මා ඇතුළු වී ටික මොහොතකින්ම එහි කොනකට වූ කළු ගුලිය ම නෙත ගැටිණි . අව පහ ගැනුණු වැරහිලි , දිගට වැවුණු කැරලි ගැසුණු හිසකේ , වත තැනින් තැන දිගට වැවුණු රැවුළ . "පිස්සෙක්ද කොහෙද " මා සිත නිගමනයකට ඉක්මන් විය .
කුමක්දෝ හේතුවකට මා සිත තුලට සියුම් චකිතයක් බියක් කාන්දු වෙනවාද මට දැනුනි . " වැඩි වෙලාවකට නෙමෙයිනේ . දැන් බස් එකක් එයි . මෙහාට වෙලා ඉන්නවා , හැබැයි සුදානම් සරීරෙන් . " මම අත් තදින් මොලවා ගතිමි .
"මහත්තයා ඕයි මහත්තයා " ගොරෝසු හඬක් මා ඇමතීය
ඇහෙන්නේ නෑ වගේ ඉන්න ඕනෑ .
"වැස්සකට හරි මේක ප්‍රයෝජන උනානේ නේද"
"මොකක්ද"
"බස් ඉස්‌ටෑන්ඩ් එක . ....කොල්ලා යුද්දෙට ගියා . ඌ බෝම්බෙකට අහුවෙලා මලා . ....සීල් පෙට්ටියක කෙහෙල් කොටන් දෙකක් ගමට ආවා . ගමම අඬලා පුච්චලා දැම්මා . .....කෙහෙල් පට්ටා , පට පට ගාලා ඇවිලුනා ඕයි . ..........ඊට පස්සේ මිනිස්සු සල්ලි එකතු කරලා මේ බස් ඉස්‌ටෑන්ඩ් එක හැදුවා . .....උගේ නම ලියුවා උඩින්ම . .....
බොරු නෙමෙයි ඕයි . "
මම හිස පිටතට දමා බැලීමි . ලියු වැකිය තැනින් තැන වියැකි ගොසිනි . "රණවිරු " යන වදන යාන්තමට දිස්වේ . ඉන් පසුව ඇති නම වියැකී ගොසිනි .
"කොල්ලගේ නම මැකිලා ගිහින් . රණවිරු කෑල්ලත් දැන් මැකීගෙන යනවා . ....මේකත් කඩලා දායි ළඟදීම මහත්තයෝ ....කාටවත් වැඩක් නෑ කියලා "
ඔහු එක්වරම, ලඟට එන ලෙස සන් කළේය . මා පොඩ්ඩක් අදිමදි කලෙමි .
"මහත්තයෝ මට පිස්සු ..... වෙන ලෙඩක් නෑ ඕයි . පිස්සු බෝවෙන්නේ නෑ ...බොරු නෙමෙයි ඕයි "
වෙන කළහැක්කක් නොමැත . මා අඩියක් දෙකක් ඒ දෙසට ගතිමි .
"අර ගෙදර මහත්තයගේ පදනමක් තියෙනවා . චන්ද කාලෙට උදළු තල , බාල්දි , ගෑස් සිලින්ඩර් බෙදන .. මේ ඉස්‌ටෑන්ඩ් එක නිසා ඒ මහත්තයාගේ මුණ තියෙන අර බෝඩ් එක පෙනෙන්නේ නෑලු ඈතට ."
මා නෙත් , ඔහු දික් කල ඇඟිල්ල දිගේ ඒ දෙසට යොමු කලෙමි . සුදෝ සුදු වතින් සැරසුණු , කොන්ඩේ ජෙල් ගා පීරපු මහතෙක් මදහසක් පාන්නේය .
"එහෙම කඩන්න පුලුවන්ද ?" මා ඇසුවේ දැනගැනීමේ උවමනාවට වඩා නිහඬතාවයට ඇති අකමැත්ත නිසාය .
"මිනිස්සු ආවේගෙට හැදුවට . මන්ත්‍රී තුමා ඇවිල්ල කතාවක් පවත්තලා විවෘත කලාට අනවසර ඉදිකිරීමක් ලු මහත්තයෝ "
අර මදහස පාන බෝඩ් එක යටින් , පිඩලි , රතු පැහැ ,හැඩයට කැපු ගල් කැට රටාවකට ඇල්ලු පදික මාවතක් දිගේ හවසට මහත්තුරු ජොගින් යනවා මට මැවී පෙනිණි . නිහඬතාවය පුංචි තිතකින් ඇරඹි වතුර වීදුරුවකට වැටුණු තීන්ත බිඳුවක් මෙන් කෙමෙන් කෙමෙන් මුළු ලෝකයම වසා ගන්නට විය . ඒ මුසල නිහඬතාවය මා සිත කැලඹිය . මොහොතකට පෙර මා අප්‍රිය කල ඔහු ඔහු කතාව දැන් මා සිත ඉල්ලා සිටින්නේය . කෙතරම් වෙලාවක් ඒ නිහඬතාවය රජකලා දැයි මට නිනව්වක් නැත . නිහඬතාවය අප හුස්ම ගන්නා වාතය උරාගන්නා සෙයකි . හුස්ම හිරවී , ආශ්වාශ ප්‍රශ්වසයද අපහසු සෙයකි
ඈතින් පුංචි තිතක් සේ පටන් ගෙන එන්න එන්ටම ලොකු වෙන බස්රථය දැක මා පිටතට ආවේ, වැඩිමනක්ම ඒ පරිසරයෙන් මිදීමටය . බසය සෙමින් සෙමින් විත් නැවතුම පසු කර මදක් ගොස් නතර විය . මම ඒ දෙසට දිව යන්නට වීමි
"මහත්තයා මහත්තයා . මේ... "
මම නැවතුනෙමි
"මම බොරු කිව්වේ ඕයි . පිස්සු බෝවෙනවා ඕයි .. "ඔහු මහා හඬින් සිනා සෙන්නට විය

MEWA KIYAWAPU MATATH PISSU OOYI
ReplyDeleteබෝවෙනවා
Deleteකතාව ඇත්ත.පිස්සු බොවෙනව.
ReplyDelete:)
Deleteපික්සු බම්ප් වෙනව ඕයි
ReplyDeleteපිස්සු බෝවෙනවා කියන එක ඇත්ත වගේ ඔයි...
ReplyDeleteසත්තයි බෝවෙනවා පිස්සෙක් දුටුවොත් ඇස් හෝදන්න.ඔහු ගේ කතා ඇසුවොත් කණ හෝදන්න
Deleteපිස්සු බොවෙන්නෙ නැහැ නේ...ඒ වුනාට පිස්සු බලු රෝගෙ නම් බෝවෙනවා..
ReplyDeleteනෑ බෝවෙනවා
Deleteඅම්මපා ඇත්ත.. පිස්සු බෝවෙනවා.. මරු කතාව..
ReplyDeleteඅර රාජ් කියලා තියෙන්නේ පිස්සු බෝ වේවා කියලා
Deleteපිස්සු බෝ වේවා!
ReplyDelete:)
Deleteහැම වටින දේම යටකරගෙන එකක් ඉස්සරහට....
ReplyDeleteහ්ම්ම්ම්ම්.....
මොනවාද ? පිඩෙලි සහ රතු ගල් ද? :)
Deleteඅපූරුයි!
ReplyDeleteලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ "පරමේෂ්වරී සහ වෙනම රටක්" යන කෙටි කතා පොතේ මෙයට සමාන තේමාවකින් යුතු කෙටිකතාවක් තිබේ.
http://isuru.lib.ruh.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=119084&shelfbrowse_itemnumber=142330
ස්තුතියි ඔත්තුවට. හොයා ගෙන කියවන්න ඕනෑ
Deleteහපොයි...අපි නම් ආවේ නෑ... :D
ReplyDelete
Deleteඔන්න ඇවිත් යනවා අපි දැක්කෙත් නෑ
ඇත්ත. හුඟක් බස් නැවතුම්පොලවල් හැදුවේ ආවේගෙට.
ReplyDeleteඒ බස් ස්ටැන්ඩ් වල දැන් බස් නවත්තන්නෙත් නැත (literally and figuratively)
Delete