උඹ කොහොමෙයි කවියෙක්
වෙන්නේ
හිත් පතුලෙන් කවි
පද අහුලන්නේ
දුෂ්කර කිරියා කරන් නැතිව , කොහොමෙයි
ඇස් කෙවෙනි අගට කවි බිංදු උනන්නේ
දුක් විඳින් නැතිව කොහොමෙයි
කවියෙක් වෙන්නේ ?
වෙන්න කවියෙක්
විඳින්නෝනි
කන්දරාවක් දුක්
හරියට මැදලා අඳින්න
කලිසමක් වත් නැතිව
කමිසේ බොත්තම් පේලියේත්
හිදැස්
ජීවිතේ වගේම
සිද්ධාර්ථ උනත්
දුෂ්කර ක්‍රියා කළේ
ඔතෙන්ටිසිටි
ඕනේ නිසා දර්ශනේට
නැත්නම් සාරා සංඛ්‍ය කල්ප ලස්සයකුත්
පුරලා
තව සාවසක්
මොකෑ එක්ස්පීරියන්ස්
වින්දට කමක් නෑ සහෝ
ඒත් පෝලිමේ ඉඳීද්දි හිටං
ගන්න සම්මාන
පැත්තකින් තියහන්
දුක්
වින්දට කමක් නෑ
සහෝ
නංවන්න එපා දුක වේදිකාවට
රහ වින්දට
දුකේ
කවුරුත් කැමති හිනාවෙන්න
අත්පුඩි ගහන්න
විඳින්න මිසක්
කරේ තියන් ගෙදර ගෙනියන්න නෙමේ
උඹේ දුක .
කවියෙක් වෙන්නත් ඕනේ
මැඳුම් පිළිවෙත මැයි
එකෙන්ම...
ReplyDeleteමේ සටහන ලිවීමට හේතුව ඔබත් ලියු ටිමාගේ සිද්ධියයි
Deleteඅම්මප..
ReplyDeleteසාරා සංඛ්‍ය කල්ප ලස්සයකුත්
පුරලා
තව සාවසක්
මොකෑ එක්ස්පීරියන්ස්?
ඒකෙත් හැටි..
ඇත්තටම ඒ මොකද?
Deletewell said.
ReplyDeleteස්තුතියි
Deleteමෙහෙම කවි කමක්............. පුදුම ලස්සනයි
ReplyDeleteමැදුම් පිළිවෙතක් ඇති ලොන්ඩරිකාරයෝ සහ ඩෝබිලා නම් දන්නවා
ReplyDeleteදවසේ කියමන.
Deleteඔය ටිම්රාන් මහතාට රස්සාවක් කොළඹ රස්සාවක් දෙන්නම් කිව්වම කුරුනේගලද කොහෙද ඕනෙම කිව්වයි කියන්නේ ඇත්තද? ඔහුගේ කවි හොඳයි. ඔබේ නිර්මානයත් හොඳයි.
ReplyDeleteඇත්තටම දන්නේ නෑ ඒ ගැන නම් . හැබැයි අජිත් ඒකෙත් වරදක් නෑ නේද . ඌට ඒකට හේතුවක් ඇති .
Deletehttp://nelumyaya.com/?p=6161
ReplyDelete++++
ReplyDeleteඑල..
ReplyDeleteකවිද මංදා :P
ReplyDeleteඅනේ මන්දා :)
Delete