30 November 2016
ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ල සහ මේසය මත ලතැවෙන දොඩම් ගෙඩි දෙක (කවිද මන්දා )
පෙර කියවීම :මෙය ගෙදර යාමට පරක්කු වූ එළවුළු මල්ලක් සහ මේසයක් මත ලතැවෙන දොඩම් ගෙඩි දෙකක් පිලිබඳ කතාවකි
ට්ක්රාස් ගා ගෙන
වීල් එක ඉගිලුනේ දුම් දා ගෙන
මුඩුක්කු අයිනෙන්
ගලයිද මොන ගංගා
කුණු ඇලක් මිස
ගොර ගොර ගා
මොන සාරි ගප්පිද
ඉස්ගෙඩි මිස
කකුල් එනකං ලතැවෙන
දොර පියන ඇරෙන්නේ
ක්රීස් ගාගෙන
ඇතුළට
වොට් හතළිහේ බලුබ් එකක්
විරිතන්නේ
එල්ලී වයර් එකක
කළුවරට
ලෑම්ප් ශේඩ් මොකටෑ
මේ වගේ තැන් වලට
ඇඳි සළු උනන්නේ
ඈ
පිටිපස්ස හැරිලා
හරියට
ලැජ්ජාව රකින්නැහේ
ඩිංගිත්තකට
ආපු එකා
සිලි මල්ල තියන්නේ
ඇඳ ලඟම
කරල් දෙකෙයි මුරුංගා
තක්කාලි ගෙඩියෙයි
වැටකොළු දෙසිය පනහෙයි
වැඩි පරිස්සමට
මේසේ උඩ
දිලිසෙන්නේ
දොඩම් ගෙඩි දෙකක්
ගෙඩියක්
පැපොල්
බලෙන් වගේ ඉදවුණු
අත ගාන්නේ ආසාවට
පොඩි එකීත්
කන්න ආසයි
දොඩම් නම්
"තැලෙයි .. පරිස්සමෙන් "
ගත්තේ
ඉස්පිරිතාලේට ගෙනියන්න හෙට
ටිකක් අමාරුයි එයාට
යන්න නම් උදේ
ලෙඩ්ඩු බලන වෙලාවට
අල්ලන්න ඕනේ
පහමාරේ බස් එක
ඉක්මන් කරමු ද
ඉතින්
03 September 2015
Summer's end showers // ගිම්හානය අග වැසි
monsoon tears
long sighs of summer's end
ruffle the tresses
Girls giggle
***
පොළො තෙතයි තාම
මෝසම් කඳුලට තෙමුණු
ගිම්හානයේ අග
සුසුම් දිග
අවුල් කරයි කෙහෙරැල්
කෙල්ලන්ගේ කොමළ සිනා
මුකුළු ලතා
15 April 2015
කෝච්චියට නැගී අවුරුදු හා කමලාවතිගේ අවුරුදු පිඟාන
අටයි දහය මිස් උනොත් නම් රැස්වීමට යන්න පරක්කු වෙනවා. දොර වැහෙන්නට පෙර දුම්රිය මැදිරියට ගොඩ වීමට මම අඩිය ඉක්මන් කලෙමි
"පොඩ්ඩක් ඉඩ දෙන්න මටත් ඇතුළට එන්න " ලයාන්විත කටහඬක් ඇසුනෙන් මම මදක් ඇතුළට වුනෙමි. එනමුදු රුවක් ඇස නොගැසුනි . පුරුදු කටහඬක් . කැවිලි පුසුඹක් ... වෙන්න බෑ .. නෑ ඇත්තටම කැවිලි පුසුඹක්
මොනවද බැලුවේ (ආයෙත් අර කටහඬ )
කවුද ඔය (මම හඬින් සිතුවෙමි )
කලබල වෙන්න එපා . ඔව් මම තමා . පේන්නේ නැති උනාට ...(එවර හීනියට මෙන් ඔංචිලි වාරමක් ඇසෙන්නට විය )
ඔලුව කොලොප්පන් වේගෙන එනවද කොහෙද
මේ සැරෙත් මෙහෙ නේද ? අද ගෙදර ඉන්න බැරිවුනයි ? තාම නොනගතය
මෙහෙ කොහේද සිංහල අවුරුදු
ජය වර්ණය රතු .
අද ප්‍රොජෙක්ට් මීටින් එකක් ..(කාටද මම මේ උත්තර දෙන්නේ )
කැවිලි ටිකක් වත් ගෙන්න ගත්තද
මේ සැරේ බැරි උනා
අඩුම ගානේ කිරිබතක් වත් හදනවද නැකතට කන්න
සතියේ දවසක්නේ , ගෙදර හැමෝම වැඩට , ඉස්කෝලේ ගිහින් රෑට වත් හදා ගෙන කනවා
රෑට කිරිබත් ?
මොනවා කරන්නද ඉතින්
අම්මලා බලන්නවත් බැරි උනා මේ සැරේ නේ
අම්මා ... මේ සැරෙත් ....කෝල් එකක්වත් දෙන්න ඕනේ
**********************************
කමලාවතිගේ අවුරුදු පිඟාන
තාප්පෙන් එපිට බැදෙන
කොණ්ඩ කැවුම් පුසුඹ දිගේ
කමලාවතී ඉස්කෝල හාමිනේ
කරන්නී
කාලතරණය
කමිස
පොඩි
සරම් පොඩි
ඇඳ
(බඳ වට බැඳ
පටියක්
වැඩි පරිස්සමට )
කෑම පිඟන් ඔබමොබ
ගෙනගිය
කොලුපැටව්
අද නැත
උන්
මුහුදු හතක් එපිට
(නිවාඩු නැති පවට
මක් කොරන්, ඉතින් .)
කවුරුවත් නැති ගේ වල
කිරිබත් කැවිලි මක්කට
සබන් කෑලී දෙක තුනක්
ගෙනත් තියන්නැහි
(පැන්සොන් එකේ ඉතිරියෙන් )
පිඟන් දෙක තුනට
14 March 2015
මොහොතකට , මොහොතකට // Living and dying in moments
පහුගිය සතියේ දිනෙක ගුවන්තොටුපොළක මගී පර්යන්තයේ මම හිඳ ගෙන සිටියෙමි . රෝද පුටුවක හිඳ ගත් කතක් , ඈ ගත වෙලා ගත රෝගී තත්වය හුවා දක්වමින් නිසොල්මනේය . සමහර විට ප්‍රතිකාර ගන්නට එතෙර යනවා වෙන්නට ඇත . එසේ නැතිනම් ප්‍රතිකාර ගෙන , ඉන් සුව නොලබා ආපසු එනවා වෙන්නට ඇත . ඈ සැමියා , ඈ දෙසම බලා සිටින්නේය . ඈ එක්වරම දිගු හුස්මක් අදින්නීය . ඔහු එවිට කලබල වේ .
You breathe heavy
drawing each breath
with intent
refuting with the serene composure
lying on the white sheets
each heave
granting
a moment
yet another
to feel
to remember
to think
to wonder
…whether you ever will
run in to the waves
with your face to whispers
of the nattering breeze
You take another
breath
in
to hold
for a moment
to live
I
Look at you
Breathing
Your frail frame
Rising
From the white sheets
As if
to fly away
to the horizon
…almost
I
remember
feel
die
in moments
ඇදී දිගු හුස්ම
රැහැන
අල්වා වැරෙන්
(ගිලනෙකුට තරම් නොවන සේ )
මොහොතකට
මතකයනට
සිහිනයනට
පණ නළ පිඹිනට
මොහොතකට , මොහොතකට
ජීවත් වෙන
ඔබ
ඇදී හුස්ම
පුම්බා
උඩ පහත යන
උර කුහර
කමටහන් කොට
විඳින
සිතන
මෙනෙහි කරන
මොහොතකට , මොහොතකට
මියෙන
මම
01 November 2014
අපි හිත උණු වෙන ජාතියක් ඕයි // Sympathy reload
සුනාමියේදීත් අනේ කියවුනු
කොස්ලන්දේ දීත් අපොයි කියවුණු
මුහුණු පොතේ
බිත්ති දිගේ
මනුසත්කම බේරෙන
කරුණාව ෂෙයාර් වෙන
පරණ ඇඳුම්
සිලි මල්ලක හුවා
දන් දී
පාරමි පුරන
අපි
හිත උණු වෙන ජාතියක් ඕයි
උපන් දිනේට මහළු නිවාසෙට
පල්ලි දොරේ යාචකයනට
බත් පාර්සල් බෙදා දෙන
මාවතේ බල්ලන්
ගෙදර ගෙනවිත්
නාවන
කන්න බොන්න දෙන
අපි හිත උණු වෙන ජාතියක් ඕයි
එතකොට තාප්පෙන් එහා
අප්පා අබ්බගාත
ඉස්කෝලේ නොගිහින්
ගෙදර නැවතුනු පොඩි එකී ?
යාල් පානමේ , අලුතෙන් තාර වැටුන
පාර අද්දර
අව් කාස්ටකේ
අර කියූ සාමය එනතෙක්
මග බලාන ඉන්න
පොඩි එකා ?
ශික්.
ලස්සනට ගලා ගෙන ආව
කවිය
කරුණාව
එහෙම්ම නැවතුනා
අතරමග
මේවා ඔලුවට අවුත්
දැන් දැන් නම් , ලෝක දෙකක් අතර අතරමං උන . පුංචි රුපියල් පනහක කරුණාව රිලෝඩ් එකක් දා ගෙන සද්දේ දාන , ඒක ඉවර උනාම ..
ඒත් අපේ මුළු ජාතියම මේ වගේ වෙලා . සමාජයක මුහුකුරා ගිය ගති ලක්‍ෂණ... ඉවසීම , දිගු කාලීන උපායන් යෙදීම හා ඒ සඳහා කැපවීම . තුන් කල් බැලීම ... මේ වගේ ගති ලක්ෂණ නැතිම වගේ වෙලා දෝ කියලා මට වෙලාවකට හිතෙනවා
19 October 2014
මං නම් පොලිටික්ස් වලට නෑ // But politics needs you
17 October 2014
My favorite moment //මා කැමතිම මොහොත
01 October 2014
කුඩ විප්ලවය
27 September 2014
A daily miracle // ආශ්චර්යමත් දිනක්
20 September 2014
අදින් පස්සේ // Back to life , Back to reality
17 August 2014
මෙන්න ගාසාවේ වෙඩි තියනවෝ , බෝම්බ ගහනවෝ , මිනී මරණ වෝ // May I divert your attention please
බුකියේ එල්ලා ගෙන , මාස ගනන් වෙන්න එනවා
ඔන්න ඔහේ තිබිච්චාවේ
පැය විසි හතරෙන් වලලනවා ලු
ඒ පැත්තේ මැරුණාම
ඒත් පිංවත
ඒවා කොහේද අපිත් එක්ක
හිස් කබල පසාරු උනු පින්තුරේ එල්ලලා
ගොක් කොළ ඉටි කොළ නෙමෙයි
ලයික් කොඩි වැල් ඇදලා
සිවුර කැහැපොට ගහන්
බෝඩ් එක උස්සගෙන
අපි පාමු විරෝධය
මහ කොළඹ, මහා දවල්
මෙහෙම නෙමෙයි මචං
යමුද අපි ජිනීවා වත් ?
කියන්න මේ අවනඩුව
මේ බෝඩ් ටිකත් අරං
එහෙම කරන්නේ කොහොම ?
දැක්කම උන් අපිව
අහයි එකපාරටම
කොහොමද අර වැඩේ ප්‍රගතිය ?
ඒ නිසා සුපින්වත
පණ්ඩිත කම් නොකර
උස්සහන් බෝඩ් එක
අර පැත්ත නොපෙනෙන්න
පලි
යුද්ධයට මම ඉදුරාම විරුද්ධය . පොඩි එවුන් මැරීමටද විරුද්ධය .එමෙන්ම ඊශ්‍රායලය සැදීමේ ක්‍රියාවේ චන්ඩි පාට් එකටද විරුද්ධය .
නමුත් මේ ලංකාවේ විරෝධතා ව්‍යාපාර වල නිකන් , හෝටලයක සපත්තු විකුනනවා වගේ ගතියක් පෙනේ . එක අතකින් එහෙමත් පුළුවන් ය
01 August 2014
ආදරයේ පාළම
04 June 2014
Five O'clock in the morning // පහේ කණිසම
blushed to the corolla tube
part
leaving only the memory
of her sweet scent ,
in her lover’s mind
18 April 2014
සතුට , නැවත සිතීම // Re thinking happiness
වෙලාවකට කැමරාවත් එක්ක පාරේ ඔහේ ඇවිද ගෙන යන කොට නිකන් භාවනාවක් වගේ . ඇහින් ඇතුලුවෙන රූප , හිතේ කවි, කතන්දර ලියනවා . කැමරාවෙන් ලියා ගන්න කතන්දරේ කොච්චර ලඟට සමපාත වෙනවද මන්දා ඒ කතාවට .
Some times walking through the streets with the camera in your hand is like a meditation . The images that come through your eyes and writes prose in your mind . And in the post processing you try to recreate the that story in the pictures that you have captured
In a dark nook of one's own
In a tune stuck in one's head
In a stain of a smile covering the gaze
One finds a faint hint of happiness
09 April 2014
Error 404 (moments before)
හේ සුසුම් හෙලා
ඉනික්බිති ඈනුමකින් ලය පුරා
දිලි දිලි නිවෙන
නිවි නිවි දිලෙන
නිල් පැහැ තිරයට
අනිමිසලෝචනයෙන් නෙත් යොමා
ඇගිලි තුඩු සක්මන් කර
යතුරුපුවරුව මත
ගලපත් අකුරෙන් අකුර
තනනට වදන "සැබෑ ජීවිතය"
සොයන්.
දෙන්නේය විදානය ඔහු
He sighs
and yawns
in that order, of course
Before he stares
in to the blinding blue
Incandescent screen
and type "real life",
in the search bar,
and wait.
19 March 2014
The unfinished poem and the disturbed song. //. නොනිමි කවිය සහ බලෙන් නැවතු ගීය
කැළඹි සිතකින්
තනයි පෙළගසන්නට වදන්
කොපි පොතක රූල් අතර
සොයයි සන්වේදනාවක් කුමක් හෝ
අවසන් කරනට
නොනිමි කවියක්
ගල්ගැසුනු
හිරිවැටුනු සිතක කොනක
A sleepless poet
tries hard
to conclude the half done ode
lining up words carefully
within them parallel lines
of the distressed note book
A one handed smack ends
the undone mosquito recital
of beautiful three lines
sparing the last line
of the lingering breve
the frail limbed songstress
lies in a pool of gore
succumbed to her song
15 February 2014
කවිද මන්දා
කාටවත් විරුද්ධව නෙමෙයි , නිකන්ම හිතුන දේ .
පෙබරවාරි 5දා
කොඩි ගහෙන් බාලා
හතරට නවලා
අරන් තිබ්බා පැත්තකින්
සිංහ කොඩිය
නෙලුම් කුළුන (යෝජිත )
හිස් වුනත් බන්ඩිය
උදේට ගහන කුඩාරම්
පිරිමි කම
Out growing a belief
My daughter ...
she out grew the belief
when she was five
of the man in the red suit
who knew when you were good
or bad
But in God
still believe
I
සතුටේ පිරිවැය
කිරි පිටි
හාල් මැස්සෝ
පරිප්පු
මිල වැඩිවුනත්
බලව් සබඳ
සතුටේ පිරිවැය එතැනම
මැක් ඩොනල්ඩුවේ
හැපී මීල් එකක්ම කීයද ?
හිල්ටන් පබ් එකේ
හැපී අවර් එකම තුන් දාහයි
පොඩි රුපියල්
හරි හරි
එහෙම නැතිනම්
ධර්ම රාජ්‍යයක් හදන්නම වියදම
පින්වත
හන්ඩ්‍රඩ් බක්ස්
02 January 2014
31 දා රෑ මල්වෙඩි
මුලින්ම ඇවිලුනේ
ගිනිකූරූ හිසක්
නැහැ කාටවත් දැනුනේවත්
පලමු කූර අලු වී ගියා
නිකරුණේ
දෙවැන්න, හිස ගිනිගෙන
දැවෙන දැල්ලෙන්
පත්තු කරන් වෙඩි නූල
කැරකුනා
බඹර චක්‍ර
අහස් කූරූ හූස් ගා ගෙන
පිඹගෙන ගොස්
ඩෝං ගාලා පිපිරුනා
මල් වෙඩි වරුසා වැටුනා
අහසක් පිරෙන්න
පෙට්ටියෙන් එලියට
ගෙල දික්කර
ගිනිකූරූ
බලාසිටියා ඒ දෙස
නෙත් අයා
පලි: මම ලියුවේ මේ 31දා රෑ පත්තු කරපු මල් වෙඩි ගැන...
22 December 2013
හිත බොර වී
ගලන දියවර
හිමින් හිමින්
කාලයේ තාවුල්ලට
නැවතිය නොහී
කැලතුනු තැනක
බොර දිය සුලියක්
හිතේ හිර කරන්
තැවෙම්




