මෙහි ප්‍රධාන චරිතය රඟ පෑවේ අලුත් නිලියක් . කතාවේ හැටියට පෙනහළු පිළිකාවකින් පෙලෙන රෝගියකු ගෙදර නවත්වාගෙන සුවපත් කරලා , ඔහු ගෙන් දරුවෙකුත් කුසට විත් අතරමං වෙන කෙල්ලෙක් . අගේ රඟ පෑමේ හෝ රුප ස්වභාවයේ කිසිම විශේෂත්වයක් නුදුටුවත් අවසාන දර්ශනය
ඔහු නැවත එන විට ඈ ගේ තුලට හැරී දරුවෙකුට " පුතේ නෑයෝ එනවා " කියූ අයුරු , කුමක්දෝ හේතුවක් නිසා මා හිතේ රැඳී හිටලා
එදා ඉඳන් අද වෙනකොට අපි වගේම වෙද හාමිනේත් වයසට ගියා . අද ......ඒ වෙද හාමිනේ මිය ගිහින් . .....දයිවයේ සරදමකට වගේ පිලිකාවකටම ගොදුරු වෙලා . නිකරුනේ මිය යන කෙනෙකුට වඩා ලෙඩක් නිසා මිය යන කෙනෙක් ගැන අප සිත වැඩියෙන් තැවෙන්නේ ඇයි ? ඒ ඔවුන් වඩා දුක් වින්දා යයි සිතන නිසාද ?
කෙසේ වෙතත් පිළිකාව අතිශය පීඩාකාරී රෝගයකි . ඉන් මිදීමට ලැබෙන ප්‍රතිකාර ඊටත් වඩා පීඩා කාරිය . ඔන්න ඔහේ මැරිලා යනවා කියා කොච්චර චන්ඩි කම් කියෙව්වත් , ඒ මංසංදියට ආ සඳ , ජීවත් වීමට අපි හැමෝගෙම ඇති පෙරේත කම නිසා , අවසාන තෘණ පිඩැල්ලේත් අපි එල්ලෙන්නෙමු . ඒ බව අත්දැකීමෙන් දනිමි .
රෙබෙකා ගේ වෘත්තීය රඟ පෑමයි . නිළියකට තම රුව තරම වටිනා තවත් දෙයක් නැතිවා ය . පිළිකා ප්‍රතිකාර නිසා මා දන්නා තරමින්, ගත වැහැරී , රුව විරූපී වේ . ඒ වේදනාව මැදින් ඈ කෙතරම් වරක් සිනා මවා ගෙන රඟ පාන්නට ඇත්ද ?
ඒ අපි ඇගෙන් බලාපොරෝත්තු වූ දෙයයි
හොඳින් ඉගෙන ගෙන විභාග පාස් කළ දොස්තර නෝනා කෙනෙක් , මුණේ රැලි නැති කරන්න ගිහින් , බෙහෙත් වැරදිලා මිය ගිහින් ලු. රුපලාවන්‍ය අනාදිමත් කාලයක සිට මිනිසා නොයෙක් අමනොඥ ක්‍රියාවන් කිරීමට පෙළඹවුවා . රූපයේ නිස්සාර බව ගැනම බණ කියන රටක මෙච්චරම බියුටි සැලෝන් ඇරෙන්නේ ඇයි කියලත් මට හිතෙනවා වෙලාවකට .
හරි , ඉතින් අපේ දොස්තර නෝනා ... ඇයට අපි හිනා වෙන්නෙමු . දොස්තර කෙනෙකුට තමන්ගේ වෘත්තීය කරන්න ලස්සන ඕනේ නෑනේ ...
ඒ අපි ඇගෙන් බලාපොරොත්තු වන දෙය .
ඒත් රස්සාවෙන් එහාට ඇයත් , අපි වගේම පොඩි පොඩි අඩුපාඩු තියෙන , අපිට වගේම පුංචි පුංචි මේනියා තියෙන තවත් ගැහැණියක් නේ
පලි
කිසිම අරමුණක් ඇතිව නෙමෙයි , ඔහේ හිතේ පිරිච්ච දේ එලියට දාලා හිත සැහැල්ලු කර ගන්න ලීවෙමි
“කෙසේ වෙතත් පිළිකාව අතිශය පීඩාකාරී රෝගයකි . ඉන් මිදීමට ලැබෙන ප්‍රතිකාර ඊටත් වඩා පීඩා කාරිය “ ඔබේ මේ නිදහස් ප්‍රකාශයට මමත් එකඟ වෙනවා . නමුත් අද දවස වන විට පිළිකා වර්ග ගණනාවක් , මුල් අවස්ථාවේ හඳුනාගත හොත් සම්පුර්ණ සුව කිරීමක් හෝ වෙනත් බෝනොවන රෝග මෙන්ම ( දියවැඩියාව / හතිය / අධිරුධීර පීඩනය ) හොඳින් පාළනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නටත් පුළුවන්.
ReplyDeleteදෙවැනි ගැටළුවෙදි නම් , දැනට දන්නා තත්ත්වය අනුව වරද ඇත්තේ රජයේ නිති රීති රෙගුලාසි වල , වෛද්‍ය ආයතනයක් ලියාපදිංචියේදි ආයතනය , සේවය කරන්නන්ගේ සුදුසුකම් , උපකරණ , තතත්ව පාලනය ආදී කරුණු ගණනාවක් විමර්ෂණය කළ යුතු වෙනවා. ඒ වගේම ඒ අගැයීම් වාර්ෂීකව පසු අගැයුම් කළ යුතු වෙනවා . නමුත් අපේ රටේ එවැනි පද්ධතියක් දකින්නට නැති වීමේ අවාසනාව තමයි මේ.මක් නිසාද රූපලාවන්‍යමය වෛද්‍ය-ශල්‍ය ප්‍රතිකාර ලොව පුරා අද ජනප්‍රිය ක්ෂේත්‍රයක් , විශේෂත්වය ඒ රට වල මේ කී අගැයුම් , විමසුම් ක්‍රියාත්මකව පවතිනවා .
ස්තුතියි ඔබට !
පිලිකාව ගැන මා අසා තිබුනත් , මොලයට නොගිය දෙයක් ලිවීම ගැන ස්තුතියි.
Deleteමම එක අඩියක් පස්සට අරන් මෙහෙම ඇහුවොත් , ලෙඩක් උනාම බෙහෙත් ගන්නේ ඇයි?
නොමැරි ඉන්න
ඇයි නොමැරි ඉන්නේ
ඉවර කරන්න තව වැඩ තියෙන නිසා මේ ජීවිතේ
ඒ ඔක්කොම ඉවර කරන්න පුලුවන්ද ජිවීත කාලය තුළ
ඔක්කොම බෑ
(එකග නොවිමට නොවේ, හිතුන නිසා ලීවේ)
දෙවනි කාරනය නම් හරියට හරි. එහෙම හිඩැස් කොච්චර නම් තියෙනවද . කොටින්ම කණෙකුටත් ඩ්‍රයිවින් ලයිසන් එකක් තියාගන්න පුලුවන් නේ
jp,
Deleteමේ වෙද්දි පිළිකා වර්ග බොහොමයකට සාර්ථක පිළිතුරු තියෙනවා.
කට කහනවට මේකත් කියන්නම්.
මම නම් පිළිකාවට බෙහෙත් කරන්නේ මට ජීවත් වෙන්න ඕන හින්දා නෙමෙයි.
මම හරි ආසයි ඉක්මණින් මැරෙන්න හැබැයි දුක් නොවිඳ.
ඒත් මම වගේ කෙනෙක්ට උනත් අනාගත බලාපොරොත්තු මහ ගොඩාක් නැති වුනාට ජීවත් වෙන්න ඕනේ ලොකු හේතුවක් නැති වුනාට එහෙම බෙහෙත් නොකර බැරි වෙනවා. ඒ තමයි අනිත් අයට දුකක් දෙන්න අකමැතිවීම. අනිත් අය වෙනුවෙන්, ඒ අයගේ සතුට වෙනුවෙන් අපිට ජීවත් වෙනන් විතරක් නෙමෙයි බෙහෙත් කරන්නත් වෙනවා.
රංගි
Deleteඅර කට කහනවට කිව්ව දේ ට මම වඩාත් කැමතියි .
ඔබ කියන දේ මට තේරෙනවා . එතනට ආවොත් මමත් එහෙම කරාවි . මමත් කැමතියි මගේ කෙල්ල විවාහ වෙනවා දකින්න . මුනුපුරෝ මිනිපිරියෝ දකින්න . උන්ට කතා කියන්න . එත් ඒ ඔක්කොම කරලත් කරන්න බැරි වෙච්ච කොච්චර දේවල් ඉතිරි වෙනවද මැරෙන කොට ?
අපේ හිතින්ම අපි හදාගන්න ලෝකයේ , අපිම මවා ගත්ත තිර රචනයකට අනුව රඟ පාන්න ගිහින් අපි විඳින දුකක් ....ඒත් සැබෑ තිර රචනය වෙන කෙනෙක් ගේ නේද ( දෙවියන් , කර්මය etc). කියලා වෙලාවකට හිතෙනවා
ඔබ එකඟද මන්දා
වෙද හාමිනේගෙ මරණය මට මතක් කලේ පෝල් වෝකර්ගෙ මරණය. රඟපෑම සහ යථාර්තය අතර වෙනස කොයිතරම්ද!
ReplyDeleteඔව් ඇත්ත
Deleteමට මතක් වෙන්නේ මේ ගී පද කීපය:
ReplyDeleteWho am I to judge you
On what you say or do
I'm only just beginning
To see the real you (not you Jaliya. The doctor :D)
ඓව්
DeleteEven I do not know the real me
මරණයට මොන විදියකට හරි අවසානයේ මුහුණ දෙන්ට වෙනවානේ. වෙදහාමිනේලටත්, දොස්තරලාටත්.
ReplyDeleteබුදු හාමුදුරුවොත්, ක්‍රිස්තුස් වහන්සේත්, නබි නායක තුමාත් ඔක්කොමත්
Deleteඅලිත් මැරෙන එකේ නැට්ට එක්ක
මිය ගිය දෙදෙනාම මා හඳුනන අය නිසා දුක වැඩියි. අපිටත් මෙහෙම නම්, පවුලේ අයට කෙතරම් දුකක් ඇද්ද?
ReplyDeleteරෙබෙකා ට දියණියක් සිටියා. ඇය විවාහ වී දැන් දරුවෙකුත් ඉන්නා බව ආරංචියි.
බිරිඳ මියගිය මගේ බැචා ට ඉන්නේ 13-14 වයසේ දරුවන් දෙදෙනෙක්.
අම්මා නැති ජීවිතය කොරම් දුක්බර එකක් ද?
මෙහෙම ඇහුවට අමනාප වෙන්න එපා. ටිකක් දුරට සිතුවිලි වල ගිලෙනවා මේ දවස් වල
Deleteඇයි ඒ දන්න කෙනෙක් මැරුනම දුක වැඩි අපිට?
This comment has been removed by the author.
Deleteඅප දන්නා කෙනෙක්, අපේ හිතවතෙක්, නෑයෙක්, පවුලේ කෙනෙක් කියන්නේ අපට යම් හිමිකමක්, අයිතියක් ඇති අයෙක් නේ. ඒ නිසයි දුක වැඩි. මගේ තුවාලේ තමයි මට රිදෙන්නේ.
Deleteමේ අදහස මා මේ ලඟදී නවකතාවක් ගැන ලියූ විචාරයක දී යොදා ගත්තා මෙහෙම.
===========================================
තණ පත් අග පිනි බිඳු යන උදාහරණය සැමවිටම පාහේ යෙදෙන්නේ ජීවිතයේ අනියත බව කියා පෑමටයි. ඒ අනියත බව අප කුඩා කල සිටම ඉතා හොඳින් අසා දැන සිටිමු.
එසේ වෙතත්, සාමාන්‍යයෙන් සිදුවෙතැයි අපේක්‍ෂිත ක‍්‍රමයට අනුව අප ශරීර මුලින් හැදී, වැඞී, පසුව වියපත් වී, ක‍්‍රම ක‍්‍රමයෙන් දිරා ගොස් තවදුරටත් ජීවත්වන්නට ක‍්‍රමයක් නැතිම වූ කල අවසන් හුස්ම හෙළා එක්කෝ භූමදානව නැතහොත් අළු වී මෙලොවින් නොපෙනී යනු වෙනුවට, නොසිතු නොපැතූ අයුරින් අකාලයේ අවසන් වෙනු දකින සැම විටකම අපට ඇති වන්නේ දුකකි. කණගාටුවකි.
අප හොඳින් දන්නා හඳුණන අයෙකු ඒ ආකාරයට අකාලයේ මිය යෑම ඒ දුක, කණගාටුව තීව‍්‍ර කරවයි.
===================================
(will provide a link to the full article later)
ස්තුතියි කකා .
Deleteඅපිට සිදුවෙන " පාඩුව " නේද ඒකට හේතුව කියලත් හිතෙනවා
සාමාන්‍යයෙන් සිදුවෙන දෙය යනු කල්පිතයක් නේද කියලත් හිතෙනවා . අපි වයසට ගිහින් මැරෙන එක සාමාන්‍යයයි කියා හිතුවාට , එහෙම නොවෙන සමාජ කොච්චර තිබ්බද , තියෙනවද ? ලෙඩ නොවී සිටීම සාමන්‍ය තත්වය (normalcy ) කියා අපේ හිතේ තිබුනට එය එහෙම නොවෙන බව අපි හොඳින් නොදනිමුද?
මට තියෙනවා ප්‍රශ්ණයක්. මගේ නෝනා හොඳ රැකියාවක් කරන සාමාන්‍ය ගැහැනියක්. ටිකක් මහතට හිටියේ. එයාටත් එක එක අය දාහක් දේවල් කිව්වා. ඒත් එයා ඕය එකක්වත් කළේ නෑ. මගේ එයාට තියෙන ඇල්මේ අඩුවකුත් උනේ නෑ. එයා ඒ මහතත් ලස්සන දෙයක් විදියට හිතුවා. ළෝකේ මහත අය කොච්චර ඉන්නවද කියලා සැනසුනා. ඉතින් මහ ළොකු උගතුන් නොවන අපිට ජීවීතේ "දේවල්" ගැන ඒ විදියට බලන්න පුළුවන් නම්. ඇයි මේ උගත් අයට මේ දේවල් තේරුම් ගන්න බැරි. ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නේ.
ReplyDeleteසමහර විට තේරුම් ගන්න බැරිම සතා මිනිසා නිසා වෙන්න ඇති.
උඹ වගේ හැම එකාම තේල් ඊරියන්ට ආසා නෑනේ
Deleteමාතලන් : ජිවිත දැක්ම ඇති කර ගැනීම , බුද්ධියයි . එය අධ්‍යාපනයෙන් නොලැබේ . ඒ මගේ ජිවිත දර්ශනයයි . මා දන්නා බුද්ධිමත්ම මිනිසා , ඉගෙන ගෙන ඇත්තේ අටේ පන්තියට පමණි .
Deleteදොස්තර නෝනා ගැන නම් , මම ඉන්නේ ඩුඩ් ඉන්න තැනයි , ඇගේ තීරණ අගේ ප්‍රශ්න ගැන අපි නොදනින්නෙමු .
රුපලාවන්‍ය හරි සංකීර්ණ සංකල්පයක් කියලයි මට හිතෙන්නේ .ශරීර සෞඛ්‍යය ගැන හිතල ස්ථුල බව අඩු කර ගැනීම දේවල් ගැන නෙමෙයි මම මේ කියන්නේ . විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණයට රුව ගැන උනන්දු වීම මට තේරෙනවා . ඉන් පසු ඔවුන් තමන් වෙතම තබා ගැනීමට ඒ කටයුතු කිරීමත් හරියි කියමුකෝ . එත් මම දන්න ආච්චි අම්මලා ඉන්නවා කොන්ඩේ ඩයි කරන . මට ඒ ඇයි කියලා හිතා ගන්න අමාරුයි
ඇනෝ : තමන්ගේ නෝනාට තමන් කැමති උනාම මදැයි . අනික අපි කසාද බඳින්නේ අපිට හම්බුවෙන ලස්සනම ගෑනිව නෙමෙයිනේ ....
(මම මේ කමෙන්ටුව මේ පළ කලේ සහ ප්‍රතිචාරයක් දැක්වුවේ , මේ රුපලාවන්‍ය පිස්සුව පස්සේ දුවන එකේ එක පැතිකඩක් මෙයින්ද නිරුපණය වේ යයි සිතුනු බැවිනි )