04 February 2018

නිදහස් දින සිතුවිලි

අප්පච්චිගේ ආයුධ පෙට්ටිය 
අපේ අප්පච්චි සතු වටිනාම වස්තුවක් වුනේ ඔහුගේ ආයුධ පෙට්ටිය . ඒක මේ දැන් තියෙනවා වගේ ලොකු මිළට , ගොඩම එකට මිලදී ගත්ත එකක් නෙමෙයි . තමන් මිලදී ගත්ත ඒවා , අනුන්ගෙන් ණයට අරන් ගල් කරපුවා , මෙන්ම යාළුවො නිකන් දුන්න ඒවාත් ඉතා පිළිවෙලට ලී පෙට්ටියක අසුරලා තිබුනා . මාස කිහිපයකට සැරයක් ඔය පෙට්ටියම එලියට ඇදගෙන ,භුමි තෙල් ගාලා මළකඩ පිහිදාලා , පෝර උර දෙකක අවුවේ වනනවා භූමිතෙල් ගඳ යන්න වේලෙන්න . එදාට නිකන් අපේ මිදුලේ ආයුධ සේල් එකක් වගේ . ඒක දිහා බලාගෙන අප්පච්චි දුම්වැටියක් දල්වා ගෙන බලාන ඉන්නවා හීන් හිනාවකුත් එක්ක .

මම මුලින් මුලින් හිතුවේ මේ ආයුධ ඩිස්ප්ලේ එකක අහල පහල එවුන්ට පේන්නයි කරන්නේ කියලා . ඒ නිසා මට ඒක  එක්තරා තරමකට විහිළුවක් වුනා . පස්සේ මට තේරෙන්න ගත්තා , ඒක  එහෙම නෙමෙයි කියලා . අහල පහල එවුන්ට අපේ අප්පච්චි ගේ දුප්පත් ආයුධ පෙට්ටියේ තියෙන මොට්ට වෙච්ච ඉස්කුරුප්පු නියන වලින්වත් , මිට කැඩිච්ච මේසන් හැන්දෙන්වත් වැඩක් නෑ . එකේ ආතල් එක තියෙන්නේ අප්පච්චිටමයි . තමන්ගේ දුප්පත් ආයුධ පෙට්ටිය දිහා බල බල , ඔහු මාර ස්වයං මෙව්වා එකක් ගත්තා . 

නිදහස් දින (මගේ අදහස නම් දැන්වත් මෙය ජාතික දිනයක් බවට පරිවර්තනය විය යුතුයි කියන එකයි ) සැමරුමුත් මේ  වගේ .  මුළු ලෝකෙටම පේන්න කියලා හිතාන අපි පෙළපාලියක් යනවා . ඒත් අපේ යුධ ශක්තිය , දියුණුව බලා ගන්න උන්ට වෙන ක්‍රම තියෙනවා ( කැස්සක්  CIA , කැස්සක් රෝ ...). මේකෙන් ආතල් එකක් , දේශාභිමානයක් ගන්නේ අපිමයි . එකේ වරදක් නෑ . මොකද රාජ්‍ය කියන සංකල්පය ඇතුලේ ගෝත්‍රවාදය තියෙන නිසා . ගෝත්‍රවාදය පවත්වා ගෙන යාමට පක්ෂපාතිත්වය වැදගත් , ඒ සඳහා මනුස්ස සන්තානයේ තියෙන පරණම හැඟීම් අවුස්සා ගන්නම වෙනවා . 

ඒත් ඇත්තටම අපි සමරන්නේ , අතීතය විතරයි . වර්තමානයේ සමරන්න එකතු කරන්න වෙලා තියෙන්නේ , හරි එකතු වෙන්නේ හරි විහිලු විතරයි . අනාගතය හීනයක් . අපි හිතන් ඉන්නේ දියුණුව කියන්නේ ඉන්ටසිටි බස් එකක් කියලා කොළඹින් නැගලා සීට් එකේ ගුලිවෙලා නිදා ගත්තම , ඉබේම නුවරට යයි . ඩ්‍රයිවර් ගෙනියයි . ගියාම කොන්දා ඇහැරවයි  කියලා . අතීත ශ්‍රී විභූතිය කොට්ටෙට තියාගෙන අපි නිදා ගන්නවා . ඒත් ඇත්තටම ඒක බයිසිකලේ නුවර යනවා වගේ . බැලන්ස් එක තියාන , නොනවත්වා පාගන්න ඕනේ . පාගන එක නැවත්තුවොත් මග. බැලන්ස් එක නැතිවුනොත් වැටිලා අතපය කැඩෙනවා .


ලැප්ටොප් වන්නම
ලැප්ටොප්  වන්නම ඇවිලිලා නිවිලා ගියා . මේකේ අදහස තිබුනේ  වත්මන අප රට ලබා ඇති තාක්ෂණික දියුණුව පිළිබිඹු කිරීමයි කියලා කවුදෝ කියලා තිබ්බ  . අධ්‍යාපන විද්‍යාතනයකින් නව නිර්මාණාත්මක අංගයක් ලෙස මෙය නිර්මාණය කර ඇත .  ඔව් මේක දකින කොට අවුල් තමා . සත්‍යයට මුහුණ දෙමු . අපේ ආකල්ප දැනට තියෙන්නේ මෙතැන තමා . ලැප්ටොප් ටෙලස්කෝප් බස්සන්න හදන්නෙත් කුළුගෙඩි නැටුමට තමා . නුදුරේදීම , ඉවතලන චීන මිසයිලයක් ඔසවාගෙන නටනටා ගියත් පුදුම විය යුතු නැත . අපි හිතන්නේ දියුණුව කියන්නේ පොෂ් වීමයි කියාය . වන්නම අත හැර , කුලුනැටුම ඉරාජ්ගේ පොප් සංගීතයට කිරීමයි කියාය . නමුත් හිතන්න , මේ නැටුම මේඩ් ඉන් ශ්‍රී ලංකා රොබෝවෙක් කළ ගජගා වන්නමක් වුවා නම් තත්වය කෙතරම් වෙනස් ද 


හැත්තෑව තිහට මාරු වීම 
මගේ යාලුවෙක් උන්නා . ඌ අමද්‍යපයා . බයිට් මරුවා . අනිත් එවුන් ෂොට් එකක් ඉල්ලනකොට ඌ ඉල්ලන්නේ සෝඩා ෂොට් එකක් . ඩබල් ෂොට් එකක් ඉල්ලනකොට ඌ ඉල්ලන්නේ සෝඩා ඩබල් ෂොට් එකක් . ඇතැම් වෙලාවට වේටර් ඩබල් ෂොට් එක බිලට දාලා , තනි ෂොට් එකක් වීදුරුවට දාලා ගෙනාපු වෙලාවට , ඔක්කොටම අවුල් වුනාට මූට අවුලක් නෑ . 


නිදහස උනත් එහෙමයි , සැර නැති සෝඩා නම් අඩු වැඩි වුනාට එච්චර අවුලක් නෑ .

රටේ ප්‍රධාන පුරවැසියාගේ ජාතික දින කතාව හරියට ලියා ගන්න බැරි රාජ්‍ය සේවයක් ? කිසිම හැඟීමක් නැතිව ඒක  ඔහේ කියවා ගෙන යන, වරදක් වූ බවක් නොදැනෙන ජනාධිපති කෙනෙක් . පුද්ගලයා නොව , ක්‍රමය වෙනස් විය යුතුමය .
අනෙක් අතට ක්‍රමය වෙනස් වෙන්නේ , හැම පුද්ගලයාම වෙනස් වීම තුලින්ය 

15 comments:

  1. හනේ මම මේ හිතුවෙ මොක වෙතත් නිදහස් දින කොලේ බලාගෙන කරන කතාවවත් මේ ගවපාලකය හරියට කොරල කියල හිතං හිටං. අවුලක් නෑ ඉතිං පිලිප් කුමාරය ආවනෙ 🤣🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. මේ උන්නැහේ ඔහුගේ කථිකත්වය ගැන අධි තක්සේරුවකින් තමා කොහොමත් ඉන්නේ . හැබැයි කතා කරන්න ගියොත් වල්පල් කියවන්න ගන්නවා .

      මේවා තමයි උන්ගේ (කාගේ කාගේත් ) නොහැකියාව වහගන්න ගහන වංගු . ඔබ හිතන්නේ මෙය ජෝක් එකක් , ආන්දෝලනයක් නොවේයැයි උන් සිතුවා කියාද

      Delete
  2. පාලකයෙක් වෙනුවට, එක එකා විසින් නටවන, මපට් කෙනෙක් පත් කර ගත්තාම එහෙම වෙනවා....

    ReplyDelete
    Replies
    1. හැබැයි මචං මූට චන්දෙ දුන්නේ ගොඩක් කට්ටිය , මූ මපට් කෙනෙක්ම වේවා කියන ඒකායන ප්‍රාර්ථනයෙන් . දැන් මිනිස්සු බනින්නේ ඒකටම නේද කියලත් හිතෙනවා .

      Delete
  3. හැබෑටම පොරට වැරදුනා කියලවත් තේරුනේ නෑ නේද.. හෙහ් හෙහ්... කවද තේරුම් ගනියි ද මං ද ... ආයුධ කතාව නම් හරියට හරි.. කවදාවත් වැඩක් නොකලත් ඔය ආයුධ කෑලි දිහා බලන් ඉන්න මමත් හරි ආසයි...

    ReplyDelete
    Replies
    1. ස්වයං වින්දනය විවිධාකාරය නේ

      Delete
  4. මාත් හැමදාම හිතන/ කියන දෙයක් තමයි.. ක්‍රමය වෙනස් වෙන්න අනිත් හැම දේමත් වෙනස් වෙන්නොනි..

    අප්පච්චිගේ ආයුද පෙට්ටිය සහ සැර නැති සෝඩා.. පට්ට..

    ReplyDelete
    Replies
    1. revolution එකකට වඩා evolution එකක්

      Delete
  5. ලැප්ටොප් වන්නම කැන්සල්වුන නිසා උත්සවේ බැලුවෙනෑ

    ReplyDelete
    Replies

    1. අයියෝ ඔයාට සිරා ටෝක්ස් අයිටම් එකයි , බෝක්කුව අස්සේ කෙටි චිත්‍රපටයයි (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ) මිස් වෙලා

      Delete
  6. මචං රනිල්ගේ perpetual love to Perpetual Treasuries ගැනත් මොකක් හරි ලියපන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලෝසියස් ගැන මොනවා හරි ලියන්නම වෙනවා

      Delete

Have commented