ඕ
මේ අර පොදු අපේක්ෂකයා තාම එලියට ඇවිත් නැද්ද
නෑනේ . යන විදියට නම් පොදු අපේක්ෂකයෝ ගොඩක් වෙයි වගේ
එකත් එහෙමද
මේ
ඕ
මරුපොරක් ඉන්නවා පොදු අපේක්ෂකයා කරනවානම්
කවුද? හැබැයි අලුත් මුණක් වෙන්න ඕනේ
හරි හරි අලුත් මුණක් තමයි . දොස්තර කෙනෙක්
දත් දත් දොස්තර කෙනෙක්ද ?
චිහ් නෑ නෑ ඔරිජිනල් දොස්තර කෙනෙක් , මෙය ඉස්පෙෂලිස්ට් කෙනෙක් . වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ
ශාහ් මරුනේ වෘත්තිකයෙක් ...ඒක හොඳයි . දැනට ගම පළාතේ සමාජ සේවා වැඩ එහෙම කරනවද ?
පලාත්බදව පොඩි පොඩි වැඩ කීපයක් කරලා තියෙනවා
මොනවද
අර අනුරාධපුරේ ආසනික් නිසා හැදෙන වකුගඩු රෝග ගැන පරීක්ෂණය ලීඩ් කලේ මෙයා . අනික මේ දවස්වල ඉස්කෝලවල කැඳ ව්‍යාපාරයක් කරනවා . පොඩි රුපියල් ගණනකට කැඳ අසෝක වීදුරුවක් කට කපලා දෙනවා .
හරි හරි මම දන්නවා කවුද කියලා , ඉතින් මේ කැඳ හැලිය හදන්නේ මෙතුමාද ?
නෑ නෑ හදන්නේ නෑ . රෙසිපිය මෙයාගෙන්
චරිතේ නම් ගැලපෙනවා . ඒත් දිනන්න චාන්ස් එකක් තියෙයිද ?
මෙහෙමයි . අනිත් දෙයියෝ ටික රැස්වීම්වලට ඉස්ටේජ් එකට නග්ගලා . පංච සිඛට කියලා සිංදු කියවලා . දිව්‍යාංගනාවන්ගේ ඩාන්සින් අයිටම් එකක් දාලා වැඩේ ගොඩ දා ගත්තැකි
හැබැයි එක්කෙනෙක් නම් එන්නේ නෑ සපෝර්ට් එකට
කවුද
අර කතරගම එක්කෙනා . එයා සසින්දර මහත්තයටනේ වැඩ
ඇත්තටම එහෙමද ?
එහෙනම් . සසින්දර මහත්තයාට තමයිලු පුජා වට්ටිය මුලින්ම යන්නේ ඔං
හරි එයා නැති උනාට කමක් නා අපි වැඩේ කරමු . මුල්ම පෝස්ටරේ ගහමු " දෙවියනි ඔබ කොහෙද ?" කියලා . කැම්පේන් ස්ලෝගන් එක ලියමු "නාවොත් නාථ . අපි අනාථ " කියලා
අදහස් නම් හොඳයි තමා , හැබැයි පුතෝ කුචිකර්මාන්තය ගැන සැලකුවේ නැත්නම් සක්කරයා ආවත් දිනුම් බොරු
කුචිකර්මාන්තය ?
_______________________________________________________________________________
ලංකාව වූ කලි කුචිකාර්මික රටකි . එහෙයින් ලංකාවේ බලයට පත්වීමට උත්සහ කරන ඕනෑම කෙනෙක් කුචිකර්මාන්තය දැන සිටීම අනිවාර්යය වේ . මෙය වගා කිරීමයයි වරදවා තේරුම් නොගත යුතුය .
අපේ මහින්ද මාමා මේ ශාස්ත්‍රය හොඳින්ම දනී . ඔහු බඩට ඇන ආච්චිලා කුචි කවන්නේය . වඩාගෙන උඩ දමා පොඩි බබාලා කුචි කවන්නේය ( එවිට උන්ගේ අම්මලා ......................................................සහ තාත්තලා ද ඉබේ කුචි කැවේ ). පිරිත් කියවා දැහැමි සිත කුචි කවන්නේය .කතා කියා ජාති ආල නිලය කුචි කවන්නේය . අලිද කුචි කවා කුලප්පු කරන්නේය . රතු කුඹී ද කුචි කවන්නේය . . ලොකු මාමා එක්ස්පර්ට් ය .
මේ ශිල්පය හරි හැටි කරන්නට රනිල් මාමා අසමත්ය . ඔහු ගේ කුචි කැවීම දැනෙන්නේ සිනිදු සමක් ඇති නාගරිකයන්ට පමණි . ලොකු මාමා එහෙම නොවේ ය . ඔහු තදින් බඩේ පැත්තකට ඇඟිල්ලෙන් ඇන කුචි කවන්නේය . එවිට එක්වරම ඉල ඇට දිගේ විදුලිය බඳු වේදනාවක් ජනිත වේ . එවිට කුණුහරුප පවා කියවේ . දැන් බොහෝ අය එවැනි විට පරුස වචන වෙනුවට වෙනත් වචන කීපයක් කීමට පුරුදු වී සිටිති . ඇතැමෙක් එවිට "ආස්තරිය ආස්තරිය " කියා කියන්නාහ .( සමහරුන්ට නම් එකවිට " අම්මගේ අස්තාරිය " කියා කියවෙන්නේ පරණ පුරුද්දටය . ) සමහරුන් එවිට "හෙළ ජාතික අභිමානේ වැනි ගීත ඛණ්ඩයක් කීමට පුරුදු වී සිටිති .
මෙන්න ඔය කියන කුචිකර්මාන්තය කළ අපූරු අවස්ථාවක්.
ReplyDeletehttp://www.sundaytimes.lk/080706/images/HE-with-SB.jpg
ලින්ක් එක ක්ලික් කරපු ගමන් මාවත් කුචිකැව්නනේ. පට්ටයි
Deleteඅර කට්ටිය කියනවා වගේ පැකින් ඕසම් ය
Deleteපට්ට ඈ...
ReplyDeleteඒත් ජේපී දන්නෙ නැතෙයි කුචිකර්මාන්තය
හුටා
අමතක වුණා...
මේ කරල තියෙන්නෙත් කුචි කැවිල්ලක් නෙව...
ඔහැක්
හාහාහා
Deleteකුචි නොකවමි . ලාවට කොනිත්තමි
ReplyDeleteමාම කුචි කර්මාන්තයේ ප්‍රවීණය උනාට වටේ ඉන්න බෑනල කුඩු මිරිස් කාපු රිලව් වගේ
ReplyDeleteමිරිස් කුඩු කාපු නෙමෙයි . මිරිස් ගොඩක් උඩ ඉඳ ගත්ත උන් වගේ වෙලාවකට
Deleteපට්ට...
ReplyDeleteස්තුතියි
ReplyDelete