සුනාමියේදීත් අනේ කියවුනු
කොස්ලන්දේ දීත් අපොයි කියවුණු
මුහුණු පොතේ
බිත්ති දිගේ
මනුසත්කම බේරෙන
කරුණාව ෂෙයාර් වෙන
පරණ ඇඳුම්
සිලි මල්ලක හුවා
දන් දී
පාරමි පුරන
අපි
හිත උණු වෙන ජාතියක් ඕයි
උපන් දිනේට මහළු නිවාසෙට
පල්ලි දොරේ යාචකයනට
බත් පාර්සල් බෙදා දෙන
මාවතේ බල්ලන්
ගෙදර ගෙනවිත්
නාවන
කන්න බොන්න දෙන
අපි හිත උණු වෙන ජාතියක් ඕයි
එතකොට තාප්පෙන් එහා
අප්පා අබ්බගාත
ඉස්කෝලේ නොගිහින්
ගෙදර නැවතුනු පොඩි එකී ?
යාල් පානමේ , අලුතෙන් තාර වැටුන
පාර අද්දර
අව් කාස්ටකේ
අර කියූ සාමය එනතෙක්
මග බලාන ඉන්න
පොඩි එකා ?
ශික්.
ලස්සනට ගලා ගෙන ආව
කවිය
කරුණාව
එහෙම්ම නැවතුනා
අතරමග
මේවා ඔලුවට අවුත්
පලි : වරදවා තේරුම් ගන්න එපා . අපි ඇත්තටම හිත උණු වෙන ජාතියක් . ඒ වගේම ඉක්මනට අමතක වෙන .
දැන් දැන් නම් , ලෝක දෙකක් අතර අතරමං උන . පුංචි රුපියල් පනහක කරුණාව රිලෝඩ් එකක් දා ගෙන සද්දේ දාන , ඒක ඉවර උනාම ..
දැන් දැන් නම් , ලෝක දෙකක් අතර අතරමං උන . පුංචි රුපියල් පනහක කරුණාව රිලෝඩ් එකක් දා ගෙන සද්දේ දාන , ඒක ඉවර උනාම ..
සාමාන්‍යයෙන් මෙය සමාජයක තරුණයන්ගේ , ගැටවරයන්ගේ තත්වය . තාරුණ්‍යය තමයි රැල්ලට දේ කරන. ඉක්මනට අලුත් මාතෘකාවක් හොයන ගති ලක්ෂණ පෙන්වන්නේ ..
ඒත් අපේ මුළු ජාතියම මේ වගේ වෙලා . සමාජයක මුහුකුරා ගිය ගති ලක්‍ෂණ... ඉවසීම , දිගු කාලීන උපායන් යෙදීම හා ඒ සඳහා කැපවීම . තුන් කල් බැලීම ... මේ වගේ ගති ලක්ෂණ නැතිම වගේ වෙලා දෝ කියලා මට වෙලාවකට හිතෙනවා
ඒත් අපේ මුළු ජාතියම මේ වගේ වෙලා . සමාජයක මුහුකුරා ගිය ගති ලක්‍ෂණ... ඉවසීම , දිගු කාලීන උපායන් යෙදීම හා ඒ සඳහා කැපවීම . තුන් කල් බැලීම ... මේ වගේ ගති ලක්ෂණ නැතිම වගේ වෙලා දෝ කියලා මට වෙලාවකට හිතෙනවා
දැන් උදව් කරන්නෙත් බෙර ගහලා සද්දේ දාලා ඉට්ටයිල් එකට..
ReplyDeleteමේ රටේ මිනිස්සු
තනිකර කෙලින්නේ පිස්සු..
මෙහෙමනේ මාතලන්, කරුණාවයි චැරිටියි දෙකක්. චැරිටියට ඇඩ්වටයිසින් අත්‍යාවශයයි.
Delete\\ අපි ඇත්තටම හිත උණු වෙන ජාතියක්\\ හැබැයි.. හැබැයි.. සුවර්ණවාහිනියෙනුයි.. හිරු එකෙනුයි.. තරඟෙට පෙන්නලා හිට් වෙන නිවුස් වලදි තමයි.. අනික්කෙක.. අපේ කරුණාව.. එදා රෑට නිවුස් වලදි පෙන්නනවත්නම්... ටිකක් වැඩිපුර උණු කරගන්න උනත් බැරි නෑ.. මේව දැකල පන යනව ඕයි..
ReplyDeleteදුක තරම් විකිණෙන දෙයක් නැති තරම්.
Deleteදුක විකිණෙන්නේ එය මිලදී ගන්නන් සිටින බැවිනි
පබ්ලිසිටිය නැත්තම් මොකටද ඕයි උදව් කරලා
ReplyDeleteඑකනේ
Deleteඇත්තටම අපේ හිත උණු වෙනවද ? මට හිතෙන්නේ අපේ හිත උණු වෙන්නේ පරලොව හිතසුව පිණිස විතරයි කියල . හැමදාම හාමුදුරුවරු පරලොව සැප ලැබෙනවා කියල කියන බණ නිසා උණුවෙන හිතක් නෙවෙයි ද අපට තියෙන්නේ ..
ReplyDeleteඒකත් ඇත්ත . බලාගෙන ගියාම් ඒකත් ආත්මාර්ථයට
Deleteදවස් දෙකක් ලවුඩ්ස්පීකර්ස්.....ඊට පස්සේ අර ඉබ්බගේ කටුව අස්සේ. අපේ ජන්මේ වැරැද්දක්ද කොහෙද බං.
ReplyDeleteජන්මෙයි ජාතියෙයි දෙකේම වැරැද්ද
Delete