02 September 2012

බඹරය කඩන්නේ උන් අත ලෙවකන්නයි



චරිත:

අප්පුහාමි:                අහිංසක වයෝවුර්ධ   ගැමියෙකි. 
ඇසිලින්:                 ඔහුගේ ප්‍රියම්බිකාවයි .ඇය නිතරම ලෙඩ ගානෙය. ඔවුන්ගෙ පුතුන් දෙදෙනාම    
                              රැකියාවන් කරන්නේ සිදාදියේය .  එබැවින් අප්පුහාමිගෙ පැලේ සිටින්නේ ඔවුන්
                              දෙදෙනා පමනි.

චීන සුනිල්:              කලකට පෙර මැම්බර් මහතාගේ දකුනු අතය. ඒ දවස් වල මැම්බර් මහතා යන එන පෙර
                               මග චීන පටස් පත්තු 
කලේ සුනිල්ය . ඒ බැවින් ඔහුට "චීන පටස් සුනිල්" යන නම පට          
                                බැඳුණි. කාලයාගේ ඇවෑමෙන් නම ලොප් විය .  
දැන් ඔහු පලාත් සභා මන්ත්රි චීන  
                                 සුනිල්
මැතිතුමාය .




සිද්ධිය 

බැද්ද වටට සුදු මොර මල් පිපිලා 
සද්ද කර බඹරු ඒ වග කියාලා 

අප්පුහාමි ගේ වත්තේ පිටුපසට වෙන්නට සරුවට හැදුනු දැවැන්ත නා ගසකි . එහි බඹරයක් බැඳ ඇති බව මුලින්ම දුටුවේ ඇසිලින්ය . එහෙත් ඔවුන් එය කෙසේ කඩා ගන්නද . හොඳට පැණි ඇති නැන්දේ යයි කිවූ ඕවිටේ ගෙදර ලලිතාට ඇය කීවේද " පැණි තිබ්බට කඩන්නේ කොහොමෙයි " කියාය .

චීන සුනිල් , තම සහචර කොලු  රෑන සමග , දිනක කඩුල්ල පැන ගොම්මන් වෙලාවේ අප්පුහාමි ලගේ ගෙදර ආවේ , ඔහුගේ චන්ද පත්‍රිකා බෙදන්නය . "වැස්සක් එන්න වගේ යයි කියා හිස අහස දෙසට හැරවූ ඔහුට බඹරය පෙනිණි. ටික වෙලාවක කතා කරමින් සිටි ඔහු ගියේ " මම එන්නම  හෙට අනිද්දා මේක මාමා ලාට කඩලා දෙන්න" කියමිනි 

කිව්වා වගේම දෙදිනකට පසු ඔවුහු පැමිණියහ . ඇවිදින් නා ගහේ කරු බැඳ බඹරය කඩන්නට සුදානම් විය . කොස් කොළ , දෙහි කොළ පුච්චා බඹරුන් එලවන්නට විය . 

කන්දේ දෙයියන්ට පින් දීපන් නැන්දේ ...කොළ අතු කපා එල්ලාපන් නැන්දේ .....යයි ඇසිලින්ට කියා , චීනා සරම ගලවා ශෝටකට බැස, ගසට නැංගේය 

මලේ හැම තැනම බඹරුන් අඬන්නා
බඹර බැඳ තැන අපි වද සොයන්නා
බඹර කපා හැමටම පැණි බෙදන්නා
බඹරු තොපට පින් අත්වෙයි  කියන්නා

දුම් සැර ඉවසා ගත නොහි,  බඹරුන් මැසිවිල නගා යන්නට ගියහ . චීනා බඹරය කඩා පහතට ගෙනාවේය .

 පැණිත් ඉටිත් ඔවුන් දැන් රැගෙන ගිය පසු, අප්පුහාමිටත් , ඇසිලින්ටත්  දින දෙක තුනක් ගෙය තුලට වී බඹරුන්ගෙන් සැඟවී සිටින්නට වෙනු ඇත... දොට්ට පිලට යනකොට තමයි පරිස්සම් වෙන්න ඕනේ, අප්පුහාමි සිතුවේය ...

නමුත් ඉන් පසු සිදුවුයේ කිසිවෙක් බලා පොරොත්තු නොවූ දෙයකි.
 " ආ මේං  නැන්දේ " යයි ඇසිලින් ගේ අතට බඹරය දුන් ඔහු . "අපි ගිහින් එන්නම් මාමේ " යයි අප්පුහාමිට කියා. "යමන්ලා " යයි තම පිරිවර සමග යන්නට හැරුනේය .

"පුතේ මේකෙන් ටිකක් අරන් ගියා නම් " යයි ඇසිලින් කිවේ න් , ඔහු හැරුණු පයම නතර විය .

 " මට එපා නැන්දේ , මේ චීනා බඹර කඩන්නේ ගෙනියන්ට නෙමෙයි" යයි කියා , පැණි තැවරුණු ඇඟිල්ල කටේ හුවා ගනිමින් කඩුල්ල පැන යන්නට ගියේය . 

අප්පුහාමි තම කොණ්ඩයේ ගැටය තද වනසේ බැඳ ගනිමින් ඒ දෙස බලා සිටියේය .

තෙරුවන් වදින්නේ බඹරුන් නොවිදින්නයි 
කරුවක් බඳින්නේ දෙපයම රදවන්නයි 
දුම් රොටු පිඹින්නේ බඹරුන් එළවන්නයි
බඹරය කඩන්නේ උන්  අත ලෙවකන්නයි 

ඒ චීනා ගේ හැටිය .



ප ලි.
ඉස්සර චීන මිනිස්සු කොන්ඩය බැන්දහ.නමුත් දැන් ඔවුන් කොන්ඩය බඳින්නේ නැත. එහෙත් අප්පුහාමිලා තවමත් කොන්ඩය බඳිති




4 comments:

  1. මේක කාට, මොකක් වෙනුවෙන් එල්ල කරපු පහරක්ද කියලා හිතාගන්න තාම බැරිවුනා ඇත්තම කිව්වොත්! :)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කතාව මේකයි ..මුලින් මේක ප ලි දාලා අයින් කලා මල්ල ලිහලත් බලන්නේ මොකටද කියලා http://www.dailymirror.lk/news/21552-china-not-targeting-any-third-party-general-guanglie.html

      Delete
  2. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියන කතාවත් මෙතනට අදාළ වෙනවද :)

    ReplyDelete
  3. “බඹරය කඩන්නේ උන් අත ලෙවකන්නයි“
    එදා සිට අද දක්වාම උන් බඹර කඩයි. ඉටිත්, වදෙත් අපිට දෙයි. උන් අපට පෙනෙන්න අත ලෙවකයි. එතකොට පැණි ටික කෝ....

    ReplyDelete

Have commented