ඔන්න එකමත් එක රටක බොස් කෙනෙක් හිටියාලු.( සත්තයි අපේ කන්තෝරුවේ නම් නෙමෙයි). ඉතින් එයා යටතේ වැඩ කරන ව්‍යාපෘති කලමනා කරුවන්ට පොඩි ( කිව්වට ටිකක් විතර ලොකු) ප්‍රශ්නයක් තිබුනා. කොහෙත් වගේ චුටි එලකිරිස් ගෑනු ලමයෙක් ලොක්කව අන්දගෙන , අනික් කට්ටියටත් ගෑස් පෙන්නගෙන, වැඩෙත් නාගෙන .. දැන් ඔබට තේරෙනවා ඇතිනේ. ඔන්න මේ කට්ටියත් අපේ කන්තෝරුවේ නෙමෙයි.
ඉතින් මේ පලපුරුදු කලමනාකරුවෝ ආයතනයට තියෙන ලැදි කම නිසාම ලොක්කට ගිහින් වටින් ගොඩින් ප්‍රශ්නේ කිව්වා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. දෙවෙනි සැරේ කතාකරන්න ගියාම ඔන්න ලොක්කා , මග ඇරලා වැසිකිලියට ගියා.
කට්ටියේ රතු කට්ට පැන්නා. මොවුන් රැස්වීමක් සංවිධානය කලා. ලොක්කටත් ආරාධනා කලා,රැස්වීම කල් ගියා කිහිප සැරයක් reschedule උනා. කොහොම හරි එක් ඉරණම්කාරී දවසක
ලොක්කා ආරාධනාව පිලිගත්තා. දැන් කට්ටිය ඉන්නවා දත මැදගෙන ලොක්කට කණ පිරෙන්න දෙන්න. ලොක්කා ආවා, කට්ටිය පටන් ගත්තා විවේචනය. ලොක්කා කිව්වා
"අයිසේ මේවා මෙහෙම කතා කරන්න බෑ .යමු උඩ mess එකට මොනවා හරි බීලා කතාකරන්න"
කට්ටිය ගියා . ලොක්කා බීම කෑම ඇනවුම් කලා.කට්ටිය ආයේත් පටන් ගන්න කොටම ලොක්කා කියුවා."
"කන බොන වෙලාවටවත් වැඩ ගැන කතා කරන්න එපා අයිසේ"
කට්ටිය ඉතින් වෙන දේවල් ගැන කතා කලා.ඊට පස්සේ විසිර ගියා.
ඊලග දවසේ උදේ ලොක්කා අහනවා කට්ටියගෙන්
" දැන් ඔක්කොම ප්‍රශ්න හරි නේ"
මොකෝ දැන් කට්ටිය නෑ කියන්න යෑ?
පලි: මැදමුලානට සබඳතා ඇති සුද්දොද සිටිති
සුවර් ද අපේ කන්තරුවේ නෙමේ කියල ?
ReplyDeleteඅපේ කන්තෝරුවේ මෙහෙම දේ වෙනවා යෑ :)
Deleteලොක්ක හරි . ඕවා මෙහෙම කතා කරන්න බෑ. අනිත් එක මේ වගේ වෙලාවට ඕව කතා කරන්න පුළුවන් ද බන් පිස්සු ද ?
ReplyDeleteලොක්කෝ හැමවිට හරිය
Deleteආත්මෙට හදන්න බැරි කන්තෝරුවක්.
ReplyDeleteකන්තෝරුව කන්තෝරුව මා වැඩ කරන
Deleteඑතන තමයි මා හට ඇති විනෝද උයන
අපේ කන්තෝරුව ගැන වද්ද මේ කිව්වේ?
ReplyDeleteඑහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි
Deleteදැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න හරිනේ...:P
ReplyDeleteමොනවට කියනවද
Deleteහික් හික් ..මෙහෙම කන්තෝරු ලංකාවෙනම් ඇත්තෙම නෑ ..
ReplyDeleteඅර උඩින් අරූට කිව්වා වගේ.
Deleteඅම්මපා ඕකම තමයි වෙන්නේ.. හෙට අනිද්දට රතනෙටත් ගිලන්පස ටිකක් දන් දුන්නම බඩු බනිස්...
ReplyDeleteආයේත් අහලා. වෙලාවකට පව් කියලත් හිතෙනවා ඒ ලොක්කා. විරෝධතාත් එයාටම හදාගන්න වෙලා
Deleteමරු කන්තෝරුව එකත් එකටම අර කියන්නැහෙ රාජපස්ස ලට සම්බන්ධ එකෙද්ද කොහෙදගාණට වැඩේ බැලන්ස්
ReplyDeleteඅනිවාර්යයෙන්
Deleteහැ මෙ අපෙ ඔපිසියද?
ReplyDeleteඑහෙනම් , අර චූටි නංගිව මතක් කලා කියන්න
Deleteකොහෙම බැලුවත් ලොක්කා හරි...
ReplyDeleteජ ය වේ වා !!!
අනිවාර්යයෙන්
Deleteලංකාවේ අපේ ලංකාවේ....
ReplyDeleteලෝකේ කොහේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
Delete