සුදු
හිස් පිටු පුරා
ඇඳි තහංචි රේඛා
තනී රූල්
ලංවී බලන්
නොවේද දිස්
දෙඉවුරක් ගං
අනන්තයකට විහිදුනු
නෙක් රහස් සැඟවුණු
බෙණ යැති අඳුරු
කුඹුක් ගහත්
දියටම නැමුනු
මතකයක
පිලිහිඩු නීල සළු ද
පෙරී ආ අව් රැසේ
වේලෙන්නට වැනු
වාක්‍ය
බැමි බිඳ
වචන
ගලා යයි ඔහේ
විටෙක දොළ පාරක්ව
විටෙක සැඩ රළ නගා
දෙගොඩ තලා
නොගලා
ඒත්
පරිස්සමෙන්
මග හරිමින්
ප්‍රශ්නාර්ථ , කොමා
නැවතීමේ තිත්
මේ රූල් ඉරි
අතරය එල්ලුවේ
මා
තීන්ත වේලෙන්න නියා
එක එකම වදනක්
ජීවිතය .
ජීවිතේ තියෙන්නෙම වෙන කරල කොටු ගහපු රූල ගොඩක් ඇතුලෙ
ReplyDeleteඉද හිටල පිට පයින අය ඒ ඒකාකාරිත්වය නැතිකරනව නෙහ්
ඔව් . හැබැයි සහෝ මම ලිව්වේ "ජීවිතය .(නැවතීමේ තිත )"
Deleteමට ටිකක් විතර වෑල්..
ReplyDeleteආයමත් කියවලා එන්නම්
ලියපු මම ද මන්දා වෑල්
Deleteඩබල් රූලේ ලියලා බලපං..
ReplyDeleteවෙනසක් තියෙයි ;)
ඩබල් රූල් සංකීර්ණ වැඩියි
Delete