බාහුව වෙළී
බඳ වටේ
වකය විඳ
නිතඹ මායිමේ
ඇදී පහළට
හෙමී හෙමිහිට
කොට සාය
වාටියෙන් අල්ලා
මදක් ඉහළට
ආදරේටනේ ඒ..
කූඩූ නැතිව මොන
ප්‍රීති වෙසක් වෙද ?
ඉහලන්
කියුටෙක්ස් පාට නිය කුඩය
හීන් සුසුමක උණුහුමින් මුවාවී
රතැඟිලි සක්මනේ
ලිනන් කමිසේ , රැහැන් හිදැසේ
නොපැටලී මං මුළාවේ
ගොරෝස් ඩෙනිම් සාක්කු වාටිය දැනෙන
නොදැනෙන මානේ
පිම්බුණු සම් පසුම්බිය
හීතල
කොණින් අල්ලා
හෙමින් එළියට
අදිද්දී දැනේ
බර
මොණරුන්ගේ
ආදරේටනේ .... ඒත් .
දන්සැලක් හෙම නැතිව
කොහේ වෙසඟේ අසිරිය ?
පලි :
මේ කවට නිමිත්තක් තියෙනවා . එය මම දැක්ක කාටුන් චිත්‍රයක් . උයනක බංකුවක ඉඳන් ඉන්න යුවලක් . කොල්ලා කෙල්ලගේ රෙද්ද පොඩ්ඩක් උස්සනවා . කෙල්ල කොල්ලාගේ පර්ස් එක සාක්කුවෙන් පික් පොකට් ගහනවා . ගිය සතියේ මතක පද අහද්දී බිමල් රත්නායක මේක මතක් කළායින් ආයෙත් මතක් උනා .
චිත්‍රය දැම්මා නම් කියලා හිතුනා..නොදැම්මේ ආදරේට ද...
ReplyDeleteආදරේටනේ........මේ හැම මගුලක්ම ආදරේටනේ,
ReplyDeleteමම කැමතිම වැඩ සටහනක් තමයි රන්වන් එෆ් එම් එකේ මතක පද සහ පාර දිගේ.
Worst anticlimax ever...
ReplyDeleteඅවුලක් නෑ. ආදරේ අහස තරම් නේ හිටන්..!! 😅
ReplyDeleteඇත්ත ආදරේ
ReplyDeleteTrue love ❤
ReplyDeleteආදරේටනේ.
ReplyDeleteආදරේ ආදරේ පුදුම ආදරේ...
ReplyDeleteආදරේටනේ.......මදැයි මදැයි
ReplyDelete