13 November 2014

අම්මා සහ අප්පච්චි

මහ පොළොවටවත් 
බර 
දැනෙනු නොහේ 
සීරුවට 
දිවි ගෙවූ 
අපේ අප්පච්චි
සිනැහේ 
පින්තුර රාමුව විනිවිද 

මහ පොලොව වගේ 
නෙක දුක් කන්දර 
මෙරක් 
දරා ඉවසූ 
අපේ අම්මා 
පැන්  වඩන්නීය 
සුසුම් හද තුළ  හංගා 
පරණ පුරුද්දට 

9 comments:

  1. සංවේදියි.... නියමයි...

    ReplyDelete
  2. අපූරුයි කියපු දෙට වඩා නොකියපු දේ තදට දැනෙනව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝ කී කතා මැද නොකී කතා කෙතරම් තියෙනවාද නේද

      Delete
  3. When did this happen Jaliya, if it unfortunately did...

    ReplyDelete
    Replies
    1. As it should one day., It did almost 25 years ago

      Delete
    2. I'm sorry Jaliya. Mine passed away 19 years ago.

      Delete
  4. ඇහැට කඳුලක් ඉනුවා...

    ReplyDelete
    Replies
    1. ඔබේත් මගේත් කතා සමපාත උනාද මන්දා පොඩ්ඩක් හෝ

      Delete

Have commented