17 July 2011

ආදී ශිෂ්‍ය සංගම් රැස්වීම

මාර වැඩේ
බස් එකේ හොරෙන් ගිය
දවල්ට නොකා ටියුෂන් පන්තියේ සටහන් අතර අතරමන් වුනු
ගණන් සර්ගේ වේවැලට බයෙන්
බස් හෝල්ට් එකේ උත්තර කොපී කරපු
තාර පාරේ රබර් බෝලෙන් පන්දු ගහපු
ගෑනු ඉස්කෝලේ බස් එකට හූ කිව්ව
උන් එකෙක් වත් නෑ

4 comments:

  1. ඇයි , ඉස්කෝලෙ ළඟ හෝටලෙන්
    ඉඳි ආප්පයි මසුයි කාල
    ගෙවන්නෙ නැතිව මාරු වෙච්ච උන්..
    ගනන් උස්සපු ලස්සන දුවෙක් ඉන්න
    බොට්නි ටීචර්ගෙ ගේ ඉස්සරහ පාරෙ
    කුණුහරප ලියපු උනුත් එකෙක් වත් නෑ.

    ReplyDelete
  2. මේකනං සහතිකම සහතික ඇත්තක්.....

    ReplyDelete
  3. AnonymousJuly 17, 2011

    ජිම් එක පිටිපස්සේ හොරෙන් දුමක් ඇද්ද උන්,ගුලියක් කාපු උන්,උනුත් දැන් නෑ.

    ReplyDelete
  4. අම්මප ඇත්තම ඇත්ත නේන්නම්..!

    ReplyDelete

Have commented