හතරයි හතලිස්පහේ
රතු ඉරට හොරෙන්
යතුරු හිලට ඇහැ තියා
බලන නුඹ
දෙඇස් පොඩි
විස්මිතව
පිපෙනවා
බලන්නට
දොර ඇරෙන පමාවට
රළ නගන
හද ගැස්ම
අහන්නට
අත් පොඩි ගෙලවටා
වෙලෙන
උණුහුම් සුවය
විඳින්නට
හිටපු ගමන් මම ගෙදර එනවා
නොකියාම
කලින්
දිනෙක
උඹත් අවුත්
නොකියාම
පුදුම කරාවී
මා
***
I disrupt order
now and then
and come home early
To see your eyes sparkle
as you look through
the peep hole
To hear your gasp
on the other side
of the door
To see feel
your embrace
warmth
Someday
you will
surprise me too
when you come
unannounced
Beautiful.
ReplyDeleteThank you
DeleteAwesome. This is about a daughter who is now a grown up, right?
ReplyDeleteThank you. Yes it is . but she is still in high school and with us . But won't be long though . And that frightens the ^&* out of us at times too.
Deleteknow you can relate
මමත් කලින් ගෙදර එනදවසට මේ අත්දැකිම විදිනවා පොඩි මෙන්ඩාගෙන්
ReplyDeleteඋපරිමයෙන් අත්විඳින්න , කාලය ගලා යයි ... මතක ඉතිරිවේ
Deleteඉස්සර තාත්තා එනකන් අපි බලාගෙන ඉන්නවා
ReplyDeleteදැන් අපු එනකන් තාත්තා බලාගෙන ඉන්නවා.
ජීවිතය .
Delete