17 June 2012

විශ්වයේ උපත

උපැස් යුගල ගලවා  සාක්කුවට දමා ගත් මහාචාර්ය තුමා, ප්‍රශ්නය ඇසු අය දෙස බැලිය .

"මේක බැරෑරුම් ප්‍රශ්නයක් . මොකද  Big Bang theory  එක මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. විශ්වය ඇති වුයේ කෙදිරියකින් .....ඊට පෙර කිසිවක් නොතිබුණි. කෙදිරියෙන් පසු ලාවට ලාවට වචන නැති නැලවිලි හඬක් , ඇසෙන්නට විය . එතැන් පටන් හැමදේම ඇති උනි. " 

අඳුරු ගැබ්බර වලාවක් මෙන්  නිහඬ තාවය , එන්න එන්නම මෝරන්නට විය . 

තවත් අතක් ඉහලට එසවුනි " සර් එතකොට විශ්වය ඇති වෙන විදිය දන්නවා වගේම , නැතිවෙන විදියත් දන්නවද ?" ....වැස්ස පටන් ගැනිණි . සිනා හඬ ටකරන් වහලයේ වැදී දෝංකාර දෙන්නට විය .

" ඇති වෙන සියල්ලම , නැතිවෙනවා . විශ්වය නැති වෙන්නේ සුසුමකින් ...දිග සුසුමක් නැගේවි ...ඉන් පසු කිසිවක් නැත "

1 comment:

  1. ලස්සන අදහසක්. කඳුල සුසුම, කෙදිරිය මේවා අපේ ජීවිතේ පොදු දේවල්. ඒක මෙහෙම දකින්න හොද හදවතක් තිබිය යුතුයි.

    ReplyDelete

Have commented