03 December 2014

Jacinta (the barista)

Jacinta 
(the barista )
is my meditation 
As she floats 
the foamy froth 
on top of the bitter
liquid
as I stop every morn
for a moment 
as I veer away from

the desire line

පලි :මේක මම  සති දෙකකට විතර පෙර දුම්රියේදී ලියු කවක් , කිහිප විටක් උත්සහ කලත් මෙහි භාවය වෙනස් නොවෙන සේ පරිවර්තනය කරන්නට මට නොහැකි උනා . මම එතරම් කෝපි  නොබිව්වත් , මෙහි කෝපි  කඩ වල උදේ පාන්දරට දිගට පෝලිම් . කෝච්චියෙන් බැහැලා , රස්සාවට දුවන ජීවිත  මදකට නවතිනවා මේ පෝලිම් වල . 

Starbucks වගේ ආයතන වලට 150% වගේ ලාබයක් තියාගෙන , Cappuccino , Latte වගේ බොරු නම් දාපු කෝපි  කෝප්පයක් විකුනන්න හැකි වෙලා තියෙන්නේ ඇයි  කියලා , මම ටික කලකට පෙර කියෙව්වා . සමාජ පීඩනය (peer pressure ) නිසා තම අසල්වැසියා වගේම ජිවත් වන්න සැදීම මුලික හේතුව යයි හිතුනත් , ඊට වඩා හේතු තියෙනවා .  විකුනන්නේ කෝපි  නෙමෙයි , තුන්වන තැනක් (a third place ) කියලයි කියන්නේ . ඒ කියන්නේ ගෙදරත් , කන්තෝරුවත් අතර තැනක් . වර්ග අඩි  හය සීයේ වගේ මහල් නිවසක හිරවෙලා , මිනිහෙක් පෙනෙන්නේ නැතිව ඉන්න මිනිස්සුන්ට එහෙම තැනක් ඕනේ , මනුස්සයෙක් දකින්න , සමාජශීලි වෙන්න . මිනිසාට ඇති සමාජ ශීලි වීමේ අවශ්‍යතාවයට උත්තරයක් තමයි විකිනෙන්නේ 

6 comments:

  1. විකුනන්නේ කෝපි නෙමෙයි , තුන්වන තැනක් ... exactly!

    ReplyDelete
  2. මම නම් හිතන්නේ එහෙම නෙමෙයි. මේක තනිකර ෂෝ එකක්. බලාපන් මටත් වටිනාකමක් තියෙනවා කියලා පෙන්වීමක්. මොකෝ ඔබ කියන දේ බස් එක තුල දුම් රිය තුල තියෙනවා. මෙතන තියෙන්නේ තනිකර ගරු රඟපෑමක්. අපේ රට වගේ රටකට රබර් සෙරෙප්පුව තරම් වෙනත් සැපතක් නෑ. ඒත් ඇයි නයික්, අඩිඩාස් දාගෙන යන්නේ. එතකොට මේ අළුතෙන් හදාපු මංතීරුවල ඇවිදින නෝනා මහත්වරු. එජම විකාරයක්. ඔය මංතීරු නැති කාළෙත් ඕවයේ ඇවිදපු පිරිසක් හිටියා. නමුත් මේක විකාරයක්. තනිකර ෂෝ එකක්. හොඳට නිරීක්ෂණය කරන්න කී දෙනෙක් ව්‍යායාම කරනවද, කී දෙනෙක් රඟපානවද කියලා. අනික මෙතනට වෙනකන් කාරෙකේ එන්නේ. ඇයි යකෝ ඉන්න පැත්තේ පාරවල් නැද්ද. ඔන්න මම දන්න එකෙක් නම් ඉන්නවා බඩු බලන්න යන. ඌ නාවල ඉඳලා කොළඹ 7 ට පයින්ම එනවා. වෙන මොකටවත් නෙමෙයි පුකවල් බලන්න. ඒක වෙනම කතාවක්. මමත් උදේට ගිහින් බංකුවක වාඩිවෙලා මේ ෂෝ ටික බලලා ලේ පිරිසිඳු කරගෙන එනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ අදාල තැනුත් තියෙනවා නැති තැනුත් තියෙනවා.
      මෙහේ අතේ තියෙන ගානට පොඩි ගෙයක් කුලියට අරන් , ලමයි කෝපි කඩ වල පාඩම් කරන සා පෙල කරන පවුල් මම දන්නවා.

      බඩු බලන එකත් මානුශික අවශ්‍යතාවයක් මාතා :)

      Delete
  3. ගොඩාක් වෙලාවට තනියෙන් ජීවත්වෙන මිනිස්සු නේද මේවායෙ දකින්නේ. වයසක අයනම් කාව හරි අල්ලගෙන වරුගනන් කතා කර කර ඉන්නවා. මම දන්න සමහර අය ඉන්නවා සීතල කාලෙට කෝපි එකක් බිබී පැය ගණන් ඇතුලට වෙලා පොත් කියව, කියව ඉන්නවා. ඔය කඩවල්වල වැඩ කරන ළමයෙක් මට කිව්වා සීතල කාලෙට හීටින්වලට යන වියදම අඩුකරගන්න, කාමරේ හීටින් ඕෆ් කරලා, මේවා ඇතුලට වෙලා ඉන්න තනිකඩයොත් ඉන්නවා කියලා. ප්‍රතිශතයක් හැටියට අඩු ඇති. එහෙමත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එසේමය

      Delete

Have commented