"මචං ලංකාවේ සංහිඳියාවක් නෑ කියලා මට තේරුනේ මුලින්ම කෙල්ලෙක් යාලු කරගත්ත දවසේ . මේකිගේ ජාතිය ජන්මය දන්නේ නැතිව , පෝය දවසේ පන්සලකට ගෙනියනවද , කෝවිලට ගෙනියනවද , සිකුරාදා පල්ලි ගෙනියනවද මට මාර ප්‍රශ්නයක් ආවා . මොකද අපේ හිත ඇතුලේ කොම්බුවක් වගේ දරන ගැහිලා ඉන්න
ඊළඟට අතේ තියෙන ගාණට සරිලන්න , කන්න කොහේ හරි ගියොත් එතනත් ප්‍රශ්න ... ඔලුව වහ ගත්ත මුස්ලිම් කෙල්ලෙක් එක්ක සිංහල කඩේකට යන්න බෑ , දෙමළ කෙල්ලෙකුට සිංහල කොල්ලා එක්ක යාපනේ තොසේ කඩේකට යන්න බෑ .
හැබැයි එක තැනක් තියෙනවා සංහිඳියාව තියෙන .. ඔඩෙල් එක . මොකා ගියත් ප්‍රශ්නයක් නෑ . දෙයියෝ ගාව නැති සංහිඳියාව දෙයියන්ගේ මල්ලි ගාව තියෙනවා . අනාගතයේ සමාජවාදයේ පල්ලිය පන්සල ඇතිවෙනකන් , සංහිඳියාව (ගෙවලා හරි ගන්න ) තියෙන්නේ ධනවාදයේ පන්සල් වල විතරයි දැනට "
***
ඉස්සර අපේ (අර්ධ නාගරික) ගමටම තිබ්බේ එක ඩිස්පෙන්සරියයි . දොස්තර මහත්තයා උදේ ඉස්පිරිතාලේ වැඩ කරලා ඩිස්පෙන්සරියට ආවේ දවල් කෑමෙන් පස්සේ වගේ තමයි මට මතක. ඔහුට තිබ්බා පරණ වොක්ස්වැගන් කාර් එකක් ( කනේ මයිල් මොඩල් එකේ ) .
දොස්තර හැරුණු කොට, මුළු ඩිස්පෙන්සරියටම හිටියේ , එක නර්ස් කෙනෙකුයි , තුවාල මාටිනුයි විතරයි .
නර්ස් නෝනා කලේ උණ බලන එක , නම ගම ලියාගන්න එක , නොම්බර කතාකරන එක , ගෑණු කෙනෙක් එක්ක දොස්තරගේ කාමරේට ගිහින් තනි රකින එක වගේ දේවල් . ඊට අමතරව බෙහෙත් කලවම් කිරීම මෙන්ම , ඉතාමත් රුදුරු කාර්යක් වූ ඉන්ජෙක්ෂන් ගහන එකත් ඇයට පැවරුණා .
තුවාල මාටින් තමයි ඩිස්පෙන්සරිය උදේට ඇරියේ , හවසට වැහුවේ . සුද්ද පවිත්‍ර කලේ . .. ඒ ඔක්කොටම වැඩියෙන් වැදගත් රාජකාරියක් ඔහුට පැවරී තිබුනා . ඒ තමයි තාර පාරේ , බොරළු පාරේ බෝල ගහන්න ගිහින් කකුල් ලෙලි ගහ ගන්න , ටින් කඩන්න ගිහින් වීදුරු කටු වලට යටිපතුල් කපා ගන්න, බයිසිකල් පදින්න ගිහින් චේන් වලට කකුල් කපා ගන්න , යටි පතුලේ කම්බි ඇණ , ඇන ගන්න , මෙකී නොකී විවිධ ආබාධ වලට ලක්වෙන පොඩි එවුන්ගේ තුවාල වලට ප්‍රතිකාර කිරීම . ..
හැම තුවාලෙකටම ඔහු ළඟ තිබ්බේ එක ප්‍රතිකාර ක්‍රමයක් . හැබැයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි .
මුලින් බයෙන් බිරාන්ත වෙලා ඉන්න පොඩි එකාව පුටුවේ හිඳුවා , "පොඩ්ඩක් වත් රිදෙන්නේ නෑ" කියා , සැව්ලෝන් වතුරෙන් තුවාලය සෝදන්න ගන්නේය . පරණ තුවාලයක් නම් , වටේ කුණු හම කඩා, හම තුලට කාවැදුණු වැලි කැට වීදුරු කටු තියේ නම් ඒවා පිරිසිදු කරන්නේය . මේ වෙනකොට පොඩි එකාට , මාටින් සත්ය්වාදියෙකු නොවන වග සනාථ වී හමාරය . ඉන්පසු සිකට්‍රීන් කුඩු මදක් තුවාලය මතට ඉස , මහා ප්ලස්ටරයකින් වසන්නේ , පිටත විසබීජ වලින් මෙන්ම , ජොලියට , සොමියට සහ ආතල් එකට අනිත් එවුන්ගේ තුවාල පාරන එවුන්ගෙන් බේරා ගැනීමටය .
"තුවාල වලට බෙහෙත් කරන්න බෑ .. තුවාලේ වටේට සුද්ද කරලා , එළියේ විසබීජ වලින් ආරක්ස්සා කරගත්තම , ඕනෑම තුවාලයක් ඉබේම හොඳ වෙනවා " ... ඒ තුවාල මාටියාගේ ක්‍රමයයි .හැම පරණ තුවාලයකටම ඔට්ටුද මන්දා ?
හරියන්නේ නෑ, නහය, කට ඇස් දෙක වගේ එව්වත් තුවාල වෙලා නිසා සුද්ධ කරන්නවත් ප්ලාස්ටර්දාලා වහන්නවත් බෑ. ඊටත් ලෙඩාට ෂුගර් ඒ මදිවට මාර්ටියත් ආසාධනය වෙලානේ. සේලයින් දෙන්නයි ඇන්ටිබයොටික් ගහන්නයි විතරයි තියෙන්නේ.
ReplyDeleteසේලයින් වල තියෙන සංඝටක වැඩි හරියක් කඳුලු වලත් තියේ නේද
Deleteතුවාලෙට වේලෙන්න ඉඩ දෙන්නෙම නැහැ. මුනුත් හරියට සල්ලි අරන් තුවාලවලට බෙහෙත් දාපු අපේ ගමේ හිටිය මොන්ටි වගේ. හොඳ වේගන එනකොට ආපහු හයිඩ්‍රජන් පැරොක්සයිඩ් දාලා ලේ එනකං අතුල්ලනවා. ඇඬුවොත් කණ මිරිකනවා. මිනිහට තුවාල ඕන ජීවත්වෙන්න. හැබැයි "තුවාල සුව කරනු ලැබේ" කියලා බෝඩ් එක නම් බැබලෙන්න තියෙනවා. පේනවනේ...අපේ රටේ මොන්ටිලා ඉන්නවා ටොන් ගානට. ඔය හැත්තට උලාගෙන කන්න තියෙන්නේ එක තුවාලයයි. ඒ නිසා මුන් තව තුවාල ඇතිකරන්න තමයි දඟලන්නේ.
ReplyDeleteතුවාලෙට බෙහෙත් කිරීම පැත්තක තියලා අතුල්ලන එවුන්ට ගහන්න ඕනේ ඉන්ජෙක්සන්
Delete"...තුවාලෙට බෙහෙත් කිරීම පැත්තක තියලා අතුල්ලන එවුන්ට ගහන්න ඕනේ ඉන්ජෙක්සන්..."
Deleteඑකට දැන් ඉන්න දොස්තර පණ මදි. කලින් දොස්තරගේ කාලෙනම් එකෙක් තුවාල පාරන්න ආවෙ නැනේ!
හිඟන්නගෙ තුවාලෙ වගෙ කියන්නෙ ඒකනෙ. සමහර හිඟන්නො තුවාලෙ වෙනුවට ට කුණුවෙච්ච මාලු කූරියෙක් තියලත් බැඳගෙන යනවලු. Virtual reality.
ReplyDeleteඒ කියන්නේ තුවාලේ වේලුනාට ගඳ තියෙනවා
Deleteමිනිසත් කම හෝ සංහිදියාව ඇති කල හැක්කේ දරුණු නීතී රීතී මගින් පමණි.
Deleteහෝ එහි වටිනාකම ගෙවිමෙනි
Delete
ReplyDelete++++
අපි පොඩිකාලේ තුවාල කරගත්තාම ආච්චි දවසකට සැරයක් තුවාලයට විසබීජ නාශක දාන එක ඇරුණාම කිසිම ප්‍රතිකාරයක් කළේ නැහැ
ReplyDelete