ගිම්හානය ඇවිදින්
යමින් ගමන්
ඉබාගාතේ
ගිම්හානය
ඇවිදින්
ඉස්තෝප්පුවටම
පාදනවා උගුර
ලජ්ජාශීලිව
බැරිම තැන
තට්ටු කරනවා
අව පැහැ
මල් වීදුරැ කොටුවට
දොර පියන
"ගෙදර කවුද "
විමසත්
ආචාරශීලීව
ඉන්නෝනේ
ඇහුන් නෑ වගේ
"විවර කරන්න
දොර කවුළු
ඉඩ දෙන්න
මට එන්න "
මුමුනන්නේ
අයදින්නක්
තරමට හීනියට
ඉන්නෝනේ
ඇහුන් නෑ වගේ
අමුතුම ආරකට ලියැවුණු කියපු ගමන් හිත ගත්තු නිර්මාණයක්...එක පාරටම මතකෙට ආවේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ වස්සානේ කවි පෙළ...
ReplyDelete