26 October 2014

යටට ඇඳලා ඉන්නේ මොකක්ද ?// camouflage prints , a fashion trend in Sri Lanka

යුද්ධය කාලේ කැමා (camouflage) ඇඳුම් ඇඳීම තහනම් විය , ඒ ආරක්ෂක හේතුන් නිසාය . යුද්ධය නිමාවී කිරිබත් කෑ අපි , කැමා  ඇඳගෙන සිටි අය  ඒවා උනා දමා සුදු ඇඳුම් අඳිද්දී , හවුසොප් පැසන්  එකෙන් ගෙන කැමා  ෂෝට්  ඇන්දේ , අර හිතේ තිබුණු පරණ ආසාව සංසිඳුවා ගැනීමටය .

හැබැයි බලා ගෙන ගියාම ගොඩක් දෙනා උඩින් පෙනෙන්නට 
නොඇන්දාට , යට කලිසම හැටියට අඳින්නේ කැමා  ෂෝට්  එකක් බව හොඳින් පැහැදිලිය .

අලුත්ගම පැත්තේ රට දැය සමය රැකගන්නට දෙස් දුන්නවුන් ගේ සුදු ඇඳුම් , කසාවන් චීවර  යටින් ද , රටේ වැදගත්ම අය සහභාගී වූ ඇමරිකාවේ සාදයක බාල් නැටුම් නැටු අයගේ කෝට් සුට් යටින්ද හැඳ  සිටියේ කැමා යට කලිසම්මය . ඔබ මා විශ්වාස නොකරනවා නම් මම මේ නුදුරේ උදාහරණ කීපයක් දෙන්නම් . 

ගිය සතියේ කුරුණෑගල පැත්තේ වැදගත් ඇමති වරයෙක් රූපවාහිනි වැඩසටහනක  වැදගත් කතාවක් කළේය .  ඉතා සංවර ස්වරයෙන් ඒ කතාව අවසන් කල ඔහු අත් දෙක ඔසවනවිට කකුල් දෙකටම ඇඳ  සිටි කලිසම මදක් පහතට වැටුණි . ආන්න එවිට අර කැමා ෂෝට ඉන හරියෙන් පෙනුනි . ඔබ එය නුදුටුවේද ?

මේ සතියේ මඩකලපුව පැත්තේ හාමුදුරු කෙනෙක් ඉතා දැමුණු වදනින් , මහාර්ඝ දෙසුමක් කලෝය . අවසානයේ ඉතා දීර්ඝ වේලාවක් අසා සිටි අයගේ මව් පියන්ට පුණ්‍යානුමෝධනා කිරීමෙන් පසු උන් වහන්සේ  
" සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා " කියා මෙත් වඩා , එහා මෙහා වූ චීවරය  සකස් කර ගත්තෝය . අන්න එවීට සිවුරට යටින් ඇඳ  සිටි කොළ කාකි පැල්ලම්  සහිත කැමා ෂෝට  හැමෝටම දිස් විය . ඔබ එය නුදුටුවේද ?

ඒ කිසිවක් නොදුටුවෙනම් .. මේ පහුගිය සතියේ අප ජනාධිපති තුමා බජව් එක බජට් එක ඉදිරිපත් කළේය . ඉතා ගරු ගාම්භීරව , ඉතා ගැඹුරු යෝජනාවලියක් ඉදිරිපත් කල ඔහු කතාව අවසන් කළේ  "තෙරුවන් සරණයි" කියාය . ඉන් පසු ඔහු සුදු සරමේ ගැටය ලෙහා පට පට ගා ගසා , නැවතත් ගැට ගසා ගත්තේය ....එවිට මුළු රටටම ඔහු සරම යටින් ඇඳ සිටින කැමා සෝටේ හැඩ  පෙනුනි .

21 comments:

  1. මේ කතාව කියවලා මම මේ මොහොතේ ඇඳන් ඉන්න කැමා ෂෝටත් නිකං කසන්න කසන්න වගේ ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒවා හිටපු ගමන් කහනවා තමයි..
      ඔබ දැක්කද අර කියපු කට්ටියගේ ශෝට වල්

      Delete
    2. Had a glimpse. But pretended I didn't see it. Told myself my imagination is playing tricks on me.

      Delete
  2. *****
    JP, thamaa dawasakatawath miniha1
    !

    ReplyDelete
    Replies
    1. :) (අහිංසක ලෙස සිනාසෙයි)

      Delete
  3. අපේ කැමා එකත් පෙනෙයිද දන්නේ නෑ.. බොහෝම අමාරුවෙන් පෙන්නන්නේ නැතිව ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. අපි කවුරු කවුරුත් නේද .... සිරාවට මම නම් හිතන්නේ සාමය ඉවර වෙන්නේ අපේ හිත වල තියෙන ඒ කැමා ෂෝට් යට කලිසම් ඔක්කොම ගැලෙව්වට පස්සේ කියලා

      Delete
  4. අනේ නිකං යන්ට අනේ යන්ට

    ReplyDelete
    Replies
    1. ඇයි අටමෝ එහෙම කිව්වේ

      Delete
  5. මටත් කියන්ට තියෙන්නේ අටමා කීව එකම තමයි. :P

    ReplyDelete
  6. බොරැ කිව්වෝත් අපායේ යනවා..

    ReplyDelete
    Replies
    1. ආයේ අමුතුවෙන් යන්ඩ දෙයක් නෑ නේද

      Delete
  7. අපිනම් මීටරේ උපරිමෙන් පාවිච්චි කරලා ඕක හංගා ගන්නවා . JPලට හොයන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කොයි වෙලාවේ හරි සරම පොඩ්ඩක් උස්සන්න වෙනවා

      Delete
  8. අයි නානසාර හාමුදුරුවෝ, චම්පික ගොයියා , විමල් විහිලුවංශ ..කට්ටියම කැමා ෂෝට ගහගත්ත ගමන්

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ බට්ටි , අර චිත්‍රපටි හදන සෝමේ වුනත් එහෙම බැලුවම

      Delete
  9. පට්ට ලූ..........................

    ReplyDelete
  10. සෑර් මේක නං නිකන් මලක් ගැහුව වගේ සනීපයි කියවල ඉවර වෙනකොට.
    සෑර් ලියපු හොඳම එකක්.

    ~සූස්ති ගුණේ~

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිව්වා ලොක්කා

      Delete

Have commented