25 May 2013

හැපී වෙසක් සහ තවත් කථා


ඉස්සර පොඩි කාලේ දිගට දිගට රැලි කපලා අට පට්ටම වටේට අලවලා කළුවර වැටෙනකන් බලාගෙන ඉන්නවා ලයිට් පත්තු කරන්න .
හැම අවුරුද්දෙම වෙසක් දා හවසට වහිනවා ,  ඒත් අපි හැම දාම බලාගෙන ඉන්නවා කළුවර වැටෙනකන් .

__________________________________________________________
අත්තම්මා සිල් පවාරණය කරලා ගෙදර ඇවිත් , මල් පැලේ  පහන පත්තු කරලා බුදුන් වදින්න .
ඒත්  අත්තම්මට බුදුන් වදින්න විදියක් නෑ .
වෙනදට මල් පැලේ  , පහන් එළියෙන් යන්තමට පෙනුණු බුදු හාමුදුරුවන්ව අපි කඩුල්ල එළියේ අටවපු පුංචි තොරන් රාජයා මැදට වැඩම්මවලා . පුංචි රුපියල් පහේ මෝටරේකට හයි කරපු බුදුරැස් මාලාවකුත් කරකැවෙනවා වටේට .

___________________________________________________________
"මේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයයි . අද වෙසක් දා මුල්ම පැතුම ගාල්ලේ සුදු පුතුට . ඔහුට සුබ වෙසක් මංගල්ලයක් පතන්නේ හන්තානේ නැන්දා . අනුරාපුරේ ලකී බාප්පා , කුමි පුංචි සහ ගම්පහ ලොකු මාමා , නැන්දා  සහ ලලනි නංගි .
මෙන්න ඉල්ලු ගීතය "තනිවයි උපන්නේ , තනිවයි මැරෙන්නේ ..."
___________________________________________________________

ලංකාවේ කට්ටිය සංවිධානය කරන වෙසක් උළෙලට ආරාධනාවක් ඇවිල්ලා . උදේ සීල ව්‍යාපාරය , බණ .
හවස දන්සලටවත් එන්න . එහෙමයි තිබ්බේ . බලන්න ඕනේ .
හැබැයි ඉතින් කොච්චියේ ගිහින් ටැක්සියකත් යන්න වෙයි . ඒ ගානෙන් කොච්චර වෙන දේවල් කරන්න පුලුවන්ද

___________________________________________________________
උදේම කෙටි පණිවුඩයක් ඇවිල්ලා , දුරකථනය නද දෙයි .
"Happy Wesak to you all"......


පලි 
මේවා නිකම් හිතේ ඇතිවුන නිසා ලියවුනු දේ . අපහාසයක් නැත . ඇත්නම් උපහාසයක් පමණි .ඒ දවස් වල වෙසක් මතකයන් තුල සැඟවී , රසයක් විඳිනට තනන මා බින් පනුවෙකු වැනියි විටෙක සිතේ .
නමුත් ඒ මතකයන් ගෙනෙන , සුවඳ ට මම පෙම් කරමි .
මේ දවස් වල නම් ඉතින් Happy Wesak නේ 

6 comments:

  1. ගතේ දැවටුනද බණ පද නිරන්තර
    අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
    සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
    මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ. මෙතේ බුදුන් පරක්කුයිනේ. අපිත් ඉන්නේ ඒ වෙනකන් පින් කරන්න

      Delete
  2. පේන්ට තියෙන්නේ අපහාසයක් හෝ උපහාසයක් නෙමේ. අතීත මතකයන් ගැන සියුම් දුකක් , ආදරයක් තියෙන කෙනෙක් ලීව සටහනක් වගේ.

    ReplyDelete
    Replies
    1. :) මට උපහාසය ටිකක් ඉගෙන ගන්න වෙයිදො මන්දා

      Delete
  3. "මේ දවස් වල නම් ඉතින් Happy Wesak නේ"

    මේක වැරදිම නෑ. ඒත් මෙතනදි එහෙම කියන්නෙ එහෙම කිව යුතු නිවැරදි හේතුව දැනගෙන නෙමෙයිනම් අන්න එතනයි අවුල!

    ReplyDelete
    Replies
    1. "එකත් වැරදිම නෑ". හ්ම්ම්.මට විතරක් වෙන්න ඇති, මලගමකදීත් අනිච්චාවත සන්කාරා කියලා හිත හදා ගත්ත අපි, බුදු තෙමගුලෙදී "හැපි වෙසක්" කීමේ නොගැලපීමක් දැනේ

      Delete

Have commented