05 December 2014

රජ වැඩ කාරයෝ සහ වරද කාගේද // whose fault is it anyway ?

රජ වැඩ කාරයෝ 

අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ ....කියා අප ඉල්ලුවේ , පැතුවේ රජෙකි .


ජනතා සේවකයෙකු , ජනතා හද ගැස්ම නියෝජනය කරන පාලකයෙකු , රටේ භාරකාරයෙකු , ජන නායකයෙකු නොවේ , ජනාධිපති කෙනෙකු , කාර්යශුර විධායකයෙකු නොවේ   ...රජෙකි .
සුවර්ද රජෙක් ම ඕනෑද  කියා කිසිවෙක් ඇසුවේ නැත .

කැවුම් කිරිබත් කැව්වේ කෑවේ  , පෙළහර කරේ , සාධු කාරෙන් ගිගුම් දුන්නේ ( ඇහුනානේ  සද්දේ ?) රජෙක් ලැබුණ නිසාවෙනි .

ඉදින් රජෙක් ලැබුනා වගේ නොවේ , ඉනික්බිති එතුමාණෝ නඩත්තු කල යුතුය . රජෙක් වියදම් සහිතය . ඔහුගේ රාජ බෝජන යනු , ආහාර පාන පමණක්ම නොවේ , සුඛ විවරණය සඳහා වන සියලුම දේය .  සෙංකඩගල කළ මෙන්ම,  රජෙක් ඇති කල්හි  , ඔහුගේ නෑ සියන්ගෙන් පිරුණු , පදිරුප්පු වීදීන්  ඇති වීමද නොවැලක්විය හැක්කේය . කුමාරවරුන්ගේ උයන් කෙළි සඳහා විනෝද උයන් , දිය කෙළි  සඳහා පොකුණු , රති කෙළි සඳහා අන්තපුර සැදිය යුතුමය .
රජෙක් අවැසි නම් මේ නෙක්  බර දැරිය යුතුමය  .

රජෙක් සතු වස්තුව , රට වැසියාගේන්ම  ලබා ගන්නා භව භෝගය , වැඩි හරිය භාණ්ඩාගාරය පුරවා ගෙන සුළු කොටසක්  ජනයාටම බෙදාදී  රජ තෙමේ තම රාජ කරුණාව පෙන්වන්නේය . ඒ රජුන් ගේ හැටිය. එසේ බලන කල්හි අපිට මදි නොකියන්නට , බඩ කට පිරෙන්නට රජෙක් ලැබී ඇත්තේය .

එහෙත් අපි හරිම පුදුම ජාතියක්මු . අපි මේ ගැන ආඬි පාලි කියමු . අපට ඕනේ ලාබෙට රජෙකි . ලාබෙට රජවරුන් නොමැත . ඇත්තේ ජනතා සේවකයින් ය . උන් ලෝ කොලිටිය . රජුන් මෙන් තේජස් නැත . ශෝ එක නැත .

ලෝකෙට ෂෝ එකට පොෂ් පවුලකින් කෙල්ලෙක් යාලු කරගත් මා මිතුරෙකු විය . .. ඈ  නඩත්තුවට ඔහුට අවසන තම මවගේ හා නැගණියගේ කනකර පවා උකස් තියන්නට සිදු විය


 වරද කාගේද

අපි පුදුම ජාතියක්මු .

එක අතකින් අපිට සෑම  දෙයක් ගැනම මතවාදයක් ඇත . ගෙදරට එන මේසන්ගේ , වඩුවාගේ , විදුලි කාර්මිකයාගේ සිට  ක්‍රිකට් පිටිය මැද ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයා දක්වා , උන්ට උන්ගේ ශිල්පය කළ යුතු අයුරු ගැන උපදෙස් දීමට මැලි  නොවෙමු  .  එහෙත් රට පාලනයට කවුරු හෝ කෙනෙක් පත් කර ගන්නේ ඔහු ගේ මතු වැඩ පිළිවෙල ගැන නොව , අතීත කල්කිරියාව ගැන පමණක් බලාය . ඉන්පසු එය උන්ට එය කොරන්නට බාර දී අපි අත සෝදා ගන්නෙමු . වරද උන්ටම පවරන්නෙමු . උන් ට්‍රැක්  පනින විට "අනේ කවුරුවත් නෑනේ මොකුත් කරන්නට " කියා ලතවෙමු . 

අනෙක් අතට නිවසට වැඩට එන මේසන් බාස් , එන්නේ එක්කෝ මේසන් හැන්ද  නැතුවය , පයිප්ප බාස් එන්නේ එක්කෝ පයිප්ප  අඩුව  නැතුවය .
සේවාදායකයා ළඟ එම උපකරණ තිබිය යුතු යයි සේවා සපයන්නා බලාපොරොත්තු වන්නේය . රෙපයාර් එක නොවන්නේය . සේවාදායකයා තමන්ම සොයා ගත් බාස් ට බනින්නේ , ඉන්නෙම ඉතින් මෙහෙම එවුන්මනේ කි යාය .  බාස් ටද හේතුවක් ඇත . සේවාදායකයා සුදානම් වී නොසිටියේය . අවසන වරද  අවස්ථාවේය (fault is in the circumstance).


12 comments:

  1. මගේ එකේ මම ධර්මෙට දීපු උත්තරේ මෙතනත් දාන්නම්.
    //But, for this much feudal people (voters) there should be something effective. sorry, attractive.//

    ReplyDelete
    Replies
    1. True. But some times leaders need to push people up a hill or go in front

      Delete
  2. ඇහිල ඇහිලම අහල අහලම තිත්ත වෙලා

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත . ඒත් ඇත්තත් තිත්තයි නේ

      Delete
  3. ෂෝ එක දුන්විට සේවායෝජකයාට වැඩේ අමතකය.

    ReplyDelete
    Replies
    1. ෂෝ එකට දෑස් නිලංකාර වෙනවාය

      Delete
  4. එහෙම බැලුවාම ජෙප්පන්ගේ හැසිරීම හරි. මමත් ඉන්නේ ඒ මතයේ. අපි නම් දිගටම හැම එකාම ප්‍රශ්ණ කරනවා. විය යුත්තේ එයයි. නැතුව පිල් බෙදී හෝයියා කීම නොවේ.

    ReplyDelete
    Replies
    1. මාතා . මමත් ඉන්නේ එතන . ..උන්ගේ කතාවත් ක්‍රියාවත් අතර සමපාත නොවෙන තැන් තිබුනත් , කළ යුත්තේ එය සමපාත කර ගැනීම මිස උන්ව බැහැර කිරීම නොවේයැයි මම සිතමි ...

      Delete
  5. හොද හොද සෙල්ලම් ඒලි වෙන ජාමයට ලු ............................

    ReplyDelete
    Replies
    1. එලි නොවෙන රැයක්ද මන්දා

      Delete
  6. Aththama thamayi!Bohoma sinhala ayata rajawaru gana puduma umathu ashawak thiyanawa!

    ReplyDelete
    Replies
    1. අපි රජ ක්‍රමයෙන් එලියට ආවේ කැමත්තෙන් නොවෙන නිසා, බලෙන් නිසා ද මන්දා

      Delete

Have commented