Showing posts with label කතා කරන පින්තූර. Show all posts
Showing posts with label කතා කරන පින්තූර. Show all posts
09 September 2016
පාට හොරු
කොහොමද පින්තුරේ
හොඳයි ..ඒත්
ඇයි , ඒත් කිව්වේ
මට මතකයි ඒ දවස .. ඒ විල කොච්චර නිල් පාටද ... මම ජීවිතේට දැකලා නෑ එහෙම නිලක් ...ඈත කන්දක උඩ හිම තොප්පියක් .. මට හීතල දැනුනා .
ඉතින්
මේ පින්තුරේ ඔක්කොම පාට හොරු අරන් වගේ ... කෝ ඒ නිල
මතකද ඒ හීතල .. අර විලේ එක කොනක ඉඳන් අනෙක් ඉවුරට විසිරුණු දිය රැල්ල ...එක පාරටම දැනුනු පාළුව ..
ඔව්
නිල අයින් කරපුවහම තමා ඒවා මතු වෙන්නේ
01 July 2015
අල්ලන සෙල්ලම්
ඔන්න එහෙනම්
ඇස් දෙක වහගන්න
සීයට ගණන් කරන්න
එකයි දෙකයි
.....අනුනවයයි
හොරා හොරා
එහෙම ඔට්ටු නෑ
එහෙනම් මම දුවනවා
පිම්මේ
හරි
පුලුවන්නම්
අල්ලන්න
01 August 2014
ආදරයේ පාළම
කාලයක් තිබුනා
නුඹ දාන්ගලේට
පොල් කොටන් පාලම දිගේ
එක පිම්මට මේ ඉවුරට දිව ආපු
මම හිටියේ මේ ඉවුරේ
පැත්තකට වෙලා
උඹේ විසේට ඉඩ දී
කාලයක් තිබුනා
නුඹ බිම බලාන,
හෙමින් හෙමින්
සුදු ගවුමේ රැලි
සුළගේ නොයන්
අතකින් අල්ලන්
පිය නගාපු
යකඩ පාලම දිගේ
මාත් ගියා විටෙක
වැරදිලා වගේ
මුණට මුලිච්චි වෙන්න
එකම එක මොහොතකටවත්
කාලයක් ඇවිත් දැන්
කොන්ක්‍රීට් පාලම උඩින්
තාර කාපට් දිග හැරුණු
සංවර්ධනේ ඇවිත් හිනාවේගෙන
ගමට.
අනේ
ඒත්
දැන්
පදිකයන් ගමන දකුණු පසින්
රිය පෙළ ගමන පාර මැදින්
පාර දෙපැත්තේ
අපි
31 July 2014
"මුදු හුලං (කතාවක් මැද ) // Sea Breeze (the story of)
මෙතැන ස්ථිරවම කතාවක් ඇත . "මුදූ හුලන් " , ඒ නිවසේ නම . පඩි පෙළ උඩ හදිසියෙන් මෙන් ගලවා තැබූ පාවහන් යුගලක් . අඩවන් කළ දොර පලුව . වැඩිය ඈතට නොවිහිදිනු , ඉර පැල්ලම , ඕපා දුප සොයන සිතකට නොදෙන්නේය කිසිත් තොරතුරක් .සුළඟ එනු පිණිස (ෆිල්ම් එකක් නේද ) යාන්තම් ඇරුණු ජනේලය . ... කවුරුත් කතා නොකරන එළියේ බිත්තියට කළ බයිසිකලේ .
සෙමින් ඇසේ "වේලාව මධ්‍යන දොළහයි , මෙන්න දිවා පුවත් ."
There's definitely a story here. a house named "Sea breeze" . Footwear of a stranger on the footsteps left in a haste. The half opened door to the hall, even the sunbeam shies away from venturing deep . And the elephant in the room, that no body speaks about , the bicycle with a basket , parked outside.
Subscribe to:
Posts (Atom)



