16 November 2013

කතරක පිපුණු සෙව්වන්දිය

පෙර කියවීම: අපි කියවන දේ වලින් . ඇහෙන දේ වලින් . ඇතිවන චිත්ත රූ පයට අඩිය තියලා ඉන් ඔබ්බට අපේ නිර්මාණාත්මක හිත දුවනවා වෙලාවකට . ඔරිජිනැලිටි ගැන ප්‍රශ්නයක් ඇති උනත් ඒ ගමන රසවත් බොහෝ විට . 
මෙයට නිමිත්ත මට ඇහුනු සිංදුවක්  . හිතේ මැවෙනවා මැද පෙරදිග , අරාබියේ දිගට දිගට පැතිරුණු කාන්තාර , ඒවායේ කුඩාරම් මැද , හවසට , දුහුල් පිලි හැඳ රඟන නළඟනන් .



හිරිපොද වැස්සක් ,
සිහිනයකට වැටෙන, 
හෙමිහිට .
වැලිතලාවක , 
අනන්තයට දිග හැරුනු ,
හිස් අතින් ,
මා 
අවදි වන 

කාලය .
ඇඟිලි අතරින් ,
රූරා  
වැටෙන 

සරත් සැඳාවක හමන ,
මහි සුසුමක ,
රිද්මයට ,
පහන් සිළුවක් 
රඟන 
(මට හීනෙන් පෙනෙන )

දැල්ලේ  එලියට මුවාවී 
ඈ  සෙවනැල්ල 
තාලයට පා තබන 
දෑසින් ඉඟි කරන 
ම සිතේ ආශා 
සැලෙන හැඩයට 
ඉඟ සුඟ නලවන 
ඈ 
(මට හීනෙන් පෙනෙන )
සෙව්වන්දියක් 
කතරක 
(අහම්බෙන් )
විකසිත 

මුව වැසූ සළු 
එකින් එක උනා 
අහකට 
නොකී රහසක් මුමුණන 
සිහින් සුවඳක් 
සළු 'තරින් 
සෙමින් විත් 
හිත කොනකින් අල්ලා 
කොනිත්තන 
(මට හීනෙන් දැනෙන )

හිස් අතින්ම 
තිගැස්සී 
මා 
අවදිවන 
හීන  හා ප්‍රකෘත්තිය මැද 
මංමුලාවෙන 



පලි : මෙන්න සිංදුව 

No comments:

Post a Comment

Have commented