16 July 2012

29 years ago


It was almost  29 years ago.  There are many memories , many after-stories , many opinions  flooding my head …I had to write

(I have tried a few structures for this post nothing seem to work . So I am going for an abstract approach .)


The cub that , Appa durai ( fictional alias)  has raised in his Jaffna manor as a status symbol , grew up to be  a fine beast . In July it made his first kill. Attacked and killed 13. The adorable pet has  grown up to be a  man eating tiger.

Shock and gloom was spreading across the land.  The grieving hearts needed pay back .  Doubt of whether  we have crossed the point of no return , was slowly spreading . Vengeance needs to be directed at someone .It was them against us now .  As always there were people  waiting in the shadows for an opportunity.

Houses were burning , there was panic lurking in the streets and  Shankar and his family were hiding in our front room. His brother Ravi,  a 20+ year old man , who modeled his hair like Kamalhasan and sang Boney M songs ,  was trembling in freight . And Malathi his sister was trying to feed her son,  while my mother tried to calm the crying baby down .

කන්දක් ගිනි ඇවිලෙන්නේ 
හැන්දක් කිරි බීපන්නේ 
නැන්දත් නුඹ නලවන්නේ 
නින්දක් නොනිදියාගන්නේ 

…………That image still haunts me.

Mrs Illangakone Muller, the burger  lady who lived down the lane,  stood in the path of the mob and  vouched on the father the son & the Holy ghost that there were no tamil houses down the lane .   

ගෝන පන්තියක් ඇතී
අපි දුටු පන්තියක් නැතී
කළු එළු පන්තියක් ඇති
අපි දුටු පන්තියක් නැතී
සුදු එළු පන්තියක් ඇති
අපි දුටු පන්තියක් නැතී 

On 26thMarch 1983,  Thilaka Wijegunawardana (fictional name), who’ s stammer aggravated in stressful situations , could not utter a single word in Sinhala , when the mob leader asked him to repeat a few words . He was burnt in his car near Kaluthara .

Many years later ,  M…. gulped the remaining Rockland rum and coke mix in his glass , before he started relating  his experiences at the temporary camp in Thurstan college . His voice broke , when he spoke of how they were rounded up in the grounds and made to sit in the middle of a circle of machine guns pointed at them , to the news that tigers were attacking Colombo. Chills ran down my spine.  I wondered  what ever happened to Shankar Ravi & Malathi.


PS:
There are no black and white situations in life. Only shades of grey .

These are times we have lived through. These are times we’ve passed. And we suffered for three decades .  Some actions taken during those weeks tainted the lives and minds and decided the unfortunate  fate of the land for many years to come.

 But mainly because we forgot. 

We forgot how they were our neighbors, they forgot how we looked after them. We forgot the Mrs Illangakoons Muller , the everyday heroes who  stood up to the mobs.  We forgot  who raised the cub and who instigated the mobs , and why they did so. Also how and why people were made to buy in to ideas as time went by.  

17 June 2012

විශ්වයේ උපත

උපැස් යුගල ගලවා  සාක්කුවට දමා ගත් මහාචාර්ය තුමා, ප්‍රශ්නය ඇසු අය දෙස බැලිය .

"මේක බැරෑරුම් ප්‍රශ්නයක් . මොකද  Big Bang theory  එක මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විශ්වය ඇති වුයේ කෙදිරියකින් .....ඊට පෙර කිසිවක් නොතිබුණි. කෙදිරියෙන් පසු ලාවට ලාවට වචන නැති නැලවිලි හඬක් , ඇසෙන්නට විය . එතැන් පටන් හැමදේම ඇති උනි. " 

අඳුරු ගැබ්බර වලාවක් මෙන්  නිහඬ තාවය , එන්න එන්නම මෝරන්නට විය . 

තවත් අතක් ඉහලට එසවුනි " සර් එතකොට විශ්වය ඇති වෙන විදිය දන්නවා වගේම , නැතිවෙන විදියත් දන්නවද ?" ....වැස්ස පටන් ගැනිණි . සිනා හඬ ටකරන් වහලයේ වැදී දෝංකාර දෙන්නට විය .

" ඇති වෙන සියල්ලම , නැතිවෙනවා . විශ්වය නැති වෙන්නේ සුසුමකින් ...දිග සුසුමක් නැගේවි ...ඉන් පසු කිසිවක් නැත "

10 June 2012

හැම රෙද්දටම , රෙද්ද කඩන ..............

"ඉර බහින වෙලාවට ඔය ගෑනිව මුලිච්චි උනොත්, බලන්න එපා , උඹලගේ ඇස් අන්ධ වෙයි " ඒ අපේ අත්තම්මා ඇසිලින් ගැන කියූ හැටිය .


ඇසිලින් ඒ වන විට අවුරුදු හතළිහක් හතලිස් පහක් වෙන්නට ඇති, කළු මිටි ගැහැනියකි . අපේ ගෙවල් වලට ටිකක් එහාහින් තිබු "කොරියාවේ " ජීවත්වූ ඇය, මම දන්නා තරමින්, දවසේ වේල පිරිමසා ගත්තේ  නිවෙස් වල කුස්සියේ වැඩ , දාන ගෙවල් වල ඉවීමේ සිට මේසන් බාස්ලාට අත් උදව් ඇල්ලීම දක්වා මෙකි නොකී සුළු සුළු රැකියා කිරීමෙනි.  


දවල් ආහාරයෙන් පසු බීඩි කොටයක් දල්වා ගන්නා ඇය , සවස අතට ලැබෙන සොච්චමින් රේස් බයි රේස් කඩයට රිංගා  පිට රට දුවන අස්සයෙකුට තුන්ඩුවක් දමා  , පෙට්ටි කඩයෙන් පාන් බාගයක්, පරිප්පු 250g  ගෙන , කමලක්කගේ ගෙදරින් ගිනිවතුර වීදුරු දෙකක්ද උගුරට හලා ගෙන ගෙදර ගිය අහිංසක ගැහැනියකි.  


නමුත් ඇයට එක් නරක පුරුද්දක් තිබුණි. ඒ කෝපවූ විට , සතුටු වූ විට , ඔට්ටුවට ,  තැනක් නොතැනක් නොසලකා , ඇය ඉන ඇඳි  සේල ඔසවා  පෙන්වීමය. මෙය දන්නා කොල්ලෝ කුරුට්ටෝ ඇයට හූ කිව්වේ ,  මේ මනස්කාන්ත දර්ශනය නැරඹීමටය .  අපේ අත්තම්මා මැය මුණ නොගැසෙන්න යයි කීවේ මෙවැනි වෙලාවටය . 
එවැනි විටක හමුඋනොත් , සති දෙකට පෙර හෝ කවුරුන් හරි කී හූවක් මතක් වී , ඇය දත් සම්භාව්‍ය වදනින් හමුවූ අයගේ මව් පාර්ශවයේ  ගුණ වනා,  ඈ තිරය ඔසවා  සත්‍යයේ  නිරුවත පෙන්වන්නිය. 

 වරක් ඇය පළාත් සභා චන්දයේදී , ඇල්මන් පීරිස් දිනන බවට ලීලානන්ද මුදලාලි සමග ඔට්ටුවක් ඇල්ලිය . ඇය ඔට්ටු අල්ලන්නේ  මොනවාදැයි මුදලාලි ඇසු විට ඈ " අපිට කොහෙද  මුදලාලි සල්ලි, පුරුදු විදියට රෙද්ද උස්සන්නම් " කිවේ , අවටින් මහා හිනා හඬක්ද ලාවට හූ හඬක්ද නංවමිනි. මුදලාලි හාමිනේ ගස්සාගෙන ඇතුලට ගියාය . ඔට්ටුව අහෝසි විය.

කසිප්පු බුලි අයිති කරුවෙක් , පොකට් කාරයෙක් , හෝ වෙනත් පින් වතෙක් සොයා කොරියාවට ඉඳ හිට පොලිසියෙන් පැන්න විටද , බොහෝ විට පිහිටට ආවේ ඇසිලින්ය. රෙද්ද කැඩූ ගැහැනියක් ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසියද අසරණය .

තවත් වරක අප පන්සලේ මල්වට්ටි වෙන්දේසියක් සංවිධානය වුයේ දහම් පාසලට ආ අලුත් විදුහල් පතිවරයාගේ උනන්දුවෙනි , සාමාන්‍යයෙන් මල් වට්ටියකට රුපියල් 70, 80  වෙනකොට ඈවරයි, දෑවරයි තුන් ඈවරයි කියවුනද , ඇසිලින් ගේ මල් වට්ටිය රුපියල් දෙසීයකට අලෙවි විය . පසුව හෙළි වුයේ දෙසිය පැන්නුවොත් මල් වට්ටියට අමතරව   සුපුරුදු නාට්‍ය දර්ශනයද  ඇය පොරොන්දු වූ බවකි . 

1996 ලෝක කුසලානය අවසාන තරඟයට පෙර රට වටා බෝධි පුජා පැවැත්වෙද්දී, ඇතැමුන් දෙවියන්ට බාර හාර වෙද්දී , ඇසිලින් සුපුරුදු ඔට්ටුව ඇල්ලුයේ . "අපේ කොල්ලන්ට කඩන්නේ නැති රෙද්ද , වෙන කාට කඩන්නද " කියා අසමිනි.
පන්සලේ හාමුදුරුවන්ගේ ද , දහම් පාසලේ විදුහල්පතිතුමාගේද මැදිහත් වීමෙන් හා කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඇය නාට්‍ය දර්ශනය අවලංගු කලේ " ඒ වුනාට මගේ හිතට හරි නෑ මහත්තයෝ , මම ජීවිතේට පොරොන්දුවක් කඩලා නෑ " කියමිනි. 

ප ලි 
පූනම් පාන්ඩේ භාරත නිළියකි , නිරුපිකාවකි .
ඇය රග පෑ චිත්‍රපටි මා නොදත්තත් , ඇය පහුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාව දිනුවොත් , නිරුවත් වීමට පොරොන්දු විය . 
ඉන්දියාව ජය ගත් අතර ශ්‍රී ලංකාව පරාද විය .
එතැන් පටන් ඈ දැන් දැන් හැම රෙද්දකටම , රෙද්ද කඩන්නට පොරොන්දු වන්නා සේය .

06 June 2012

Our story

Our story 
is not of   
the surf 

rushing to her lover
embracing at first sight
holding on 
for that eternal moment
till the inevitable farewell
the lingering memories 
that wash the shore
and remain 
a while
since she’s left

It is 
more of the mount

in the drizzle
gently smiling
drawing in a long sigh
in the summer breeze
knowing
and waiting 
To be washed down to the sea
One day

27 May 2012

Tomorrow will be a day

Tomorrow will be a day
Not another day
but a day

 More ground to cover
 through this endless plane.
Yes walk, we will
stopping on our stride
to think
 to remember
at the first sight of the familiar mirage
of dejavu
 But no
You have never been here before
You just think so

 So move on
 Walk till our legs ache
till the somber curtain of thousand stars unfold
curl midst the tired blades of grass
and rest

 For day after
 is also
 A day

18 May 2012

ගුරු දෙගුරු හමුව


ගෙදර ආ වෙලේ සිට , නිශාන්ත මග බලමින් බර කල්පනාවකය . හිත යකාගේ කම්මල වැනිය . හෙට ඔහුගෙ පාසලේ ගුරු දෙගුරු හමුවය . මෙතෙක් කල් මෙවැනි හමු සදහා ඔහුගේ අතේ දෙමාපියන්ට එවූ පණිවිඩ , ඔහුගේ මවට  කිසි දින ලැබුනේ නැත .  
නමුත් මෙවර ඒ සෙල්ලම් හරි යන්නේ නැති බව ලොකු මහත්තයා තදින් කියා සිටියේ, ආණ්ඩුවේ විභාගයට ඉඳගන්න නොදෙන්නේ යයි තර්ජනයක්ද කරමිනි.  හෙට ඔහුට වෙන විසඳුමක් නැත. 
  
අර දම් පාට සාරිය ඇඳගෙන එන්න කියනවා , අර දේවි  අක්කගේ  මගුල් ගෙදර ඇන්දේ. පව්ඩර් ටිකකුත් ගා ගෙන එන්න කියන්න ඕනේ. 
  
පියා කොහෙද කියලා ඇහුවොත් ...ඔහුගේ හිත ඇත  දිනයකට ඇදී ගොස් නතර විය ...
තාත්තා , ශ්‍රී ලංකා පොලිසිය  , වැලිකඩ.....
පිට රට කියනවා .....ඩුබායි...එතකොට හරි 
  
අම්මගේ නම ......
."ලයිසක්කේ ලයිසක්කේ "  එහා ගෙදර කුමාරි වැට ගාවට විත් කැ ගසයි ...
"අම්ම තාම අවේ නැතෝ " කාමරෙයේ සිට නංගි ඊට නො දෙවෙනි හඩකින් පිලිතුරු දෙන්නිය

ලයිසක්ක කියන්න පුලුවනේ ?  ...අනික අර අයිඩෙන්ටියේ තියෙන  මදුරප්පෙරුමගේ ලැසි නෝනා කිව්වොත් එහෙම කොල්ලෝ මාස ගානක් ඕක කියවා කියවා මාව කයි.  
ලසන්ති මදුරප්පෙරුම ...ඒක හොඳයි 
  
රැකියාව ?....
කහ පහ ගැහුණු චීත්තයක් ඉනෙ දවටා,ඉහින් කනින් දා දිය පෙරාගෙන , පලා මිටි පිරි වේවැල් වට්ටියක පිටුපස ඉඳගෙන 
"මුකුනුවන්න් කන්කුන් සාආආආආආආ ර ණේඒඒඒඒ "
කියා පොලේ අන් කට හඩවල් පරයා මොරහඬ දෙන , කාලවර්ණ ගැහිනයකගේ රුව ඔහු මනසේ ඇදේ.
  
කීර විකුනනවා කියැන්නයි?   ....
කියනවා  ස්වයං රැකියාවක් හැටියට .ඇඳුම් මහනවා කියලා . 
  
"නිසාන්තො, උඹ මොකෝ බන් බර කල්පනාවක ",

 අර කාල වර්ණ ගැහැණිය නිවසට ගොඩවී , ගෙන ආ මල්ල පසෙකින් තබා අතේ ඇති තුවා කැල්ලකින් ඇ නලලත නැගුනු  දා බින්දු පිහිදාන්නිය.
ඇ  කට හඩ....උදේ සිට හවස් වනතුරු කැ ගැසිම නිසා කුරුමිනි වී , විකෘතිවි බැරන්ඩී වී ඇත. ඔහුට මතක ඇති කලෙක සිට එය මේ වගෙය. 

ගිය ගමන් ම කියන්න ඕනේ අම්මගේ උගුරේ අමාරුවක් , කතා කරන්න අමාරුයි  කියලා. ඔව් එහෙම කරනවා , නිශාන්ත තීරනය කලේය.


ප ලි : චාමිගේ ලස්සක්කා කියවීමෙන් , මට නුගේගොඩ පොලේ කීර විකුණු  ගැහැණිය සිහිවිය 

09 May 2012

Maha Nilame steps to the fore

Through the mist of the past
 Maha Nilame steps fore
again
 Like the many times  before
 through the haze of my mind
 Silver hawadi hanging low by the side of the white sarong  
 Grey hair tied to a knot
 And the white beard covering the wizened face
 There he is
 He does not smile; it is told that, he seldom did
 But he stares right in to my eyes
 And asks
 Did you read what he wrote ?
 Did you mean what you said ? 
What do you think of me now



 http://www.wedagedara.blogspot.com/2012/05/02.html