28 July 2012

අමරදාසගේ උ පෙ ප්‍රතිපල

"කෝ අමරදාස , අදත් ඇවිත් නැත්ද? " 
බොස් ගේ ප්‍රශ්නයට කිසිවෙක් පිළිතුරු දෙන්නට ගියේ නැත . නෙලුම් මිස් පමණක් කොනට වෙන්නට ඇති හිස් මේසය දෙස බැලුවාය . 
අමරදාස ගේ දියණිය උසස් පෙළ ලියුවේ ගිය සැරේය.  තිලිනි , මුල සිටම ඉගන ගන්නට සමත්ය . අනෙක දුක් වින්ද ඇය, උසස් පෙළ ඉහලින්ම සමත් විය.


"කෙල්ල පළාතෙන්ම පළවැනි තැන සර් " අමරදාස හමුවෙන සැමට  ආඩම්බර කදුළු බිඳුවක් ඇසේ  කොනේ රඳවාගෙනය .


"ළමයාගේ  කරදරේ පන්තියේ අයට පාටියක් දන්නා කියලා, කොහේ තියන සල්ලිද ?" ඒ දින කීපයකට පසු අමරේ ය.


කාර්යාලයේ පිරිස මුදල් එකතු කර දුන්නේ ,    කෙල්ලට මොනවා හරි අරන් දෙන්න කියමිනි . 

බොස් සුළු කතාවක් පවත්වා ඒ මුදල අමරදාසට තෑගි කළේය . කතාව අතරතුර ඔහු සුපුරුදු ලෙස කිහිප වරක් නෙරා  ගිය කුසට පහලින් රූටා වැටෙන  කලිසම ඔසවා ගත්තේය . අමරදාසද බොහොම අමාරුවෙන්, මාලති මිස් ලියා දුන්  කෙටි ස්තුති කතාව කියෙව්වේය .
එතෙක් මෙතෙක් කාලය තුල යම් යම් දේ සිදුවිය . විභාග  ප්‍රතිපල කිහිප වරක් සංශෝධනය විය . මෙවර තිළිණිගේ ප්‍රතිපල බෝස්ගේ කලිසම මෙන් රූටා පහතට වැටි ඇත .

ප්‍රතිපල නිකුත් වූ ද සිට අමරදාස වැඩට පැමිනියේ නැත .

නන්දසේන (ලිපිකරු ): "මේ මිනිහට මොකුත් කරදරයක්ද දන්නේ නෑ "


සිල්වා  : "මිනිහට මුහුණ දෙන්න බැරුව ඇති ,  ඒ වුනාට සර්ට කෝල් එකක් වත් දීල ලෙඩ යි කියලවත්    
              කියන්න එපාය"
(බොස් ඔහු දෙස බලා නෑසුන ගානට සිටියේය, සිල්වාගේ කන් දෙක රතු විය )


නෙලුම් මිස් : (තේ කෝප්පය අතේ තබා ගෙනම )  අර එක ගැණු ළමයෙක් වස බීල කියලා නිවුස් වලට
                      කිව්වා
.
බොස් : (නැවතත් කලිසම ඔසවමින් ) ඒකනේ මේ යකා, කිසි සද්දයක් නෑනේ . කරදරයක් නම් අපිට පුළුවන්
             උදව්වක් කරනවනේ .


" ආ මේ ඉන්නේ අමරදාස " ...ලක්බිම පත්තරේ කියවමින් සිටි නන්දසේනගේ හඬින්, සියල්ලෝ ඔහුගේ මේසය වටා රොක් විය.
මුල් පටුවේ චායාරූපයකි. 

උසස් ප්‍රතිපල අසාධාරණයට විරුද්ධව සිසුන් දෙමාපියන්  මහා මග .

දකුණු පැත්තට වෙන්නට  බෝඩ් ලෑල්ලක් ඔසවාගෙන අමරදාස සිටියි. 


"බණ්ඩායි බන්දුයි පිස්සු කෙලින්නයි
දරුවන් ගේ හෙට දින අඳුරු කොරන්නයි
ප්‍රතිපල ඒ මේ අත  පද්දන්නයි 
Z ස්කෝර් කොලම හකුලාගන්නයි "

මේ කවිය උඩු යට මාරු කර ඔහු අල්ලාගෙන සිටි ඒ  බෝඩ් ලෑල්ලේ ලියා තිබුණි.

පලි
මෙය විහිලු කතාවක් නොවේ

5 comments:

  1. විශ්ව විද්‍යාලෙකට තේරිලා, හැමෝගෙම (මූනිච්චාවට හරි ලැබෙන) සුබ පැතුම් මැද විශ්ව විද්‍යාලෙට ගිහින්, ආපහු ගෙදර එක්ක උනොත් අර දීගෙ අතෑරිලා ආව ගෑණිට ලැබෙන සමාජ පිළිගැනීමම තමයි ලැබෙන්නෙ. ඇත්තටම ජාලිය, ඔය ප්‍රශ්ණෙ කොහොම විස‍ඳෙන්න, විසඳන්න යනවද කියලා මට නම් අවබෝධයක් නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත . අපි එකම වලේ දහවල් රෑ වැටෙනවා නේද .

      Delete
  2. ජේ. පී. මේ දවවස්වල අපේ රටේ වෙන දේවල්,........... කොසොල් රජතුමා දැකපු හීන දැන් තමයි ඇත්ත වෙන්නෙ.
    "දුකයි"
    වෙන කියන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙදනා, කොසොල් රජ්ජුරුවෝ දැක්කද බණ්ඩාවයි බන්ධුවයි හීනෙන් ....:)
      මුළු රාජ සභාවම කවටයන්ගෙන් පිරුණු සඳ ....අනේ මන්දා
      මට වෙලාවකට හිතෙනවා මුන් ඔක්කොම අපිව බයිට් එකට ගන්නවා නේද කියලා, අපි නිකන් ලේ පුච්චගන්නවා

      Delete
  3. කලා අංශයෙන් පළවෙනියා වුණු කෙනා දෙවෙනියා වුණු බවත් දෙවෙනියා පළවෙනියා වුණු බවත් අහන්න ලැබුණා....

    ReplyDelete

Have commented