පෙලි :සමහර වෙලාවට සමහරෙක් කියන කතාවක් තමයි, අපි නම් පොලිටික්ස් වලට නෑ කියන එක. ඒත්...
ඔන්න මං නම්
පොලිටික්ස් වලට නෑ
ඒ උනාට
එහෙම බෑ
පොලිටික්ස් වලට
මා
ඕනෑ
බේගල් තර්ක ගුලි ගිලින්න
සිල් රෙදි, උදලු තල ,ටකරන්
සහන හිරිපොද වරුසාවට
තෙමෙන්න
මහා බල ජනතා පරමාධිපත්‍ය
දන්සල් දොරෙහි
පෙළ ගැහෙන්න
එ මහතුන් හිත් පිරෙන්න
මහජන කැමෑත්ත මලු පිරෙන්න
දසන් පෙන්වා සවන් දක්වා
ඇලවුනු මුහුනු පවුරු පුරා
සිහි කරත් මට
මේ ප්රජාතන්ත්රවාදී රාජ්ජේ
මගේ කැමැත්තට ඉඩක් නෑ
මං පොලිටික්ස් වලට නැති උනාට
එහෙම බෑ
මේ රටේ කතා කරන්න තියෙන්නේ පොලිටික්ස් විතරනේ.. ඒක හැම තැනම අරක්ගෙන..
ReplyDeleteරටේ විතරක් නෙමෙයි කියලයි මට හිතේන්නේ
Deleteමමත් ආසම නැති දෙයක්...:D
ReplyDeleteපොලිටික්ස් කියනවා
Delete"මං කැමතියි පොඩ්ඩිට,පොඩ්ඩි කැමති නෑ මට"
මිනිසා යනු දේශපාලනික සත්වයෙකි ලු
ReplyDeleteසත්ත්වයෙක් කියන එක නම් හරි ද කොහෙද....
Deleteමටත් හිතෙනවා එහෙම
DeleteOh, get a life!
ReplyDeleteBut.. Is there such a thing as a life without politics
Deleteහුස්ම පොදෙත්
ReplyDeleteවතුර ටිකෙත්
කන බොන
යන එන
හැමතැනමත්
ගෑවී වණ වී ඇති
එබෝලා වයිරසය
පොලිටික්ස්
නම් වෙයි
කතා කරන්න
කතා කරන්න
වඩා වේගෙන්
පැතිරෙන
ඌවෙන් පස්සේ නම් වැසිකිලි පෝච්චියෙත්
Deleteදේශපාලනය හරියට භාවිතා නොවීමයි මේ හැම දේකට ම අවුල... නැතිනම් අැරිස්ටෝටල්, ප්ලේටෝලා ගොඩනගපු දේ වැරැද්දක් නැහැ............. අපියි වරද්දන් ඉන්නේ.............
ReplyDeleteදේශපාලනයේ හරි වැරැද්දක් නැත..අපේ හැමදෙයකම දේශපාලනයක් ඇත.ඔබ පවුලේ පාලන ක්‍රමය..ඔබ හිතන, ජීවත් වන දේශපාලන දර්ශනය කුමක්ද?.
Deleteමේ මට මේ මාතෘකාව ගැන නැගුනු ප්රශ්නයන්ය
පොලිටික්කන්ට අපිව ඕන...
ReplyDeleteපොලිටික්ස් යනු බොහෝ ටික්කන් (මැක්කන්)යන්න නේද? උන් පරපෝශිතයන්ය
Deleteඔන්න මං නම්
ReplyDeleteපොලිටික්ස් වලට නෑ
මං පොලිටික්ස්වලට නෑ කියන එකත් පොලිටිකල් ස්ටේට්මන්ට් එකක්, අර ඒතියස්ට්ලාත් එක්තරා ආගමක් වෙනවා වගේ!
ReplyDeleteApatheists ?
Deleteකකා.මමත් හිතන්නේ එහෙම තමා.නිර් ආගමිකයන් ,ආගමක් අදහන්නවුන්ට වැඩියෙන් හෝ අඩුවෙන් පව් නොකරන්නා සේම..
Deleteඅපිට එපා ඒත් අපිව ඕන...
ReplyDeleteතොපිව එපා ඒත් තොපිට ඕන..
අලේ මංදල්ලෑ අලේ
ඔය කොච්චර "උන්ව" එපා කිව්වත් උන් පුරවන්නෙත් අපේ සමාජයේ අවශයතාවයක් , අපේ ජීවිත වල අවශයතාවයක් නේද?
Deleteවෙන මොනවා කියන්නද.....
ReplyDelete//////Little Jhonny goes to his dad and asks, "What is politics?" Dad says, "Well son, let me try to explain it this way. I’m the breadwinner of the family, so let’s call me Capitalism. Mommy is the administrator of the money, so we’ll call her the Government. We’re here to take care of your needs, so we’ll call you The People. The nanny, well, consider her The Working Class. Your baby brother, we’ll call him The Future. Now go think about this and see if it makes sense." So the little boy goes off to bed thinking about what Dad has said. Later that night, he hears his baby brother crying and runs to his room only to find that his diapers are very soiled. So the little boy goes to his parents’ room. Mom is sound asleep. Not wanting to wake her, he goes to the nanny’s room. Finding the door locked, he looks through the peephole and sees his father in bed with the nanny. He gives up and goes back to bed. The next morning, the little boy says to his father, "Dad, I think I understand what politics is now." "Good son, tell me in your own words then what politics are." The little boy replies, "Well, while Capitalism is screwing the Working Class, the Government is sound asleep, the People are being ignored and the Future is in deep shit." ////////////
source: http://www.jokes4us.com/dirtyjokes/youngpoliticsjokes.html
මගේ සටහනට ඌණපූර්ණය !!
Deleteමරු අරූ
පොලිටික්ස් දැන් මිනිස්සුන්ට විහිලුවක් වෙලා. මේ දවස් වල ජාතිකේ, නයි.ටී.එන් එකේ ප්රවෘත්ති බැලුවත් නිකන් මිස් බීන් ගේ කොමඩියක් බලනවා වගේ. අනිත් ආතල්ම වැඩේ ඔය වාද පිටිය, සටන අනම් මනම් වලට ඇවිල්ලා ආණ්ඩු පක්ෂේ අයයි විපක්ෂේ අයයි මරාගන්නවා නේ. ඕක බලන් ඉන්න අපේ සිරිපාලලා, සිරිසේනලා, සෝමවතීලා, කමළක්කලා හුරේ කියලා හෝයියා දානවා අද නම් දුවන්න දුන්නා කියලා. ඒත් ඉතින් අර මද විරාමයක් කියලා යන අතර තුරේදී මරා ගත්ත උන් උන්ගෙම්න අහගන්නවලු තරහා ගියාද මචන් කියලා. මේවට ඉතින් මොනවා කියන්නද මන්දා..
ReplyDelete