ගෙදරටම ගෙනත් දුන්
සහන මලු නැත
සිනා මුව ඇඳි
වතුර බෝතලුත් නැත
නොකඩවා ගලා ගිය
සෙනෙහෙ කරුණා ගඟුලත් සිඳී
මාමේ නැන්දේ කියාගෙන
ආගිය නෑයොත් නැත
කස කාරයෝ , ගිනි පෙනැලි , හේවිසි
පිරිවරා ගිය
ඩිපෙන්ඩර් රිය පෙරහැරත්
නැත
හවසට කාන්සියට
සින්දුවක් අහන්න තිබුණු
සංගීතෙත් නැත
කොඩිත් නැත
බයිලාත් නැත
මැජිකුත් නැත
එහෙම කාලයක්
තිබුණු වගක්වත් නැත
අදින් පස්සේ
අනේ ඉතින්
දත් තිස් දෙකම විරිත්තා
ReplyDeleteබලු හුලිජ්ජ පහරටද අසුවූ
අපේස්සක තුමාගේ පෝස්ටරය
මෙතක් දවස් අව්වට වේලි වේලි තිබී
අද උදේ එළුවෙකුගේ බඩට යනු දුටිමි...
..
..
ඌවේ චන්දයක් නොතිබූ බව
එළුවා බෑගිරි ගාමින් කියා
යන්නට ගියේය...
ඔබ කවිය මට තව පේලි දෙක තුනකුත් , පින්තුරයකුත් එක කරන්නට අදහසක් දුන්නා . ස්තුතියි
Deleteආපහු ලබන චන්දෙදි ඔහොම වෙයි , මේ දේවල් මතක නෑ වගේ ආපහු හැමෝම දුවයි
ReplyDeleteආපහු ලබන චන්දෙදි ඔහොම වෙයි , මේ දේවල් මතක නෑ වගේ ආපහු හැමෝම දුවයි
ReplyDeleteමට මතක නෑ
Deleteබය වෙන්න එපා ළඟදීම තව එකක් දෙයි.. ඒ අතින් නම් පට්ට ආන්ඩුවක් මේක..
ReplyDeleteනිර්මාණය නම් උපරිමයි...
ඔව් ආයෙමත් එනවනේ රවුමක්
Deleteඅපි හැමෝම ඕක අත්දකින්නෙ අවුරුදු කීයක ඉඳලද?
ReplyDeleteමම නම් ආසාවෙන් කියවන්නෙ ඔබේ ඉන්ග්‍රිසි කවි. ඇයි දැන් ඒව ලියන්නැත්තෙ?
ඔන්න ආයේ නිල් මාව උනන්දු කලා
Deleteඅහෝ ඛේදයකි...ඉරකි තිතකි..
ReplyDelete:)
DeleteBack to life.
ReplyDeleteBack to reality
කියන්නේ
සති අන්තය ඉවර වෙලා ඉස්සෙල්ලම වැඩට යන්න වෙනකොට
නිවාඩු කාලයක් ඉවර වේගන එනකොට
ස්ටාෆ් රූම් එකේ ඉඳලා පන්තියකට යන්න බෙල් එක වදිනකොට
මම නිතරම මුමුණන සින්දු කෑල්ලක්.