පිළිගන්න .....රිටිගල ( ල ල ල අ අ ) මහසෝනාස් (ස් ස් ස් ) "
(අත්පොලසන් නද, විසිල් හඬ හා හූ හඬ නැගේ ..)
"නංගිලා මල්ලිලා විනෝදෙන් දෝ ?"
(මහා හූ හඬක් නැගේ )
"හරි ...අපි දැන් ගයන්න යන්නේ අපේම ගීතයක් . අපේම කිව්වට පරණ නුර්ති ගීතයක් ආශ්‍රයෙන් තමයි මේක අපි නිර්මාණය කලේ . ඔන්න පටන් ගමු .අප්පුඩියක් ගහලා සහයෝගයක් දෙන්න ..
දන්න වංහුං අප පනාපුත්‍ර රාජ දුරයේ
ආයෙමත් ආයෙමත් රාජ දුරයේ
දන්න වංහුං අප ඉතිහාසය විකුණගෙන කයි
ආයෙමත් ආයෙමත් විකුණා ගෙන කයි
කැරකිලා , කැරකිලා , දෙකට (ඉතිරිය නො ඇසේ )
යලිත් ලියන මහා වංශ බලාන හිටිය ලෙසේ
කෙනෙකුට රෙදි පෙන්නුවාම මහගෙනම අඳි
රෙදි සොයා ,
ගානට කපා ,
මහගෙනම අඳි
දන්න වංහුං අප පනාපුත්‍ර රාජ දුරයේ
ආයෙමත් ආයෙමත් රාජ දුරයේ
හා...හා "
(ඩ්‍රම්ස් නැවතී , සර්පිනාවක හඬ විදුලි ඔර්ගනය අනුකරණය කරන්නට තතනයි )
"අනේ ( ඒ ඒ ) කුඹින් නේ ඒ ඒ , තොපටනම් රජෙක් ඉන්නේ
මෙහෙනම් නම් අනේ
ජැකා තමයි
ඕන රජෙ කුට අඳින්නේ "
"රින්ගිටි රින්ගිටි ඩුම් ඩුම් ඩුම්" (නැවතත් ඩ්‍රම්ස් වාදනය පටන් ගනී )
"ආසියාවේ ආශ්චර්ය ,
හා හා
ආසියාවේ ආශ්චර්ය ,
දොර ළඟටම විත් නිසා
රජ කතා , හද හදා , ප්‍රීතියෙන් බලන්
හද හදා , හද හදා , හද හදා බලන්
ඇස් වසා ඉඳින්
දන්න වංහුං "
(නැවතත් ඩ්‍රම්ස් නවතී )
"රජෙක් ලැබුනෝ තින්
නැටුමුත් නටන්නම්
සිංදුත් කියන්නම්
ෆයිටුත් දා ෆිල්ම් එකක් හදන්නම්
දන්න වං හුං ....."
ඩන් ඩිරි ගා චික බුං..... චින්
(අත්පුඩි , විසිල් , හූ හඬ )
පලි :
රජ සෙල්ලම් චිත්‍රපට සාදර නිෂ්පාදනයක්, ලබන සතියේ සිට දිවයින පුරා සිනමා හල්
Ela,ela,me ape action jantagenadeda? niyamai.mukku anthonitama gelapena sinduwa.(Asoka)
ReplyDelete:)
Deleteමං නං කවදා හරි දවසක හදන්න ඉන්නේ අනුලා දේවිය ගේ සළුපට අහසට චිත්තරපටියයි!
ReplyDeletehttp://kathandara.blogspot.com/2013/07/written-directed-and-produced-by.html
හාහාහා
Deleteඅපිවත් ගන්න රාජ පුරුසයෙකුටවත්. නැත්නම් ගහකට, මට පාසැල් වේදිකාවේ එවැනි අත්දැකීම් ඇත
අබා එකේ එහෙම වුනා නේද?
Deleteරෝස පාට?
:) :)
Deleteඒ අබා එකේ බුම්බකබූතා නොවෙයි කුවේණි එකේ කුවේණි නේද?
Deleteපනාපුත්‍ර කුහුඹු පැණියා...
ReplyDeleteඅනේ මගේ කට..
මේ වගේ කළා මුදලාලි ල ඉන්නකම් කලාවට දෙවි පිහිටයි..
කලා කාරයෝ සහ නලා කාරයෝ
Deleteආසියාවේ ආශ්චර්ය
ReplyDeleteදන්න වං හුං ....."
ඩන් ඩිරි ගා චික බුං..... චින්
Deleteඑහෙනං. අපි නොදන්න..
මේ ඇයි ඕකට පනාපුත්‍ර කුහුඹු පැණිය කියල කියන්නෙ...
ReplyDeleteපනාපුත්‍ර Jack son
Deleteකුහුඹු ant
පැනියා honey
එල ද බ්රා
ReplyDelete
Deleteඩ්සින් චිකි බුන් ඩ්සින්
ජැකා තමයි ජැකා
ReplyDeleteපොර නැත්නම් ....කා
සිංහළ සිනමා වංශ කතාවේ එකම නළුවා.
Deleteමට හිතෙනවා ඉස්කෝලේ නාට්ටියක් මෙයාට රජ පාට් එක දුන්නේ නැතුවා වත්ද කියලා
රජා මුනගැහිලද කොහෙද තිස් පහට දහයක් දාගත්තෙ
ReplyDeleteරාජ්ට ඒක අහු වුනා නේ ;)
Deleteඅපරාදෙ අප්ප මේ මිනිස්සු කරගන්න දේ
ReplyDeleteජැක්සන්, කමල්, ශ්‍රියන්ත, ජයන්ත මොනව වුණත් වැඩකරුවො!
ජැක්සන්ලට පුද්ගලාභිවාදනයේ ගිහිල්ල නැතිවෙන දේ එයාලට ලැබෙන දේට වඩා ගොඩක් වැඩියි!
රටටත් එහෙම්මමයි!
පුද්ගලාභිවාදනයේ ගිහින් යමක් ලබාගන්න ලැබෙන ක්‍රමවේද හැමදාම, හැම තැනම, තියෙනව
ඒ මග තොරගන්නවද නැද්ද කියන එක ඉතින් එක් එක් පුද්ගලය අනුව වෙනස්වෙනව
හැබැයි ඉතින් රටට යමක් දීපු කලාකරුවෙක් මෙහෙම වෙනකොට ඉතින් බලං ඉන්න අපට වේදනාව වැඩියි!
අපට නොතේරෙන යමක් ඔතෙන්ට ගියහම උන්ට තේරෙනවද කියල මම හැමදාමත් හිතෙනව :-(
"හෙලවෙනකොට - වැල් පාළම
දෑස පියන් - බිම නොබළන්
අපට පුතේ - මගක් නැතේ
මේ මග මිස - යමන් පුතේ"
-- ගෲෂා --
මම ගැටවර කාලේ හොරෙන් ගිහින් මෝරා බැලුවා. ඔත්තුකාරයා බැලුවා. ඒවා හැදුවෙත් ඒවායේ හිටියෙත් මේ මිනිස්සුමද කියලා හිතෙනවා දැන්.
Deleteඔබ කියන දේ මට තේරෙනවා. ඒත් අනෙක් අතට මනුස්සයෝ කියන්නේ ඔවුන් කරපු දේවල් වත් ඔවුන්ට අනාගතේ කරන්න පුලුවන් දේ (විභවය) වත් නෙමෙයි අද ඔවුන් කරන දේ නේද කියලත් හිතෙනවා. අපිට නොතේරෙන දෙයක් උන්ට තේරෙනවා ඇති
අනේද කියන්නේ...මම ඊයේ තිස්පහයි පනස්පහයි වාදයක් වාද පිටියේ දැක්කා. සෝමේයි සුගතෙයි ආවේ 55 වෙනුවෙන්. ඒ ගොල්ලෝ වගේ සාර්ථක බයිස්කෝප් හදන අය ඉන්නේ පස් හය දෙනාලු. ඒ දෙන්නායි, ජැකායි, ජයන්තයි කියලා සෝමේ කිව්වා. ඒ ගොඩට සුනිල් ආරියරත්නවත් දාගත්තා කුස පබා නිසා. 55 නොදුන්නොත් ඒ පස් දෙනා චිත්‍රපටි හදන් නෑලු. මුන්ට ගිය රට..කට කුඩුවෙන්න දෙන්න හිතුනා.
ReplyDelete