟේ අසිරිය ?
පලි :
මේ කවට නිමිත්තක් තියෙනවා . එය මම දැක්ක කාටුන් චිත්‍රයක් . උයනක බංකුවක ඉඳන් ඉන්න යුවලක් . කොල්ලා කෙල්ලගේ රෙද්ද පොඩ්ඩක් උස්සනවා . කෙල්ල කොල්ලාගේ පර්ස් එක සාක්කුවෙන් පික් පොකට් ගහනවා . ගිය සතියේ මතක පද අහද්දී බිමල් රත්නායක මේක මතක් කළායින් ආයෙත් මතක් උනා .
30 August 2016
Mrs Shodienger and her cat // ශොඩින්ගර් මහත්මිය සහ ඇගේ බැළලිය
Mrs Shodinger
sat
with her cat
on her lap
purring
sleeping
pretending
watching a man
watching a box
He is
listening through the edges
of right angles
coming up with
quontam explainaitions
to dimensional problems
Dinner's getting cold
She's getting too
old
for this
And then the cat
had to
meow
***
ශොඩින්ගර් මහත්මිය
සිටියාය හිඳ
ඈ උකුලේ
බැළලිය
පුරු පුරු ගාමින්
නිදි
හොරට
ඔහු
සොයයි
ක්වන්ටම් හේතුවක්
ත්‍රිමාණ ප්‍රශ්නයකට
සෘජු කෝණි
බිත්ති වලට
කණ තියා
රෑ කෑම
හීතල වේය
ඈ තාම
ලත වේය
ඔහු
වෙනදා වාගේම
එතැන
බැළලිය
ඥාව් ගෑවාය
16 July 2016
මැදුම් පිළිවෙතෙහි කවියෝ
උඹ කොහොමෙයි කවියෙක්
වෙන්නේ
හිත් පතුලෙන් කවි
පද අහුලන්නේ
දුෂ්කර කිරියා කරන් නැතිව , කොහොමෙයි
ඇස් කෙවෙනි අගට කවි බිංදු උනන්නේ
දුක් විඳින් නැතිව කොහොමෙයි
කවියෙක් වෙන්නේ ?
වෙන්න කවියෙක්
විඳින්නෝනි
කන්දරාවක් දුක්
හරියට මැදලා අඳින්න
කලිසමක් වත් නැතිව
කමිසේ බොත්තම් පේලියේත්
හිදැස්
ජීවිතේ වගේම
සිද්ධාර්ථ උනත්
දුෂ්කර ක්‍රියා කළේ
ඔතෙන්ටිසිටි
ඕනේ නිසා දර්ශනේට
නැත්නම් සාරා සංඛ්‍ය කල්ප ලස්සයකුත්
පුරලා
තව සාවසක්
මොකෑ එක්ස්පීරියන්ස්
වින්දට කමක් නෑ සහෝ
ඒත් පෝලිමේ ඉඳීද්දි හිටං
ගන්න සම්මාන
පැත්තකින් තියහන්
දුක්
වින්දට කමක් නෑ
සහෝ
නංවන්න එපා දුක වේදිකාවට
රහ වින්දට
දුකේ
කවුරුත් කැමති හිනාවෙන්න
අත්පුඩි ගහන්න
විඳින්න මිසක්
කරේ තියන් ගෙදර ගෙනියන්න නෙමේ
උඹේ දුක .
කවියෙක් වෙන්නත් ඕනේ
මැඳුම් පිළිවෙත මැයි
වෙන්නේ
හිත් පතුලෙන් කවි
පද අහුලන්නේ
දුෂ්කර කිරියා කරන් නැතිව , කොහොමෙයි
ඇස් කෙවෙනි අගට කවි බිංදු උනන්නේ
දුක් විඳින් නැතිව කොහොමෙයි
කවියෙක් වෙන්නේ ?
වෙන්න කවියෙක්
විඳින්නෝනි
කන්දරාවක් දුක්
හරියට මැදලා අඳින්න
කලිසමක් වත් නැතිව
කමිසේ බොත්තම් පේලියේත්
හිදැස්
ජීවිතේ වගේම
සිද්ධාර්ථ උනත්
දුෂ්කර ක්‍රියා කළේ
ඔතෙන්ටිසිටි
ඕනේ නිසා දර්ශනේට
නැත්නම් සාරා සංඛ්‍ය කල්ප ලස්සයකුත්
පුරලා
තව සාවසක්
මොකෑ එක්ස්පීරියන්ස්
වින්දට කමක් නෑ සහෝ
ඒත් පෝලිමේ ඉඳීද්දි හිටං
ගන්න සම්මාන
පැත්තකින් තියහන්
දුක්
වින්දට කමක් නෑ
සහෝ
නංවන්න එපා දුක වේදිකාවට
රහ වින්දට
දුකේ
කවුරුත් කැමති හිනාවෙන්න
අත්පුඩි ගහන්න
විඳින්න මිසක්
කරේ තියන් ගෙදර ගෙනියන්න නෙමේ
උඹේ දුක .
කවියෙක් වෙන්නත් ඕනේ
මැඳුම් පිළිවෙත මැයි
Subscribe to:
Posts (Atom)