25 August 2012

අලි ටෝක්ස්


ලෝකයේ විවිධාකාර අලි සිටිති . ඔබ නොදන්නවා වුනාට,  අලින්ට සිංහල ඇතුළුව භාෂා කීපයක් කතා කිරීමට පුළුවන්ය . අපි අලි මහතුන් කීප දෙනෙකු ගෙන්  එක පැනයක්  ඇසුවෙමු .
ඒ " ලෝකෙට අලියෙක් හැටියට ඔබ දෙන පණිවිඩය කුමක්ද " කියාය.

 මේ ඒ පැනයට ලැබුන පිළිතුරුයි .

වලිග කොටා ,  වන ජීවී හස්ති  , උඩවලව ජාතික වනෝද්‍යානය :
" කිව්වට මොකද මහත්තයෝ , මේ නම් මාරු වුනාට අපි තාම වල් අලිම තමයි . නියගේ ඇවිල්ලා,  කල්ලත් ලෑ බෝල්ලත් ලෑ . අපි ඉතින් වල් අලිනේ . ජීප් වල නැගල ඇවිල්ල කට්ටිය බලලා යනවා . පොටෝ ගහනවා .
එත්  අපිට කොහෙන්ද ඉතින් හැමදා උක් , කෙසෙල් කන්න වාසනාවක් ගාල් වල අලින්ට වගේ .  ඊළඟ ආත්මෙවත් ගාලක අලියෙක් වෙලා ඉපදින්න ලැබුනොත් ...."

ගෝමරයා , කම්කරු හස්ති , ලී මඩුව , කුරුණෑගල  (මධ්‍ය  මහා විද්යාලයට  නුදුරෙන් )
" අපි ඉතින් කොටන් අදින අලි නේ , දළ ඇද වෙලා , බඩ පිටටම ඇලිලා, කකුල් වල බලු දම්වල්... , ඊයෙත් වල් බැල්ලිගෙ පුතෙක්  කකුලක් උස්සල ටයර් එකක් තෙමන ගමන්  උල්ලුකුවට හිනා උනා, "අලියා බලු වෙලා" කියලා,   ..
ඇඟේ හයිය තියෙනකන් වැඩ ...වැඩ කරනකන් බඩ පිරෙනවා . ඊට පස්සේ ...අනේ මන්දා , ඒ ගැන හිතන්නේ නෑ.
අපිව  ඉතින් හැම දාම ඉතින් කොටන් අදින්න තමයි  ගන්නේ . පෙරහරේ යන්නේ ඉතින් වෙනම කට්ටියක් නේ.
 මම සහෝදර වල් අලින්ට කියන්න කැමතියි පෙරහරකට, සත්තු වත්තකට , අඩුම ගානේ පින්නවලට වත්  සෙට් වෙන්න බැරි නම් නිදහසේ දුවල පැනලා කෑලේම හිටපන්ලා , මෙහෙ නම් එන්න එපා...ඔං කිව්වා ."

බන්දුල , දෙහිවල සත්තු වත්ත 
"මොන රෙද්දක්ද මේ , සරීරයෙන් අලි උනාට අපි නිකන් අලි ජෝක් එකක් වෙලා..., මවුත් ඕගන් ගහන්නයි , බංකු වල ඉඳ ගන්නයි , වලිගෙ අල්ලන් රවුමට යන්නයි .......නාලාගිරි ගේ පරපුරේ අපිට වෙච්ච දේ ....මටනම් කියන්න තියෙන්නේ අපිව එක්කෝ කැලේට අත ඇරපල්ලා   නැත්නම් එල්ලපල්ලා කියල තමයි ."

සුජිත් පුතා , පින්නවල අලි අනාථාගාරය 
"මෙතන හොඳයි කියලයි  කට්ටිය කිව්වේ.
දෙහිවල වගේ නෙමෙයි හොඳට ඇඟේ හයියට  දුවන්න ඉඩ තියෙනවා ...අනික අපේ තරුණ ජවයට රැලේ මුලින්ම නිකන් ලීඩර් වගේ යන්න පුළුවන් .....පෙරහරට සෙට් වෙන්නත් චාන්ස් එක තියෙනවා ...එහෙමයි කිව්වේ ....ඒ උනාට හෙන්ඩුව අරුගේ අතේනේ.."

 පොසොන් රාජා හස්ති රාජයා , සිරි විජය විහාරස්ථානය 
"පෙරහරේ නම් ගෙනියනවා තමයි ...එත් ...අපි විදින දුක දන්නේ ඉතින් ...
කන්න බොන්න හම්බු වෙන්නෙත් නෑ හරියට ......
ඊයේ වලට නාන්න ගිය වෙලාවේ , මල්ලිකා කෙනෙර කිව්වා "පොසොන් අයියා හොඳටම ඇදිල ගිහිල්ලා" කියල . අර ජාතක පොතේ තියෙන්න වගේ  කොහොම කන්නෙයි හැමදා උණ කොට. .....  
අනික පෙරහැරවල් කියලා රට වටේ යන්න ඕනේ දැන් . මොකෝ කට්ටිය අඩුයි නේ. 
ගිය සතියේ රත්නපුරේ ...ඊ ලඟට කතරගම ...පයින්ම තමයි ...මොකෝ දැන්  ලොරියක යන්නත් බයයි නේ...දැන් නම් හිතෙනවා වල් අලියෙක් වෙලා කෑලේම  හිටියනම් දාහෙන් සම්පතයි කියල . උන්ට මොන ප්‍රශ්නද? "

මෙසේ බොහෝ අලින් තමන්න්ගේ ජීවිත වල් දුක් සහිත ස්වභාවය අප සමග බෙදා ගත්හ . සැම කෙනෙක්ම අනුන්ගේ ජීවිත දිහා බල මින් හූල්ලති, පවුරෙන් එහා වැවෙන ලා පැහැ තණ ගැන සිහින මවති . 
නමුත් ඉතා විනෝදයෙන් , උසුළු විසුළු කරමින් සිටින අලියෙක් ද අපට හමු විය . ඒ කොටුව දුම්රිය පොළ නුදුරුනි . ඔහු කට්ටිය වට කර ගෙන  විකට කතාවක් කරමින් සිටියේය

" ....මම කැමතියි නංගිලට මල්ලිට ආරාධනා  කරන්න , පුළුවන් තරම් SMS යවන්න කියලා වැඩිහිටියන්ව   දැනුවත් කරන්න ...මේ Z ස්කෝර්  ප්‍රශ්නය ගැන ......"


සත්‍ය සිදුවීම් ඇසුරෙනි ....වී රිපෝර්ට් යු ඩිසයිඩ් 

9 comments:

  1. "නංගිලා මල්ලිලා" ??? :D

    ReplyDelete
    Replies
    1. :) හසිතගේ ආගිය කතා මම නිතර කියවනවා .

      Delete
    2. @ JP

      ස්තුතියි :)

      Delete
  2. ෂා අලි ටෝක්ස් ටික පස්ටයි නම්,
    SMS යවන අලියා තමයි සුපිරි බඩුව

    ඩූඩ් අයියගේ ලින්ක් 1කින් අවේ,

    ReplyDelete
    Replies
    1. SMS අලියා හිටපු ගමන් ඔය වගේ ඉල ඇදෙන විහිලු කරනවා

      Delete
  3. මම කිව්වෙ මම දන්න අලිත් එකෙන් දෙන්නෙක් මෙතන ඉන්නවනෙ කියලා. අර සත්තු වත්තෙ බන්ධුල හෙම!
    මේකත් මරු සිතුවිල්ලක්! මේ ඔක්කොම අලින්ගෙ ඇඩ්‍රස් ඇත්ත ඒවනේ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව කැලේ ගිහින් තිබිල හොයා ගත්තා ..ඇයි පින්නවල ගොයියා අඳුරන්නේ නැත්ද?

      Delete
  4. Replies
    1. වරිගයට අපහාසයක් වගේ උන නම් සමාවෙන්න ...තනි අලියාගෙන් ප්‍රවේසම් වෙන්න කියලයි අහල තියෙන්නේ

      Delete

Have commented