01 July 2018

කුකුල් මස් රසට දෙල් සහ දෙල් රසට කුකුල් මස් - ( Shoutout to Bonikara Tharuwa Podcast @ Youtube)

කුකුල් මස්, කුකුල් මස් රසය . දෙල් , දෙල් රසය 

කුකුල් මස රසට දෙල් උයා ගන්නට කියා ,  දෙල් කරියකට කුකුල් මස් කැබැල්ලක් දැමුවද , වැඩේ තව දුරටත් දෙල්ය .

දෙල් රසට කුකුල් මස් හදන්නට කියා , හොඳින් පහේ තබා සාමාන්‍ය ආකාරයට ලිපේ තබා ගත්  කුකුල් මස් කරියකට දෙල්  දැමුවොත් කුකුල් මස් කාරිය කුකුල් මස් විකාරයක් වේ .

එකමත් එක කාලයක එක්තරා රජයක , සෞඛ්‍ය ඇමති , වාරිමාර්ග ඇමති කෙනෙක් විය . නමුත් හඳත් ඉරත් දෙපැත්තෙන් පායපු නිසාවෙන් වූයේ  චන්ද්‍රග්‍රහනයකි . එය විධායක ජනාධිපති ගේ බල පරාක්‍රමයේ වරද විය . එවන් රජෙක් පත් කරගත් ජනතාවගේ වරද විය 


නමුත් දැන් , විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය . පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේනය.

දිවිහිමියෙන්  පරිසරය රැකීම ගැන කතා සාගරයකි . ඒත් විල්පත්තුවේ ප්‍රශ්නය එහෙමමය . ගල උස්සලා කරෙන් තිබ්බොත් ගෙනිහින් තියන්නම් යයි කියන අන්දරෙලාය .  . සිංහරාජයේ අලි ප්‍රශ්නය විසඳන තෙක් අලිද මිනිස්සුද දෙපැත්තට වී විටක් හපමින් බලා සිටිති . වනජීවී ඇමතිලා වේලුනු අලි බෙටි ඉඹිමින් , අලි ගිය මග සොයති 

විධායක ජනාධිපති සිරිසේන නිසා , පරිසර ඇමති සිරිසේනට වැඩ කරන්නට බැරිය . නමුත් විධායක ජනාධිපති සිරිසේන විධායක බලය පාවිච්චි කරන්නේ නැත .

කුකුල් මස් කුල මස් රසය , දෙල් දෙල් රසය . 

වැරැද්ද ජනතාවගේය 

1 comment:

  1. විද්‍යාත්මක ඇමතිවරු. මගේ රටට දළදා හිමි සරණයි

    ReplyDelete

Have commented