12 January 2013

හිල්මන් සිහිනය , ලම්බෝගිනි සහ අපි












ඉස්සර අපේ ගමේ මැම්බර් මහත්තයට තිබ්බා EYනොම්බරේ,  හිල්මන් කාර් එකක් . 

මුළු ගමටම තිබ්බේ ඒක විතරයි . බඳ කොළ පාට , දිස්නේ ගහන්න පොලිෂ් කරලා .  ඇතුලේ සීට් කිරි පාටට . ගෙම්බාගේ වගේ ඉස්සරහ ලයිට් දෙක . අප්පා ලස්සන 

 මැම්බර් මහත්තයා කර එකේ යන්නේ හරි උජාරුවෙන් ඉඳගෙන . කාර් එක පස්සේ කොලු රෑනම දුවනවා ..අර අඹ යහළුවෝ ටෙලි නාට්යයේ  පෙන්නුවේ , අන්න ඒ වගේ ..මමත් පොඩි එකා කාලේ දිව්වා, හති නොබලා . දුවලා දුවල  එක ඈතට නොපෙනී යනකන් බලන් ඉන්නවා  . එහෙම දුවන්න බැරි තරමට කර දඬු උස මහත් උනහම , අපි හිතෙන්  දිව්වා ඒ කාර් එක පස්සේ ..


ගමටම තිබ්බේ වාහන දෙකයි . දෙල්කඳ හන්දියේ කඩේ මුදලාලිට තිබ්බා ලොරි බාගයක් . එකේ තමයි අපි වන්දනාවේ ගියේ . ලෙඩෙක්ව ඉස්පිරිතාලේ ගෙනිච්චේ ....ඒ උනාට ලොරි වගේද කාර් .
අනික කව්ද ලොරි පස්සේ දුවන්නේ .

පස්සේ කාලේ ගමට වාහන ගොඩක් ආවා . අලුත් අලුත් මාදිලි . හැබැයි අපි හිත් වලින් , අර ලඟා  වෙන්න බැරිවෙච්ච , අර පරණ හිල්මන් කාර් එක පස්සේම  දිව්වා . 

මැම්බර් මහත්වරු , මන්ත්රීලා වෙලා . මන්ත්රීලා,  ජනතා සේවකයෝ උනා . 
හිල්මන් කාර් , පැජෙරෝ වොල්වෝ වෙලා ...පස්සේ  ලම්බෝගිනි වෙලා ....යනවා පාර දිගේ
 
 අපි තවමත්  දුවනවා, ඒවා පස්සේ .

පලි 
මෙය මා මිතුරෙක් ගිය සතියේ කියූ කතාවක් ඇසුරෙනි ..මෙහි තම තම නැණ , ඇසු පිරු තැන් පමණින් තේරුම් යන විවිධ මාන ඇතැයි  හැඟේ 


4 comments:

  1. පරණ මතකයක මිහිර සමඟ අලුත් බලාපොරොත්තුවක් වගේ.

    ReplyDelete
    Replies


    1. අපේ හිත්වල වෙන ගිනි

      Delete
  2. නැණ පමණින් ගත්තා ඔන්න

    ReplyDelete
    Replies
    1. වරදවා තේරුම් ගත්තද කියලා හිතෙනවා මේ කෑල්ල ?

      Delete

Have commented