29 November 2013

එහෙම වෙන්නත් තිබුනා vs what you've got

අතීත ප්‍රේමයන් ගැන ගීත , කතා කෙතරම් ලියවිලා තියෙනවාද.

කාලයක් පැවති නැති වෙන සබඳතා පැත්තකින් තියන්න , විටෙක ජිවිතේ හරහා ලාවට වගේ හමා ගිය අය , හිත් වල එලිය නොවැටෙන අහු මුලු වල පදිංචි වෙනවා වෙලාවකට.

මෙ ඔක්කොම ලියුවේ පහත කවි දෙකට පෙරවදනක් ලෙස .

ඇවිත් යෑම
---------------
ඈ එන්නීය
තවමත් ඉඳ හිට
මා හදට
නොදන්වාම
අවුත් හිඳින්නිය
වෙනදා වාගෙම
නිසොල්මන්ව
පිටමන් වන්නීය
එදා වාගෙම
නොකියාම

එහෙම වෙන්නත් තිබුනා
---------------------------------
හ්ම්ම්
ඔව්
එහෙම උනානම්
මා එසේ වී
ඔබ එසේ නොවී
(ටිකක් දිග නිහැඬියාවක්)
එදා  , එදා නොවී
...සමහර විට අරහෙම නොවුනා නම්
(දිගු සුසුමක් )
එහෙම වෙන්න තිබුනා

පලි: මේ ටිකත් නොලියා බෑ.
 අතීතය ගැන ෆැන්ටසි වලින් පස්සේ අපි "ගෙදර " යනවා. බඹා කොටපු හැටියට අපිට හිමි ස්නේහයක් බලා ඉන්නවා අපි එනකන් .
අමතක කරන්න එපා , ජිවීතය කියන්නේ සර්ව සම්පුර්ණ අමුද්‍රව්‍ය වලින් ගොඩ නගන කතාවක් නෙමෙයි, ලැබෙන අමුද්‍රව්‍ය වලින් පුලුවන් විදියට සම්පුර්ණ කර ගන්නා කතාවක් .

පපලි
පලවෙනි කවියට අදහස ලබුනේ මලින්ද ගිය සති අන්තයෙ  පත්තරෙකට ලියලා තිබුනා සටහනකින් . සටහන කපුගේ ගැන..ඔහු කියලා තිබ්බේ , කපුගේ හෙමින් සැරේ කතාබහ වලට ඇවිත් (මාතෘකාවක් වෙලා) , ඔහේ ටික වෙලාවක් ඉඳලා. නොදන්වාම යන්න යනවා කියලා

7 comments:

  1. කපුගේ එක්ක කතා බහට මටත් අවස්තාවක් ලැබිලා තියෙනවා. ඒත් ඒ මාර්ගය සැල්සුන මිතුරත්, කපුගේත් අද නෑ. දෙන්නම බොහෝම සුන්දර මිනිස්සු. ඒ වගේම නොම්මර එකේ බේබද්දො...

    ReplyDelete
    Replies
    1. මම වැඩ කරපු තැනක පැදුරු සාජ්ජෙකටත් කපුගේ ආවා. නීට් පිට ශොට් තුන හතරක් හලාගෙන තමයි වැඩේ පටන් ගත්තෙත්.

      හැබැයි හිත හොඳම මනුස්සයෙක් කියලයි අහල තියෙන්නේ.

      මොකද හිතන්නේ "එහෙම උනා නම්" ජාතියේ සිතුවිලි ගැන

      Delete
    2. කපුගේ මහත්මයා එක්ක අපේ භාශාවෙන් කියන ප්‍රයිවට් එකේ සෙටේ සෙට් වෙන්න හම්බවුනා.... මාතලන් කියනවා වගේම ඒකට මගපාදපු කෙනාත් නැහැ. කපුගේත් නැහැ. ඒ දෙන්නම සහ මමත් ඒ දවස්වල හරියට බොනවා. මම බොහොම තරුන කාලේ.

      Delete
  2. ප්‍රශ්නේ කියන්නේ මේ සීතල කාලෙට ඔය අතීත ප්‍රේමකතා දළුදාලා මතක් පාරට එක පාරට හමු වෙන එකනේ.
    කපුගේ මටත් හමුවෙච්ච මිනිසුන්ගෙන් බොහොඅම් නිර්ව්‍යාජ ආටිස්ට් කෙනෙක්. ඒවගෙ අය වැඩිකල් රැදෙන්නේ නෑ කියලා මම දැන් හිත හදාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මේ සීත කාලෙට තමයි ඔය වගේ අදහස් එන්නේ වැඩිපුරම

      Delete
  3. //////අමතක කරන්න එපා , ජිවීතය කියන්නේ සර්ව සම්පුර්ණ අමුද්‍රව්‍ය වලින් ගොඩ නගන කතාවක් නෙමෙයි, ලැබෙන අමුද්‍රව්‍ය වලින් පුලුවන් විදියට සම්පුර්ණ කර ගන්නා කතාවක් .////////

    හදවතින්ම එකඟයි!!!!!!

    ReplyDelete

Have commented