අදත් ඇවිල්ලද අර කොල්ලා
ඔව් අප්පා , දැක්කම මගේ බඩ පපුව හෝස් ගාලා යනවා කාගේ උනත් දරුවෙක් නේ
හොඳ පවුලක වගේ ...හොඳට ඇඳලා එහෙම ඉන්නේ
ගිහින් කතා කරලා බලමුද ?
යමු
(ඔවුන් පාර දිගේ තරුණයා සිටි දෙසට ගියහ . තරුණයා මොනවදෝ තනිවම කියවයි . ඔවුන් මදක් ලංවෙන විට ඔහු යමක් ගණන් කරන බව ඇසුනි )
මේ ළමයෝ , මොකෝ කරන්නේ
මම මේ ගණන් කරනවා
ඔය පුතාගේ ගෙවල් කොහෙද ..ඔය අසනීප තියන් තනියම ඇවිදින එක හරි නෑ . යමු අපි ගෙදරට බස්සන්නම්
පිස්සුද අංකල්
ඕවා ගණන් ගන්න එපා , ලෙඩ ඉතින් කාටත් හැදෙනවනේ
අංකල් මම මේ ග්‍රාමසේවක ....ලයිට් කණු ගණන් කරනවා ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට කියන්න
_______________________________________
කෝ ඉන්නවද
අයියෝ මේ සැරේ නම් ටිකෙන් මිස් උනේ , ගියා ඉස්පිරිතාලෙට , බෙහෙත් ටික අරන් එන්න
ශිහ් දැන් දවස් කීයක් නම් ආවද
මොකෝ අයියේ මේ උඹ අපේ ආච්චිව හොයන්නේ
මේ දෙදහස් පන්සියක් තියෙනවා දෙන්න . .. මේක දෙන්න දැන් මම පන්දාහකට විතර බයිසිකලේ පැද්දා
________________________________________
පස්වාන් දහසකට අවසර මහා රජ තුමනි
කිමද රාජ පුරුෂය ?
දේවයන් වහන්ස , රට වැසියෙක් වාසල දොරටුවේ , ඔබ තුමා බැහැ දකින්න ඇවිත්
යකෝ මේ රෑ ?... රජෙක් වුනාම රෑට වැඩ තියෙනවා කියා ඌ නොදන්නේද
මම කීවෙමි රජ තුමනි , ඔහු නොසෙල්වී සිටිනවා
උඹ රාජපුරුෂයෙක්ද උපාසක මහත්තයෙක්ද ? කවුද ඔය ඇවිත් ඉන්නේ
ගොවියෙක් රජ තුමනි
කිමද ඒ ගොයියා ඇවිත් ඉන්නේ
අර කියූ පරිදි ඔහු මඩ සෝදා ගෙන පැමිණ සිටින බවක් තමා කිවේ
හැ හ්
පලි : දෙවෙනි කතාවට නිමිත්ත මිතුරෙකුගේ මුහුණු පොතේ සටහනක්
Last one is the best
ReplyDeleteIt can happen you know. These goyyas have no sense of humour
Deleteමඩ ගා ගත්ත නං හෝදා ගනිං කියලා තමයි කියන්න තියෙන්නේ!
ReplyDeleteඒ උනාට ඒ ජාතියේ මිනිහෙක් නෙමෙයි ඒ රජතුමා
Deleteකෝ කෝටී 500 ක් ගැන මුකුත් නෑ නේ.
ReplyDeleteඒ ගැන ඇසුනේ නැත
Deleteසුපිරි....
ReplyDeleteපළවෙනි කතාවට නිමිත්ත පාර්ලිමෙන්තුවෙන්....
නිමිති නම් හැම තැන
Deleteහැක් හැක්.. එළ
ReplyDeleteස්තුතියි
Deleteඇත්ත කතා. අර ලයිට් කනු සීන් එක නං නියමයි.
ReplyDeleteඅවාසනාවකට. රාජ්ලට වඩාත් දැනෙනවා ඇති මේ විහිලු. හිනා ගිහින්ම පණ යනවා ඇති
Deleteහුකැස්
ReplyDeleteපට්ට යකූ
:)
Deleteතව කතා ඉදිරියට.....
ReplyDeleteඔව් ඔව් . එලිවෙන යාමෙට.
Deleteඑල ද බ්රා
ReplyDeleteද බ්රා තමා
Deleteඑළය.... අවසාන එක හොඳටම එළය...
ReplyDeleteමේ එකෝමත් එක රටක කතාවක් බව කරුණාවෙන් සලකන්න . :)
Deleteහිකිස්.. තවම අතුරු කථා පටන් ගත්ත විතරනේ.. එළ එළ..
ReplyDeleteඔව් ඔව් කියලා තිබ්බේ එලිවෙන යාමෙට මොනවාද වෙනවා කියලා
Delete