ගෙවල් වලට නොම්බර නොව නම් තබන කාලෙක තැනුණු ඒ නිවසේ , හරි නම කුමක්දැයි දැන් කාටවත් මතක නැත . බිත්තියේ කෙටු අකුරුද මැකී ගොසිනි . නමුත් මතක ඇති කාලේක සිට කොල්ලෝ කුරුට්ටෝ , උන්ගේ තාත්තලා , උන්ගේ සීයලා හැමෝම ඊට කිව්වේ ඔය නමය .
ලොකු මාමාත් පොඩ්ඩක් විතර එක විදියක චරිතයකි .
අහුවෙන්නට කිසිම හොරයක් වංචාවක් නැති , එහෙත් ඉඳ හිට මොකක් හරි බයිට් කතාවක් කියා කඩ මන්ඩියේ හැමෝගෙම උසුළු විසුළු වලට ලක්වෙන චරිතයකි . ලඟකදී සිට ඔහු ටිකක් මද සිහියෙන් මෙනි යැයි කිහිප දෙනෙක් ම කීහ
. අර කලින් කීවාක් මෙන් ඔහු ආගිය අතක් නැති වුයෙන් , සියලු දෙනාම ඔහුව සොයන්නට විය .
"..හිටියේ හොඳටම හිත රිදිලා , ගෙදරම එවුන් එක එක ඒවා කියනවනේ " ඒ කිව්වේ නැන්දාය
"සීයට මුනේ රැවුල නෑ , කිසි ගතියක් නෑ කිව්වා" පොඩි මුණුපුරාද හූ මිටි තැබීය .
"මේ මනුස්සයා ලෙඩ දුක වෙච්චි , හිතුවක්කාර කමට කරන දේවල් ..ඔහොම හිටියට මේ වයසටත් හරි දඩබ්බරයා " නැන්දා දිගු සුසුමක් හෙළුවාය
අපි ගුරු පාර දිගේ ඇවිද යන්නට වුනෙමු
"ලොක්කගේ සිහිය විකල් වෙලාද දන්නේ නෑ " අයෙක් යෝජනා කළේය
" මම නම් හිතන්නේ මාමා ප්ලැන් කලා මේක . දේපලත් ලියුවලුනේ " තවකෙක් කීය
"අනේ උන්දැ ගේ දෙපළ ලිවිල්ල ..පරාණ බුක්තිය තියාගෙන ලියුවේ " ඒ සජියාය . නෑ කමට ඌ බෑණා ය
" අඩේ ...මෙන්න ඉන්නවෝ ..." ගාමිණි කෑගැසුවෙන් , සියලු දෙනා ඒ දෙසට දිව ගියෙමු .
ඈතට පැතිරුණු හබරල යායක , මහා හබරල පඳුරකට මුවාවී ඇන තියාගෙන වාඩිවී , මාමා සිටින්නේය .
"මොකෝ මාමේ මේ? " පුස් රංජා කතාවට මුල පිරීය .
"මට ඉන්න දීලා පලයල්ලා " ..මාමා හිටිවනමය
"මොකෝ මාමේ කවුරුත් කරදර කලාද ?"
"නෑ "
"එහෙනම් කවුරුත් බැන්නද ?"
"බැනුම් නම් අහලා මට එකනම් දැන් කිසි ගානක් නෑ...මට බය හිතුනා කොල්ලෝ "
මොකෝ කියන්නේ ? ඒ මොකද ? අර පාලිතයා නේද ? උගේ නැහැදිච්ච කමනේ . නැත්නම් මේ තාත්තා වගේ ඉන්න මනුස්සයට තමුසේ ඕයි කියලා ගහන්න පනියිද ?
" ඒවා ඉතින් කාපු බීපු වෙලාවට කරන දේවල් නේ ...ඒක නෙමෙයි
එහෙනම් ? අර හෙන කඳ යා වගේ ඉන්න රවියා මාමට සද්දයක් දැම්මද ?
අයියෝ ඌ ඔය විසිල් ගැහුවට බල්ටි නෑ . මම එක දන්නවා කොල්ලෝ .
(රහසින් මෙන් ) එහෙනම් අල්ලපු ගෙදර රැවුල් මාමාගේ ගෝලයෙක් වත් ...
අනේ උන් නම් අපරාදේ කියන්න බෑ කටක් ඇරලා මොකුත් කියන්නේ නෑ ..
එහෙනම් මොකක්ද ?
(වට පිට බලා . පරිස්සමෙන් ..) කෑගහන්න එපා බන් අරුන් ඇහැරෙයි ..
කවුද ?
රට්ටු බන් රට්ටු ....මට බය හිතුනේ උන් ඇහැරිලා මගේ ආතල් එක කඩයිද කියලා .
පලි. සියලු සිදුවීම් , චරිත මනකල්පිතයි (සත්තයි). කිසියම් ජීවමාන චරිතයකට සමාන බවක් පෙනේ නම් එය අහඹු සිදුවීමකි .