01 August 2014

ආදරයේ පාළම


කාලයක් තිබුනා 
නුඹ දාන්ගලේට 
පොල් කොටන් පාලම දිගේ 
එක පිම්මට මේ ඉවුරට දිව ආපු 
මම හිටියේ මේ ඉවුරේ 
පැත්තකට වෙලා 
උඹේ විසේට ඉඩ දී 

කාලයක් තිබුනා 
නුඹ බිම බලාන, 
හෙමින් හෙමින් 
සුදු ගවුමේ රැලි 
සුළගේ නොයන් 
අතකින් අල්ලන් 
පිය නගාපු 

යකඩ පාලම දිගේ 
මාත් ගියා  විටෙක 
වැරදිලා වගේ 
මුණට  මුලිච්චි වෙන්න 
එකම එක මොහොතකටවත් 

කාලයක් ඇවිත් දැන් 
කොන්ක්‍රීට් පාලම උඩින් 
තාර  කාපට් දිග හැරුණු 
සංවර්ධනේ ඇවිත් හිනාවේගෙන 
ගමට.

අනේ 
ඒත්  
දැන් 
පදිකයන් ගමන දකුණු පසින් 
රිය පෙළ ගමන පාර මැදින් 
පාර දෙපැත්තේ 
අපි 

8 comments:

  1. කාලය මැව් වෙනසක අරුමේ...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඈත් වෙලා කියලා අයෙක් කියනවනේ

      Delete
  2. අපූරුයි... මේ එක්ස්ප්‍රස් වේ නිසා එහෙම උන පවුල්,, ගම් බොහෝමයක් තියෙනවා.. අනේ මන්දා දෙකම ඕන..

    ReplyDelete
    Replies

    1. ඔව් ඉතින් අපිට නම් රැවුලයි කැදයි දෙකම..

      Delete
  3. කාලයත් එක්ක හැමදේම වෙනස් වුනු හැටි අපුරුවට කියනවා.. අගෙයි..

    ReplyDelete
  4. සෝමපාල ලීලානන්දගෙ කවියක තියෙනව "කොළඹට අපේ ගම ඒදන්ඩක දුරය" කියල්. ඒකට හේතුව ඉස්සර කිරිමන්ඩල මාවතෙ තිබ්බෙ ඒදන්ඩක් නිසත්, ඉන් එගොඩ නාවල නම් හද්ද ගමත් මෙගොඩ කොළඹ 5 තිබ්බ නිසාලු. කාලය මැව් වෙනසක අරුමේ!

    ReplyDelete
    Replies

    1. එහෙම කාලෙකුත් තියෙන්න ඇති නේ. ස්තුතිය කල්පනා කරන්න දෙයක් එකතු කලාට

      Delete

Have commented