මංසන්ධියේ
ලයිට් කණු දිගේ , ගස් උඩ
සිනාසෙන , බණ අහන ,
ආශ්චර්යයේ මාවත දිගේ එන්නැයි
අත වනන
නළුවෝ
කාස්ටකේ
තාප්ප දිගේ
දියාරු වට ඇනු පාප්ප පාරින්
මාසේ පඩියට
සිනා අලවන
ගොළුවෝ
තාප්ප වල ඇලවුණු
අලුත් කොළ
නැවුම් තීන්ත සුවඳත් එක්කම
බ්‍රාස් ගා
උළා කන
එළුවෝ
පලි :
නළුවෝ නළුවෝය , එළුවෝ එළුවෝය ..ඒත් ගොළුවෝ පව් ඕයි
මේ දැං දැක්කා හරක් රංචුවක්ම ඕක කරනවා. රහ ඇති. උන් මොනවද දන්නෑ කනගමන් කියනව ඇත්තෙ, නේද?
ReplyDeleteඋනුත් සමහරක් වගේම බඩකට පිරෙන්න කාලා , "අපේ සහයෝගය ඔබතුමාටම තමා " කියනවා ඇති .
Deleteගොළුවෝ ගැන මොකද හිතුනේ?
දවසේ පඩියට සහ...........බෝතලයට
Deleteදැං ඔව්ව කරන්නෙ මාසෙ පඩියට...මා.සං.අ. කට්ටිය
ඔව් එය වඩා සුදුසුයි ..ඔන්න වෙනස් කලා
Deleteඑක්කෙනුකුත් ඔහොම කටවුට් ගහලා ආමර් වීදියෙන් නොකවුට් උනා මතකෙයි...
ReplyDeleteඒ මැතිතුමා නේද?
Deleteපව් නේද කොලුවෝ?
ReplyDeleteඅනේ මන්දා
Deleteඅනේ මම දන්නේ නැහැ. ඇයි මෙහෙම රයිමින් විදිහට ලියවෙන්නේ කියලා. ඔන්න මම මේ දැන් එකක් ලිව්වා "කොස්සෝ, පිස්සෝ, ඉස්සෝ, බස්සෝ, වස්සෝ සහ සුදුස්සෝ" කියලා.
ReplyDeleteපිස්සෝ සෙස්සෝ සහ බස්සෝ තමා
Deleteඅඩුගානේ අපේ නායක තුමන් ලා හරක් ගැනවත් හිතුව කියල හිතාගෙන අපිට සතුටු වෙන්න පුළුවන් නෙව...
ReplyDeleteසත්ව අයිතිවාසිකම්
Deleteමරු!
ReplyDeleteස්තුතිය. අවාසනාවකට සත්‍ය කතා
Delete