කුඩා පොදු ගුණාකාරය සහ මහා පොදු සාධකය අතර වෙනසක් ඇත . යමක් ඉතුරු නැතුව බෙදෙන කුඩාම ගුණාකාරය එකකි . අනෙක , සංඛ්‍යා වන් එක්වූ විට සෑදෙන මහාවූ පොදු සාධකයයි . නමුත් බොහෝ විට මේ දෙක පැටලේ
පයිල්ස් වනාහී අතිශ්‍ය භයානක ලෙඩකි . බුදින දෙයෙහි වැරදි , හරිහැටි නිදහසේ හුස්ම නොගැනීම , ශරීර ස්ථුලතාවය වැඩිවීම මෙයට හේතුන් ය . අභ්‍යන්තරයේ පයිලිස් ඇතිවිට තත්වය එතරම් භයානක නොවේ . බොහෝ අයගේ ඇතුලත මෙවැනි පයිල්ස් ඇතැයි වෙදදුරෝ පවසති . එහෙත් ගුද මාර්ගයෙන් මේවා පිටතට ආ විට රෝගියා ඉතා අපහසු තත්වයකට පත්වේ . හිට ගැනීමට ඉඳ ගැනීමට පමණක් නොව , ගිලි දේ නිදහසේ පහ කිරීමට නොහැකිවී මහත් අසීරු තාවන්ට පත්වේ . එවිට රෝගීන්ට අතිශ්‍ය ලෙස කෝපාවිෂ්ට වේ , බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පවා පෙළඹේ .
පයිල්ස් වෙදකමට සුප්‍රසිද්ධ වෙද මහතෙකු කොල්ලුපිටිය ග්‍රාමයෙහි වෙසෙයි. ඔහු බොහෝ අයගේ පයිල්ස් ගැන දැන සිටියත් ඒවා ගැන කිසිවෙකුට නොකියන්නේ , ඔහු එවැනි මිනිසෙකු නොවෙන බැවිනි .
ලොක්කේ අයියගේ කතා වස්තුව
ගමක ලොක්කේ අයියා නම් චන්ඩියෙක් සිටියේය . ඔහු සම්ප්‍රදායිකව සුළු සුළු හොරකම් මැරකම් කර චන්ඩි ඉනිමගේ සෙමින් සෙමින් හිනි පෙත්තටම නැංගේය . ඔහු ඇන්දේ සුදු සරමය . නමුත් ඊට යටින් පුල්ලි පුල්ලි කැමා ලංකට් එකක් ඇන්දේය . ඕනෑම වලියකදී ඔහු සරම කැහැපොට ගහ ගන්නේය . වලියේ ප්‍රමාණයට අනුලෝමව සරම ඔසවා ගන්නා තරම වැඩිවේ . සුළු වලියකදී දන හිසට කැස කවන සරම , ලොකු වලියකදී යටට ඇඳි ලංකට් එක පෙනෙන තෙක් එසවෙන්නේය . ලංකට් එක පෙනෙන විට ඔහුගේ දරුණු බව වැඩි වෙන බව ගම් වාසීන් උගත්හ . ඉන් පසු ඔහු දකුණු පය විලුඹ කෙලින්ම ප්‍රතිවාදියාගේ පපුවේය . වැදගත්හු බවලත්හු, ඔහු මේ ප්‍රදර්ශනය හමුවේ බිරාන්ත වුහ , ලජ්ජාවෙන් රතු වී ඉවත බලාගත්හ . අනෙක් අය ලංකට් දර්ශනයෙන් පසු ඉරණමට බිය වුහ
පහු පහු වී ලොක්කෙ අයියා , ලොක්කේ මාමා වෙන කල , ඔහු තම ජීවන ක්‍රමය සැහැල්ලු කරගත්තේය . යටට ලංකට් එකක් ඇඳීම අත හැරියේය . නමුත් සරම් ඉස්සිමේ පුරුද්ද අත් නෑරීය .එහෙත් දැන් ඉතින් පෙනෙන්නට තියෙන්නේ ඔහුගේ ලජ්ජා කුට්ටමය . (වියපත් වෙන්නට වෙන්නට , ඔහුගේ බලයට අභියෝග වැඩිවත්ම , සරම් ඉස්සීමේ වාර ගණනද වැඩිවිය ) . නමුත් පරණ පුරුද්දට , පරණ මතකයට ගම් වැසියා , සරම එසවී නිරුවත පෙනෙන විට සලිත වන්නට වුහ .
නමුත් එක දිනක් , කඩ මංඩියේ ගෝරියකදී , ලොක්කේ මාමා සරම ඉස්සු විට , පොඩි එකෙක් "හු හු මාමා හෙළුවෙන් කියා කෑ ගසන්නට විය ....." සියල්ලෝම සිනහ වූහ . මාමා සරම පහල දා ගත්තේය .
(මතු සම්බන්ධයි)
වැලේ තිබු තුවාය කරේ දමා ගත්විට " ආ ඥානපාල නාන්න යන්නද " කියා කෙනෙක් ඇසුවේය . ඔහු පිළිතුරු දුන්නේ නැත . පනිට්ටුව අතට ගත් විට "දැන්නම් නාන්න යන්න වගේ" යයි කෙනෙක් කී විට ඔහු කිවේ "තාම තීරණය කරලා නෑ " කියාය . සබන් කෑල්ල ද ගත්තේය "නාන්න වගේ..." යයි කෙනෙක් කීය "පිස්සුද යකෝ යයි " තරහ ගත්තේය .
හෙමින් සැරේ ලිඳ ලඟට ගිය ඥානපාල " ශා මරු වතුර ටික, ඔන්න මට දැන් නම් නා ගන්න හිතෙනවා " යයි කිවේය .
සම හරක් පයිල්ස් වෙදුන් තමන්ටත් පයිල්ස් ඇති බව දැන ගන්නා විට රෝගය සුව කිරීම බොහෝ අමාරු වන්නේය..
ReplyDeleteඑන්න විලේ බැස මා හා.. නාමූ නාමූ අපි නානා
ඒත් වෙදුන්ගේ පශ්චාත් පෙදෙස නිරතුරු සිබින දහස් වූ දනන්ගෙන් අයෙක් වත් ඒ බව නොපවසන්නේද
Deleteනැත... නැත.. ස්වාමීනී. එසේ පැවසුවහොත් සිඳුවන්නේ මහත් වූ විනාසයක්මැයි...
Deleteපයිල්ස් පේනවා ඇති පිටිපස්සෙ ඉන්න අයට. ඥානපාලටනම් කොහොමත් පයිල්ස් නෙ.
ReplyDeleteඒ ජාතිකාලය.,කන් දෙකොනෙන් බේරෙන
Deleteලවය සහ හරය දෙකෙන් කුමක් උඩද කුමක් යටද කියා මතක තබා ගැනීමේ ක්‍රමය
ReplyDeleteලවය = ළමයා
හරය = හරකා
ළමයා හරකා උඩය.
හරකා ළමයා උඩ නැත.
එනිසා, ලවය ඇත්තේ හරය උඩය!
ඒ උනාට ලමයි උඩ හරක් යන දේශයක් දනිමි
Delete