26 October 2015

හිට්ලර් යාම , චැප්ලින් ඒම සහ Back to the future

2015 ඔක්තෝබර් 21 ගැන කතාබහක් ඇතිවුයේ , Back to the future (බැක්  ටු ද ෆියුචර්) චිත්‍රපට මාලාවේ මාර්ටි අනාගතයට යන දවස එය වූ බැවිනි . 

කොටින්ම මේ චිත්‍රපටය ඇත්තක් නම් , එදා කොහේ හෝ තැනක මොඩිෆයි කල ඩිලෝරියන් රථ කාල යන්ත්‍රය, කාලතරණය කර මතුවෙන්නට ඇත . සංවාදයක් ඇතිවී තිබුනේ එදා 1985 දී මේ චිත්‍රපටයෙන් , 2015 දී පවතී යයි අනාවැකි කී කෙතරම් දේ අද සැබෑවී ඇත්දැයි කියාය . වීඩියෝ සම්මන්ත්‍රණ , පාවෙන හුවර් බෝඩ් , ටැබ්ලට් පරිගණක, ෆ්ලැට් ස්ක්‍රීන් රුපවාහිනී  ආදී බොහෝ දේ ඒ අතර වෙති .

දැන් මේ දවස් වල ලංකාවේ කතාවෙන චිත්‍රපටය දෙසට හැරෙමු . චිත්‍රපටය "ඇඩ්රස් නෑ" ය . එයට කියවීම් බොහොමයක් ඇත . අබා සිට මේ දක්වා,  ජැකා ආ ගමන යයි අයෙක් කියුවේය . හිතේ ඇතුවූ කනස්සල්ල නිසා කෙරූ නිර්මාණයක් යයි තවත් අයෙක් කියූහ . ඒත් මාස අටක් ඇතුලත චිත්‍රපටයක් නිර්මාණය කළ  හැකිද යන්න සැක  සහිතය . නමුත් සංස්කරණයෙන් , ලබාගත් දර්ශන ඇමිණීම වෙනස් කොට කතාව උඩු යටි කලද හැක . කෙසේ වුවත් සැකයේ වාසිය අධ්‍යක්ෂකට  දෙමු . නමුත් ජැකා අබා විකුණු ලෙසින්ම , ඇඩ්රස් නැති කතාවත් විකුනන්නේය . එය නම් වෙනම කතාවකි .

චිත්‍රපටය තවම තිරගත වී නැත . මා මේ සැරසෙන්නේ පුර්ව  ප්‍රචාරක පට කිහිපයක් පමණක් නරඹා  යම් කියවීමක් කිරීමටය . මුළු චිත්‍රපටයම නොබලා , ඒ ගැන ගැඹුරින් නොසිතා,  විචාරය , කිසිම චිත්‍රපට විචාරකයෙකුට නොහොබි . එහෙත් මම චිත්‍රපට විචාරකයෙක් නොවෙමි. ඇතැම් විට දැන දැනම නොහොබී දේ ද කරමි .

මුලින්ම මෙහි කියවෙන පරිදිම නාසි වත්තේ හිට්ලර් , ඒ අයිඩෙන්ටිය විසික්කා කොට වෙනස් වන්නේය . එකෝමත් එක රටක වූ මේ වැනි කතාවක් යන්තමට මෙන්  මතකය . 

"හිට්ලර් ගියා චැප්ලින් ආවා යයි" , ගැඹුරු හඬින් පළමු ප්‍රොමෝ එකේද , දෙවැනි එකේ විහිලු හඬකින්ද කවුදෝ කියන්නේය.. ( අනේ මන්දා )

 මෙහි සිටින චැප්ලින් ගොළුය . මිනිසුන් වට කරගෙන චැප්ලින් , හිට්ලර් උපහාසයට ලක් කරන්නේය . මිනිස්සු ඉන් ප්‍රීතී ප්‍රමෝදයට පත්වී සල්ලි විසි කරති.
හිට්ලර් විකුණා චැප්ලින් ජීවත් වෙයි . එහෙත් හිට්ලර් ගේ දරුවා හදා වඩා ගන්නේ චැප්ලින්ය . (?)

තව දර්ශනයක පරණ සුදු වෑන් එකක් , තල්ලු ස්ටාට් කර දුම් දමා ගෙන ඉදිරියට ඇදේ . එහි පැත්තක බාගේට  ඉරා දැමු පෝස්ටරයක් ඇත එහි " මන්ත්‍ර , මැජික් , කඩු සටන් ......අලුත් පිටපත"  කියා සටහන් වී ඇත . (!)

මේවා ගැන මොකක්දෝ හරියටම ඝනීභවනය නොවූ කියවීමක් මා සිතේ ලියවේ . 

එක් කට් එකක , "මට බඩගිනියි " කියා ගෙන තම දොර පාමුලට එන හිට්ලර් ගේ මුහුණට, දොර, පින්සාර වහන්නේ "විශ්වාසා පරමා ඥාති " කියමිනි ..... (හ්ම්ම්ම්) 

පුර්ව  ප්‍රචාරණ පටය අවසානයේ හිට්ලර් පොලිස් ජීප් එකකට නංවා ගන්නා දර්ශනයක් ඇත . නමුත් හිට්ලර් නගින්නේ ඉස්සරහ සීට් එකටය . එවිට පොලීසියේ  OIC ඉබේම ඩ්‍රයිවර් කෙනෙක් මෙන් දිස්වේ. එහි කවුළුවෙන් අපි දෙස බලන හිට්ලර් "ඇඩ්රස් නෑ "  කියා කියන්නේය . ඔහු එය කියා (ඔලොක්කුවට මෙන් ) සිනාසුනු බවක් මට දැන් සිහිවේ .

මේ චිත්‍රපටය රූ  ගත කර තිබෙන්නේ 2013, 2014 කාලයේය . ඒ කියන්නේ මේ වසරේ සිදුවූ අලකලංචි ගැන කිසි පෙර නිමිත්තක් නැතුවය . එසේ නම් back to  the future  මෙන්ම , "ඇඩ්රස් නෑ" ත් අනාගතය පෙර දැක්කාද ? 
මෙය මනෝවිකාරයකි . නමුත් අර back to the future හි doc කියන්නාක් මෙන් " if you do not consider time , it makes perfect sense" (කාලය මේ සමීකරණයෙන් ඉවත් කළ  හොත් එය තේරුම් ගත හැක .)


පලි :මෙය කලාකෘතියක් , කලාකාරයෙක් , චිත්‍රපටයක් , සමාජ සංසිද්ධියක් ගැන කියවීමක් නොවේය . මේ ගැන විවිධ අය   විවිධ  දේ ලියා ඇත . මේ චිත්‍රපටය , පුර්ව පට වලින් ඔබ්බට ලෙලි ගසා බැලුවිට , ගත යුත්තක් නැති නිර්මාණයක් වීමටද ඉඩ ඇත . ඒත් මගේ ඔලුවේ විසිරුණු යම් සිතිවිලි කීපයක් සටහන් කර තැබීමට සිත් විය 

18 comments:

  1. කලාකරුවකුගෙ අදීන බව සමාජයක අදීන බවයි. ස්මාජයට හිතැති කලා කරුවකු සාධාරණය ඉල්ලන සමාජයක පෙරගමන් කරුවකු විය යුතුමය. සමාජය අදීනව සිටිත්දී බත් බැලයෙක් වූවෙක් කිසිදිනෙක එම සමාජයට ආදරය නොකරයි. එවන්නකුගේ කලා නිර්මාණද සමාජයට බොරුවක් විකුණා බඩ වඩා ගැනීමක් මිස කලාවක් වීමට ඉඩ නැත. මෙම කෘතිය නැරඹීමට කිසිදිනක නොයමි.

    ReplyDelete
    Replies
    1. ඉයන් මමනම් හිතන්නේ ක්ලාකරුවාගෙන වියුක්ත කර කලාව පමණක් රසවිඳීමට අප හුරුවිය යුතු බවයි. නිර්මාණයක් නැරඹීමෙන් පසු අපිට තීරණය කල හැකියි

      Delete
    2. නිර්මාණය හැර එය කරන එකා ගැන බැලුවොත් නිර්මාණ රස විඳින්න හුඟක් අමාරුවෙයි ඉයන්. කලාකාරයො හුඟදෙනෙක් (විශේෂයින් නලුනිලියන් හා ගායකගායිකාවන් ) ඔය නිර්මාණවලින් රසිකයින් හිතා ඉන්නවගේ සුන්දර මිනිස්සු නෙමෙයි. උන් හොර වංචා කරනවා, හරියට බොරු කියනවා. නපුරු දුශ්ට වැඩ කරනවා. උන් සල්ලි හොයා ගන්න නිර්මාණකරනවා, ඒවා හොඳ නම් අපි සල්ලි දීලා ඒවා රස විඳිනවා. ඊට එහා ගියොත් අපි අතෘප්තිමත් වෙන එක විතරයි.

      Delete
    3. ප්‍රා හරි , කලාව තරම් කලාවේ ඉන්න මිනිස්සු සුන්දර නෑ. ඒ යතාර්ථය තේරුම් අරං නිර්මාණය හුදකලා කරගත්තම අතෘප්තිමත් වෙන්න සිද්ධ වෙන්නේ නෑ.

      Delete
    4. සුන්දර හිනාවක්වත් තියනව මං දන්න බ්ලොග්කලාකාරයෙක්ගෙ නම්. ඒත් සමහර අසමජ්ජාති කමෙන්ට්කාරයො ඒක ගැනත් අවකැපෙන කතා කියනව.

      සීරියස්ලි ....බ්ලොග්කාරයො රස්සාවට ඒක නොකරන නිසා අනිත් කලා / මාධ්යකාරයන්ට සාපේක්ෂව අවංක ප්‍රතිශතය වැඩියි මගෙ හිතේ

      Delete
    5. ඉවාන් ගෙ කතාවට මම එකෙන්ම එකගයි...
      මිනිසෙකුගෙ පුද්ගලිකත්වය හෝ චර්යාවන් ඔහුගේ සකල ක්‍රියාවන මැනීමට යොදා ගැනීම වැරදියි

      Delete
    6. ඉවාන් ගෙ කතාවට මම එකෙන්ම එකගයි...
      මිනිසෙකුගෙ පුද්ගලිකත්වය හෝ චර්යාවන් ඔහුගේ සකල ක්‍රියාවන මැනීමට යොදා ගැනීම වැරදියි

      Delete
    7. මමත් ඉවාන් එක්ක එක අතකින් එකඟයි . කලාකාරයාගේ පැටිකිරිය නොබලා නිර්මාණය රසවිඳින අවස්ථා තියෙනවා . ඒත් ගම්පෙරලිය විඳින්න මාටින් වික්‍රමසිංහ අදාළ නොවුනට , පැබ්ලෝ නෙරුඩාගේ කවියක් කියවන්න බෑ මට නෙරුඩා කියවන්නේ නැතිව . ඒ නිසා එය සාපේක්ෂයි .

      ඒ අතින් සයිබර් අවකාශයේ නිර්මාණ ටිකක් හරි කලාකරුවා ගේ පුද්ගල ප්‍රතිරූපයෙන් වෙනම කියවන්න පුළුවන් . ඒත් එහෙමමත් නෑ.. කොටින්ම JP ලියන ඒවා කියවන්න , උදේ ඉඳන් හවස් වෙනකන් පඩියට වැඩ කරන මාව දැන ගැනීම අවශ්‍ය නෑ

      ඒත් ඒකත් 100% නිවැරදි නෑ . මොකෝ සයිබර් අවකාශයේත් අනන්‍යතාවයන් තියෙනවනේ . සැබෑ නොවුනත් එතනත් පුද්ගලයෙක් ඉන්නවනේ .

      නමුත් ඒ නිර්මාණයේ යටි අරමුණ (agenda ) සහ එය කෙරෙන කාලය නොකියවා නම් නිර්මාණයක් කියවීම , නොගැඹුරු යි කියායි මම හිතන්නේ . උදා ලෙස මහරජ ගැමුණු කියෙව්වොත් නිකම්ම රජ කතාවක් ලෙස ...... ඒ අනුව ඇඩ්රස් නෑ , කියවිය යුත්තේ එය නිර්මාණය වෙන කාලය අනුවමයි . නමුත් මෙහි twist එක මේක එලියට එනකොට තත්වය වෙනස් වෙලා ... ඒත් ඒ තත්වයටත් මෙය යසට සෙට් වෙනවා දෝ කියලා හිතුනා

      Delete
  2. Mama trailer eka dekka gaman hithuwe meka aandu wenasak una ekata gahapu kane paarak kiyala. Mama tube light da manda :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔබ හරියටම හරි වෙන්නත් පුළුවන්

      Delete
  3. මම මේ කතාව ගැන නම් දන්නේ නෑ, නමුත් මම පත්තරේක දැක්කා මේ ගැන ජැක්සන් ලියලා තිබිච්ච විස්තරයක්. මගෙ හිතට වැදුනේ ජැක්සන් ලංකාවෙ සිනමාව ගැන කියපු දෙයක්. මුලු ලෝකෙම ඩිජිටල් වෙද්දි තවම අපි පටි කරකවන චිත්‍රපටි හදනවලු. ඉන්දියාවෙ චිත්‍රාගාරෙක මේ ජාතියෙ මැෂින් එකම එකක් තියෙනවලු අපිට ඕනෙ නිසා. මේකට මොනවත් වුනොත් සිංහල සිනමාව ඉවරලු.

    ඇත්ත නැත්ත දන්නේ නෑ. ඔහොමයි තිබුනේ.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන කියන අස්සෙං ජැකා ඊ ඒ පී එක උඩ අරිනව ක්යල අමතක කරන්නත් එපා..මොකද ලංකාවෙ සිනමාවයි ඊ ඒ පී එකෙ හැසිරීමයි (සිනමාව ඩිජිටල් කරණය කිරීම ගැන) බැලුවාම...
      අනිච්චේ දුක්ඛේ තමා හෙන්රි අය්ය

      Delete
    2. මමත් දැක්කා , ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ඉන්දියාවේ එක ඇන මුරිච්චියක් උඩ රඳා පවතී කියලා . හැබැයි මම නම් හිතන්නේ ලංකාවේ බොහෝ දේ වගේම , මේ කර්මාන්තයත් ආණ්ඩුවෙන් ගොඩදාලා දෙනකන් බලන් ඉන්න එකත් හරිද මන්දා ...

      Delete
  4. මම පත්තරයක දැක්ක විදිහට නම් පුම්බලා තිබුනා උඩ යන්න

    ReplyDelete
    Replies
    1. තව පත්තරේක තිබ්බා කොන්ඩයාමයි මැරුවේ ...කියලා ස්ටෙප් බයි ස්ටෙප් විස්තරේ දීලා ....

      අනේ ඉතින් ඔය සමහර පත්තර නම් ......

      Delete
  5. පිචෑර් එක ගැන දැනන් හිටියට ටේලර් එකක් වත් තාම බලල නෑ.. කෝමත් පිචර් එක බැලුවොත් තමා..
    ජැකාගෙ මාකටිං තියරිය = සන්නා ගෙ මාකටින්

    ReplyDelete
    Replies
    1. සමහර මාකටින් තියරි

      මා කටින් තියරි පමණි

      Delete

Have commented