තවත් නගරයක තනියෙම ආයෙමත් සැරයක්.තනිකමට මම වයස වැඩිද මන්දා.සතිය නම් ගතවෙනවා ,ඒත් සති අන්තය වෙනම කතාවක්.කාලය කියන්නේ එකාකාරව ගලන දෙයක් නෙවෙයි දෝ මන්දා.නදියක් වගේ. විටෙක හෙමින් , විටෙක වේගයෙන්.හෝටල් කාමරයක ගොඩාක් හිතන්න වෙලා තියෙනවා.
නුහුරු නගරයක මිනිස්සු දිහා බලන්න හිතෙනවා. උන්ගේ ජීවිත ගැන, කොහේ සිට එනවද,කොහේ යනවද..
ඊයේ කෝච්චියට නැග්ගා තරුනයෙක්.තායි හරි , වියට්නාම් හරි, බුරුම හරි. අතේ බැලුම් දෙකක් .දැන් දුම්රිය ඇතුලේ ඔහු දුරකතන ඇමතුමක. ඔහුගේ බාසාවෙන්. ඒත් අතරින් පතර ඉංග්රීසී නිසා,මම කන් දුන්නා.ඔහු මගදී හැපි බර්ත් ඩේ සින්දුව කියන්න ගත්තා.ඔහු කියනවා මෙහෙම
"අපි දෙන්නා ප්ලැන් කලා වගේ ඔයාගේ උපන් දිනේට මම ගියා .... සතුටු උයනට. මේ ටිකට් එක..මේ බැලුම් දෙක එතනින් ගත්තේ.. ඒත් ඔයාට එන්න බැරි උනානේ...කමක් නෑ ...සල්ලි ටිකක් ඉතුරු කරන් අපි යමු දවසක.."
මේ සිද්ධිය හිතේ කොහෙදෝ ස්පර්ශ කලා.. මට හිතිච්ච දේ පසුව කොමෙන්ට්ස් වල ලියන්නම්.මුලින් ඔබට හිතිච්ච දේ ලියන්න
පලි.සුපුරුදු පරිගණකය මා ලග නැති නිසාවෙන් දිගු ලිපියක් ලියන්නට අපහසු බැවින් ටික දවසක් කෙටි කෙටි සටහන් ..පොඩ්ඩක් ඉවසා වදාරනු මැනව.:)
I couldn't help overhearing your heart weep...
ReplyDeleteYou seem to read me well my friend
Deleteමෝඩ ප්‍රේමවන්තයෙක්..
ReplyDeleteඒ ගැන නිගමනය කරන්න අපිට අයිතියක් නෑ කියලයි මට හිතන්නේ.
Deleteමේ කොල්ලාත් මේ වගේ ලාමක දේ වලට වයස වැඩි යි කියලා හිතුනත්, අතමිට හිගය නිසා කරන්න බැරී වෙච්චි කොලු ආසාවල් පස්සෙ ඉටු කරගන්න හදන අපේ රටේ තාරුණ්‍යය මතක් උනා
සෑහෙන්න මොලේ තියෙන කොල්ලෙක් කියලත් හිතන්න පුලුවන් නේ?
Deleteසල්ලිත් ඉතුරුයි, ඌත් විනෝදවෙලා වගේ,
කෙල්ල සතුටුකරන්න ගියෙත් කෝල් එකයි බැලුම් දෙකයි!
සමහර වෙලාව ආදරය කරන කෙනා වෙනුවෙන් තනියෙන් එහෙම දේවල් කරන්න හිතෙනවා , එත් අනික් කෙනාට එක ඒ තරම්ම හිතට දැනෙනවද කියන එක නම් හිතන්න අමාරුයි
ReplyDeleteඅනේ මන්දා.
Deleteමේ ගැන යමක් කියන්න අවශ්‍ය නෑ කියලා මට හිතෙනවා
//සල්ලි ටිකක් ඉතුරු කරන් අපි යමු දවසක//
ReplyDeleteගොඩක් උන්ගෙ ඇත්ත කතාව... හැබැය ඔය ‘දවස‘ නං ලේසියෙන් එන්නෙ නෑ ගොඩක් අයට...
හරියට හරි
Deleteමගෙත් එහෙම ලිස්ට් එකක්ම තියෙනවා
සංවේදී කියමනක්
Deleteනමුත් අනාගතය ගැන ගොඩක් ප්ලෑන් කරන අය නිතර පරදිනවා
අහිංසක ප්‍රේමවන්තයෙක්. දෙන්නාටම එක්ව යන්නට ලැබෙයි කවදා හරි. චේතනා පරිශුද්ධවේ නම් පෙම් සටන් පරදින්නේ නැහැ කියලා කියනවානේ. ඒත් සනත් නන්දසිරිගේ ගීතයක තියෙනවා "චේතනා පරිශුද්ධවූවත් පෙම් සටන් පරදී" කියලා. ඒ මොනවා වුනත් මටත් ඔහොම අහිංසක ප්‍රේම යුගයක් තිබුනා. ඒ කාලේ හැපි බර්ත්ඩේ කියන්න ටෙලිෆෝන් තිබුනෙත් නැහැ.
ReplyDeleteසල්ලි නැතුව ප්‍රේමයක් run කිරීම එක්තරා අත්දැකීමක් නේද. එය දනිමි හොදින්
Deleteඅපි ආදරය කරපු කාලේ අපි කොච්චර දුප්පත්ත අරු, ජංගම දුරකථන, ත්‍රිරෝද රථ, අවන්හල්, නැති, බස් එකේ පෙම් මුල්ල හා සිනමා ශාලාවට, දීර්ඝ පෙම්පතකට, හදිසියෙන් හොරෙන් ගනුදෙනුවන හාදුවකට සීමාවූ ඒ ප්‍රේමය, අහෝ.......... කොපමණ සුන්දරද? ඒ කාලේ වැලන්ටයින් එහෙම ඉපදිලාවත් නැද්ද කොහෙද. ගෑණු පිරිමි දෙගොල්ලොම හරි ස්වභාවිකයි. සලෝන් ගියේ නෑනේ කවුරුවත්.
Deleteමේ කතාවේ එන ප්‍රේමවන්තයා කැපවීම අතින් බොහොම ඉහලයි JP.
දුවගේ හයවෙනි උපන්දිනේ සමරන්නයි බැලුම් දෙකක් අරන් සතුටු උයනට ගියේ...ඒත් සතියකට එක් වාරයක් නීතියෙන් ලබාදී තියෙන වරමත් අම්මා ඔයාගෙන් අද උදුරගත්තා නේද දුවේ. අම්මිට කියන්න තාත්ති හෙට උදේම සල්ලි බැංකුවට දානවා කියලා...\\සල්ලි ටිකක් ඉතුරු කරන් අපි යමු දවසක\\\
ReplyDeleteවැදුනා බෝක්කට
Deleteමේ උපකල්පනය හරි වගේ..
Deleteසමරන්නම ඕනෙ දෙයක්ද ? බර්ත් ඩේ එක?
ReplyDeleteලොකු දෙයක් කියන දුක හිතෙන කතාවක්. ඇත්ත ! තනිකම රස විඳින්නත් සුදුසු වයසක් තියෙනවා.
ReplyDeleteකතාව ඇතුලේ තවත් ලොකු කතාවක් තියෙනවා කියල තමයි මට හිතෙන්නේ.
ReplyDeleteමගෙත් හදවත ස්පර්ශ කරා.
ReplyDelete