20 October 2019

Promises// පොරොන්දු


The day 
She remembers  well
 he said 
“Will love you forever
And a day”
But Some vows 
Start fading
As soon as they are made
All that remains 
Faint Twine of hope
Flickering  memory of 

Half a life time away
Disrobing her , his gaze 
To shriek or flee
She could not resolve
“Resist and I’ll stab
Eighteen no less”
Alas some promises are kept
A naked body lies lifeless
In a puddle of red 
 ***

“ආදරෙයි අනන්තයට “
මතකයක් පමණි අද 
එකින් එක බිඳෙන රැහැන් 
බලාපොරොත්තු 
කඩවෙන්න ම උරුම 
සමහර පොරොන්දු 
හුස්මක පාවෙලා යන 
දිවුරුම්, 
ඉතිරි කර සුසුම් 

වෙනත් භවයක් 
වියරු නෙත් යුගලක් 
ඇඳි වත බලෙන් ලිහන 
බැල්මක් 
වක් පිහියක්

“කොටනවා අම්මපා  
කට වහන්  ඇල වෙයන් “
සමහර පොරොන්දු 
අකුරටම ඉටුවෙන 
ඈ  නග්න සිරුරත 
නිසලව ලේ විලක් මැද  


19 September 2019

ඊයේ රෑ වැස්සා

ඊයේ රෑ වැස්සා
ගිගුම් දී
පිහි තුඩු, වැහි බිඳු
කිඳා බැස්සා පපු කැවුත්තට
කඳුලු ධාරා
හැඟුම් බොර කර ගලා
අමතක මතක බොරලු කැට
පෑදී ගලන වේගෙට
පොලොවත් නොසිට නොහිඬව
ඉකි බිඳි රෑ පිරෙන්නට

ඊයේ රෑ වැස්සා අනෝරා
අද උදේ ඒ වගක් වත් නෑහේ
අරැනැල්ලකුත් පායලා හීනියට

ඒ හැටිය අහසේ

07 September 2019

Brown Eyes// ඒ බළල් ඇස්


Brown eyes 
where smiles bloomed
in the summer-tide
and ran roots 
inmost down reach
in to the wellsprings
of pains
Tender gasps
move sombre clouds 
to bring down long
to wash away 
frond litter 
of many seasons

Fingertip strolls 
drawn steps long
lingering in autumn’s breath
on bare skin 
still damp
Between blinks 
Day 
Night
and  the breath stops 


***
ඒ බළල් ඇස් 
ගිම්හානයක හිනා මල් පීදුන 
මුල් 
හීතල පොලවට කිඳා බැස 
දුක් 
උල්පත් වලටම ඇදුන 
කෙටි සුසුම් 
අඩු පීඩන කලාප 
අහස කුස් පුරවා 
වැහි වළා ඇදී 
සෘතු ගණන් 
මග දෙපස ගොඩ ගැහුණු පත් 
සේදී යන්නට 
අනෝරා වැහි වැටුණු 
හෙමි හෙමි හිට 
ඇඟිලි තුඩු 
සක්මන්  
නග්න සම මත 
තාමත් තෙත 
ඇසි පිය නැගෙන වාරෙට 
හිරු සඳු නැගේ අහසට 
නවතී ඇදී  හුස්ම 
මදකට 

17 August 2019

ගිම්හානය ඇවිදින්


යමින් ගමන් 
ඉබාගාතේ 
ගිම්හානය 
ඇවිදින් 
ඉස්තෝප්පුවටම 
පාදනවා උගුර
ලජ්ජාශීලිව

බැරිම තැන 
තට්ටු කරනවා 
අව පැහැ 
මල් වීදුරැ කොටුවට 
දොර පියන 
"ගෙදර කවුද "
විමසත් 
ආචාරශීලීව  


ඉන්නෝනේ 
ඇහුන් නෑ වගේ 

"විවර කරන්න 
දොර කවුළු 
ඉඩ දෙන්න 
මට එන්න "
මුමුනන්නේ 
අයදින්නක්
තරමට හීනියට 

ඉන්නෝනේ 
ඇහුන් නෑ වගේ 

06 April 2019

සිද්ධාර්ථට ලව් කිරීම හෙවත් බුදුන්ට පොඩ්ඩක් ඉන්න කීම


"කාමේසු මිච්චා චාරා ....."

ක්‍රේල් කොන්ඩේ 
නදළු දෙතොලේ 
සිහින් දෙබැමේ 
අනේ ලස්සන
මේ බුදු පිළිමේ 

නාඹරේ 
ඒ කුමර කාලේ 
සිද්ධාර්ථ ඉන්ටැහැ 
නළුවා වාගේ 

අපේ අබගේ 
එදා නොහිටියේ
ඇහින් දකිනට 
සුපුන් එ රුවේ 


"....වේරමණී සික්ඛාපදන් ..."

පලි : දන්නා තරමට තමන්ව  අත නොහැර නිවන් දැකිය  නොහැකි බව කියාදුන්නේ බුදුන්මය. මාලිගාව, රාහුල පුතු, කන්ථක අසු, යශෝදරාව මෙන්ම සිද්ධාර්තව ද හේ අත්හැරියේය. සිද්ධාර්තව අතහැරියේ මුලින්මද, අන්තිමටද කියා මට තවම නිගමනයකට ආ නොහැක. නමුත් මට හිතෙන්නේ ඒ මුලින්ම කියාය, අන්තිමේදී අත හැරියේ මමත්වයයි. 
ඒත්  බුදුන් වහන්සේට පොඩ්ඩක් ඉන්න කියා, අපි සිද්ධාර්ටථ බදා ගෙන  පට්ට ලව් ය. 

06 March 2019

බජට් ඉස්පීච් එක

ගරැ කතානායක තුමනි

ආරිච්චි බෝරිච්චි
පාට පාට සබන් බෝල
ඒ අතට මේ අතට
සමනළ පාටට
ලාබ හීන

මඩි  තරකරගන්න
බ්‍රෝ
පටි තද කර ගන්න
සහෝ

ටොයි ටොයි ටොයි
බයියා බබා
බයි බයි බයි
ටොයියා බබා

09 February 2019

සේකර දුටු සඳ ...






සේකර දුටු සඳ
ඈ සිටියේ නැත
සෙව්වද හැමතැන
දිගු කබා පොරවා
හැල්මේ දුවන
මිනිසුන් මැද

ටික කලක් ගියාම
වෙනස් වෙනවා මිනිස්සු
ග්‍රීන් කාඩ් ලැබුනාම
ඩොලර් කොළ සුවඳ
නාස් පුඩු දිගේ ඇදුනාම
බැරි වෙනවා අඳුනන්නවත්
 කෙනෙක් කීවේය
සෙව්වද හැමතැන
දිගු කබා පොරවා
හැල්මේ දුවන
මිනිසුන් මැද

ටික කලක් ගියාම
වෙනස් වෙනවා මිනිස්සු
ග්‍රීන් කාඩ් ලැබුනාම
ඩොලර් කොළ සුවඳ
නාස් පුඩු දිගේ ඇදුනාම
බැරි වෙනවා අඳුනන්නවත්
 කෙනෙක් කීවේය

05 February 2019

නිවිච්ච තේ // Lukewarm tea (A poem)


Piping hot
tea had to be 
a must it was 

'fore 
the sun comes around
gently knocking on the window
'fore 
the spent dreams 
flutter away from their night's roost

abhor 
anything but
and the people who devour
tea differently

But seasons do change the tree

As I sit at the edge
of the bed
and find my way through
the labyrinth of memories 
the cup sits 
patiently 
holding the milky tea 
lulling it to lukewarmth
just the way 
I like nowadays

PS: Lukewarm tea is an acquired taste
______________________________


කට පිච්චෙන උණු තේ 
විතරමයි 
මට නම් 
කාලයක් 

ඉර ඇවිත් හිමින් සැරේ 
ජනේලයට තට්ටු කරද්දී 
දෑස  නොඇරම දිවගාපු 
දිගු රැයක රැඟු හීන 
ලැගුමෙන් 
නුබ කරා ඉගිල්ලී 
පියාපත් හඬ 
පමණක් ඇසුණු 

කාලයා ඇවෑමෙන් 
මිනිස්සුත් වෙනස් වේ 

ඇඳපත්තේ  හිඳ 
මග සොයන මතක මංපෙත් දිගේ 
මං 
එනකං 
අඬු ව කැඩුණු කෝප්පය සිටි 
දරා 
කිරි වැඩි තේ
ඇල් මැරී  
තොළ  ගාන 
නිවිහැනහිල්ලේ
මා කැමතිම විදිහ 

දැන් තේ බොන

පලි: නිවිච්ච තේ රහ දැනෙන්න ටිකක් කල් යනවා